රාත්‍රී දහයත් පහුවෙලා තියෙන වෙලාවේ ඔන්න එහෙමනම් කතාව ඉවරයක් කරගත්තා. හැබැයි මුලින්ම මේක කියලා ඉන්න ඕන. THE 100 විකාශය වෙන්නෙ අගහරුවාදා ඒ කියන්නෙ මේ කොටස විකාශය උනේ 21වැනිදා. හැබැයි එහෙම විකාශය උනාට ඒ ඇමෙරිකාවේ වෙලාව මිසක් ලංකාවේ වෙලාව නෙවේ. ලංකාවේ වෙලාවෙන් අපිට මේක විකාශය වෙන්නෙ ඊළග දවසේ උදේ ඒ කියන…

රාත්‍රී දහයත් පහුවෙලා තියෙන වෙලාවේ ඔන්න එහෙමනම් කතාව ඉවරයක් කරගත්තා. හැබැයි මුලින්ම මේක කියලා ඉන්න ඕන. THE 100 විකාශය වෙන්නෙ අගහරුවාදා ඒ කියන්නෙ මේ කොටස විකාශය උනේ 21වැනිදා. හැබැයි එහෙම විකාශය උනාට ඒ ඇමෙරිකාවේ වෙලාව මිසක් ලංකාවේ වෙලාව නෙවේ. ලංකාවේ වෙලාවෙන් අපිට මේක විකාශය වෙන්නෙ ඊළග දවසේ උදේ ඒ කියන්නෙ බදාදා වෙලා. ඉතින් අන්තර්ජාලයට කොපියක් නිකුත් වෙන්න සමහර වෙලාවට උදේ අට නවය වෙනවා. ඇතැම් දවස් වෙලාවට ඊටත් පමා වෙනවා. ඉතින් ඉංග්‍රීසි සබ් එකක් සමහරවෙලාවට දවල් දොළහ එක වෙද්දි එනවා ඇතැම් දවස්වලට ඊට වඩා පමා වෙනවා. ඉතින් එහෙම උනාම මටත් සබ් එක දෙන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්. මොකද මටත් ඕක එනකම්ම බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙවේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න කියලා කියන්න ඕන. මොකද සමහරු උදේ කොපිය එනකොටම සබ් එක බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් දැන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් මතක ඇති සැන්ටම්වලට ගොඩ බැහැලා රතු සූර්යයා නිසා මැරෙන්න ගිය මර්ෆිට සැන්ටම්වල ලොක්කා ඇවිල්ලා මොකක්දෝ මන්දා සර්පයෙක් එහෙම දාලා විකාරයක් කියවලා පණ දුන්නා. ඒ පණ දීලා එහෙම කරලා එසැනින් කට්ටියවම හිරගත කෙරෙව්වා. හිරගත කළා කීවට ඉතින් හොදට කන්න බොන්න දීලා සලකන තැනක තමා නතර කළේ. මතක ඇතිනේ එතන උන්නු ගෑණු ළමයෙක්ව දැක්ක වෙලේ ඉදලා ජෝඩන් පැණි හලන එකමයි වැඩේ කියලා. ඔය අතරේ ක්ලාක් සැන්ටම්වල නායකයාගේ හිත දිනාගෙන එහෙ නතර වෙන්න අවසර ගන්න උත්සහ කරනවා.
හැබැයි ඔය අතරෙම බෙලමි ඇතුළු කණ්ඩායමක් පිටත් වෙලා යනවා ප්‍රවාහන යානය ආරක්‍ෂක වැටෙන් ඇතුළට අරගෙන එන්න. මොකද එළියේ ඉන්න ගේබ්‍රියල්ගෙ දරුවන් කියලා කියාගන්න පිරිසක් නිසා. හැබැයි කට්ටිය යන කොටත් ඒ පිරිස යානය අල්ලගෙන, යානයේ තිබ්බ ආයුධ පවා තම අතට ගන්නවා. ඒ වගේම යානයේ මරලා දාලා උන්නු ප්‍රයිම්ලා තුන්දෙනාගෙම ඔලු එහෙමත් කපාගත්තා මතක ඇතිනේ. ඉතින් යානයේ ඉන්න කට්ටියව බේරගන්න ගිය ගමනෙදි වෙනදා වගේම සුපුරුදු ලෙස ඔක්ටේවියා පැන්න ගමන් කට්ටියව මරාගෙන මරාගෙන යනවා. කොහොම නමුත් යානය සහ පිරිස හානියක් නැතුව මුදාගත්තත් මතක ඇතිනේ බෙලමි ඔක්ටේවියාව කැලේ දාලා යන්න තීරණය කළා.
ඔය දේවල් ඔහොම වෙන කොට ක්ලාක්ට නායකයාගෙ හිත දිනාගන්න වැඩේ කරන්න බැරි වෙනවා අර ජෝඩන්ට පින් සිද්ද වෙන්න. මොකද එයා ඩෙලයිලා කියන ගෑණු ළමයට ක්ලාක් ගැන සේරම විස්තර ටික කියලා. එව්වා අහපු ගමන් ඉතින් ඕන මනුස්සයෙක් බය වෙනවා නොවෑ. ඉතින් ඒ බලාපොරොත්තුවත් ගිලිහිලා තියෙන මොහොතක ගේබ්‍රියල්ගෙ දරුවන් උත්සහ කරනවා කළු ලේ තියෙන ඩෙලයිලාව සහ රෝස් කියන දැරියව පැහැරගෙන යන්න. මේ කාර්‍යයට ක්ලාක් මැදිහත් වීම නිසා ඩෙලයිලාව බේරගන්න පුළුවන් වෙනවා. නමුත් ගේබ්‍රියල්ගෙ දරුවන් රෝස්වත් අරගෙන පැනලා යනවා. හැබැයි එතනදී රසෙල් ප්‍රයිම් දැනගන්නවා ක්ලාක්ට තියෙන්නෙත් කළු ලේ කියලා. රසෙල් කියන විදිහටනම් රාජකීය ලේ.
ඊට පස්සේ ඉතින් මතක ඇති කට්ටියටම නතරවෙන්න ඉඩ දෙනවා. ඒ අවස්ථාවෙ ඩියෝසාගෙ නම අහලා බයවෙන ප්‍රයිම්ලා ඩියෝසාව ආවරණයෙන් පිටතට යවන්න තීරණය කළා. ඒ වගේම බෙලමි එළියේ දාලා ආව ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවෝ එක්ක සටන් කොරන්න ගොහිල්ලා මහා අමාරුවක වැටෙනවා මතක ඇතිනේ.
ඉතින් අද කොටස ගැන කිව්වොත් අද ඇත්තටම කතාව නොසිතු පැත්තකට යොමු වෙනවා. මං මෙහෙම කියන්නම්කො අද ඔන්න අපිට අපි දන්නා කියන ක්ලාක්ව අහිමි වෙලා යනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
30,401 downloadsDownload The-100-S06-E04.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
85 comments
dsdkavishka
Isuru Dilshan
Thanks bro,,,.
Chathu_OO
මේක පට්ට අමාරු වැඩක් බොල...
අනේ මන්දා එක වෙලාවකට හිතෙනවා වෙන වැඩ නැද්ද කියලා උපසිරැසි දිදී ඉන්නේ...
හිතා ගන්ට අමාරුයි...
මරු හොඳේ...Pasindu16022
Thanks aiye..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම සබ් එක දීලා...Madura J Kawshalya
සබට තැන්කූ ...
imila
elaa
L asalaka
Tnxxxx Broo
indika75
thanks..
Recon
Thanks :)
Harshana Samarasekara
හම්මෝ තෑන්ක්ස් මචං ආ... වීඩියෝ එක බාපු වෙලාවෙම සබ ලැබුන එක නම් පට්ට ආ. එහෙම වෙලාවට සබක් දෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල මං දන්නව මොකද මාත් සබ් කරන නිසා..
එලම සහෝ එකෙන්ම උබ නම් සුපිරි බුවෙක් ආ..Salith Jayangana
තෑන්ක්ස් මචං.
මැශින් එකක් නෙවෙයිනේ මචන් උබ...උබටත් වැඩ රාජකාරි තියෙන අතරේ සබ් එකක් හදලා අනිත් එවුන්ටත් රසවින්දනයක් දෙන්න කරන උදව්වට ගරු කරනවා මචං.
සමහරුන්ට නොමිලේ හම්බවෙන හින්දා වටිනාකමක් නෑ. එපියට සබ් එක දාලා බලන්න යන්නේ තත්පර කීපයක් වුනාට, සබ් එක හදාගන්න පට්ට කට්ටක් කන්න ඕනි.
ඒ හින්දා ඒ උත්සාය අගය කරලා, ඒක කරලා දෙනකන් ඉවසීමෙන් ඉන්න එක තමා වටින්නේ.kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
devil_11
Thx brother
nishiperera
Thanks bro..
hash99
thank you saho
Suranjan
Thanks machan.....jayawewa.....!
ChamaraRathnayake
thanks machan
sam1973
Thank you
Nadeesha rox alahakoon
Tnx bro subt
dimuthu lakmal
Thanks ban.ela yanawa.bs.
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
sachin a.
Thnkz bro subata.....!!
Hard Rock
thanx bro
Hasantha_Sajeewan
එලම සහෝ. පරක්කු unata awulak na.
dil_shan
tnz sub ekata
Cindy
Thanks for sub
pamoad123
ස්තූතියි සහෝ..දිගටම සබ් කරන්න..❤️
arunapinnawala
thanks great work.
Sadasa
thax
Iiiiiiooooo
Sub ekata tnx bro❤️❤️
Ayesh Prashan
Thank You
nilaa2014
thanks sahoo...
kosala1980
tnx
vsisuru
thnkzzzz
thilina.prageeth1
Thnx
suranuwan
thanks bro..
kasun jayaweera98
Thanks bro❤️
Asiri Mahalaksha
Thank you Brother. ජය වෙිවා!!
jiiwantha lakmal
ela ela bro..
Gayan weerasinghe
thanks bro
kelumchathuranga
thanks
dilan1990
thank
you !Milind@
Thanks saho
kaveendregayan
Thank you bro
bathiya sandaruwan
Thanks brother
Supun Buddika
උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා !!
asanka_mapa
ආදරෙයි අහස තරමි...
s.s.m
tz sub ekata....
oshanmp
උපසිරැසියට ස්තුතියි!
wajira
Thanks for sub
Ravindu Rukshan
thx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The 100 [S06 : E04] Sinhala Subtitles | නාමකරණය සහ යළි ඉපදීම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



Thenks for sub bro