කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන…

කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන්නේ. මොකද අනිත් කාටුන් සීරීස් වලට වඩා මේ සිරීස් එකේ ගොඩක්ම ලස්සනට කතාව ගලාගෙන යනවා, එපා වීමක් නැහැ. ඒ කෙසේ වෙතත්, අපි අද කතාව ගැන පොඩි සාරාංශයක් බලමු.
අද ඔයාලට දකින්න ලැබෙන්නේ කවුද කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් කතාවේ මාතෘකාව බැලුවම. රූකඩ කිව්ව ගමන් මතක් වෙන්නේ කවුද? ස්කාෆේස්? ඔව්. අපිට හුරු ස්කාෆේස් කියන නම. ඒත් ඇත්තටම ඒක රූකඩයක්. ඒ රූකඩය හසුරුවන කෙනාගෙ නමත් අපිට ඒ තරම් ගාණක් නෑ. මොකද ඒ රූකඩ හසුරුවන්නා ගෙ ප්‍රභල පැත්ත තමයි ස්කාෆේස්. එයාගෙ නම ඔයාලට මතක් කරන්නම්. ආනල්ඩ් වෙස්කර්. දැන් සබ් වලට කොටලම නම් ටික නම් අගේට කට පාඩම් වෙලා මට නම් :D.
ස්කාෆේස්, ඒ කියන්නේ ආනල්ඩ් වෙස්කර් ව අල්ලලා ආකම් වලට දැම්මට පස්සේ හියුගෝ ස්ට්‍රේන්ජ් කියන මහාචාර්යවරයා ආනල්ඩ් ගේ ප්‍රතිකාර කිරීම භාරගන්නවා. බැට්මෑන් කතා මාලා වල හියුගෝ ස්ට්‍රේන්ජ් කියන නම ටිකක් ප්‍රසිද්ධ නමක්. හියුගෝ කියන්නේ ආකම් මානසික රෝහලේ අපරාධමය මානසිකත්වය සහිත රෝගීන් ගැන බලාගන්න කෙනා, පසුව ආකම් වල ලොක්කා. එයා කරන ප්‍රතිකාර ඇත්තටම කරන්නේ රෝගීන් සුව කරන අදහසින් ම ද? නැත්නම් හියුගෝ ස්ට්‍රේන්ජ් ට මොකක් හරි කූට සැලසුමක් තියෙනවා ද? ඒ කොහොම වෙතත් හියුගෝ ස්ට්‍රේන්ජ් කියන්නේ ඒ තරම් හොඳ චරිතයක් නෙවෙයි.
මේ කතාවෙදි වෙන්නේ ආකම් මානසික රෝහලේ හිටිය ආනල්ඩ් වෙස්කර් ව හියුගෝ නිදහස් කරාට පස්සේ වෙන දේ. ආනල්ඩ් මානසික රෝහලෙන් එළියට ආවම මොනා කරයිද? ඒ කරන දේවල් වලට හියුගෝ ස්ට්‍රේන්ජ් කොහොම බලපෑම් කරයිද? බැට්මෑන් මේ දේවල් වලට මැදිහත් වෙන්නේ කොහොමද? ඒ දේවල් වලට උත්තර මේ එපියේ තියෙනවා. එහෙනම් බලලා ඉන්නකො. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
236 downloadsDownload The-Batman34.Baiscopelk.com_.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
ඉෂාන් මදුෂ
Lahiru Lakmal
Thanks for sub...
das
mn aasama cartoon walin ekak thanks bro, jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udara
Ultimate Spider-Man TV Series 2012 damuda machan
Naveen Rangana
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............
Advertisement

බොහෝම ස්තුතියි සහෝ