ඔන්න එහෙනම් සුපර්නැචුරල් 10’වැනි කොටසත් අරන් මාසෙකටටත් වැඩි කාලකෙට පස්සේ අලුත් අවුරුද්දක තමයි උපසිරැසි අරන් එන්නේ. වැඩිකතා නැතුවම කලින් කොටස පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. ජැක්ව ආයෙම වතාවක් ජීවීතේට ගෙන්නුවට පස්සේ කැස් වගේම ජැක් දෙන්නා හිස්බවට අධිපතිගෙ රහස සෑම්, ඩීන් දෙන්නට කිසිම දෙයක් නොකියා රකින ගමන් හි…

ඔන්න එහෙනම් සුපර්නැචුරල් 10’වැනි කොටසත් අරන් මාසෙකටටත් වැඩි කාලකෙට පස්සේ අලුත් අවුරුද්දක තමයි උපසිරැසි අරන් එන්නේ. වැඩිකතා නැතුවම කලින් කොටස පොඩ්ඩක් මතක් කරන් ඉම්මු.
ජැක්ව ආයෙම වතාවක් ජීවීතේට ගෙන්නුවට පස්සේ කැස් වගේම ජැක් දෙන්නා හිස්බවට අධිපතිගෙ රහස සෑම්, ඩීන් දෙන්නට කිසිම දෙයක් නොකියා රකින ගමන් හිටියේ. තමන්ගේ දිවි පරදුවට තියලා දිව්‍ය ලෝකයත් බේරගත්තට කෑස්ට දෙන තෑග්ගක් හැටියට එයාට මේ වෙද්දී මයිකල් ඉන්න තැන දැනගන්න ලැබුණා. කැන්සාස් නගරේ තියෙන ගොඩනැගිල්ලක තමයි මයිකල් හිටියේ නම්. නිකන් නෙවේ ගෑණු කෙනෙක්ව ධාරකයෙක්ව කරගෙන ලොකු ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අයිති කරගෙන හිටියෙ. සෑම්, ඩීන්, කැස් වගේම ජැක් කට්ටියට ඕන වුනේ මයිකල්ට ආයුධ දෙකකින් පහර දෙන්නයි. එකක් නම් ඩාක් කායාගේ හෙල්ලය. අනික කෙච් බොහොම අමාරුවෙන් හොයාගත්ත බිජුවෙන්. සෑම් වගේම ජැක් ගියා කෙච් ලියාපදිංචි තැපෑලෙන් එවපු බ්ජුව කුරියර් සර්විස් එකෙන් අරගන්න. බිජුව අරගත්තත් ඒ වෙලාවේ එතනට එන මයිකල් බිජුව විනාශ කරලා සෑම්ටත් හොදටම පහර දීලා, එයාගේ කට්ටිය ලවා ජැක්ව අරන් ගියා. ඩාක් කායාව හොයන් ගිය ඩීන්ට වගේම කෑස්ට නම් පොඩ් වාසනාවක් පෑදුනා. හැබැයි ලොකුම ලොකු පොරොන්දුවක් ඇතිවයි එයාලට හෙල්ලය ලැබුණේ.
ඒත් ඉතින් මේ හතරදෙනා ගිහින් මයිකල්ට පහර දෙන්න යද්දී නම් ඩීන් කායාට වෙච්ච පොරොන්දුව රැකපු බවක් නම් පෙනුනේ නැහැ. මොකද අවසාන මොහොතේ අවසාන අවස්තාව තිබුනේ ඩීන්ට. ඒත් ඩීන්ට අවස්ථාව අරගන්න බැරි බවක් තිබුනා එයා කලින් මයිකල් එක්ක සම්බන්ධ වෙලා ඉදලා ආව නිසා. මතකනේ අර ජැක් අසනීප වෙච්ච කොටසේ ඩීන්ගේ ඇස් දෙක බොදවෙලා වගේ යන ගතියක් ඇවිත් ගියා කියලා. ඉතින් ඩීන් මයිකල්ගේ ඉස්සරහදිත් එහෙම වෙලා මයිකල් ආපහු වතාවක් ඩීන්ව ධාරකයා කරගෙන ඩාක් කායාගේ හෙල්ලයත් දෙකට මැද්දෙන්ම කඩලා දැම්මා. ඒ විතරක් නෙවේ එයා කිව්වා මේ වතාවේ ආයේ ඩීන්ට එන්න බැරි වෙන්නම එයාව අයිති කරගත්තා කියලා. ඊටපස්සේ කතාවේ අවසානයේදී මයිකල් එයා නිර්මාණය කරපු රාක්ෂයින්ට සංඥාවක් යවලා එයාලට එක්තරා විදිහක් අණක් ලබා දුන්නා. හරියට නිකන් තැනොස්ගේ ස්නැප් එක වගේමයි නෙහ්?!
අද කොටසෙ පුලුවන් කමක් ලැබේවි මයිකල්ගෙ රාක්ෂ හමුදාව නගරෙට කරලා තියෙන විනාසය වගේම මයිකල් මේ වතාවේ ඩීන් කරලා තියෙන දේ. කලින් වතාවේ වගේ නෙවෙයි මේ වතාවේ ඩීන් හුගක් සතුටින් ඉන්නේ. ඉතින් එයාව බේරගන්න එක තමයි අද කට්ටියට මුහුණ දෙන්න සිද්දවෙන ලොකුම අවධානම. වෙන්නේ මොකක්ද කියලා බලලම ඉන්නකො.
අද අරන් ආවේ 10’වෙනි කොටසනේ. ඉතින් තවත් කොටස් හතකින් ආයෙම වතාවක් ජෝන් වින්චෙස්ටර්ව මේ කතාමාලාවෙන් දැකගන්න ලැබෙනවා. ඉතින් මේ වෙද්දී ඒ කොටසේ පින්තූර වගයක් නිකුත්වෙලා තියෙනවා. කැමති නම් ඒ ටිකත් මෙතනින් ගිහින් බලන්න පුලුවන්.
මං ගිහින් එන්නම් එහෙනම්. ජය!!
——
අද කතාවේ නම “Damaged Goods”
අධ්‍යක්ෂණය: Amanda Tapping
ලිව්වේ: – Steve Yockey
විකාශනය වුනේ: 2019 ජනවාරි 17
මීලග කොටසින්: “Damaged Goods” | 2019 ජනවාරි 24
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,954 downloadsDownload Supernatural-S14-E10.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
31 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Dileepa Dilshan
Thnx mchn
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් හිටියේ...Ishan Thilakarathne
බොහොම ස්තුතියි සහෝ සබට
NuwandiSM
ස්තූතියි සහෝ..සුපර්නැචුරල් නැතුව වැඩක් නෑ අනිත් කෝක තිබ්බත්..ඉදිරියටම යමු..ජය වේවා..
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDanuka0522
Thanks
ravidu ishan
Tnx mchn sub ekata ..!!
suranuwan
thank you...
luon95
Thank you!!!!
Hashithmetalore
Thanks brother
Supunkb
සබට තෑන්ක්ස් මචන්...
Kanchana
Thanx saho
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!
mcsiya
පට්ට..පුලුවන් ඉක්මනට අපිට සබ් දෙනවට ස්තූතියිි
lpwicrama
thankyou
D.Chamara
bohoma sthuthi saooo
Pramukmili
thanxx bro........
kent parker
thanks
Gayan weerasinghe
Thanks bro
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
thanks ......................
KasunDushantha
thanks for the sub brother ..... wish you all the best!
Sandarunimsara
Sub ekata tnx bro
Kudz
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි සහෝ මේක දෙනකන් හිටියේ..!