Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E09] Sinhala Subtitles | මරණයෙන් නැගිටවූවන්ගේ ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න රවිඳු මලය පිරිසක් එකතුකරගෙන පටන් ගත්ත වැඩේ එක්ක එකතු වෙලා මම මේ අරගෙන එන්නෙ, සබ්‍රිනා මායාකාරියගේ කතාවේ අවසාන කතාංගයට පෙර කතාංගය ඒ කියන්නෙ නමවැනි කතාංගය. දැන් හැමෝම දන්නවනෙ සබ්‍රිනාට කරන්න පුළුවන් දේවල් සහ ඇගේ පස්සෙන් ලොකු නපුරු බලවේගයක් එනව කියන එක. කොහොමහරි දැන් තත්ව…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඔන්න රවිඳු මලය පිරිසක් එකතුකරගෙන පටන් ගත්ත වැඩේ එක්ක එකතු වෙලා මම මේ අරගෙන එන්නෙ, සබ්‍රිනා මායාකාරියගේ කතාවේ අවසාන කතාංගයට පෙර කතාංගය ඒ කියන්නෙ නමවැනි කතාංගය. දැන් හැමෝම දන්නවනෙ සබ්‍රිනාට කරන්න පුළුවන් දේවල් සහ ඇගේ පස්සෙන් ලොකු නපුරු බලවේගයක් එනව කියන එක. කොහොමහරි දැන් තත්වය සෑහෙන අනතුරුදායක මට්ටමක තමයි තියෙන්නෙ. ඒ වගේම මායාකර්මයක් වරදින හැම වෙලාවකම ඒකට ගෙවන්න වෙන වන්දිය සෑහෙන ලොකු එකක් කියන එකත් වැටහෙනවනෙ. ඉතිං කලින් කතාංගයන් වලදි ඒ වගේ දෙයක් වුණා. ඒකෙන් මහ විශාල අනතුරකුත් වුණානෙ. පොඩ්ඩක් මතක් කරගමුකො එහෙනම් ඒ මොකද්ද කියල.

පසුගිය කොටසින්..

ඉතිං ඔන්න පහුගිය කොටස බැලුවනම් කට්ටිය දන්නවනෙ කින්කල් පවුලට අයිති පතලය කඩාගෙන වැඩිල මහ විශාල අනතුරක් වුණා. ඒක වෙන්නෙ ඇත්තටම අර පෲඩන්ස්ගෙ සහෝදරියන් දෙන්න කරන විකාර වැඩක් නිසා. බ්‍රිනාට මේක ආරංචි වුණු ගමන් අනතුර වුණු තැනට දුවගෙන ගිහින් හාර්විව හෙව්ව. හාර්විට නම් ලොකු අනතුරක් වෙලා තිබුණෙ නෑ. හැබැයි සුසී පතලෙ ඇතුළට රිංගල පොඩි පට්ටම් වෙලා තිබුණු ලේ ඉහිරුණු හිස් වැස්මක් අරගෙන එළියට එනව. හාර්වි අඳුර ගන්නව ඒක වෙන කාගෙවත් නෙවෙයි තමන්ගෙ සහෝදරය “ටොමී” පැළඳගෙන හිටපු හිස් වැස්ම කියල. ඒක දැක්කම මිස්ටර් කින්කල් ගමේ පිරිස පිටත් කරල යවනව අනතුර වුණු තැනින්. ඊට පස්සෙ තමයි සබ්‍රිනා ඉස්කෝලෙදි දැනගන්නෙ, රොස් දැකපු දර්ශනයක් නිසා මේ අනතුරට හේතුව ඇගතා සහ ඩොර්කස් කරපු දෙයක් කියල. ඉතිං මෙතනදි සබ්‍රිනා බොහොම දරුණු තීරණයක් ගන්නව. ඒ අනුව ඇය මළවුන්ගේ නැවත නැගී සිටීමේ මායාකර්මයක් ක්‍රියාත්මක කරනව. ඒකට බ්‍රිනා ඇගතගෙ බෙල්ල කපල මරණව. ඊට පස්සෙ ඇයව වළදානව. මේ ඔක්කොම කරන්නෙ ටොමීව නැවත මළවුන්ගේ නැගිට්ටවන්න. ඉතිං කොහොමහරි ඇගතා මරණයෙන් නැවත පිබිදෙනව අපි දැක්කනෙ. ටොමීට මොකද වුණේ..?

අද කොටසින්..

ඉතිං සබ්‍රිනා මේ කරපු මායාකර්මය නිසා ඇගතට විනාඩි 13ක් යනකං ජීවිතය අහිමි වෙලා තිබුණත් නැවත ජීවිතය ලැබුණ. ඊට පස්සෙ අවසානෙට අපි දැක්කෙ හාර්විගෙ ගෙදර දොරට කවුදෝ මහ හයියෙන් තඩිබානව. ඔව්, ඒ “ටොමී” තමයි. අවසානෙ සබ්‍රිනාගෙ මන්ත්‍රය සාර්ථක වෙලා ටොමී මරණයෙන් නැගිටල එනව. හැබැයි ඇත්තටම ඒ ටොමීද? මෙතන ලොකු වරදක් වෙලා තියෙනව. ඒ වරද මොකද්ද? ඒකට සබ්‍රිනාට වන්දිය විදියට කැප කරන්න වෙන්නෙ මොන තරම් වටිනා දෙයක්ද කියල ඔයාලටම බලාගන්න බාර කරනව.. ඉතිං මේ වරද නිවැරැදි කර ගන්නත්, ටොමීව මරණයෙන් නැගිට්ටවන්න උදව් ගත්ත මිස් වෝඩ්වෙල්ගෙන්ම තමයි සබ්‍රිනාට පිහිට පතන්න වෙන්නෙ. හැබැයි වෝඩ්වෙල් කියන්නෙ කවුද කියල කට්ටිය හොඳටම දන්නවනෙ. සබ්‍රිනා මේ ඉල්ලන උදව්ව වෝඩ්වෙල්ගෙ පැත්තෙන් බැලුවොත් නම් ඇයට වෙස් වළාගෙන ආව ආශිර්වාදයක් වගේ. ඉතිං වෝඩ්වෙල් මෙතනදි තමන්ගෙ මහා කුමන්ත්‍රණය දියත් කරනව. හිතාගන්න බැරි මහ විශාල භයානක අනතුරක් ඒ සමඟ නැගී හිටිනව. කොහොමහරි සබ්‍රිනාට මෙතෙක් තිබුණු හැමදේම අද නැත්තටම නැතිවෙලා යනව. ඊළඟ කොටස කියන්නෙ පැහැදිලිවම ත්‍රාසය පිරුණු කොටසක් කියල නම් කියන්නම ඕනෙ. එහෙනම් ඉතිං ඊලඟ කොටහත් මටම තමා පැවරිලා තියෙන්නෙ.. ඒකත් අරගෙන ඉක්මනට එන්නම්. ජය වේවා..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,074 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E09.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

5,074 downloadsDownload Subtitles38 KB

22 comments

  1. Denis Maneesha

    Thanks bro sub ekata

  2. ttulanka

    sub eka denakan balan hitiye thanks bro

  3. Ravindu Rukshan

    තැන්ක්ස්

  4. Stranger

    thanks.anthima kotasath ikmanata dena

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  7. Ayesh Prashan

    Thank You

  8. Gayan_madushanka_

    Thanks bro

  9. ranga11112

    පට්ට කතාව සහො... ස්තුතියි සබ් එක ඉක්මනින් දුන්නට
    තෙරැවන්සරණයි

  10. Sudheera Kasun

    Niyamai Machoo.. Next epiyath ikamanata diyoo...!

  11. Kulanjana Maduranga

    subata thanks

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක් මේක...
    අන්තිම කොටසත් ඉක්මනට දෙමු...

  13. Pramukmili

    thanxxxxxxx bro..............

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  16. suranuwan

    thank bro..

  17. sewwandi13

    Thanks

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. thathsaragayan

    Thank Bro

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  21. Sajithlakshan

    thanks....................

  22. Anonymous

    Thanks