The Boys සීරීස් එකේ දැනට ආපු කතාංග අතරින් වැඩියෙන්ම කතා බහට ලක් වුණු කතාංගය තමයි “Herogasm” (හීරෝගැසම්). සීරීස් එකේ දැනට ආපු කොටස්වලින් සෙක්ස් සහ වයලන්ස් වැඩිම කොටසයි මේ. මේ කොටසේ මේ දේවල් කොච්චර තිබුණද කියනව නම් Amzon Prime එකටයි ශෝරනර්ස්ලටයි මේ ගැන අනතුරු ඇඟවීමක් වෙනමම ඒ දවස්වල කරන්න සිද්ද වුණා.…

The Boys සීරීස් එකේ දැනට ආපු කතාංග අතරින් වැඩියෙන්ම කතා බහට ලක් වුණු කතාංගය තමයි “Herogasm” (හීරෝගැසම්). සීරීස් එකේ දැනට ආපු කොටස්වලින් සෙක්ස් සහ වයලන්ස් වැඩිම කොටසයි මේ. මේ කොටසේ මේ දේවල් කොච්චර තිබුණද කියනව නම් Amzon Prime එකටයි ශෝරනර්ස්ලටයි මේ ගැන අනතුරු ඇඟවීමක් වෙනමම ඒ දවස්වල කරන්න සිද්ද වුණා.
ඉතිං මොකද්ද මේ මෙච්චර ප්‍රචණ්ඩ Herogasm කියන්නේ?
The Boys යුනිවර්ස් එකේ සුපිරි වීරයින් අංග සම්පූර්ණ නොවෙන, හැඟීම් දැනීම් හරි වැරැද්දට කලින් ප්‍රධාන කරගත්තු කොටසක් කියලා මේ තාක් දුරට කතාව බලන් ආපු අයට නම් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. ඉතිං ඒ වගේ පිරිසක් අවුරුද්දකට සැරයක් එකතු වෙලා දාන sex party එකක් තමයි මේ Herogasm කියන්නේ.
සීරීස් එකට අනුව නම් මේ දේ ආරම්ඹ කරලා තියෙන්නේ සොල්ජර් බෝයි තමන්ගේ යාලුවෙක් එක්ක එකතු වෙලා. ඉතිං මේ අපූරු සාදය වෙනුවෙන් ලවු සොසේජ් වගේ පොඩි පොඩි සූප්ස්ලගෙ ඉඳන් හෝම්ලෑන්ඩර් වගේ ප්‍රධාන වීරයින් වෙනකන් සිය ගණනක් සූප්ස්ලා සහභාගී වෙනවා. ඒ පිරිසට විනෝදාශ්වාදය සපයන්නත් සූප්ස්ලා වගේම සාමාන්‍යය මිනිස්සුත් එකතු වෙනවා.
ඉතිං තුන්වෙනි සීසන් එකේ හයවෙනි කොටසේ ප්‍රධාන තැනක් වෙන් වෙන්නෙ මේ හීරෝගැසම් එක වෙනුවෙනුයි. හීරෝගැසම් කොමික් එකේ තරම් නැතත් සීරීස් එකෙත් ඕන තරම් nudity සහ violence පුරවල තියෙනව ඔන්න. ඒ නිසා අද කොටස බලද්දි වෙනදටත් වඩා පරෙස්සම් වෙන්න වෙයි ඕන් 💀
කතාවෙ මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි සොල්ජර් බෝයි. කලින් කොටසේ හියුවියි බුචරුයි එකතු වෙලා සොල්ජර් බෝයිව අතටම අල්ල ගත්තනේ. හැබැයි මේ දෙන්නට සොල්ජර් බෝයිව දැන්ම අවසන් ගමන් යවන්න නෙවෙයි ඕනේ. බුචරුයි හියුවියි උත්සහ කරන්නේ පොරව තුරුම්පුවක් විදිහට පාවිච්චි කරලා හෝම්ලෑන්ඩර්ට වැඩේ දෙන්න. මොකද්ද කොච්චර සූප්ස්ලා හිටියත් හෝම්ලෑන්ඩර්ට ඇත්තටම අභියෝග කරන්න පුලුවන් සූප් කෙනෙක්ට ඉන්නේ මිනිහා විතරයි. අනික රුසියන්කාරයො කරපු පරීක්ෂණ නිසා සොල්ජර් බෝයි දැන් ඉස්සර හිටියටත් වඩා බලවත්.
හිතුවත් වගේ බුචර්ට පුලුවන් වෙනවා සොල්ජර් බෝයි එක්ක එකඟතාවයකට එන්න. සොල්ජර් බෝයිව රුසියාවට පාවල දුන්නු තමන්ගෙ කණ්ඩායමේ ද්‍රෝහීන්ව අල්ලල දුන්නට පස්සේ හෝම්ලෑන්ඩර්ව අවසන් කරන්නයි මේ දෙගොල්ලො එකඟ වෙන්නේ. ඔය අතර හෝම්ලෑන්ඩර් සොල්ජර් බෝයිව දැකලා පන භයේ දඟලනවා. ඔය අතර ස්ටාලයිට් සහ M. M. අනිත් පැත්තෙන් සොල්ජර් බෝයිට එරෙහි මෙහෙයුමක් දියත් කරන ගමන් ඉන්නේ. කොහොම හරි සොල්ජර් බෝයි වටේ පන්වන මේ තුන් ගොල්ලොම අවසානයේ එක තැනකට රැස් වෙන්න සිද්ද වෙනවා. ඒ තමයි හීරෝගැසම්.
ඉතිං කතා මාලාවේ උණුසුම උපරිමයටම ගිය අද කොටස නරඹන්න ඔයාලව තව පරක්කු කරන්න මගෙ අදහසක් නැහැ. එහෙනම් දැන් කෙලින්ම සබ් එක බාගෙන එපියට යමු 😌
අවසන් වශයෙන් මතක් කරන්න ඕනේ තුන්වෙනි සීසන් එක හරියටම තව කොටස් තුනකින් අවසන් වෙන්න නියමිතයි. ඒ කොටස් දෙකත් ඉක්මණින්ම සහෝදර උපසිරැසිකරුවන් දෙන්නෙක් ඔයාලා වෙනුවෙන් අරගෙන ඒවි. එහෙනම් The Boys සීරීස් එකේ මගේ වැඩ කොටස මෙතැනින් අවසන් වෙනවා. මාවත් මේ දේට හවුල් කරගත්තට බිම්සර අයියට ස්තූතිය හිමි වෙන්න ඕනේ. එහෙනම් ඔබෙන් මම සමුගන්නවා.
සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
7,234 downloadsDownload The.Boys_.S03E06.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys S03 Sinhala subtitles
- #The Boys Season 3 Sinhala subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #සචින්ත කල්හාර බෙනට්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
5 comments
sachintha
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Sachintha saho sub ekata
Advertisement
![The Boys (2019-2022) [S03: E06] Sinhala Subtitles | හීරෝගැසම් [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-3-1.1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි