මේපාර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හ…

මේපාර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ කලත් එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතරවාරයේ තමයි ජෝඩි මිල්ස්, ක්ලෙයර් නෝවැක්, ඇලෙක්ස් ජෝන්ස්, ඩොනා හෑන්ස්කම්, පේශන්ස් ටර්නර් කියන චරිත මුණ ගැස්සුවේ. පෙළක් අය නම් කලින් මුණ ගැහෙන්න දැකපු අය. තවත් සමහර අය නම් අලුත් අය. ඒ වගේම මේ අයට බලය තිබුනා එක එක දේවල් කරන්න. ඒ කෙනෙක්ගේ උදව්ව ඇතුව සෑම්, ඩීන් දෙන්නා අනික් ලෝකයට යන්න හදද්දී ඒ වැඩේ හරිගියේ නැහැ. ඒ වෙනුවට ජැක් ගියෙ මේරි ලගට. ඒත් සෑම්, ඩීන් දෙන්නා වෙනින් තැනකට ගියෙ. කොහොම කොහොමින් හරි උඩ සදහන් කල ගැහැණු පාර්ශවයේ අයව එක්කාසු කරලා වෙනම Spin-Off කතාමාලාවක් නිර්මාණය කරන බව සදහන් කරලා තිබුනා Wayward Sisters නමින්. නමුත් අවාසනාවට Wayward Sisters කතාමාලාවත් නිලවශයෙන්ම පහුගිය දිනයක අවලංගු වෙලා තිබුනා. ඒ වෙනුවට CW නාලිකාවෙන් හෝප් මයිකල්සන්ගෙයි, එලාරික්ගෙයි Spin-Off කතාමාලාව අනුමත කරලා තිබුනා. අනේමන්දා ඕවා නම් ඉතින් වෙයිද කියලා. ඒ වගේම මෙදාපාර ඒකාකාර බවින් මිදෙන්න Scooby-Natural කියලා ඇනිමේෂන් මිශ්‍ර කරලා කතාංගයකුත් දීලා තිබුනා.
මේරි විතරක් හිරවෙලා තිබුණු ලෝකේ ජැක්වත් හිරවුනු නිසා සෑම්, ඩීන්, කැස්ටීයෙල්ට ලොකු වැඩ කොටසක් කරන්න වුණා. මේ නිසාම මේ අයට හිතවත් මිත්‍ර පාර්ශව එක්කාසු කරන්න ගත්තා. ඒකට රොවීනා පවා ඇතුලත් වුණා. ඒ වගේම තව කාලයක් තිස්සේ ඇස්මොඩේයස් ලග හිර කරන් තියාගෙන එයාගේ වරමෙත් උරාගෙන ශක්තිමත් වුනු, කලින් කොටසකදී මැරෙන බවක් පෙන්නපු ගේබ්‍රියල්ව අපිට ආයෙමත් කතාමාලාව තුලින් දකින්න ලැබුණා. පස්සේ ගේබ්‍රියල් පවා මේ අයගේ උදව්වට ආවා. ඒවගේම තමයි ලූසිෆර්ත්. කොටින්ම ලූසිෆර් සෑම්ට ආයෙමත් ජීවිතයක් දුන්නා ජැක්ව එයාට යාලු කරගන්න අවස්ථාවක් දෙන බලාපොරොත්තුව ඇතුව. මේ අය අතර සම්බන්ධතාව කෙමින් කෙමින් ගොඩ නැගුනා. ඒ වැනසිල්ලට ලක් වෙච්ච ලෝකයේ එහෙ ජනතාව දාලා එන්න මේරිවත් ජැක්වත් ලැස්ති වෙලා හිටියෙ නැහැ. ඒත් කතාව බලන අපිට පවා තේරෙනවා මේ අය සටන පරදින බව. මේ නිසාම එහෙ අයව අරගෙන පෘතුවියට යන්න තමයි කට්ටියගෙම බලාපොරොත්තුව වුණේ. සැහෙන දෙනෙක්ව විවරයෙන් පෘතුවියට අරන් ගියත් අන්තිමට ඉතුරු වුණේ සෑම්, ඩීන්, ලූසිෆර් වගේම ගේබ්‍රියල්. වගේම තවත් සුළු පිරිසක්. මේ අයවත් අරගෙන එතෙර වෙන්න වෙන්න යද්දී මයිකල් මේ අයට පහර දුන්නා. ලූසිෆර් එයා එක්ක සටන් කරන්න උත්සහ කලා. නමුත් මයිකල්ගේ බල පහරවල් දෙකයි ලූසිෆර්ටට තුවාල වුණා. ගේබ්‍රියල් සටන් කරන්න ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා. ලූසිෆර්ව ඒ ලෝකේ දාලා සෑම් වගේම ඩීන් නම් පැනගත්තා. නමුත් පෘතුවිය ආක්‍රමණය කරන පොරොන්දුවට හරියන්න ලූසිෆර්ට එයාගේ එකම පුතා ජැක්ව අරගන්න පොරොන්දුවට ලූසිෆර් මයිකල් එක්ක එකතු වෙනවා කලින් කොටසේ අවසානයේ දකින්න ලැබුණා.
අද අවසාන කොටසින්, දැකගන්න ලැබේවි ඩීන්, සෑම්, කැස්ටියෙල්, මේරි, ජැක්, බොබී ඇතුළු පිරිස සතුටින් ඉද්දි එයාලට මුහුණ දෙන්න ලොකුම ලොකු ප්‍රශ්නේ ගැන වගේම කලින් කොටසේ අවසානයේ පෙන්නුවා වගේම ලූසිෆර් මයිකල් එක්ක ගණුදෙණුවක් ගහලා පෘතුවියට එනවා. ලූසිෆර් එන්නේ ජැක්ව ලබාගන්න. ඇත්තටම ජැක්වද එහෙම නැත්තම් වෙන දෙයක්ද? ඒවගේම මයිකල් එන්නේ පෘතුවිය ආක්‍රමණය කරගන්න. කවුරු දිනයිද කවුරු පරදියිද කියලා අද කොටසින් බලාගන්න ලැබේවි. මටනම් අවසානය ඒ හැටි සෙට් වුණේ නැහැ කලින් ඒවා දිහා බලද්දී.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. සුභ සතිඅන්තයක් හැමෝටම!
ප:ලි: හැමදාම වගේ උපසිරසිකරණයෙන් සමුගන්න හිටියත් ඒක කරගන්න බැරිවුනා. ඒ නිසාම මේ දහතුන්වැනි කතාසමයත් කරන්න ප්‍රණීත් නවනැල්ලට බාර දුන්නේ. ඒත් එයාට කරගන්න බැරිවුන නිසාත්, නිල වශයෙන් කියලා තිබුණේ නැති වුනත් දහතරවනි කතාසමයෙන් සුපර්නැචුරල් කතාමාලාව අවසන් වන බව දැනගත්ත නිසාත්, MDG සහෝ කතාසමයන් දහයක් කරලා අන්තිම හරියෙදි අතහරින එක ඒ හැටි හොද නිසාත් තමයි මම දහතුනත් කරලා දාහතරවැනි කතාසමයත් කරනවා කියලම හිතාගත්තෙ. නමුත් පහුගිය දිනයන් වලදී අනික් නාලිකා සේම CW නාලිකාවෙනුත් ඒ අයගේ කතාමාලාවන් දීර්ඝ කරනවාදෝ නැතිනම් අවලංගු කරනවාදෝ කියන නිවේදන යටතේ කිසිදු විදිහකින් සුපර්නැචුරල් ගැන සදහන් කලේ නැහැ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා නම්. කොහොම නමුත් දාහතරවැනි කතාසමයෙන් සුපර්නැචුරල් අවසන් වෙනවානම් නිකුත් වෙන්න තියෙන කොටස් දහ තුනම මම කරනවා. ඒකෙ සැකයක් තියාගන්න එපා. නමුත් තියෙන තන්හාවට සුපර්නැචුරල් කතාමාලාවත් තවතවත් දීර්ඝ වුනොත් නම් මට උපසිරැසි ගන්වන්න වෙන්නේ නැහැ වගේම බලාපොරොත්තුවකුත් නැහැ. මොකද එහෙම වුනොත් නම් හැම වෙලේම අඩාගත්ත ෆ්ලෑෂ්ගේ කතාව, ෆෙලිසිටි නිසා නාහෙන් අඩාගත්ත ඇරෝ කතාවටත් වඩා මේක අන්ත වෙනවා. මම විශ්වාස කරනවා ඔයාලා තේරුම් ගනීවි කියලා. ඊලග සුපර්නැචුරල් කතාසමය නිකුත්වන දිනය නම් තාම නිවේදනය කරලා නැහැ. දැනගන්න වෙන එකකුත් නැහැ ජූලි 19-22 වැනිදා වෙනකන් පවත්වන ලොව දැවන්ත කොමික් සමුළුවක් වන සැන් ඩියෙගෝ කොමික් සමුළුව පවත්වනතාක්ම. අලුත් තොරතුරු බයිස්කෝප් මංසල හරහා දැනුම් දෙන්නම්. ඒ නිසා තාමත් ලයික් කරලා නැත්තම් බයිස්කෝප් මංසල ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාලා සෙට් වෙන්න කියලා ඉල්ලනවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,320 downloadsDownload Supernatural-S13E23.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
83 comments
chamildilshan
Mokshaya
Thanks bro...
Gathsara Umesh
Ayee oya godak hoda ewagem daksha....
Nihathamanee knkn..api hmdaam ayye oya ekk inwaa..
Naya wewaa....thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Abhaya
Thanks bro
kavishal 02
Tnxs mchoo sub ekta
Suba angathayaknadun6000
ෆ්ලෑෂ්ගේ ඇරෝගේ Kthawa wageda sahooo " Supernatural " pattai pattai pattai pttai nehhhhh
oyanam diyek newei dewalayak apita me sub denawat hadawatinma subapathanawa hitana patana hemadema aayurinma hariyanna kiyala.....apiwa ataramaga dala yanna epa itin hinenwath, tawa ekak awoth sub eka puluwan hetiyata denna itinnnn..
Handaaaaaaaa....?
bs tc bro... jayen jayama wewaaaa...!!!!!!
Himantha
Sub akata thanx bro.
Elaga akatath sub aka denawane niyamai broo
Jayen jayama wewa........Sanath Perera
ela machan,,,
sub eka dunnata bohoma ithuthiyi ...
iilaga katha samayen set wemu...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයSubhash13
Thxs
Niroshani maduka
ගොඩක් ස්තුස්තුතියි සබ් එකට...
lahiru1991
thanks bro..!
thisalfernando
thankx
chirantha
niz..... bro
neelanethra
ස්තූතියි
sanjeewakbg
Thanks bro.....
dsdkavishka
Thenks saho
Thanushka123
Sub eka download karanna bane sahoo...
Thanushka123
Sub eka gaththooo. thanksss broww
luvimalfernando
Thanks bro
chamodi uduwara
THNX
Achi
Thanks boss
Abewardana
ela bro thanks sub ekata. digatama supernatural ekata sub dunnata bohma isthuthi. digatama sub karagena yanna bor jayawewa! :) :) :)
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Millenwinchester
Supernatural kiyanne epawen nathi tve series ekk bn
THE NEW FOLDER
THANKS BROOOOOO
Emosha kevinzz
අඩො නවත්තන්න එම එපා බං වෙන කාට කරන්න දියන් අපිව අනාත කරන්න එපා පරක්කු උනත් එන ඔක්කටම සබි දියල්ල එච්චරයි ඉල්ලන්නෙ උබලගෙන්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimesh sasanka
thanx mchan..sub nawaththanna epa..puluwan vidihata demu
Dmsl
ELA THANKS.. Puluwan nam lucifer eke sub karala doyanko
Dmsl
ලුසිෆර් එකේ සබ් කවුරු හරි කරන්ඩකො එපා වෙලා ඉන්නෙ සබ් නැතුව සීසන් එකත් ඉවරයි සබ් ණ්නෑ එපි 16න් එහාට
dilipvijethunga
අද තමයි බලන්න පටන් ගන්නේ. සිරිස් එක කම්ප්ලිට් වෙනකම් ඉදල :p ගොඩක් ස්තුතියි සහෝ සබ එකට
mindikageethanjana
Sub ekata thanx.......jaya weva!!!
kent parker
thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Season 14 එක CWලා එනව කිවා Arrow-verse එක renew කරපු කාලෙම...
එකටත් අනිවා සබ් එක ගේන්න...අන්තිම එක වෙයි...
Wayward Sisters එකනම් අපරාදේ...ඉස්සෙල්ල Bloodline එකත් cancel කරා..Cass
දුකයි බ්‍රෝ 14න් ඉවරවෙනව කියන්නෙ ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lucifer94
කරපු හැමදේටම ස්තුතියි මචන් ..
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
මන්නම් මේක බලන්ඩ පටන් ගත්තේ ස්කුබි එක බලලා එතකල් මන් මේක එක කොටසල්වත් බලලා නැතෝ
එක බලලා අස හිතුනා
ඒ නිසා සීසන් දෙකක් deනට බලලා ඉවර කරා
සබ කරන එක එහෙම නතර කරන්ඩ එපා හොදේnaughty
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
Sulakshana
Thank for sub
Pramukmili
thanxx bro....
suranuwan
thanks bro.......
vishwanathmadhushanka
Thanks bro
kolitha
Ela thanx bro
ashain sajeewa
thz bro
Malitha
13 Reason WHy S02 awa ekatath sub denna bro thnks
SanjulaJeter
thanks bro!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanx saho subata..jaya..