Watch Trailer

Supernatural [S14 : E09] Sinhala Subtitles | යුද්ධයක පෙර සලකුණු [සිංහල උපසිරැසි සමඟ]

අවසන් තප්පර කිහිපය තමයි ජැක් ගත කලේ. රොවීනා කිව්වත් එයා මැරෙනවා බලන් ඉන්න එක හැරුනම මේ අයට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ. අන්තිම ජැක් මැරුණා. තුන්දෙනා දුක් වෙන්න ගත්තා. හොදටම බිව්වා. මේ අය බොන අතරේ ආව අදහසකට අනුව සෑම්ට ලිලී සන්ඩර්ව මතක් වෙලා එයාගේ උදව් ගන්න ලැබේවි කියලා එයාවත් ගෙන්නුවා. ලිලී සන…

අවසන් තප්පර කිහිපය තමයි ජැක් ගත කලේ. රොවීනා කිව්වත් එයා මැරෙනවා බලන් ඉන්න එක හැරුනම මේ අයට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ. අන්තිම ජැක් මැරුණා. තුන්දෙනා දුක් වෙන්න ගත්තා. හොදටම බිව්වා. මේ අය බොන අතරේ ආව අදහසකට අනුව සෑම්ට ලිලී සන්ඩර්ව මතක් වෙලා එයාගේ උදව් ගන්න ලැබේවි කියලා එයාවත් ගෙන්නුවා. ලිලී සන්ඩර් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගිය සතියේ කොටස ඇතුලෙම එයාගේ කතාව හොදාකාරාව පෙන්නුවා. ලිලීත් එයාගේ හැකියාවන් අතහැරලා දැන් වයසට ගිහිල්ලා. අනික  සෑම්ට ඕන වෙච්ච දේ එයාට ලිලී ලව්වා කරවගන්න බැරි වුනා. ඒන්ජල්ලා ගැන කොච්චර හදාරලා තිබුනත් ලිලීට බැරි වුනා ඩීමන් ටැබ්ලට් එකේ තබුනු දේවල්වත් කියවගන්න බැරිව ගියා. ඒත් ලිලී ලග තිබුණු හැකියාවන් පාවිච්චි කරලා එයාට ජැක්ගේ සමබරබර නැතුව ගියපු මනුස්ස කොටස වගේම ඒන්ජල් කොටස සමබර කරන්න ලිලීට පුලුවන් විත්තිය එයා කිව්වම පස්සේ කට්ටියම මේ වැඩේට බැස්සා. හැබැයි මෙච්චර කාලයක් පුරාවටම තමන්ගේ දුව වෙනුවෙන් පලිගන්න ඒන්ජල්ලව මර මරා ගිය ලිලී දැනන් හිටියා එයා මැරුණට පස්සේ අපායට කියලා. එයාගේ දුව ඉන්නේ ස්වර්ගයේ නිසා ලිලීටත් මැරුණට පස්සේ ස්වර්ගයට යන්න සලස්වලා දෙන්න කියලයි ලිලී ඩීන්, සෑම්, කෑස් මේ තුන්දෙනාගෙන්ම ඉල්ලුවේ.

මුලින් නම් මේ වැඩේ මේ තුන්දෙනාට කරවගන්න බැරිව ගියා. හැබැයි ජැක්ව බේරගන්න ලිලී උදව් කල හන්දම අවසානයේ එයාට දිව්‍ය ලෝකයට යන්න අවස්තාවක් හිමි වුනා. ජැක් මුලින් මැරුණට පස්සේ එයා කෙලින්ම ගියේ දිව්‍ය ලෝකයට. එයාව එහෙන් එක්කන් එන්න ගිය කැස්ටියෙල්ට හරිම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්දවුනා. කට්ටියටම මතක ඇතිනේ දොළොස්වැනි කතාසමයේ අවසානයට ලූසිෆර් එක්ක සටන් කරන්න ගිහින් කැස්ටියෙල් මැරුණා. පස්සේ එයා හිටියේ ලොකු කළු පසුබිමක් තියෙන තැනක. පස්සේ ජැක්ගේ යාච්ඥාවන් ඇහිලා තමයි එයා ආපහු වතාවක් ඉපදුනේ. මේ ඉපදෙද්දී එයා වගේම තවත් නපුරු කෙනෙක්ව දැකගන්න ලැබුනා. එයා කිව්වේ නම් කැස්ටියෙල් එයාව ඇහැරෙව්වා කියලනේ. ගිය සතියේ කොටස බැලුවහම තමයි අපිට දැනගන්න ලැබුනේ ඒ තැනින් කැස්ටියෙල් පැනලා ආව නිසා එයා මොන තරම් තරහකින්ද ඉදලා තියෙන්නේ කියලා. ඒ මදිවට ජැක් මැරුණු බව දැනගත්තට පස්සේ දිව්‍ය ලෝකේ දොරටුත් කඩාගෙන ඒ ජීවීයා ඇවිත් තිබුනා ජැක්ව අරන් යන්න. කොහොම නමුත් කැස්ටියෙල් ඒකට ඉඩ දුන්නේ නැහැ. එයා ජැක්ව බලාගන්නවා කියලා කෙලීට පොරොන්දු වෙලානේ තිබුනේ. මේ නිසාම එයා එයාගේ ජීවීතේ පවා ඇපේට තියලා ජැක්ගේ ජීවීතේ හිස් බවට අධිපතිගෙන් බේරාගත්තා.

සුපුරුදු පරිදි මැරුණු අය ආයෙ ආයෙමත් නැගිටලා එන සුපර්නැචුරල් කතාමාලාවේ ජැක් ආයෙමත් එයාට එයාගේ ජීවීතේ ලැබුනා සාමාන්‍ය ඒන්ජල් කෙනෙක් විදිහට. ඒ වගේම තමන්ගේ ජීවීතේ පවා පරදුවට තියලා මුළු ස්ව්ර්ගයම බේරගත්තට කැස්ටියෙල්ට මයිකල් ඉන්න තැන දැනගන්න ලැබුනා.

එහෙනම් ඔන්න මේ වසර විකාශය වෙන්න තිබුණු කොටස් ටික නිමාවට පත්වෙනවා. මේ කතාසමය ඉවර වෙන්න තවත් කොටස් එකොළහක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. 17’වැනි කොටස තමයි සුපර්නැචුරල් 300’වැනි කතාංගය විදිහට සැලකෙන්නේ. ඉතින් එදාට ලොකු විශේෂයක් කෙරෙන විත්තිය මේ වෙද්දී දෙනුම් දීලා තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති නම් මේ ලිපිය කැමති අය කියවන්න. එහෙනම් ඉතින් 10’වැනි කොටසත් අරන් අලුත් අවුරුද්දක මුණගැහෙන්න එන්නම්.

සුපර්නැචුරල් රසික/රසිකාවියන්ට ලබන්නා වූ නත්තල වගේම ලබන්නා වූ නව වසර සුභම සුභ එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං සමුගන්නවා. ❄☃🎄🎁☀

——
අද කතාවේ නම “The Spear”
අධ්‍යක්ෂණය: Amanda Tapping
ලිව්වේ: –
විකාශනය වුනේ: 2018 දෙසැම්බර් 13
මීලග කොටසින්: “-” | 2019 ජනවාරි 17

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,404 downloadsDownload Supernatural-S14-E09.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,404 downloadsDownload Subtitles49 KB

29 comments

  1. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Kulanjana Maduranga

    subata thanks saho

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ayesh Prashan

    Thank You

  5. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  6. NuwandiSM

    බොහොම ස්තූතියි සහෝ..ඉවසිල්ලක් නැතුව හිටියෙ...ජය වේවා..

  7. gayan215

    bohoma sthuthi saho...

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. jerrydissanayake98

    tq sahoooo
    ubala loku pinak krnne sahoo

  10. luon95

    Thank you !!!!

  11. sanjeewakbg

    Thanks bro...

  12. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  13. DulanjanaDRS

    බොහොම ස්තුත්යි මචන් ..
    8 වෙනි එපියේ වීඩියෝ ෆයිල් එක ඩවුන් කරන්න කවුරුහරි ලින්ක් එකක් දෙන්න ප්ලීස්

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. suranuwan

    thanks bro....

  16. Pasanda perera

    Patta keep it up bros❤

  17. Pramukmili

    thanxx bro..........

  18. Riser

    Thanx bro...
    ජයවේවා...!

  19. s.a.s

    ko ko ilanga eka
    thanks

  20. T-Originals

    Supernatural S14E10 - Nihilism
    Air Date: Jan 18, 2019 06:30 - 20 days from now

  21. D.Chamara

    bohoma sthuthi sahooo

  22. chamindu_deshan

    10 ikmnt ewnna !!!!

  23. isuru2

    thanks.

  24. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!

  25. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  26. Amila Mudalige

    Sub ekta Thanks

  27. Sajithlakshan

    thanks ...................

  28. Sandarunimsara

    Sub ekata tnx bro

  29. Anonymous

    ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️