Watch Trailer

The Capture (2019-) [S01 : E03] Sinhala Subtitles | සැගවුණු හස්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටසත්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ දැන් වෙන්නෙ මොනාද කියලා. ගිය සතියේ මතකයිනෙ ෂෝන් එම්රිට විරුද්ධව සාක්‍ෂි හොයාගන්න බැරිවීම නිසා කේරිට සිද්ධවුනා අකමැත්තෙන් උනත් එම්රිව නිදහස් කරන්න. ඉතින් නිදහස් උනාට එම්රි එළියට ගිහිල්ලා කරන්නෙ හැනාට මොකක්ද උනේ කියලා හොයාගන්න…

කොහොමද? ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටසත්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ දැන් වෙන්නෙ මොනාද කියලා.

ගිය සතියේ මතකයිනෙ ෂෝන් එම්රිට විරුද්ධව සාක්‍ෂි හොයාගන්න බැරිවීම නිසා කේරිට සිද්ධවුනා අකමැත්තෙන් උනත් එම්රිව නිදහස් කරන්න. ඉතින් නිදහස් උනාට එම්රි එළියට ගිහිල්ලා කරන්නෙ හැනාට මොකක්ද උනේ කියලා හොයාගන්න හදන එක. ඒ වැඩේට ෂෝන් තමන්ගේ මිත්‍රයා වෙච්ච මැට්ගේ උදව්වත් අරගෙන යනවා හැනාගේ නිවස පරික්ෂා කරන්න. හැබැයි ෂෝන් එතනට යනකොටත් ඒක ඇතුලේ තව කෙනෙක් ඉදලා ෂෝන්ගෙන් බේරිලා යනවා. ඉතින් මේ කෙනාව ලුහුබදින්න ටැක්සියකට නගින ෂෝන්ට වෙන්නෙ සේරටම හපන් කරදරයක්.

ෂෝන්ට නිදහස් ලැබුනත් එක්කම MI5වලින් ඇවිල්ලා ෂෝන්ව අත්අඩංගුවට ගන්න හේතු වෙච්ච වීඩියෝපටිය සංශෝධනය කරනවා. ඒ අනුව කේරිට දැන් ෂෝන්ට විරුද්ධව තිබ්බ එකම සාක්ෂියත් නැතිවෙලා ගියා. අපේක්‍ෂා භංගත්වයට පත්වෙච්ච කේරි මොකක්හරි උදව්වක් ගන්න පුලුවන්ද බලන්න ඩැනී හාර්ට්ව පවා හම්බවෙන්න ගියත් කේරිට එතනිනුත් ලැබෙන දෙයක් නෑ. ඔය අතරේ කේරිගේ කණ්ඩායමේ ඉන්න DS ෆ්ලින් සහ ලතීෆ් දෙන්නා කේරිගේ අණත් නොතකා වරෙන්තුවක් නැතුවම ෂෝන්ව ලුහු බදින්න පටන් ගත්තා. කේරිත් SO15වල ඉදලා CCTV මාර්ගයෙන් ෂෝන්ව ලුහුබදිනවා.මේ නිසාම කේරි දකිනවා තමන්ගේ DSලා දෙන්නා කරන වැඩේ.

ඉතින් ෂෝන් යන ටැක්සිය යන්නේ කොහාටද කියලා කේරි CCTVවලින් නිරීක්‍ෂණය කළත් සජීවී CCTV දසුන්වලින් පෙන්වන දේ අදාළ ස්ථානයේ ඉන්න DS ෆ්ලින්ට සහ ලතීෆ්ට දැකගන්න ලැබෙන්නෙ නෑ. මෙහෙම උනේ කොහොමද කියන හැමෝටම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ෂෝන්ව අල්ලගන යන මිනිස්සු කවුද කියන එකත්.

හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ. අපි ඊළග කොටසින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,057 downloadsDownload The-Capture-2019-S01-E03.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,057 downloadsDownload Subtitles32 KB

13 comments

  1. Achi

    අම්මෝ තැන්ක්ස් බොක්ක ආදරේයි
    තව 3යි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Dimuthu Nisansala

    ගෝඩාක් ස්තුතියි යාලුවා....

  4. harris

    Thnks bro sub ekata

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට.. :)

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  8. suranuwan

    thanks macho..

  9. drulz

    ela saho

  10. sam1973

    thank you

  11. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.