ඔන්න එහෙනම් අදත් සුපර්නැචුරල් කොටස ආපු දවසෙම ඉක්මනින්ම උපසිරසිය ගේන්න පුළුවන් වුනා. අනිවාරෙන් සිකුරාදම ගේනවා හදිසි වැඩක් නොවැටුනොත්. අවශ්‍ය ඔයාලගේ දිරි ගැන්වීම විතරයි. එහෙනම් බලමු කතාව ගැන. පසුගිය කොටසින් කලින් කොටස පටන් ගත්තෙම සොහොන ලගදිමයි. සෑම්, ඩීන් සහ කෑස් තුන්දෙනාම අපායේ ආත්ම විසින් වටකරගෙන හ…

ඔන්න එහෙනම් අදත් සුපර්නැචුරල් කොටස ආපු දවසෙම ඉක්මනින්ම උපසිරසිය ගේන්න පුළුවන් වුනා. අනිවාරෙන් සිකුරාදම ගේනවා හදිසි වැඩක් නොවැටුනොත්. අවශ්‍ය ඔයාලගේ දිරි ගැන්වීම විතරයි. එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්
කලින් කොටස පටන් ගත්තෙම සොහොන ලගදිමයි. සෑම්, ඩීන් සහ කෑස් තුන්දෙනාම අපායේ ආත්ම විසින් වටකරගෙන හිටියේ, නමුත් කොහොමහරි ආත්ම වලට යකඩ වලින් පහර දීලා ලග තිබ්බ සොහොන් ගෙයක් ඇතුලට රිංග ගන්න මේ තුන් දෙනාට පුළුවන් වෙනවා. ඒ වගෙම එතනදි චක් ගැන තුන්දෙනාම බොහොම තරහින් ඉන්නේ කියලා තේරුනා. ජැක් මැරුන එක කෑස් හුගක් හිතේ වේදනාවෙන් හිටියේ, ඔය අතරේ තමයි එක පාරටම ජැක් නැගිට්ටේ. ඒත් ඒ ජැක් නෙමෙයි. අපායේ ඩීමන් කෙනෙක් වෙන බෙල්ෆෙගෝර් කියන කෙනා තමයි ඒ විදිහට ජැක්ට ආවේශ වෙලා තියෙන්නේ, කෑස් නම් ඒකට කැමති වෙන්නේ නෑ, ඒත් ඩීන්ලට උදව් ගන්න පුළුවන් නිසා මේ ඩීමන්ගේ උදව්වෙන් මේ අය එතනින් පැනගන්නවා. එළිය්ට ගියාම තමයි දැනගන්නේ මෙච්චර අවුරුදු ගානක් තිස්සේ සෑම් සහ ඩීන් එකතුවෙලා අපායට යවපු හැම භූතයෙක්ම ආපහු පොලවට ඇවිල්ලා කියලා, දකින්න ඇතිනේ සුදු වත ඇදි කත, කැස්පර් එහෙම. ඉතින් බෙල්ෆෙගොර් කියන විදිහට අපායේ ඔක්කම දොරටු ඇරිලා. එයාගේ රස්සාවත් ගහලා ගිහිල්ලා. ඒ නිසා අපාය ආපහු තිබ්බ විදිහට ගන්න ඕනවට තමයි මෙයා උදව් කරන්නෙ කියලා තමයි කියන්නේ. ඉස්සරහට බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. ඔය අතරේ මයිකල්ගේ අපායේ තිබ්බ කූඩුවත් ඇරිලා කියලා කතාවක් ආවා. සමහරවිට ආයේ ඉස්සරහට මයිකල් එන්න බැරිත් නෑ. කොහොමහරි මේ අය මේ අපායේ පැල්ම ඇතිවුන සොහොන ලග නගරයට යනවා. ඒ නගරේ පුරාම භූතයෝ පිරිලා. මිනිස්සු කිහිපදෙනක් භූතයින්ට බිලිත් වුන. කෝමහරි අනිත් මිනිස්සුන්ව බේරගන්න නගරයේ බෙන්සීල් කාන්දුවක් කියලා හයි ස්කූල් එකට ඔක්කමලාව යවනවා FBI එකෙන් වගෙ රගපාල. ඔය අතරේ බෙල්ෆෙගොර්ගෙ උදව්වෙන් මේ නගරය වටා ආරක්ෂිත ආවරනයක් යොදවනවා. කිසිම භූතයෙක්ට එළියට යන්නවත් ඇතුලට යන්නවත් බැරි වෙන්න. ඒ වගේම සෑම් චක්ට වෙඩි තිබ්බ නිසා පෙරලා ඒ වෙඩිල්ල සෑම්ට වැදුනනේ. ඒ තුවාලේ සුව කරන්න යන කෑස්ට සෑම් අපායේ ඉද්දි වෙච්ච දේවල් පේනවා. මොකක් නමුත් ලොකු දෙයක් ඒකෙන් කියවෙන බවනම් විශ්වාසයි.
අද කොටසින්
අද කොටසින් බලාගන්න පුළුවන් ආරක්ෂිත ආවරණය දාපූ නගරයේ ඉන්න භූතයෝ සංවිධානය වෙලා ආරක්ෂිත ආවරණය බිදින්න උත්සහ දරන විදිහ. ඒ වගේම අද කොටසට කලින් කතා සමයන් වල ඉදපු තුන්දෙනෙක්ම එනවා. කට්ටිය කැමති වෙයි ඒ අයට නම්. බලන්නකෝ එහෙනම් ඒ තුන්දෙනා කවුද කියලත්. එතකොට චක්ට සෑම් තිබ්බ වෙඩිල්ල නිසා චක්ට මොකක් වෙලා ඇද්ද? අන්න ඒකට උත්තරත් අද හම්බුවෙයි. එහෙනම් අරගෙන බලන්නකෝ. ලබන සතියේ කොටසින් හම්බුවෙමු. ජය වේවා…!!
___ ____
අද කතාවේ නම “Raising Hell”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 ඔක්තෝම්බර් 17
මීලග කොටසින්: The Rupture | 2019 ඔක්තෝම්බර් 24
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,953 downloadsDownload Supernatural-S15-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
39 comments
sachintha
sashan
thanks bro
menaka787
supiri thanx for sub
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!nidu12
thnks
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
bhashana_manoj
Thanks
Nuwandika Dil
Thanks kollo
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Kanchana
Thanx saho
sanjeewakbg
Thanks bro..
Sandaru Dilshan Maduhansa
Thank You!
YasasPerera
thank you bro
Malith Rubasinghe
Thanks bn
NuwandiSM
බොහොම ස්තූතියි සහෝ.. ලස්සනට සබ් එක දෙනවට. ඉදිරියට යන්න. ජය වේවා❤️
navodmax
Sub ekata thanks.puluwannam the grimm tv series ekatath sub dennako.
Achi
තැන්ක්ස් බොක්ක
Pathum Winchester
ස්තූතියි
ravidu ishan
Tnx mchn sub ekata ..!!!
nuwan kumara senarath
Thank you bro..
Ayesh Prashan
Thank You
gayan215
bohoma sthuthi saho..
old man
thank you
Heshan Thineth
Thankz Bro...
Rumesh Asanka
thank you
Vindaka Lahiru
ft bro
suranuwan
thanks bro...
EM Nishshanka
Thanks mcn
thari12
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro.................
Sandarunimsara
Sub ekata tnx bro
Amila_madumal
Thanks saho
Amila Mudalige
Sub ekata Thanks
umesh bandara 6
thank you very much
umesh
thank you very much
lakshan
thanks ........................
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E02] Sinhala Subtitles | භූතයින්ගේ සංවිධානගත වීම!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



සිංහල උඋපසිරැසියට ස්තූතියි සහෝ