Watch Trailer

The Batman [S03 : E03] with Sinhala Subtitles | බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් නෑ අපි කතාව පැත…

The-Batman-TV-3

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් නෑ අපි කතාව පැත්තට එමු.

මේ වෙද්දි බැට්මෑන් ගොඩක් දුර ඇවිල්ලා. තනියෙන් පටන්ගත්ත අපරාධ වලට විරුද්ධව කරන සටනට දැන් සහයෝගයට බැට්ගර්ල් ඉන්නවා. (පිස්සු කෙල්ලෙක් නම් තමා, අඩුම ගාණේ නමට හරි ඉන්නව නෙ 😛 ) ඒ වගේම පොලිස් අධිකාරී ගෝර්ඩන් ඉන්නවා බැට්මෑන් ගේ උදව්වට. මම Commissioner කියන එක කොමසාරිස් නොකියා අධිකාරී කෑල්ලක් දැම්ම එකට කට්ටිය අවුල් ගිහින්ද දන්නෑ. මම කොමසාරිස් කියලා නොදැම්මේ, ලංකාවේ නම් කොමසාරිස් ලා නෑ නිසා. පොලිස් අධිකාරී වරු ඉන්නවා. (ෂුවර් නැත්නම් Google කරලා බලන්නකො 😀 )

අද කතාව මෙහෙම එකක්, ඔයාලා හිතුවොත් මෙහෙම… බෲස් වේන්ට එයා බැට්මෑන් කියලා අමතක වුණොත් මොනා වෙයිද? පෙන්ගුයින් ගෙ පස්සෙන් පියාඹන්න ගිහින් බැට්මෑන් ට හරිම ජරමරයක් වෙනවා. එයාගෙ ඔළු ගෙඩිය වැදිලා වතුරට වැටෙනවා. ඒක නිසා එයාගේ තාවකාලික මතක අහිමි වීමක් වෙනවා. බැට්මෑන් ට හැමදේම මතක තිබුණත් එයාට බැට්මෑන් කියන්නේ තමන් බව අමතකයි. ඕන්න වැඩේ. කොහොමද ඊට පස්සේ කතාව යන්නේ කියලා ඔයාලම බලාගන්නකො. ගිහින් එන්නම් යාළුවනේ. ජය වේවා!!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

239 downloadsDownload The-Batman.S3E3.Baiscopelk.com_.zip11 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Subtitles

239 downloadsDownload Subtitles11 KB

9 comments

  1. එල්.සී. දමැල්

    Thankz...

  2. Lahiru lakmal

    Thanks bro...

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  4. isuru

    thanks

  5. udara nalin

    digatama damu
    series 05 ma
    okkkkkkkkkkkkkkkkkkkk

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Naveen Rangana

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............