Watch Trailer

Supernatural [S13 : E17] Sinhala Subtitles | සොලමන්ගෙ මුද්‍රාව සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ගිය සතියෙ කොටස හිතට අල්ලලා ගියාද? දැනගන්න ලැබුණු විදිහට නම් හුග දෙනෙක් ආසාවෙන් බලලා තිබුණා ස්කූබි ඩූූ කණ්ඩායම හිටිය හන්දා. ඒ කොටස වෙච්ච දේ කෙටියෙන් කියනවනම්. සෑම් වගේම ඩීන්ට ආවේශ වුනු සතෙක් මිනි මරනවා කියන හෝඩුවාව පිට ආවහම මේ අයට මුණගැහෙන්නේ අහන්න ලැබුණු දේට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ආවේශ…

 

කොහොමද ගිය සතියෙ කොටස හිතට අල්ලලා ගියාද? දැනගන්න ලැබුණු විදිහට නම් හුග දෙනෙක් ආසාවෙන් බලලා තිබුණා ස්කූබි ඩූූ කණ්ඩායම හිටිය හන්දා. ඒ කොටස වෙච්ච දේ කෙටියෙන් කියනවනම්. සෑම් වගේම ඩීන්ට ආවේශ වුනු සතෙක් මිනි මරනවා කියන හෝඩුවාව පිට ආවහම මේ අයට මුණගැහෙන්නේ අහන්න ලැබුණු දේට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන. ආවේශ වුනු ඩයිනෝසෝරයෙක් ගැන. පස්සේ ඒකව මෙල්ල කරලා විනාශ කරලා දැම්ම නිසා මේ අයට කඩේ අයිතිකාරයා කිව්වා කැමති දෙයක් අරගන්න කියලා. ඩීන්ට තිබුණු මල පෙරේත කමටම එයා ලොකු ටීවී එකක් අරගත්තා. ඒ ටීවී එක දැම්මට  පස්සෙ මේ දෙන්නා රෝස පාට එළියක් දැකලා ඒක ඇතුලට ඇදිලා ගියා. ඇදිලා ගියෙ වෙන කොහෙටවත් නෙවෙයි ස්කූබි ඩූූ කාටූන් වලට.

මේ දෙන්නා ස්කූබි ඩූූ කණ්ඩායම එක්ක එකතු වුණා අභිරහසක් විසදන්න. අර හොල්මන් බංගලාවක කාටුන් එපිය බලලා තිබුණු ඩීන් හිතාන හිටියෙ ඒ කොටසේ තිබ්බ විදිහටම සිද්දවෙයි කියලා. ඇත්තටම ඔයාලට මතකද දන්නේ නැහැ හරිනම් ඒ හැමදෙයක් පිටිපස්සෙම හිටියෙ අර නීතිඥයා. ඒත් ඒ වෙනුවට මේ අයට මුහුණ දෙන්න වුණේ ඇත්තම හොල්මනක් එක්ක. ස්කූබි ඩූූ කණ්ඩායමේ අය හැමදාමත් කලේ වෙස්මුහුණක් දාගෙන හිටිය හොල්මන් අල්ලලා අපරාද විසදපු එකනේ. ඒත් වින්චෙස්ටර් කොල්ලො දෙන්නා එහෙම නැහැ. මේ අය එදා ඉදන්ම කලේ ඇත්තටම හොල්මන් එක්ක ගැටෙන එක. ස්කූබි ඩූූ කණ්ඩායමට මේක දරාගන්නත් බැරිවෙලා පිස්සු නටන්න යද්දී තමයි වින්චෙස්ටර් කොල්ලො දෙන්නා එක්කාසු වෙලා මේ අයගේ ප්‍රශ්නෙට ඇත්තම පිළිතුරක් දීලා හරි මගට අරගත්තෙ. විශේෂයෙන්ම කියන්න ඕනා ඩීන් මේ අය එක්ක ගත කරපු කාලෙන් වැඩි හරියක්ම කලේ ඩැැෆ්නිට ඇල්ම බැල්ම දාපු එක. ඒත් ඒක හරි ගියෙත් නැහැ. පස්සේ වින්චෙස්ටර් කොල්ලො දෙන්නගේ ව්දිහට හොල්මන කොටු කරගෙන ප්‍රශ්න කලාම තමයි දැනගත්තේ පිහියකට වහලා ඉන්න මැරුණු ළමයෙක්ව යොදවාගෙන මිනිහෙක් වැඩ අරන් තියෙනවා කියලා. වෙන කවුරුවත් නෙවෙයි ඒ කතාව මුලදීම කඩේ අයිතිකාරයා එක්ක ඇවිත් කරපු ජේ කියන මනුස්සයා. මිනිහා එහෙම කරලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ හොල්මන් කියලා බය උනාම අදාළ බඩු භාණ්ඩ, ඉඩකඩම් අඩු ගානට ඉල්ලුවාම දීලා දානවනේ. එතකොට එයාට පුලුවන්නෙ ඒ හැමදේම අරගන්න. පස්සේ අර ළමයා ආශාව නිසාම වහලා හිටිය පිහිය සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල් එක්කාසු වෙලා විනාශ කරලා අර ලමයවත් නිදහස් කලා. ඊටපස්සේ අන්තිමට ජේ කියන හාදයා ඇත්තටම කවුද කියන එක ඔප්පු කරලා ඒ මිනිහව පොලිසියට අල්ලලා දුන්නා.

අද කොටස ඇතුලෙ බලාගන්න පුලුවන් වේවි අනික් ලෝකයට යන්න ඕන කරන මන්තරයට අවශ්‍ය අමුද්‍රව්‍යයන්වල අන්තිම එක වෙච්චි සොලමන්ගේ මුද්‍රාව හොයාගෙන යන ගමන මොන වගේ එකක් වේවිද කියලා. ගමන නම් සුපුරුදු පරිදි එච්චර හොද එකක් වෙන්නේ නැහැ මොකද වින්චෙහ්ස්ටර් කොල්ලො දෙන්නා මුද්‍රාව හොයාගෙන ගිහින් වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටෙන විදිහේ සිද්දියකට මුහුණ දෙනවා. බලලම ඉන්නකෝ එහෙනම්.   ලබන සතියෙ කොටස එන්නේ පරණ අවුරුද්ද දවසෙ. ඒ කාලෙ වෙනකොට බොහෝදුරට සබ් කරන්න බැරි වේවි. පොඩ්ඩක් විතර පමා උනොත් නම් සමාවෙන්න ඕන.  එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය! ——- අද කතාවේ නම “The Thing”  අධ්‍යක්ෂණය: John Showalter ලිව්වේ: Davy Perez විකාශනය වුනේ: 2018 අප්‍රේල් 05 මීලග කොටසෙන්: “Bring ’em Back Alive” | 2018 අප්‍රේල් 12

 

   

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,343 downloadsDownload Supernatural-S13E17.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,343 downloadsDownload Subtitles26 KB

38 comments

  1. keshanshiran

    Thanks

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. DumindaRuwan

    Thanks

  4. sachintha

    සබ් එකට ස්තූතියි සහෝ
    අවුලක් නෑ පුලුවන් දවසක දෙන්න....
    #ජය

  5. Niroshani maduka

    Thank you sub ekata aiye ..iye idan balagena hitiye...

  6. Kanchana

    Thanx saho

  7. Pathum Winchester

    Thanks bro sub ekat

  8. supun96

    Sampath ela

  9. KGSILVA

    මචන්ලා LUCIFER එකත් සබ එක ආයෙම කරපල්ල්කෝ.මේකයි එකයි හෙනම අසාවෙන් බලන්නේ,...

    සබ් එකට බොහොමත් ස්තුතී..ජය වේවා !!

  10. SDMaduhansa

    Thanks machan sub ekata..

  11. KGSILVA

    මචන්ලා LUCIFER එකත් සබ එක ආයෙම කරපල්ල්කෝ.මේකයි එකයි හෙනම අසාවෙන් බලන්නේ,...
    සබ් එකට බොහොමත් ස්තුතී..දිගටම අක්රගෙන යමු.

  12. neelanethra

    ස්තූතියි

  13. geeganagamage

    බොහොම ස්තූතියි

  14. Ishan Thilakarathne

    Tnx saho sub ekata

  15. kolitha

    Thanks bro..

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දේනකම් හිටියේ....

  18. SangeethRox

    Thanks Saho Jaya wewaa

  19. naughty

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. arunapinnawala

    ගොඩක් ස්තුතියි ,ජය වේවා!

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  22. D.Chamara

    bohoma sthuthi sahooo ...

  23. Asel Ishan

    thanxz mcn

  24. Yumal Kasun

    Thankzzzz bro!!!!

  25. Randika Madushani

    Thanks sub akata...
    Me kathawe widiyata mary winchester dan hira wela inna loke godak winasa welane. Man hithanne akata hethuwa a loke sam ha dean nathi aka. Mathakata kalin kathawaka bobby kiyanawa a loke hitapu mary kaha aes thiyena demon akka giwisumak gahuwe na kiyala.. ithin sam dean a loke ipadune na.. lucifer loketa apu welawe loke bera gatte sam dean dennane.. ithin anith loketa ehema wela thiyenne anisa kiyalai mata hithenne..

  26. trok

    tnx bro

  27. suranuwan

    ela bro....

  28. SHPRO

    Page not found kyla enwane ?

  29. DimuthuMadhumal

    Thq mcn

  30. tlf1

    Thanks for the sub

  31. Sanath Perera

    thanks kachan sub ekata

  32. Kingdomd

    ELA ELA BRO

  33. Sajithlakshan

    ගොඩක් ස්තුතියි ,ජය

  34. Ishan Madusha

    බොහොම ස්තූතියි

  35. Ara N Madhu

    thanks alot CASTIEL sahodaraya!

  36. Amila Mudalige

    Sub ekta Thanks

  37. Sandarunimsara

    Sub ekata tnx bro

  38. Anonymous

    ❤️❤️බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා.....❤️❤️❤️