THE 100 පස්වැනි කතාසමය ආරම්භ වන්නේ ප්‍රයම්ෆායා එනම් ලෝක විනාශයෙන් පස්සෙ නටබුන් වෙලා ගිය ලෝකයකයි.. ජිවිත බේරාගනිම උදෙසා පිරිසක් භූගත බංකරයක් තුළටත්, කීප දෙනෙක් අභ්‍යවකාශයටත් ගියා. හැබැයි ක්ලාක්ට විතරක් යන්න ලැබුනේ නෑ නෙව.. ඉතින් පස්වැනි කතාසමය ආරම්භ වන්නේ එම විනාශයෙන් සය වසරක් නික්ම ගිය පසුවයි… අපිට…

THE 100 පස්වැනි කතාසමය ආරම්භ වන්නේ ප්‍රයම්ෆායා එනම් ලෝක විනාශයෙන් පස්සෙ නටබුන් වෙලා ගිය ලෝකයකයි.. ජිවිත බේරාගනිම උදෙසා පිරිසක් භූගත බංකරයක් තුළටත්, කීප දෙනෙක් අභ්‍යවකාශයටත් ගියා. හැබැයි ක්ලාක්ට විතරක් යන්න ලැබුනේ නෑ නෙව.. ඉතින් පස්වැනි කතාසමය ආරම්භ වන්නේ එම විනාශයෙන් සය වසරක් නික්ම ගිය පසුවයි…
අපිට දැකගන්න ලැබුනා සමස්ත ලෝකයම කාෂ්ටක කාන්තාරයක් බදුව තිබියදී යම් සුළු පෙදෙසක් පමණක් එම විනාශයෙන් බේරී තිබුනා. ඉතින් ක්ලාක් එම සය වසර තුල ජීවත්වෙලා තිබුනේ මේ කියන බිම් පෙදෙසේ නැතිනම් නිම්නයේ.. හැබැයි ක්ලාක් විතරක්ම නෙවෙයි ඉතුරු වෙලා ඉන්නෙ.. සැබෑවටම නයිට්බ්ලඩ් තිබෙන මැඩි නම් දැරියක්ද ක්ලාක් සමග ජීවත්වෙනවා.. ඉතින් ක්ලාක් මේ සය වසර මුළුල්ලේම උත්සහ දරා තිබ්බේ අභ්‍යවකාශ ගත වූ බෙලමි ඇතුළු පිරිස සමග කතාබහ කිරීමටත් බංකරය තුළ සිරවී සිටින තම මව ඇතුළු පිරිසට කුමක් සිදුවූයේ ද යන්න සොයාගැනීමටත්ය..
ඉතින් ඔන්න ඔහොම ඉන්න කොට තමයි අභ්‍යවකාශයෙන් එක්වරම අමුත්තන් පිරිසක් කඩාපාත් වෙන්නෙ.. එලිජියස් නම් සමාගමකට අයත් හිරකරුවන් ප්‍රවාහනය කරන යානයකින් තමයි මේ පුද්ගලයන් පැමිණෙන්නේ.. වසර සියයකට වැඩි කලක් මෙම පුද්ගලයන් පෘථිවියෙන් ඈත්ව ශිශිරතරණ නින්දක තමයි ඉදලා තියෙන්නෙ. ඒ නිසා මේගොල්ලො දැනන් හිටියෙ නෑ පෘථිවියට මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. කෙසේ වෙතත් ක්ලාක් සහ මේ පිරිස අතර ප්‍රථමයෙන් සිදුවෙන්නේ සුහද හමුවක්නම් නෙවෙයි.. කෙසේ හෝ අවි බලය මෙන්ම දියුණු තාක්ෂණයක් සහිත මේ අපරාධකරුවන් පිරිස නිම්නයේ අයිතිය තමා සතු කරගන්නවා. ඒ වගේම ක්ලාක්වත් ඔවුන්ගෙ ග්‍රහණයට නතුවෙනවා..ඒත් සමගම වාගේ අභ්‍යවකාශයේ ඉන්න කණ්ඩායමට හැකි වෙනවා එම අපරාධකරුවන්ගෙ මව් යානය අල්වාගෙන යළි පෘථිවිය බලා එන්නටත්.. ඒ අනුව බෙලමි ක්ලාක්වත් බේරාගෙන බංකරයේ ඉන්න අයව එළියට ගන්නත් මෙම අපරාධකරුවන්ගෙ සහය ලබාගන්නවා. ඉතින් ඔක්ටේවියා ඇතුළු පිරිස ඒ අනුව තමයි වසර ගානකට පසුව සූර්යාලෝකය දකින්නේ. කොහොමවෙතත් මේ වසර කීපය තුල බංකරයේ සිටි අයගේ විශාල පරිවර්තනයක් දක්නට ලැබෙනවා.. ඔක්ටේවියා බ්ලඩ්රෙයිනා නැතිනම් රතු රැජිණ නම් වූ නාමයක් දරනවා.
ඉතින් මෙතනින් පස්සෙ තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ.. පෘථිවියේ ජිවය පවතින අවසාන නිම්නය තමා සතු කරගැනීම තමයි භුමිවාසින්ගේ නායකයා වන ඔක්ටේවියාගෙත් එලිජියස් පතල්කරුවන්ගෙ නායකයා වන කර්නල් ඩියෝසාගෙත් එකම අපේක්‍ෂාව වෙන්නෙ. ඉතින් අපිට දැකගන්න ලැබුනා ඒ උදෙසා ඔවුන් විවිධ උපාය උපක්‍රම භාවිතා කළා. කෙසේ වෙතත් ගිය සතියේ කොටසින් අපිට දැකගන්න ලැබුනේ නිම්නය අල්ලාගැනීම සදහා යුද්දයට ගිය ගෝත්‍රයට පතල්කරුවන් ඉදිරියේ දරුණු පරාජයකට නතුවිමක් තමයි. මෙම සටනින් ඔක්ටේවියාගෙ විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වුනා.. ඒ වගේම ඔක්ටේවියා බෙලමි, ඉන්ද්‍රා සහ ගායා ඇතුළු ප්‍රධාන පෙළේ නායකයින් කරකියා ගන්නට දෙයක් නොමැතිව දුර්ගය තුළ සිරවුණා.. ඔය දේවල්වලට හේතු වුනෙත් ක්ලාක් සහ කේන් කියලා කට්ටියට මතක ඇතිනේ. ඉතින් ඔය අල්ලපනල්ලේ තමයි එකෝට අදහසක් පහල වෙන්නෙ භුමිවාසි ජනයා වෙත තමන්ගෙ සැබෑම කමාන්ඩර්ව ගෙනිහින් දෙන්න ඕනයි කියලා.. හැබැයි ඉතින් ඒ කාර්යයත් නිෂ්පල වෙන්නෙ ක්ලාක්ගෙ මැදිහත් වීම නිසා.. කොහොමහරි මැඩිට හැකියාව ලැබුනා ක්ලාක්ගෙ හිත වෙනස් කරන්න.ඉතින් අද කොටස තමයි පස්වැනි කතාසමයේ අවසානය වෙන්නෙ.. මේ වෙද්දී අපි හැමෝටම ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ගිය සතියේ මතකයිනේ කේන්ට වින්සන් දරුණුවටම තුවාල කරනවා.. ඉතින් කේන්ට මොනා වෙයිද? එතකොට අලුත් කමාන්ඩර්ට හැකිවෙයිද ගෝත්‍රය ජයග්‍රහණය කරා මෙහෙයවන්න? මෙවර සටන දිනන්න ක්ලාක් මොනවගේ නස්පැත්තියක් කරාවිද? ඒ වගේම කවුරුවත් මෙවර කතාවෙන් සමුගනිවිද? එහෙනම් ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම කට්ටියට උත්තර ලැබෙයි අද කොටහා බැලුවට පස්සෙ.. අවසාන කොටහ හින්දා මම මොකවත්ම විස්තර කරන්න යන්නෙ නැහැ..
එහෙනම් ඉතින් පස්වැනි කතාසමයත් නිමයි.. හැබැයි බයවෙන්න දෙයක් නෑ.. කට්ටිය දැනටම දන්නවනේ මේක හයවැනි කතාසමයකට දීර්ඝ කරලා තියෙනවා කියලා. ඒ කියන්නෙ අපි යළි හමුවෙන්නේ වසරකට පසුවයි. ඉතින් මම හිතනවා මෙවර කතා සමයට උපසිරසි ගැන්වීමත් මම අඩුවක් නැතුව කළාය කියලා. එහෙමනම් හැකියාවක් ලැබුනොත් පමණක් ලබන වසරේ හයවැනි කතාමාලාටවත් උපසිරසි ලබාදෙන්න බලන්නම්.. මම නැතත් බයිස්කෝප් අඩවියෙන් ඔබට උපසිරසි ලැබේවි.. එහෙමනම් ඉතින් අවසාන වරට ඔබගේ අදහසත් කොටාගෙනම යන්න.. ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
32,718 downloadsDownload The-100-05x13-1.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
269 comments
Seagle
nike_11
Thx bokka
achala.ch
ස්තූතියි සහෝදරයා වැඩේ හොදටම කලා .
Chamalpriyadarshana
Thank ikmanatama dunnata..tawa hoda 1k apita denna.. katawa wagema oyath apita baiscope eke hodata purudu munak.
Navoo
Godak thank ayiyee labna parath sub dendoo..
datayasith
Thanks Saho
gagulinu
බොහෝම ස්තූති සහෝදරයා ...ඊලග season එකෙත් sub කරන්න...ස්තූතිය
Chinthaka Dulantha Ranathunga
රසික රසිකාවියන් වෙනුවෙන් ඔබ වැය කළ කාලය, ඔබ භාවිතයට ගත් දැනුම හා කුසලතාව වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක ස්තුතිය මෙසේ පළ කරමි. අපූරු උපසිරැසි ලබා දීමක්. සහෝදරයා...
buddikakb
ස්තුති saho....
Madura J Kawshalya
5වන කතා සමයේ අවසානය තෙක් සිංහල උපසිරැසිකරණයෙන් ඔබ දැක්වූ සහයෝගයට ගොඩාක් ස්තූතියි සහෝ ..ඔබට ජය ..
Madhura prasad
මේක නැති අඩුව සැහෙන්න දැනේවි හැබැයි.අවුරුද්දක්ම .මධුකප්‍රිය සහෝ බොහෝම පින් අපේ රසවින්දනය උදෙසා උබලා කරන කැපකිරීමට..
S.K. Ruchiranga
thanks sahoo sub ekata
Chathux
Thanks bro
Subhash13
සුපිරිම දිගට සබ් දුන්නට බෝම පින්
moraa
Thank you very much.......
Achi
එලම ආ...ආදරෙයි
Achi
තැන්ක්ස් මචෝ දිගටම සබ් එක කරාට...වැඩක් පටන් ගත්තම ඒක ඉවර වෙනකම් කරන්න ෆට්ට ගැම්මක් ඕනි ඒක උබට තියේ... පුලුවන්නම් money hesit tv series එකට සබ් ටික දෙන්න හෙල්ප් එකක් දෙන්න......තව සබ් කරන්න ගැම්ම ලැබේවා..
Tharindu Katuwawala
Bohoma sthuthi sahodaraya SUB ekata..
mtbchathuranga
ගොඩාක් ස්තූතියි :D
nimanaka
Thanks Brother & Thanks To No 01 Best Sinhala Subtitle WebSit in All Time…( BAISECOPLK..) good jobe..
sanjaya thilakarathna
මචන් උබ සුපිරියටම සබ් ටික දෙනවා
නියමයිdilan-dilruk
well done,thank you
vinodFdo
Thanks
Rachila
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරස වෙලාවට කලාවට අපිට දුන්නට...
ජයවේවා....Janithjanith
Thanks bro
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි මචං.. අවසාන එපිය බලන්න අද දවසම පිස්සුවෙන් වගේ බලාගෙන හිටියෙ.. උඹ ලොකු උදාව්වක් කළේ අද.. අමතක කරන්නෑ සිරාවටම ඒක.. සබ් කරන්න තව හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. ජය වේවා.. !
eranda94
Thankz bro
piyumal sanjeewa
ගොඩාක් ස්තූතියි..
nirosha
මෙච්චර කාලයක් අපේ දොල දුක සන්සිදෙවුවට ගොඩක් ස්තූත්යි. නැවත් 6 වන කතා සමයෙන් හමුවෙමු
Waruna_Rathnayaka
ela.thanks sahooo sub ekata
Chathukandy
Thanks bro.
Ayesh Prashan
Jaya Wewa!!! sthuthie..
ManArrow
thank you for your effort
Thilesh De Silva
Thank you very much bro.. I really enjoyed this TV series because of you.. Please provide us subtitles for the up coming season too.. Thanks again
KaViNDu_KaLHaRa_RaTHnaYaKa
ThanK YoU BrO
Bantiyaka
Thanky very much bro.. mn asawen balapu ekams tv s eka eka bro. Thank y..very much
Chamod sachintha
thanks machan
Anujaya chathuranga
thanks bro
Radeepa Gayantha
Thanks you very much brother.
Asiri Mahalaksha
Thanks broo. 6th season ekath oyama karanna.. sub eke මදුකප්‍රිය පෙරේරා kiyala tibune nattan gathiyak na..
chamod max
Sub එකට thankz...සුපිරියි
ajith00129
නියමයි ,thanks bro, අලුත් කතාවක් sub දෙන්න ඊලග එක එනකම්
lakmal16304
Elz
Ayesha
Thanks bro..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයramesh shalitha
ඔයාගේ කාලය ශ්‍රමය කැපකරලා සම්පූර්ණ season එකටම sub 1k ඉක්මනට දුන්නට ගොඩක් ස්තුති... දිගටම sub කරන්න....
Thanujaya Bandara
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Nisal Dias
Mr. Chandramouli (2018) මෙකෙ sub තාම නැද්ද
භාෂිත් උඩවත්ත
බොහොම ස්තූතියි අයියේ තුන්වෙනි සීසන් එකේ ඉඳලම තනියෙන්ම සිරීස් එක ඇදපු එකට.... :D
ජය වේවා.... :!:Suranjan
Thanks bro kathawa dunnata........jayawewa......!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ela machan kathawa iwrai kiwwama dukakuth awa :(