පසුගිය කොටසින් ජැක්ගෙ අතින් සිද්දවෙලා තිබුණු දේ නිසා එයා වින්චෙස්ටර්ලාට සෑහෙන බයකින් හිටියෙ මුහුණ දෙන්න. මේ අතරේ ජැක්ගෙ ඇතුලින්ම හටගත්ත තවත් උප විඥානයක් ඇවිත් ජැක්ගේ මොලේ විකාර කරන්න පටන් අරන් තිබුනේ. මං කියන්නේ අර නිතර නිතර ලූසිෆර්ගේ මුහුණුවරකින් ඇවිල්ලා විකාර කියවන උන්දා ගැන. මේ අතරේ සෑම්, ඩීන් ද…

පසුගිය කොටසින්
ජැක්ගෙ අතින් සිද්දවෙලා තිබුණු දේ නිසා එයා වින්චෙස්ටර්ලාට සෑහෙන බයකින් හිටියෙ මුහුණ දෙන්න. මේ අතරේ ජැක්ගෙ ඇතුලින්ම හටගත්ත තවත් උප විඥානයක් ඇවිත් ජැක්ගේ මොලේ විකාර කරන්න පටන් අරන් තිබුනේ. මං කියන්නේ අර නිතර නිතර ලූසිෆර්ගේ මුහුණුවරකින් ඇවිල්ලා විකාර කියවන උන්දා ගැන. මේ අතරේ සෑම්, ඩීන් දෙන්නා අම්මා නැති වෙච්ච එක ගැන සෑහෙන දුක් වෙමින් හිටියෙ. මේ අය අනික් දඩයක්කාරයන් එක්කාසු කරගෙන අනුස්මරණ කටයුත්තක් කර කරා ඉන්න වෙලාවක තමයි බොබී එන්නෙ. කෑස්ට ඕන වෙලා තිබුනේ ජැක්ව හොයාගෙන එයාට උදව් කරන්නයි. ඒත් බොබීට ඕන වෙලා තිබුනේ ජැක්ව දඩයම් කරන්නයි. මේ නිසාම බොබී තමන්ගේ අය එක්කාසු කරගෙන දඩයමේ ගියා. පැහැදිලිවම ඩීන්ට නම් ඕන වෙලා තිබුනේ ජැක්ට මොකක් හෝ දෙයක් කරලා නතර කරන්නයි. ජැක්ගේ තත්වේ ගැන ස්වර්ගයේ හිටිය ඩූමාට කැස්ටියෙල් ගිහින් කිව්වම ඩූමා කලේ ජැක්ට උදව් කරනවා වෙනුවට ජැක්ගේ බලය අනිසි විදිහට පාවිච්චි කරලා ඒ කොල්ලව මෙහෙයවපු එකයි. ජැක් ලවා දෙවියන් වහන්සේ ගැන, ස්වර්ගය ගැන වෙනස් මත දරන්නන්ට දඩුවම් කලා. ඒ මදිවට දෙවියන් වගේම ස්වර්ගය ගැන ඉතා ඉහලින් හිතාගෙන අයව ස්වර්ගයට අරන් ගිහින් ඒන්ජල්ලාව හැදුවා. මේ දේවල් තේරුම් ගන්න තරම්වත් ජැක්ට මොලයක් තිබුනේ නැහැ. එයා හිතාගෙන හිටියෙ තමන් කරන්නෙ හොද දෙයක් කියලා.
එයා ඒ කරපු දේවල් ආරංචි වෙච්ච සෑම්, ඩීන් වගේම කෑස් ජැක්ව හොයන ගමන් හිටියෙ. ජැක් කරපු දේවල් ගැන ආරංචි වුනාට පස්සෙ කෑස් ස්වර්ගයට ගිහින් ජැක්ව හොයාගත්තා. එයා එහෙදි දැක්කා ඩූමා එහෙ කරන දේවල් වගේම එයාගේ හැසිරීම. ජැක් එහෙන් එක්කන් යනවට ඩූමා කැමති වුනෙත් නැහැ. මේ නිසාම කෑස් ඩූමාවත් මරලා දැම්මා. ජැක්ව මැලැක් පෙට්ටියට යවාගන්න ඕන වෙච්ච නිසා ඩීන් කලේ සෑම් ලවා ජැක්ට යාච්ඤාවක් කරලා එයාව බංකරේට ගෙන්නගෙන එයාව සනීප කරන්න පුලුවන් විදිහක මන්ත්රකින් ජැක්ව සනීප කරගන්නකන් කියලා එයාව මැලැක් පෙට්ටිය ඇතුලට යවපු එකයි. සෑම් නම් වැඩේට කැමති වුනේ නැහැ හැබැයි. ඩීන් නම් හුගක් ලොකු කැමැත්තකින් හිටියෙ ජැක් මේරිට කරපු දෙයින් පස්සෙ. විශ්ෂයෙන්ම අච්චර ලොකු වැරැද්දක් කරලත් ජැක් වෙච්ච දේට “අනතුරක්” කිය කියා නොසැලීකිල්ලෙන් සෑම්, ඩීන් දෙන්නට කියද්දී මං හිතන්නෙ ඔයාලත් ඩීන්ගේ මුහුණේ ඉරියව් දකින්න ඇති. කොහොම හරි මැලැක් පෙට්ටියට යැව්වට වැඩක් වුනේ නැහැ. ආපහු වතාවක් ජැක්ගේ ඔළුවට ලූසිෆර් ඇවිත් එක එක දේවල් එයාගේ ඔළුවට දාලා හිත වෙනස් කලා. ඒ දේවල් අහන් ඉදලම තරහ ගියපු ජැක් මැලැක් පෙට්ටියත් කඩාගෙන එලියට ආවා.
අද කොටසෙ වෙන්නෙ මොනාද කියලා ඔයාලම බලලම ඉන්නකො එහෙනම්. මොකද අද අවසාන කොටස නෙවැ. යන්න කලින් කියන්න දෙයක් තියෙනවා.
අද 20’වැනි කොටසින් නිමාවට පත්වෙන සුපර්නැචුරල් 14 වැනි කතාසමය 15’වැනි කතා සමයෙන් නිමාවට පත්වන බව මින් පෙර දැනුම් දීමක් කරලා තිබුණා. කලින් සීසන් එකේ අවසානයට ලිපියේදී දැනුම් දුන්නා වගේම 14 වැනි සීසන් එක තමයි මම උපසිරැසි ගන්වන අවසාන සීසන් එක. අන්තිම සීසන් එක මේ වසරේ අවසාන මාස කිහිපය ඇතුලත විකාශය වීම පටන් ගනීවි. ඒ සීසන් එකට උපසිරැසි ගන්වන්න මේ වෙද්දී මං වෙනත් කෙනෙක්ව කතා කරගෙන තියෙන්නෙ. ඉතින් ඊලග සීසන් එකට උපසිරැසි ගන්වන්න ඒ කෙනා ඒවී. එහෙම නාවොත් නම් අවංකවම සමාවෙන්න ඕන මොකද මට එන්න විදිහකුත් නැහැ. මොකද මට එන්න පුලුවන් දුර මෙච්චරයි. මෙතෙක් කල් කතාමාලාව එක්කලා රැදි හිටියට හුගක් ස්තුතියි. විශේෂයෙන්ම 2,000 පන්නලා බාගත කිරීම් ලැබෙන මේ කතාමාලාවට එක වචනයකින් හරි අදහස් දැක්වූ අයට ස්තුතියි.
——
අද කතාවේ නම “Moriah”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: – Andrew Dabb
විකාශනය වුනේ: 2019 අප්‍රේල් 25
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,841 downloadsDownload Supernatural-S14-E20.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
97 comments
YasasPerera
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි අයියේ මෙච්චර දවස් සබ් කරලා ඉක්මනට දුන්නට... ජය වේවා...!!!
K3JD
Thanks enakal ude idan page eka reload kara kara hitiye thank you very much. Cheers
Hashith Milan Eranga
Aneee bn anthima season ekath karahanko.
hashanmp
tanq bro....
Niroshani maduka
Thank you dr..ane sub eka digatama denna..
NuwandiSM
බොහොම ස්තූතියි සහෝ..අනේ සීරිස් එක අතාරින්න නම් එපා..සීසන් වැඩි උනත් ගොඩක්ම ආසාවෙන් බලන ආසම සීරිස් එක මේක..අපි හැමෝම බයිස්කෝප් එක ගැනත් ඔයාල හැමෝම ගැනත් ලොකු විශ්වාසෙකින් සීරිස් එකක් බලන්නෙ..බොහොම ස්තූතියි සහෝ
nkrtharinda95
ගොඩක් ස්තුතියි කැස්ටියල් කොලුවො මෙච්චර දවස් මේකෙ සබ් ගෙනාවට, සමහර දවස් වලට එපිය ඩවුන්ලෝඩ් කරන්නත් කලින් සබ දීල. ඒවා අමතක නෑ. මම නම් කැමතියි උඹම දිගටම සබ් එක දෙනව නම්, මොකද හැමෝටම සබ් කරන්න පුළුවන් ඒත් ඒකෙ ගුණාත්මක භාවය තමා වැදගත් ඒ අතින් උඹ කරන සබ් කියල වැඩක් නෑ. ඒත් අපේ කැමැත්ත අකමැත්ත මත උඹේ වැඩ පාඩු කරගන්න එක කරන්න ඕනි නෑ. උඹ උඹේ ගමන පලයන් ජය
Lahiru9111
good job.thank you bro.
DKRPrabod
tnkz bro.............
Prasadjeewantha
Ela bro
Death shot
Thanks mchn...good job...
gabrial
chamara sahoo..mn tharam oyata karadara karana wena kenek nathuwa athi..fb msg dada...eeth oyaa puluwan widiyata sub eka dunna..godak thankz saho...Nawaththanna epa kiyanna ba..ee nisa good luck bro..
teejay1999
Sub dunnata godak thanks saho.good job.ehnm subama suba anagathayak karana wada okkoma sarthaka wewa kiyla hdawathinma prarthana krarnwa jayen jaya brother!
prasannadchamara
thnq saho..final season ektath sub dunnoth loku udawwk
Achi
Thank
osandikavinya
Thanks
Kanchana
Thanx saho
TEP
Thanks for gave us your time. Respect brother.
Madusha Wickramasinghe12
thanks bro
LVG98
thanks bro!!!!!!!!!
DimuthuMadhumal
Thq mcn
Janith Jayasankha Adhikari
bohoma isthuthiyi, upasirasi pariwarthanaya gunathmaka athin ithama ihalayi. digatama karagena yanna good luck
Hashan M. Priyadarshana
බොහෝම ස්තූතියි බ්රෝ සබ් දුන්නට...
ජය වේවා!Pramukmili
thanxxx bro........
Eranda Malith 2.0
සබ් එකට බොහොම ස්තූතියි මචන්
Punsisi walter
Tnx for all
kalana
Thanks
Ayesh Prashan
Thank You
Radeon
thanks for all mcn,
geeganagamage
බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වනතුරු අරගෙන ආවාට .
Rashiiddamalgoda
Thanx.. bro.. bs
adohipatuva
elm brother
KaSun Chathuranga
Thanks bro :D
God4x
EEEElla
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lpwicrama
thankyou...
Kavindu Gimahan
ස්තූතී මෙච්චර කල් සබ් එක දුන්නට
gms
thanx
Rumesh Asanka
thank you
harshanabg
thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
MDG සහෝගෙන් පස්සේ කතාමාලාවේ බර කරට අරන් S11-S14 දක්වා සීසන් 4 හැකි ඉක්මනින් හා ගුණාත්මකව, සමහර දවස් වලට එපිය ඩවුන්ලෝඩ් කරන්නත් කලියෙන්ම උපසිරැසි අප වෙත රැගෙන ආවාට නැවත වරක් ස්තූති කරනවා සහෝ...
හැකිනම් අවසාන කතාමාලාවත් සහෝම කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා...
එහෙනම් නැවත උපසිරැසියකින් හමු වෙමු... 400 වෙනි උපසිරැසියට සුපිරියක් බස්සමු එහෙනම්
ජයRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මෙච්චර කල් මේ කතාවලව ඇදන් ආපු එක සුපිරි වැඩක්...
අවසාන කතාමාලවත් කරලාම ඉවර කරමු...
බයිස්කෝප් එකේ තියෙන දිගම කතාමාලාව ඉවර වෙනකන් කරලාම ඉවර කරමු කොහොම හරි...ravidu ishan
Sub walata tnx mchn ..!!
H_anuru
Sub walata tnx mchn
thimira1006
jaya wewa
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
suranuwan
thanks bro...
mbmalinda
Thanks sub walata
123sachithra123
thanks broo
Thulana96
Thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S14 : E20] Sinhala Subtitles | දෙවියන් ලියු දෛවයන්වල ජීවීත කතාව. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/SPN-S14.jpg)


thank you very much bro.. good luck for your future plans...!!