Watch Trailer

Supernatural [S15 : E09] Sinhala Subtitles | දෙවියන්ගේ කූට උපක්‍රම හමුවේ දෙසොහොයුරන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සුපර්නැචුරල් අවසාන කතා සමයේ නමවෙනි කොටස. පරක්කු වුනා අරගෙන එන්න, දැන් කලින්ටත් වඩා කාර්‍යබහුල වෙලා ඉන්නේ අධ්‍යාපන වගේම රැකියාවේ කටයුතුත් නිසා, ඒ ගැන අහිතක් හිතන එකක් නෑ. ලබන සතියේ ඉදලා ඉක්මනට අරගෙන එන්න උපරිම උත්සහ කරන්නම්කො. පෙර කොටසින්… කලින් කොටසෙදි ඩීන් සෑම් සහ කෑස් එ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සුපර්නැචුරල් අවසාන කතා සමයේ නමවෙනි කොටස. පරක්කු වුනා අරගෙන එන්න, දැන් කලින්ටත් වඩා කාර්‍යබහුල වෙලා ඉන්නේ අධ්‍යාපන වගේම රැකියාවේ කටයුතුත් නිසා, ඒ ගැන අහිතක් හිතන එකක් නෑ. ලබන සතියේ ඉදලා ඉක්මනට අරගෙන එන්න උපරිම උත්සහ කරන්නම්කො.

පෙර කොටසින්…

කලින් කොටසෙදි ඩීන් සෑම් සහ කෑස් එකතුවෙලා මයිකල්ව ගෙන්න ගන්නවා, ජැක් මරපු මයිකල් නෙමේ, ඩීන්ලගේ සහෝදරයයි සෑමුයි එක්ක අපායේ කූඩුවට වැටුන මයිකල්ව, මයිකල්ව හොයාගෙන අපායට ගියාම තමා දකින්නේ දැන් අපායේ පාලකයා රොවීනා කියලා, කොහොමහරි එයා කොල්ලන්ට උදව් කරනවා මයිකල්ව හොයාගන්න, ඒත් ඒ වෙනකොටත් මයිකල් පොලවට ඇවිල්ල ඉවරයි මොකද සීසන් එක මුලදි උන චක් අපායේ දොරවල් ඇරපු එකෙන්. මයිකල් දෙවියන්ව නවත්තන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා තමා කට්ටිය මයිකල්ව හොයන්නේ, කෝමහරි අන්තිමේ හොයාගෙන ඒන්ජල් උගල්ක් ආධාරෙන් හිර කරලා, දෙවියන් ගැන මයිකල්ගේ හිතේ කහටක් ඇති කරලා දෙවියන්ව අන්ධකාරය කලින් හිර කලා වගේ හිරකරන්න පුළුවන් මන්තරයක් ඉල්ලගන්නවා, ඒ මන්තරේ කරන්න ලවායතන් බ්ලෝසම් කියන මලක් ඕන වෙනවා, ඒක හැදෙන්නේ පාතාලේ විතරයි, ඒක ගන්නත් දොරක් මයිකල් ඇරලා දීලා, ඇඩම් එක්කම යනවා යන්න. ඒ අතරේ තමා සෑම් එයිලීන්ට ලැබුන වැඩක් බලන්න්න එළියට යන්නේ, ඒත් නොහිතපු විදිහට ඒ වැඩේ පිටිපස්සේ ඉදල තියෙන්නේ චක්.

අද කොටසින්…

අද කොටසෙදි චක්, සෑම්වයි අයිලීන්වයි අල්ලගෙන මොකද කරන්නෙ කියලා බලන්න පුළුවන්, ඒ වගේම කෑස් සහ ඩීන් පාතාලයට ගිහිල්ලා ලවායතන් බ්ලෝසම් එක ගන්න හැටිත්, ඒ අරගෙන හදන මන්ත්‍රයෙන් මොකද වෙන්නෙ කියලත් බලාගන්න පුළුවන්. ඒනම් වැඩි විස්තර ඕන නෑ අරගෙන බලන්න.. ලෙජෙන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එපියත් අද හෙටම ඔයාලට ලැබෙයි..මම ඒක කරන්න හිටියා නම් තව කල් යන නිසා වෙන කෙනෙක් දැනටමත් ඒක කරන ගමන් ඒ නිසා ඉක්මනට එයා අරගෙන ඒවි. එනම් ජයවේවා…!!

___ ____

අද කතාවේ නම “The Trap”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ජනවාරි 16
මීලග කොටස: The Heroes’ Journey |2020 ජනවාරි 23

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

9,665 downloadsDownload Supernatural-S15-E09.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

9,665 downloadsDownload Subtitles19 KB

26 comments

  1. Hiran Eranda

    thanks for sub

  2. Dulan Randika

    පරක්කු උනාට කිසිම කණගාටුවක් නෑ.මොනදේටත් වැඩිය රස්සවාවට පලමු තැන දෙන්න වෙනවා.මොකද තාම රස්සාවට ගියා විතරයිනෙ.සබ් එක හිමිහිට දෙන්න රස්සාවට බාධාවක් වෙන්නැති විදිහට.ජය..

  3. Nuwandika Dil

    Thanks.mchn. crisis part 5 eka hetada denna puluwan?

  4. dilshanxy

    bokka, thank u

    1. NuwandiSM

      බොහොම ස්තූතියි සහෝ❤️

  5. Sandarunimsara

    Sub ekata tnx bro

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. D.Chamara

    bohoma sthuthi sahoo

  8. Ayesh Prashan

    Thank You

    1. Gandhi Ranasinghe

      Thank you..!!!

  9. Niroshani maduka

    Sub ekata thank you dr..

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  11. suranuwan

    thanks bro...

  12. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  14. chamitha96

    Aluth eka dannoo ikmanata jaya
    jaya

  15. ravidu ishan

    Tnx mchn sub ekata ..!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. King'ALpha

    අනෙහ් Vampire Diaries සබ් දෙන්නකෝ,
    S3 ඉදන් උනත් කමක් නැහ්,,,

  18. Pramukmili

    Thanxx bro............

  19. Amila Mudalige

    sub ekata Thanks

  20. umesh

    thank you very much

  21. lakshan

    thanks ....................

  22. kent

    thanks

  23. Anonymous

    සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️

  24. Anonymous

    සුපිරි වැඩක්... උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.