Watch Trailer

The Outpost (2018-) [S03 : E03] Sinhala Subtitles | ජීවිතයට ජීවිතයක් [සිංහල උපසිරසි සමඟ]

02වැනි කොටසෙදි මතකයි නේද රෝස්මන්ඩ් රැජිණව මරන්න හදපු බ්ලැක්ෆිස්ට්ව මරපු වරදට ගැරට් ස්පියර්ස්ට දඬුවම විදිහට දියේ ගිල්වා මරන්න නියම කළානෙ. ඒත් දියේ ගිල්වා මරන්න කළින්, ටැලොන් ගැරට්ගෙන් සමුගන්න කියලා ළඟට ගිහින් කිස් එකක් දෙන ගමන් සිහි නැතිවෙන බෙහෙතක් ගැරට්ගෙ කටට දානවා. දියේ ගිල්වලා මැරුවට පස්සෙ ජැනිසෝ…

02වැනි කොටසෙදි මතකයි නේද රෝස්මන්ඩ් රැජිණව මරන්න හදපු බ්ලැක්ෆිස්ට්ව මරපු වරදට ගැරට් ස්පියර්ස්ට දඬුවම විදිහට දියේ ගිල්වා මරන්න නියම කළානෙ. ඒත් දියේ ගිල්වා මරන්න කළින්, ටැලොන් ගැරට්ගෙන් සමුගන්න කියලා ළඟට ගිහින් කිස් එකක් දෙන ගමන් සිහි නැතිවෙන බෙහෙතක් ගැරට්ගෙ කටට දානවා. දියේ ගිල්වලා මැරුවට පස්සෙ ජැනිසෝ ගැරට්ගෙ මිනිය භාර අරගෙන භූමිදානය කරන්න ගෙනියනවා. ඊට පස්සෙ ප්‍රති විෂ දීලා ගැරට්ට ආපහු සිහිය ගන්නවා. මේ ඔක්කොම ජැන්සෝගෙ අදහස් කියල කියන්න ඕන නැහැනෙ. මොකද ජැන්සෝ තමයි මුරපොලේ ඉන්න හොඳම මොළ කාරයා.

යවාල්ලාගෙ දුව ළඟ තිබුණු පෙට්ටිය විවෘත කළාම ලැබෙන සිතියමත් අරගෙන ස්මිත්ගෙ කාමරේ බිමින් මතුවුණු දොරෙන් ඇතුළට බැහැලා යන්න කට්ටිය තීරණය කරනවා. ටැලොන්, ජැන්සෝ, යවාල්ලා, ව්‍රෙන් හතර දෙනා මේ පාතාලයට බහිනවා. ඇත්තටම ඒ පාතාලෙ ඇතුළ තනිකරම වංකගිරියක්.

වේ වංකගිරිය ඇතුළෙදි මේ ගොල්ලන්ට මොකක්ද වෙන්නෙ? මේ අතරෙ මුරපොලේ මොකක්ද වෙන්නෙ? කියන එක මේ කොටසෙ දි බලා ගන්න පුළුවන්. හමුදාවක් අරගෙන එන්න කියලා, ග්වේන් ටොබින්ව ඒගිස්ෆෝර්ඩ් වලට යැව්ව එකත් මතකයිනෙ. ටොබින්ට මන්ට් එක්ක ගිහින් ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? කතාවෙ පොඩි කෑල්ලක් කියන්නම්. ග්වේන් එහෙම නැත්නම් රෝස්මන්ඩ් රැජිණ තේ වලට දාලා සෙඩ්ට වස දෙනවා. තව… නෑ.. නෑ.. කතාව මම කියන්නෙ නෑ. එතකොට ගතියකුත් නැහැනෙ? බාගෙන බලන්න.

ඊළඟ කොටසත් අරගෙන ආපහු එන්නම්..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,398 downloadsDownload The-Outpost-2018-S03-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,398 downloadsDownload Subtitles27 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Dhanushka

    Thanks Sub akata denekan balan hitiya

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :)

  4. sasindu

    patta

  5. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Lahiru Lakshan

    thanks...

  8. Anonymous

    thanx saho