Watch Trailer

Supernatural [S15 : E01] Sinhala Subtitles | දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගත්තවුන්!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. එහෙනම් ඔන්න හුගක් අය ආසාවෙන් මග බලාගෙන හිටිය දීර්ඝ කතා මාලාවක අවසාන කතා සමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ තමා Supernatural කතාමාලාවේ අවසන් කතා සමය. ඒක දැනටමත් ඔයලා දන්නවා ඇතිනේ. එහෙනම් මේ පහලොස් වෙනි කතා සමයෙ පලවෙනි කොටස තමා මම මේ අරගෙන ආවේ. වෙනදා සබ් ගේන කෙනා නම් නෙමෙයි හැබැ…

සුභ දවසක් හැමෝටම. එහෙනම් ඔන්න හුගක් අය ආසාවෙන් මග බලාගෙන හිටිය දීර්ඝ කතා මාලාවක අවසාන කතා සමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ තමා Supernatural කතාමාලාවේ අවසන් කතා සමය. ඒක දැනටමත් ඔයලා දන්නවා ඇතිනේ. එහෙනම් මේ පහලොස් වෙනි කතා සමයෙ පලවෙනි කොටස තමා මම මේ අරගෙන ආවේ. වෙනදා සබ් ගේන කෙනා නම් නෙමෙයි හැබැයි. ඔව් මෙච්චර දවසක් සුපර්නැචුරල් කතාමාලාවට උපසිරසි කරපු චාමර සම්පත් අයියගේ කාර්‍යබහුලත්වය නිසා ඔහු මේක මට භාරදුන්නා. මමත් හුගක් ආසාවෙන් බලපු සීරීස් එකක් නිසා, මම වැඩේ භාරගත්තා. 11 වෙනි කතා සමයේ ඉදලා 14 වෙනි කතාසමය දක්වා කතාංග 100යක ආසන්න ප්‍රමාණයක් වෙලාවට ලස්සනට අපිට ඔහු ලබාදුන්නා. ඉතින් මේ අවස්තාවේ ඔහුට ඒකට ස්තූතිවන්ත වෙන්නත් යොදාගන්නවා. ඒ වගේම අමතක කරන්න බෑ මුල් කතාසමයහන් 10යම කතාංග 200කට අධික සංඛ්‍යාවක් උපසිරසි ගන්වපු MDG සහෝදරයාව. ඔහු මේ වැඩේ පටන් ගත්තේ නැත්තම් අපිට මෙහෙම සුපර්නැචුරල් සිංහලෙන් බලන්න වෙන්නේ නෑ. ඉතින් ඔහුවත් මම මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් ඉතින් අද ඉදලා මේ කතාසමය වගේම කතාසමයම අවසන් වෙනකල් උපසිරසි අරගෙන එන්නේ මම. කතාංග විස්සක් පුරාවට. අන්තර්ජාලයට වීඩියෝ පිටපත් නිකුත් වෙන්නේ සිකුරුදා කියලා දන්නවනේ, ඉතින් සිකුරාදම සබ් එක දෙන්නත් උපරිම උත්සහ කරනවා. යම් හෙයකින් බැරි වුනොත් සෙනසුරාදා ලබා දෙනවා. හැබැයි අතරමග නවත්තන්නේ නැ කියලා පොරොන්දුව මම දෙනවා. චාමර අයියා තරම් හොදට ගුණාත්මකව සබ් එක දෙන්න පුළුවන් වෙයිද කියන්න බෑ. ඒ අදහස ඔයාලගේ. හැබැයි මගෙ උපරිමය මම මේ කතාසමයට යොදවනවා. එහෙනම් හැරෙමු කතාව පැත්තට.

පසුගිය කතා සමයෙන්

14වෙනි කතාසමය පටන් අරගත්තේ ඩීන් මයිකල්ගේ ධාරකයා වෙලා. අපි දන්නවනේ මයිකල්ගේ සත්‍ය ධාරකයා ඩීන් කියලා. ඉතින් ඔහුගේ බලය වෙන ධාරකයෙක්ගේ ඉන්නවට වඩා වැඩි වුනා. ඒ වගේම ඔහු දිගින් දිගටම උත්සහ කලේ දෙමහුන් රාක්ෂයෝ හදන්න, විවිධ ජාතියේ අමනුස්සයන් අරගෙන ඇවිල්ලා පරීක්ෂණ කරලා දෙමෙහුන් යක්ෂයන් හදන්න ඔහු පටන් අරගත්තා. නමුත් හුගක් පරීක්ෂණ අසාර්ථක වුනා. හැබැයි අන්තිමේ මයිකල් විදිහක් හොයාගත්තා. ඔය අතරේ තමයි ජැක් අසනීප වෙන්න ගන්නේ.. ඔහු බලය පාවිච්චි කරන්න කරන්න ජැක්ගේ ආත්මය විනාශ වෙන්න ගත්තා. ඒ නිසා ඔහු එන්න එන්නම දුර්වල වුනා. ඩීන් කොහොමහරි ක්‍රමයක් හොයාගෙන හිත ඇතුලේ ෆයිට් කරලා මයිකල්ව ඔළුව ඇතුලේ කාමරයකට දාල ලොක් කලා. ඩීන්ට බිලීව හම්බුවෙනවා ඔය අතරේ. එයා කියන විදිහට ඩීන් මැරෙන්නේ එකම විදිහට. ඒත් එක ක්‍රමයක් තියෙනවා ඊට වෙනස්. ඒ තමා මයිකල්ව මැලැක් පේට්ටියක හිර කරන එක.මොකද මයිකල් ඩීන්ගේ ඔළුව ඇතුලේ හිරකරලා තිබ්බට විටින් විට ඔහු එලියට එන්න බලනවා. ඉතින් ඒ වෙනුවෙන් ඩීන් හදන්නේ මැලැක් පෙට්ටියට බැහැලා මුහුදට ඒ පෙට්ටිය දම්මවන්න, එතකොට මයිකල්ව සදහටම හිර කරන්න පුළුවන් වෙන්න. ඒත් සෑම් සහ කෑස් මේකට කොහොමවත් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ මයිකල් ඩීන්ගෙන් එළියට එනවා. ඇවිල්ලා රෝවිනාට ආවේෂ වෙනවා. ජැක්ට තරහ ගිහින් ඒ වෙලාවේ මයිකල්ව මරලා දානවා. ජැක්ව මැරුනත් ආපහු ආත්මය මායා බලයෙන් ගෙන්නුවා මුලින්ම මතක ඇතිනේ. මේ විදිහට මයිකල්ව මරන්න විශාල බලයක් යොදවන්න වෙන නිසා ජැක්ගේ ආත්මය හුගක් විනාශ වෙනවා. ඒ නිසා ටිකෙන් ටික ජැක් නපුරු වෙන්න ගන්නවා. ලුසිෆර්ව ආපහු ගෙන්නන්න උත්සහ කරපු නික්ව මරලා දානවා. බලය පාලනය කරගන්න බැරුව ඩීන් සහ සෑම්ගේ අම්මා මේරිව මැරෙනවා. ඔය හේති නිසා ඩීන්ට සහ සෑම්ට සිද්ද වෙනවා ජැක්ව මෙල්ල කරන්න. කෑස්ටත් ඒකට අකමැත්තෙන් වුනත් එකග වෙන්න වෙනවා. ජැක්ව ස්වර්ගේ හිටිය ඩූමා එක්කගෙන ගිහිල්ලා විස පොවලා තවත් දරුණු කලා මතක ඇතිනේ.

කෑස්ට වුනේ අන්තිමට ඩුමාව මරලා දාන්න. නමුත් ජැක් ස්වර්ගය දෙවියන් ගැන විශ්වාස කරන්නේ නැති අයව හොය හොය දඩුවම් දෙන්න ගත්තා. දෙවියන් ස්වර්ගය ගැන අධි විශ්වාසෙන් ඉන්න අයව ස්වර්ගයට අරගෙන ගිහින් ඒන්ජල්ලා කරන්න හැදුවා. මේ නිසා හෙන වියවුලක් ලෝකය පුරා ඇතිවුනා. අන්තිමේ ඩීන් සහ සෑම් මයිකල් වෙනුවෙන් හැදුව මැලැක් පෙට්ටියට දාල ජැක්ව හිරකරන්න හැදුවත් මැලැක් පෙට්ටියට ආක් ඒන්ජල් කෙනෙක් පවා රදවා තියාගන්න පුළුවන් වුනත්, ජැක් ඊටත් වඩා බලවත් බව දැනගන්නවා. මැලැක් පේටියෙන් ජැක් පැනගන්නවා. ජැක්ව නවත්තන්න නම් එකම ක්‍රමය මරන එක කියලා ඩීන් සහ සෑම් එකග වෙනවා. කෑස් දෙවියන්ව කොන්ටෑක් කරන්න හැදුවා මතක ඇතිනේ, අන්තිම කොටසෙදි ඒ වගෙම දෙවියන් හෙවත් චක් ආපහු පොලොවට එනවා. ඒ එන්නේ ජැක්ව නවත්තන්න, ඒකට ඩීන්ට ආයුධයක් දෙනවා. එ ආයූධයෙන් ඕනම කෙනෙක්ව මරන්න පුළුවන්, ආක් ඒන්ජල් කෙනෙක් වුනත් ඉට වඩා ලොකු කෙනෙක් වුනත්, නමුත් වැඩේ තමයි ඒ තුවක්කුවෙන් වෙඩි තියන කෙනාටත් ප්‍රතිවාදියාට වෙන දේම සිද්ද වෙනවා. අන්තිමට සොහොනකට එකතු වුන ජැක්, ඩීන්, සෑම්, කෑස් සහ චක් ඔක්කමලා ඉන්න තැන ඩීන් ජැක්ව මරන්නේ නැතුව අතාරිනවා. ඒ ගැන තරහ ගිහින් චක් හෙවත් දෙවියන් ජැක්ව මරලා දානවා. සෑම් දෙවියන් දුන්න තුවක්කුව අරගෙන දෙවියන්ට වෙඩි තියනවා, නමුත් ඒකෙන් හානි වෙන්නේ සෑම්ටමයි. චක් මේ ඔක්කම කලින් ඉදලා ප්ලෑන් කරලා කරපුවා කියලා සෑම් ඩීන් මේ නිසා දැනගන්නවා. ඔක්කම දේවල් නවත්තන්න පුළුවන් කම තියෙද්දි ඔහේ බලන් හිටියා කියලා ඔවුන් දැනගන්නවා. ඒ නිසා දෙවියෝ ගැන පුදුම තරහකින් ඔවුන් හිටියේ,. අන්තිමේ චක්ව තරහ කරගත්ත ඩීන්, සෑම් සහ කෑස්ට වුනේ අපායේ හිටපු සියළුම දුෂ්ඨ ආත්ම වලට මැදි වෙන්න, මොකද චක් ඒ සියළුම දුෂ්ඨ ආත්ම ආපහු පොලොවට මුදා හැරියා.

ඔන්න ඔහොම තමා කලින් කතා සමය අවසන් වුනේ අද කොටස පටන් ගන්නේ ඒ ඉවර වුන තැනින්මයි, ඉතින් අද කොටස ගැන කිසිම දෙයක් මම කියන්න යන්නේ නෑ. ඊයේ ආව Mission Mangal ෆිල්ම් එක රෑ එළි වෙනකල් ගහලා ඉවර කලා විතරයි මේකත් රිලීස් වුනා, ඉතින් ඒ හුස්මටම මේකත් කරන්න ගත්තා. මොකද පරක්කු කරන්න බැරි නිසා. හෙම්බත් වෙලා ඉද්දි තමා ඒත් මේක කලේ, ඉතින් වැරදි එහෙම වෙලා තිබ්බොත් ඒකට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අරගෙනම බලන්න. එහෙනම් ලබන සතියේ කොටසින් හම්බුවෙමු. ජය වේවා..!!

___ ____

අද කතාවේ නම “Back and to the Future”
අධ්‍යක්ෂණය: John F. Showalter
ලිව්වේ: Andrew Dabb
විකාශනය වුනේ: 2019 ඔක්තෝම්බර් 10
මීලග කොටසින්: Raising Hell | 2019 ඔක්තෝම්බර් 17

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,590 downloadsDownload Supernatural-S15-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

11,590 downloadsDownload Subtitles22 KB

56 comments

  1. Chämàrá Sâmpáth

    හිතුවටත් වඩා ඉක්මණට සබ් එක කරලා තියෙන්නෙ.
    දැන් නම් මටත් ඔයාගෙ සබ් එක්කම කතාව බැලුවහැකි.
    ඔයාට පුලුවන් විදිහට දිගටම මේ විදිහට කරගෙන යමු. තව කොටස් 19 තියෙන්නෙ.
    බොහොම ස්තූතියි මල්ලි සිංහල උපසිරැසියට වගේම මගේ ඉල්ලීම පිට මේක බාරගත්තට.
    ජය!

  2. dx12

    Thanks saho
    Godk pin saho
    Good luck
    Jaya wewa..........!

  3. Hashith Milan Eranga

    Thanks mcn

    1. benukanimsena

      ආව සැනින් දීලා නේ
      බොහොම ස්තූතියි කවිසාල් අයියේ

  4. NuwandiSM

    ජයවේවා සහෝ.. නොයිවසිල්ලෙන් බලන් හිටපු සීරිස් එක. බොහොම ස්තූතියි.❤️

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. nirmal de davin

    thank u

  7. Gathsara Umesh

    බොහෝම ස්තූතියි සහෝදරයා ❤️

    1. niroshaD

      Super

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්.....
    ඉක්මනටම සබ් එක දීලා....
    සුපිරි කතාවක්....
    බයිස්කෝප් එකේ දිගම කතාමාලාව නේ...

  9. Ayesh Prashan

    Thank You

  10. ravidu ishan

    Bohoma sthuthiy saho sub ekata!! Asama kathawaka anthima season eka,,thawa 19i ne thiyenneth..digatama karagena yamu jaya!!!

  11. DilanDilshan

    ela sahodaraya...thankzz..

  12. Ishan Thilakarathne

    අඩෝ thnx මචන් අන්තිම එක නොදෙයි කියල හිතුවෙ. පිං බන්

    1. Charith2

      Ela සහෝදරයා.... බොහොම ස්තුති මේ කරන වැඩේ...❤️
      ජයවේවා සහෝ!!!

  13. mcsiya

    Thankz bn.baiscopedownloads site eka ain karalada?

  14. geeganagamage

    බොහොම ස්තුතියි මේක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  16. EM Nishshanka

    Thanks mcn

  17. Rumesh Asanka

    thank you

  18. kasundx3

    ammooo........... Adarei

    1. Anonymous

      Ade ko bn ithuru tika

  19. sachin a.

    Maru elama.......

  20. hashzi

    tnx bro

  21. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  22. Suresh Viduranga

    Thanks bro..

  23. suranuwan

    thanks bro...

  24. Pruthuvi Shivanga

    thanks sub ekata jaya wewa

  25. අමිල

    බොහොම ස්තුති සහෝදරයා ජයවේවා

  26. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තූතියි bro..
    අන්තිම සීසන් එක..

  27. Alex Yasinda

    බොහොම ස්තුති සහො.එනකන් ඇගිලි ගැන ගැන හිටියෙ ❤

  28. Niroshani maduka

    Thank you dr..

  29. bhashana_manoj

    thanks

  30. Lucky9bro

    බොහොම ස්තුතියි මචන් ඉක්මනටම සබ් එක දැම්මට....
    අඩේ මේ සබ් එකට හරියන video එක ගන්න තැනත් කියනවද බන්... video එක හොයා ගන්න බැරි උනා කියහන්කො... උබ එච්චර ඉක්මනටම සබ් එක දැම්මා..... ආයෙත් Thanks මචන්.....

    1. subodha1999

      EZTV kiyala site eka thiyenawa brother eeke thiyenawa mechchara kalekata apu okkoma wage tv show.
      eeek eseason 1 idan 15 wenalak okkoma dal;a thiyenne mechchara kalekata apu

  31. Madusara

    තැන්කියු මචන්...

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. pethum20007

    Ela bn. bohoma stutie sub ekata.

  34. prabo123111

    ගොඩක් ස්තූතියි මචන් අපී ඉස්සර එපියක් ආපු ගමන් බලන්න ඕනෙ මිස ඉංග්‍රීසි සබ් දාන් බැලුවා හැබැයි බයිස්කෝප් ඒක වෙනස් කරන්වා උබලා මාර කැපවීමෙන් ගේම ගහනවා .. ටීවී සීරීස් පිස්සන්ගෙ සුභපැතුම්

  35. supunima

    elama bn, thanks

  36. Pramukmili

    thanxx bro..........

  37. Sandarunimsara

    Sub ekata tnx bro

  38. stcband

    sub ekata tnx ... elaga set ekath ikmanata danna plz

  39. Amila

    Patta bro and thanks

  40. Nethmi

    Hawai five -0 series eke sub dennkoo

  41. 22portal

    Thaama season 3 blnne..........

  42. Puthachuti

    Machan thamz sub ekata,,,meke uthuru sub ganna bene season 15

  43. Amila Mudalige

    Sub ekata Thanks

  44. umesh

    thank you very much

    1. Anonymous

      අතරමග නවත්තන්නෙ නෑ කියල පලවෙනි එක විතරනෙ දීලා තියෙන්නේ

  45. Sandaruwan

    Sub ekata thnx bro. Ithuru sub tika neddoo

  46. lakshan

    thanks .....................

  47. Nadun

    බොහොම ස්තුතී.❤

  48. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️

  49. Pi

    අතරමග නවත්තන්නෙ නෑ කියල පලවෙනි එක විතරනෙ දීලා තියෙන්නේ

  50. Anonymous

    Ithuru tik ko