Watch Trailer

The Capture (2019-) [S01 : E04] Sinhala Subtitles | සත්‍යය පසුපස.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවන කොටස. මේ වෙනකම් වෙච්ච දේවල් එක්ක කතාවේ කුතුහලේ හොදටම වැඩිවෙලා නේද තියෙන්නෙ? එහෙමනම් මේ කොටස ඒක තවත් වැඩි වෙයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ ෂෝන්ව කවුද කට්ටියක් අල්ලගෙන ගියා. ඒ අයටත් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ හැනා ඉන්න තැන. පේන හැටියටනම් මේ කට…

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවන කොටස. මේ වෙනකම් වෙච්ච දේවල් එක්ක කතාවේ කුතුහලේ හොදටම වැඩිවෙලා නේද තියෙන්නෙ? එහෙමනම් මේ කොටස ඒක තවත් වැඩි වෙයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ ෂෝන්ව කවුද කට්ටියක් අල්ලගෙන ගියා. ඒ අයටත් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ හැනා ඉන්න තැන. පේන හැටියටනම් මේ කට්ටිය ඇමෙරිකානුවෝ. ඒ කියන්නෙ CIA වගේ තමා පේන්නේ. ඉතින් CIA වගේ ආයතනයක් පවා හැනාගේ අතුරුදහන් වීම ගැන උනන්දු වෙන්නෙ ඇයිද කියන එක ලොකු ප්‍රහේලිකාවක්. ෂෝන්ගෙන් ඇත්ත එළියට ගන්න කියලා ෂෝන්ගේ යාලුවා මැට්වත් එතනට අල්ලගෙන ඇවිල්ලා. නමුත් ඉතින් ෂෝන් කියන්නෙම දන්නේ නෑ කියලා. මොකද ඉතින් ෂෝන් ඇත්තටම මොකුත් කලේ නෑනේ. ඉතින් ෂෝන්ව ඔහොම රදවගෙන ඉන්න අතරේ ලතීෆ් සහ පැට්‍රික් වීඩියෝ එක මාධ්‍යයට නිකුත් කළ නිසා පොලිසියට සිද්ධ වෙනවා කේස් එක ආපහු විවෘත කරන්න.

ඉතින් කේස් එක විවෘත කළාම කරන්න වෙන මූලිකම දේ තමා ෂෝන්ව නැවත සිරබාරයට ගන්න එක. හැබැයි කවුරුවත් දන්නේ නෑ ෂෝන් ඉන්න තැනක්. ඔය අතරේ තමා DI කේරි තමන් CCTVවලින් නිරීක්‍ෂණය කළ දේ පොලිසියට පවසන්නෙ. ඉතින් ඒ අනුව ෂෝන්ව රැගෙන ගිය ඊටන් චතුරශ්‍රයෙ අදාළ නිවස පොලිසිය සෝදිසි කිරීමකට ලක් කළත් කිසිවෙක් හොයාගන්න ලැබෙන්නෙ නෑ. මේ සිද්ධිය නිසාම කේරිට පවා හිතෙන්න ගන්නවා ෂෝන් කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඔය අතරේ ෂෝන්ව රදවගෙන හිටි අය ඔහුව නිදහස් කරනවා. ඊළගට ෂෝන් කෙළින්ම එන්නේ මාකස් ලීවී ළගට.

ඉතින් මාකස් ලීවී ෂෝන්ව දැකලා සෑහෙන්න බයවුනා. කොහොමහරි ෂෝන් කියනවා තමන්ගේ වීඩියෝ එක ගැන ඇත්ත හොයාගන්න ලීවීට. ඉතින් ඒ අනුව ලීවී යම් නිගමනයකට එනවා. ෂෝන් කියන විදිහට වීඩියෝ එක බොරුවක් වෙන්න පුළුවන් කියන කාරණෙ ගැන. පස්සෙ ලීවී පරීක්ෂක කේරිවත් ඒ ගැන දැනුවත් කළා මතකයිනෙ. ඉතින් ඊට පස්සෙ ෂෝන් තමන්ගේ පරණ තැනකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. නමුත් මැට් එතනට ගියා මතකයිනෙ. ඒ කියන්නෙ මැට්ට මොකුත් වෙලා නෑ. එහෙනම් කාටද වද දුන්නෙ? ඒ වෙලාවේ ෂෝන් තීරණය කරනවා ලන්ඩන්වලින් පිට වෙන්න. එහෙමයි කියලා මැට්ගේ වාහනයත් අරගෙන යන කොට තමා පොලිසිය පස්සෙන් පන්නන්න ගන්නේ.ෂෝන් පොලිසියෙන් බේරෙන්න කියලා පැනලා යනවා. එහෙම ගිහිල්ලා අන්තිමේ නතර වෙලා බලනකොට තමා දකින්නෙ හැනාගේ මිනිය කාර් එක ඇතුලේ. එකත් තමන්ගේ මිත්‍රයාගේ වාහනේ. ඉතින් කොහොමහරි දැන් සේරම සාක්‍ෂි එල්ල වෙන්නෙ ෂෝන්ට විරුද්ධව.

එහෙමනම් අද කොටසින් බලමු පොලිසියට හැනාගේ මිනියත් ලැබුනට පස්සෙ ෂෝන් කොහොමද බේරෙන්නේ කියලා? ඒ වගේම කේරි තමන්ට තියෙන ප්‍රහේලිකාවලට විසදුම් සොයාගනිවිද කියලා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,467 downloadsDownload The-Capture-2019-S01-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,467 downloadsDownload Subtitles29 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  2. Achi

    තැන්ක්ස් බොක්ක..තව දෙකයි ඒකත් දෙමු

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. suranuwan

    thanks..

  5. drulz

    thankz bro

  6. sam1973

    Thank you

  7. C H A R I Y A

    thank you bro
    patta kathawa

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  9. harris

    Elaz....thnks bro sub ekata

  10. sanjaya31055

    ela thnkzzz bro..

  11. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  12. melinda

    thank you

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!