Watch Trailer

Supernatural [S15 : E10] Sinhala Subtitles | ඩීන් සහ සෑම් සාමන්‍ය වුනොත්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Supernatural පහලොස්වෙනි හෙවත් අවසාන කතා සමයේ දහවෙනි කොටස. හරියටම සුපර්නැචුරල් ඉවර වෙන්න තව කොටස් දහයයි තියෙන්නේ. ඊයේම සබ් එක ගේන්න බැරි වුනා, ඉංග්‍රීසි සබ් එක එනකොටත් පරක්කු උන නිසා, කෝමහරි ඔන්න අද උදේ වරුව ඇතුලත අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන. පෙර කොටසින්.. කලින් කොටස වෙන…

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Supernatural පහලොස්වෙනි හෙවත් අවසාන කතා සමයේ දහවෙනි කොටස. හරියටම සුපර්නැචුරල් ඉවර වෙන්න තව කොටස් දහයයි තියෙන්නේ. ඊයේම සබ් එක ගේන්න බැරි වුනා, ඉංග්‍රීසි සබ් එක එනකොටත් පරක්කු උන නිසා, කෝමහරි ඔන්න අද උදේ වරුව ඇතුලත අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන.

පෙර කොටසින්..

කලින් කොටස වෙන් වුනේ සෑම් සහ චක් දෙන්නට දෙන්නා සම්බන්ධ වෙලා තිබ්බ තුවාලේ චක් හොඳ කරගන්න හදපු එකට. මුලින් චක් හිතුවේ සෑම්ගේ තුවාලේ ඇතුලේ තියෙන දෙයක් නිසා තමයි තුවාලේ හොඳ නොවන්නේ කියලා, ඒත් සෑම්ගේ මෝඩකම නිසා චක් දැනගන්නවා තුවාලේ හොඳ නොවන්නේ සෑම්ගේ හිතේ චක්ව පරද්දන්න පුළුවන් කියලා තියෙන බලාපොරොත්තුව නිසා කියලා. කොහොමහරි චක් මැරුනොත් අනාගතේ මොනවද වෙන්නේ කියලා සෑම්ට චක් පෙන්නනවා. ඒකෙන් ටිකෙක් ටික සෑම්ගේ බලාපොරොත්තු අහවර වෙනවා. ඒ අතරේ ඩීන් සහ කෑස් යනවා අපායට ලවායතන් බ්ලෝසම් මලක් හොයාගෙන එන්න දෙවියන්ව හිර කරන්න ඕන කරන මන්ත්‍රයට අවශය නිසා, එතන අකරතැබ්බ වලින් බේරිලා ඇවිත් මන්ත්‍රය හදලා වැඩේ ලෑස්ති කරගන්නවා, කලින් සැරේ කේන්ගෙ සලකුන අරගෙන ඩීන් හෙන කෝලමක් නැටුව මතකනේ, ඒ නිසා මේ සැරේ සලකුන ඩීන්ට දෙන්නේ නැතුව ඒක කෑස් ගන්නයි හිතාගෙන හිටියේ, නමුත් ඩීන් කෑස් දෙන්නා සෑම් සහ අයිලීන් බේරගන්න යනකොට සෑම්ගේ බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි, සෑම් චක්ට යන්න දෙනවා. මයිකල් දුන්න මන්ත්‍රයෙන් හදපු කූඩුවෙනුත් වැඩක් වෙන්නේ නෑ. අයිලීන් මේ ඔක්කටම පස්සේ බන්කරේ යනවා තවත් සෑම්ට කරදරයක් වෙන්න ඕන නෑ කියලා.

අද කොටසින්…

සෑම් සහ ඩීන්ට කවදාවත් ලෙඩක් හැදිලා නෑනේ, කිසිම විදිහක සාමන්‍ය මනුස්සයෙක් මුහුණ පාන දේවල් වලට මේ ඩබලට මුහූණ පාන්න වෙලා නෑනේ. ඒත් ඔන්න අද ඒකටත් හරියන්න ඩබල හිටපු තත්වෙන් සෑහෙන්න පහලට වැටිලා සාමන්‍ය වෙලා ඉන්නේ. බලන්නකෝ මේ කොටස නම් ආතල් කෝටියයි.. ඩීන්ගේ සුපුරුදු ආතල් වැඩ එහෙම පිරිලා තියෙනවා. කලින් වතාවේ කහ උණ හැදිලා ඩීන් නටපු නාඩගම් මතකනේ, ඒ වගේ ආතල් ටිකක් මේකෙත් තියෙනවා. ඒ වගේම අද අපිට ගාර්ත්ව කාලෙකට පස්සේ දකින්න පුළුවන්, බලන්නකො එහෙනම් අද මොකද වෙන්නේ කියලා. ආ අනික් කාරණය තමයි ඊයේ තමා ඩීන් වින්චෙස්ටර් චරිතයේ උපන්දිනය. කතාවේ නම් ඒක දකින්න නෑ. ඒ උනාට ඔහුගේ උපන්දියන 1979 ජනවාරි 24 වෙනිදා. ඒ කියන්නේ ඊයෙට ඔහුට 41ක් වෙනවා. එහෙනම් ඩීන් වින්චෙස්ටර්ට සුභ උපන්දිනයක් වෙන්න කියලත් පතාගෙනම මම යන්නම්….!!

එහෙනම් සුපර්නැචුරල් අවසාන කතා සමයෙත් භාගයක් ඉවරයි.. ලබන සතියේ දෙවන අර්ධය හෙවත් අවසාන කොටස් දහයෙන් හම්බුවෙයි. ජය වේවා..!!

___ ____

අද කතාවේ නම “The Heroes’ Journey”
අධ්‍යක්ෂණය: John F. Showalter
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ජනවාරි 23
මීලග කොටස: The Gamblers |2020 ජනවාරි 30

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,336 downloadsDownload Supernatural-S15-E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

9,336 downloadsDownload Subtitles26 KB

24 comments

  1. Sandarunimsara

    Sub ekata tnx bro

    1. THaru RAnasinghe

      epiya ganna site ekak kiyapanko machan

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. chamitha96

    Thnx bokka jaya
    jaya

  4. Niroshani maduka

    Sub ekata thank you dr..

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එපි 10කින් ඒකත් ඉවරයි නේ....

  6. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  7. sasala

    බොහොමත් ස්තූතියි .

  8. Dulan Randika

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ඒ වගේම්ස් අපේ ඩීන් ටත් සුභ උපන්දිනයක් වේවා කිව්වා ඔන්න.

  9. mad83

    thanx a lot ..

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. ravidu ishan

    Tnx mchn sub ekata ...jaya wewa!!!

  12. Achi

    තැන්ක්ස් බොක්ක

  13. D.Chamara

    bohoma sthuthi sahooo

  14. Ayesh Prashan

    Thank You

  15. suranuwan

    thanks bro...

  16. IrajAsela

    thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. YasasPerera

    thank you so much bro..

  19. Pramukmili

    Thanxxxxx bro................

  20. Amila Mudalige

    Sub ekata Thanks

  21. umesh

    thank you very much

  22. lakshan

    thanks ...........................

  23. Anonymous

    සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️