ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි. හත්වන කොටස ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බ…

ඉතින් කොහොමද යාළුවනේ? අද අරගෙන එන්නේ 7 හා 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරැසිය. අපි දැන් 5 වෙනි සීසන් එකෙන් භාගයක් විතරක කරලා ඉවරයි. හරිම සතුටුයි.
හත්වන කොටස
ඉතින් මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ලැන්ටර්න් හෙවත් හැල් ජෝර්ඩන් සහ බැට්මෑන්. සින්සිට්‍රෝ කියන ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතුරන් වන යෙලෝ ලැන්ටර්න් බලකායේ නායකයා පෘථිවියට ඇවිල්ලා හැල්ව හොයාගෙන. එයාගේ අරමුණ තමයි හැල්ගේ මුද්දත් අරගෙන ඒ බලයෙන් ග්‍රීන් ලැන්ටර්න් බලකාය විනාශ කරන එක. ඉතින් කොහොමහරි එයාට මුද්ද ගන්න පුළුවන් වෙන්න කලින් හැල් ඒක බැට්මෑන්ට යවනවා. ඒත් පෙන්ගුවින් මේක බැට්මෑන්ට කලින් අල්ලගන්නවා. ඊට පස්සේ ඉතින් වඳුරට දැලිපිහිය හම්බුණා වගේ තමයි. එයා හොඳ නාඩගම් ටිකක් නටනවා. මේ අතරේ සිනිස්ට්‍රෝ මුද්ද හොයාගෙන එනවා. පෙන්ගුවින් බයටම මුද්ද බැට්මෑන්ට දෙනවා! ඉතින් ඊළඟට මොකක් වෙයිද? ඒක දැනගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනවා.
අටවන කොටස
ජෝකර්ගේ ආධාරකාරයා, ස්ලැකර්, එයාට වීඩියෝ ගේම් හෙල්මට් එකක් දියුණු කරලා දීලා. ඒකෙන් පුළුවන් එයාට එක සිතුවිල්ලකින් බැංකුවක් හිස් කරන්න. ඉතින් ජෝකර් ඒක අත් හදා බල බල ඉන්නකොට බැට්මෑන් එනවා. එතකොට පොඩි ඇබැද්දියක් වෙලා ඩිජිටල් ජෝකර් කෙනෙක් ඇති වෙනවා! දැන් ජෝකර්ලා දෙන්නයි. හොඳම වැඩේ කියන්නේ ඩිජිටල් ජෝකර් ගිහිල්ලා වේන් ටෙක් එක අලුතින් හදපු නැනෝබොට්ලව ඇතුළු වෙනවා. ඒ නැනෝබොට්ලට පුළුවන් ඕනම දෙයක් කරන්න. එයාලට පිටපත් හදන්නත් පුළුවන්. ඒ කියන්නේ ජෝකර්ටත් ඒක පුළුවන් වෙනවයි කියන එක. එක ජෝකර් කෙනෙක්ට කරන්න පුළුවන් සෙල්ලම් අපි මේ වෙනකන් දැක්කනේ. ජෝකර්ලා දෙන්නෙක් ආවොත් කොහොම තියෙයිද? ඒක හොයාගන්න නම් මේක බලන්නම වෙනවා.
එහෙනම් ඊළඟ උපසිරැසියෙන් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
943 downloadsDownload The-Batman-S05-E07-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
7 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
123
download link daapalla
No name
sub ekata tanx,
webrip walata sub dendako.Lasantharathnasirirox
දිගටම යං..ජයවේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Meke fillm download kara ganna vidiyak kiyannoo