Watch Trailer

Warrior (2019-) [S01: E07] Sinhala Subtitles | කොටියා සහ නරියා..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න මේ අරගෙන ආවෙ Warrior කතා මාලාවෙ පළමු කතා සමයේ හත්වැනි කතාංගය. GOT, Into the Badlands කතා මාලාවන් දෙකත් ඉවර වුණු එකේ, තව ඒ වගේ කතා මාලාවක් එනකල් ඔන්න මේක ඒ වගේ ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් බව කියන්න පුළුවන්. එහෙනම් බලමු අද මොනවද වෙන්නෙ කියල. කලින් කොටස් වලින් මහා යුද්ධය…

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න මේ අරගෙන ආවෙ Warrior කතා මාලාවෙ පළමු කතා සමයේ හත්වැනි කතාංගය. GOT, Into the Badlands කතා මාලාවන් දෙකත් ඉවර වුණු එකේ, තව ඒ වගේ කතා මාලාවක් එනකල් ඔන්න මේක ඒ වගේ ආසාවෙන් බලන්න පුළුවන් කතා මාලාවක් බව කියන්න පුළුවන්. එහෙනම් බලමු අද මොනවද වෙන්නෙ කියල.

කලින් කොටස් වලින් මහා යුද්ධයකට මඟ පෑදුණා මතක ඇතිනෙ.එකපාරම වුණු පිපිරීම නිසා ෆාදර් ජූන් තුවාල වෙනව. ඒක පිටිපස්සෙ ඉන්නෙ ලෝන්ග් සීල කියල තමයි කට්ටිය හිතන්නෙ. ඩේමන්ගෙ ණය එකතු කිරීමේ හදියකුත් ඒ අස්සෙ ගියා. කොහොමහරි ෆාදර් ජූන්ව මරා දාන්න හදපු එක ලේසියෙන් අරින්න ෆාදර් ජූන් කැමති නෑනෙ. ඒ අනුව තමයි යුද්ධයකට මඟ විවර වෙන්නෙ. ඉතිං අද කොටසින් ඔන්න ඒක බලාගන්න පුළුවන්. ෆාදර් ජූන් දැනගන්නව ලෝන්ග් සීගෙ ගෙයක් චයිනාටවුන් වලින් පිට තියෙනව කියල. ඉතිං හොර රහසේ ෆාදර් ජූන්, බාලෝ යවනව මේයි ලෝන්ග්, සහ ලෝන්ග් සී මරල දාන්න. සෑහෙන දුරට බාලෝ මේ වැඩේ සාර්ථක කර ගන්නව, එකපාරම බලාපොරොත්තු නොවුණු කෙනෙක් මෙතනට කඩා පාත් වෙන්න කලින් වෙනකං. එතනින් එහාට වැඩේ වෙන්න තිබුණු විදිය වෙනස් වෙනව. මේ අතරෙ ආහ්_ටෝයි කන්‍යා ගැහැණු දැරිවියක් මිලට ගන්නව. මේ ගෑණු ළමයව සාමාන්‍ය ගණිකා වැඩ වලට නෙවෙයි යොදා ගන්නෙ. ඇයව මිලදී ගත්ත එක දැනට පැහැදිලි නැහැ. ඒ වගේම මේයි ලෝන්ග් කියන්නෙ කවුද? ඇයට කරන්න පුළුවන් මොනවද? කියල ඔන්න බලාගන්න එහෙනම්. ඉතිං Warrior සඳහා මගේ දායකත්වය මෙතෙකින් නිමා වෙනව. ඊලඟ කොටස විකාශය වුණු වහාම අපේ සහෝදරයෙක් උපසිරැසිය ලබා දේවි. එහෙනම් හැමෝටම ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,033 downloadsDownload Warrior-2019-S01-E07.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

8,033 downloadsDownload Subtitles24 KB

29 comments

  1. Stranger

    thanks

  2. suranuwan

    thanks bro..

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. Shansenarathne

    Thnx

  5. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  6. darshana100

    thanks saho

  7. wera

    good job. thanks bro sub eka dunnata

  8. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Kanchana

    Thanx saho

  10. Achi

    Thanks sahoo

  11. anil chamara123

    Meke vitarak sub download karanna bene

  12. priyan99

    Thanks bro sub ekata

  13. dsdkavishka

    Thenks bro

  14. Suranjan

    Thanks jayawewa......!

  15. dimuthu lakmal

    Thanks ban.ubata jayawewa.good luck.bs.digatama denna.

  16. Sanjeewa2010

    Paattaaaaaaaaaaaaa

  17. 3dwije

    අඩෝ 8 ට සබ් දියන්කෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. wasitha

    Niyamai..... 8 weni ekath ona..

  20. Nlk90

    E8 mechchara parakku ei ban ?

  21. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  22. chanaka_naveen

    Thank you..

  23. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  24. dx12

    thanks bro

  25. Lakshan

    Thanks Brpo

  26. Ishan madushanka

    eka thada brooo math blanawa ada idan 7ma beluwa ithuru tikath one...….
    jayen jaya….

  27. melinda

    thank you

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!