Watch Trailer

The Originals [S05 : E02] with Sinhala Subtitles | හැමදේකටම මුල ඇයයි.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔරිජිනල්ස් අවසාන කතාසමයේ දෙවැනි කොටස තමයි මේ අරන් එන්නේ. කොහොමද පහුගිය සතියේ ආරම්භය හොදද? කියන්න නම් වැඩි දෙයක් නැහැ මොකද කතාවේ වැඩිහරියක්ම පාදක වෙලා තිබුනේ හෝප් සම්බන්ධයෙන්. පොඩ්ඩක් මතක් කරන් ඉම්මුකො. කතාව ආරම්භ වුණේ වසර හතකට පසු. ඒ කියන්නේ හෝප්ච බේරගන්න එයාගේ පවුලේ අය හොලොව්ගේ ඇටකටු…

හොදයි එහෙනම් ඔරිජිනල්ස් අවසාන කතාසමයේ දෙවැනි කොටස තමයි මේ අරන් එන්නේ. කොහොමද පහුගිය සතියේ ආරම්භය හොදද? කියන්න නම් වැඩි දෙයක් නැහැ මොකද කතාවේ වැඩිහරියක්ම පාදක වෙලා තිබුනේ හෝප් සම්බන්ධයෙන්. පොඩ්ඩක් මතක් කරන් ඉම්මුකො. කතාව ආරම්භ වුණේ වසර හතකට පසු. ඒ කියන්නේ හෝප්ච බේරගන්න එයාගේ පවුලේ අය හොලොව්ගේ ඇටකටු ටික වෙන වෙනම අරගෙන ගිය සිද්දිය. කතාව පටන් ගත්තෙම ක්ලවුස්ගේ උමතු වැඩකින්. ක්ලවුස් උමතු වැටිලද? නැහැ එයා කරන්නෙ එයාගේ අයියාගේ ඒ කිව්වේ එලයිජාගේ හතුරන් විනාශ කරලා දාන එක. මොකද එලයිජා දැන් ඉන්න තත්වය අනුව එයා ලගට කවුරු ඇවිල්ලා මොන දේ කලත් එයා දන්නේ නැහැ. මේ බව දැනගන්න ලැබුනෙත් කැරොලයින් ක්ලවුස්ව හොයාගෙන ආව නිසා. ඒකත් රෙබෙකාගේ කීමට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අයියව නොදැක ඉන්න බැරි හන්දා එයා මුණගැහෙන්නත් ගිහින් හොලොව්ව පොඩ්ඩක් ඇවිස්සුවා. ඒකෙන් වෙච්ච බලපෑම මොන වගේද කියලා මං හිතන්නේ ඔයාලට වැටහෙන්න ඇති. හැමදේම ලේ වෙලා වැගිරෙන්න ගත්ත හැටි.

ඒවගේම තමයි පුංචි හෝප් දැන් ලොකු වෙලා තරුණ අවධියේ පසුවෙන කෙනෙක් වෙලා. එයාව පුංචි කාලේදී එලාරික්ට ගෙනත් බාර දුන්නා මතකනේ. එයාව දැම්මේ සැල්වටෝර්ලා දෙන්නා (ස්ටෙෆාන් හා ඩේමන්) සිහිවෙන්න එලාරික් වගේම කැරොලයින් පසුකාලීනව නිර්මාණය කරපු ඉස්කෝලයට. ඔය ඉස්කෝලේ තමයි සැල්වටෝර්ලාගේ ගෙදර වෙලා තිබුනේ. නමුත් ඒ දෙන්නගේ මිය යාමත් එක්ක තමයි ඒක පසුකාලිනව ඉස්කෝලයක් වුණේ. ඉතින් හෝප් මේ ඉස්කෝලේදී නරක වැඩක් කරනවා. ඒ තමයි එයාගේ ලේ තවත් ඒ පාසලේ ඉන්න කෙනෙක්ට දීලා හයිබ්‍රිඩ් කෙනෙක් කරන එක. මේ නිසාම එයාව ඉස්කෝලෙන් ටික දවසකට තහනමක් පැනවෙනවා. මෙයා ලී දීපු කොල්ලා දැන් ලෝකේ ඉන්න හයිබ්‍රිඩ්ලාගෙන් කෙනෙක්. මේ නිසාම නිව් ඔර්ලින්ස්වල ඉන්න වැම්පයර්ලා බයවෙලා විතරක් නෙවෙයි එයාට වෙනස්කම් කරපු එයාගේ වෘක රැලේ අයත් එයාව මගහරින්න අරන්. හැමෝම එයාව දකින්නේ තර්ජනයක් හැටියට. මොකද අර ක්ලබ් එකේ වැඩ කරපු පොපීවත් මරලා ලේ බිව්වා. මේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා විසදන්න පුලුවන්කම හෙයිලිට ලැබුනත් කෝල් එකක් ගන්න ගිය වෙලාවේදී එයාට පහර දීමක් එල්ල වෙනවා. තේරුණ හැටියට නම් ඒ පහර දීම වුණේ මායාකාරයෙක්ගේ අතින්.

අද කොටස තුලින් බලාගන්න පුලුවන් වේවි ක්ලවුස්ගේ නැවතත් නිව් ඔර්ලින්ස් වලට ඇවිල්ලා හෙයිලිව හොයන්න මහන්සි වෙන හැටි. එතකොට හෝප්ට එයාගේ තාත්තාව දකින්න තියෙන වුවමනාව මොන තරම් ප්‍රබලද කියලා. ඒවගේම තමයි හෙයිලි අතුරුදහන් වීමට වගකිවයුත්තා ලගම හිටිය කෙනෙක් කියලා. කතාව නම් මෙදාපාර තේරුම් ගන්න අමාරුයි මොකද මේ අය ආයෙමත් අදුරටම තමයි යන්න හදන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. 

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,926 downloadsDownload The-Originals-S05E02.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

5,926 downloadsDownload Subtitles31 KB

25 comments

  1. gayan1g

    Tnx bro..ftta

  2. Dilshan94

    Thanks mchn..enakm bala bala idiye..digta krmu suba eka..jaya

  3. Nilush Angana

    Sub ekata thanx

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. LuckyDhananjaya

    සිංහල උපසිරැසියට ස්තූතියි......

  6. johnnysand

    Thanks mchn..

  7. Nuwan_Hero

    thanks bn sub ikmanin dennawata

  8. dil_shan

    tnz bn sub ekata. digatama me wage sub eka deepan. api innawa digatama. ela

  9. Randika Madushani

    Thanks bro good job.

  10. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  11. ලහිරු ප්‍රසාද්

    sබොහොම ස්තූතියි චාමර උපසිරැසියට.
    ජය!!!

  12. Kalana liyana arachchi

    Digatama sub eka demu.. ela ela. Thanks....
    Vimpr dr ekata sub denna karuth nedda

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ආසිරි ප්‍රියන්ත

    ගන්නවා ඈ.
    කැරොලින් නිසා බලන ගත්තේ,
    ඒත් දැන් කතාව බලන්න හේතු දෙකක්ම තියෙනවා.
    හෝපප්, හම්මේ.
    බලමුකෝ නෙහ්.
    තැන්ක්ස් චම්මු සබ එක එකට.

  15. MC

    ස්තූතියි brooooooooo

  16. Nilupul Madukapriya Perera

    උපසිරසියට බොහොම ස්තුතියි සාමර

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  19. charuka_jayanga

    help.....copiyata link ekk dennako
    puluwnnm kawruhari

  20. DilanDilshan

    thankz broo..

  21. sachintha

    Thanks For Sub....

  22. suranuwan

    thanks bro..

  23. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති.සදා ජය.

  24. Milinda Sadaruwan

    Thank you bro

  25. Mathew sheron

    Thank you bro