ඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික වගේම රසවත්. අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. අද කතාවෙ අපේ බැට්මෑන් ගෙ සතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවා. ජෝකර්, පෙන්ගුයින් සහ රිඩ්ලර් තමා මේ තුන් දෙනා. මේ තුන් දෙනාටම ඕන බැට්මෑන් විනාශ වෙනවා දකින්න. ඒ වග…

ඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික වගේම රසවත්. අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
අද කතාවෙ අපේ බැට්මෑන් ගෙ සතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවා. ජෝකර්, පෙන්ගුයින් සහ රිඩ්ලර් තමා මේ තුන් දෙනා. මේ තුන් දෙනාටම ඕන බැට්මෑන් විනාශ වෙනවා දකින්න. ඒ වගේම මේ තුන් දෙනාටම ඕන එකිනෙකා පරයා නැගී සිටින්න. අන්න ඒක නිසා මේ තුන් දෙනා කතා වෙනවා බැට්මෑන් ව මුලින්ම අල්ලලා බැට්මෑන් ගෙ වෙස්මූණ ගලවන කෙනාට ගෝතම් නඟරය අයිති වෙනවා කියලා. ඉතින් මේ තුන් දෙනාම උත්සාහ කරනවා අනිත් කෙනාට කලින් බැට්මෑන් ව අල්ලගන්න.
මේ කොටසේ තමයි බෲස් වේන් ගේ පරණ යාළුවෙක් ගෝතම් නඟරයේ කොමිෂනර්, එහෙම නැතිනම් පොලිස් අධිකාරී වරයා ලෙස පත් වෙලා එන්නේ. එයා තමයි ජේම්ස් ගෝර්ඩ්න්. ජේම්ස් ගෝඩන් ගැන ගොඩක් කතා යාළුවෝ දන්නවා ඇති නෙ. මෙයා බෲස් වේන් පුංචි කාලේ ගෝතම් පොලීසියේ රහස් පරීක්ෂකයෙක් විදිහට වැඩ කරා නෙ. බෲස් වේන් ගේ දෙමාපියෝ ඝාතන කේස් එක භාරවත් මෙයා වැඩ කළා. ඒ වගේම ජේම්ස් ගෝර්ඩ්න් ගේ කෙලි පැටික්කී තමයි බැට්මෑන් හදන එයාගෙ වවුල් කණ්ඩායමේ පළමු සාමාජිකාව වෙන්නේ. (මේ සීරීස් එකේ හැටියට)
ඒ ලොකු කතා ඉස්සරහට බලමුකෝ. ඉතින් සීසන් දෙකකුත් ඉවර වෙන මේ වෙලාවේ යමක් කියන්නත් ඕන, ගොඩක් ස්තුතියි මගේ සබ් එක්ක කාටුන් එක බලන අයට, ඒ වගේම මට ඊමේල් කර කර නිතරම අදහස් දක්වන www.baiscope.lk එකේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණ කණ්ඩායම ආදරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම එක විශේෂ කෙනෙක්ට අති විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන, ඒ වෙන කවුරුත් නෙවෙයි මගේ පෙම්වතිය, අනාගත ජීවන සහකාරියට. මගේ නිදහස් වෙලාවෙන් වැඩි ප්‍රමාණයක් දැන් වෙන් කරලා තියෙන්නෙ උපසිරැසි හදන්න, ඉතින් නහයෙන් අඬන ගමන් හරි මට වෙලාව වෙන් කරලා දෙන එකට ගොඩක් ස්තුතියි. 😀 එහෙනම් තුන් වෙනි සීසන් එක අරන් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
842 downloadsDownload The.Batman.S02E13.baiscopelk.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
Ishan Madusha
Lahiru Lakmal
Thanks for sub.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thathsara
thanks sub ekata season 3 ikmanata one
එල්.සී. දමැල්
එහෙනම්, ඉක්මනින්ම 2වෙනි සීසන් එකත් ඉවර කළා නේද සහෝ?
නියමයි...
3වෙනි සීසන් එකත් ඉක්මනින්ම දෙන්න පටන්ගෙන මේ වගේම කරගෙන යමු...
උපසිරසට ස්තුතියි සහෝ...
3වෙනි සීසන් එකෙන් හමුවෙමු...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dasun
3 weni ekata sub thawama patan gaththe nadda saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි සහෝ.ඉක්මනින්ම season 3 sub දෙන්න ලැබේවා
sub එකට තුති.ජය වේවා!