Watch Trailer

The Chilling Adventures of Sabrina [S01 : E10] Sinhala Subtitles | සබ්‍රිනා.. අඳුරු මායාකාරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොඩි ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ සබ්‍රිනාගෙ කතාන්දරයේ අවසාන කතාංගය. හදිසියේ සිදුවුණු කරදරයක් නිසා මට ඇත්තටම මේකෙ සබ් එක කරගන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩක් කණගාටුයි වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. කොහොමහරි අමාරුවෙන් වැඩේ අද තමයි ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ වෝකින්…

ආයුබෝවන් යාළුවනේ..!

පොඩි ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ සබ්‍රිනාගෙ කතාන්දරයේ අවසාන කතාංගය. හදිසියේ සිදුවුණු කරදරයක් නිසා මට ඇත්තටම මේකෙ සබ් එක කරගන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩක් කණගාටුයි වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. කොහොමහරි අමාරුවෙන් වැඩේ අද තමයි ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ වෝකින් ඩෙඩ් උපසිරැසි ලබා දෙන්න වුණු නිසා මේකට අතගහන්න වුණේ අද තමයි. ඉතිං ඔන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් වුණා. ඉතිං මතක් කරන්න ඕනෙ මේ කතාවත් ඔයාල වෙත අරගෙන ආවෙත් සාමූහික ප්‍රයත්නයක් විදියට. රවිඳු රුක්ෂාන් මලය, දිල්ශාන් සචින්ත, චාමික ඉසුරුවන්. නිලුපුල් මධුකප්‍රිය සහ මම තමයි මේකට දායක වෙල වැඩ කළේ. ඉතිං ඒ හැමෝම මේ වෙලාවෙ බොහොම  ලෙංගතුකමින් සිහිපත් කරන්න අවශ්‍යයි. 

පසුගිය කොටසින්..
පතලය කඩා වැටුණට පස්සෙ සබ්‍රිනා ඇගතව මරල කොහොමහරි ටොමීට ආපහු ජීවිතය දෙනව. හැබැයි ටොමීගෙ ලොකු වෙනසක් තිබුණනෙ. ඔහුගෙ ශරීරය ආපහු ආවත් මනස අඝාදයක හිරවෙලා තියෙන්නෙ කියල රොස්ගෙ දැක්මක් මගින් සබ්‍රිනා දැනගන්නව. සබ්‍රිනා මේක දැනගන්නෙ පහුවෙලා. කොහොමහරි මිස් වොඩ්වෙල්ගෙ උදව් ඇතුව අඝාදයට ඇතුළු වෙන සබ්‍රිනා ටොමීව හොයා ගන්නව. නමුත් අඝාදයේ දොරටුව ලඟටම ආවට පස්සෙ ටොමීගෙ ආත්මය ආත්ම භෝජකයෙකුට අහු වෙලා කාල දානව. එතනින් පස්සෙ සබ්‍රිනාට සිද්ධ වෙනව හාර්විට ඇත්තම කතාව කියන්න. ඇත්ත කතාව අහන හාර්වි සෑහෙන අවුල් වෙනව. ඊට පස්සෙ ඔහු ටොමීට වෙඩි තියල මරල දානව. මේ සිදුවීමෙන් පස්සෙ හාර්වි සබ්‍රිනා ආදර අන්දරය නිමා වෙනව. 

අද කොටසින්..
ඉතිං අද බොහොම දරුණු දෙයක් වෙනව. මිස් වෝඩ්වෙල් ග්‍රින්ඩෙල් වල පරණ මායාකාරියන් දහතුන්දෙනෙක් කැඳවනව. මේක මහා කුමන්ත්‍රණයක එක කොටසක්. කොහොමහරි මේ කැඳවීමෙන් පස්සෙ සබ්‍රිනාට තීරණ ගන්න එක අසීරු වෙනව. මිස් වෝඩ්වෙල් ඇත්තටම සබ්‍රිනාව  මෙහෙයවල තමන්ට ඕන දේ කරගන්නව වගේ තමයි පේන්නෙ. ඉතිං මේ මායාකාරියන් දහතුන්දෙනා තවත් කෙනෙක් කැඳවනව. මරණයේ රක්ත දූතයා, ලෝහිත අසරුවා කියල තමයි ඔහුට කියන්නෙ. ඔහු එන්නෙ ග්‍රීන්ඩෙල් විනාශ කරන්න. ග්‍රින්ඩෙල්හි පවුල් වල පළමුව උපන් පිරිමි දරුවන් සියල්ල ඔහු මරා දානව කියල තමයි කියවෙන්නෙ. මේ හැමදේම නවත්තන පුළුවන් එකම කෙනයි ඉන්නෙ. ඒ සබ්‍රිනා ස්පෙල්මන්. හැබැයි ඒකට සබ්‍රිනාට ලොකු කැපකිරීමක් කරන්න වෙනව. ඒ හැම දෙයක්ම බලාගන්න එක මම ඔයාලටම බාර කරනව. ඒ වගේම මිස් වෝඩ්වෙල් කියන්නෙ කවුද කියල ඔන්න අද දැනගන්න පුළුවන්. ඒ වගේම ඇගේ අභිප්‍රාය මොකද්ද කියලත් තේරේවි.

 “ලිලිත්” මේ වචනය අහල හුරු ඇති සමහරුන්ට නම්. ලිලිත් කියන්නෙ සියළුම යක්ෂයින්ගේ මව. මම ලිලිත් ගැන Shadowhunters : The Motal Instruments (S03 : E07) කතාංගය එක්ක සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කළා. විස්තරේ දැනගන්න ඕන කෙනෙකුට එතනින් ලිලිත් ගැන හොඳ විස්තරයක් දැනගන්න පුළුවන්. සබ්‍රිනා එක්ක එකතුවෙලා මෙතෙක්  කාලයක් අදහස් දක්වපු, උපසිරැසිකරුවන් දිරි ගන්වපු හැමෝමට බොහොම ස්තූතියි. සබ්‍රිනාගේ දෙවැනි කතා සමයක් නිකුත් වෙනව කියල නිළ වශයෙන් දැනුම් දීල තිබුණත් නිශ්චිත දවසක් ගැන නම් මට මොකුත් විස්තරයක් හොයා ගන්න හැකි වුණේ නැහැ. එහෙනම් අපේ බයිස්කෝප් සහෝදරයෙක් හෝ පිරිසක් ඒ කතා මාලාවත් ඔබට අරගෙන ඒවි. එහෙනම් ඔන්න අපේ රාජකාරිය මෙතෙකින් අවසාන වෙනව. මමත් සබ්‍රිනාගෙන් සමුහෙන යනව. හැමෝටම ජය වේවා..! 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,065 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S01-E10.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

6,065 downloadsDownload Subtitles39 KB

37 comments

  1. Ayesh Prashan

    Thank You

  2. Kasun Kalupage

    thank you.........

  3. Cmj

    Thanks! Supergirl,arrow katha walatath puluwan widihata sub denna.

  4. thiwanka anuhas

    Subata thanks bro

  5. Stranger

    THANKS

  6. dsdkavishka

    Thenks aiya

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. උදයංග සම්පත් හතරසිංහ

      ඊලඟ සීසන් එකෙන් හමුවෙමු නේ..! :D

    2. sachintha

      ආ... ඔව් ඔව් සොරි ඈ....

  8. Ravindu Rukshan

    තැන්ක්ස් උදේ උදව් කරාට

  9. Gayan_madushanka_

    Thanks bro

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  11. Indika Priyashantha

    ස්තුතියි සහෝ..........!!!

  12. albus98

    Elama bro thanks 1080×265 කොපි ටිකක් හම්බුනා
    දැන් ඉතින් එක දිගටම බලාගෙන යන්න
    පුලුවන් ඔයාල නිසා
    සබ් දීපු සහෝල හැමෝටම ස්තූතියි..

  13. Sudheera Kasun

    Thanks bro...! Niyamai...

  14. Pramukmili

    tihanxxx bro..........

  15. Kulanjana Maduranga

    subata thanks

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතා මාලාවක්...
    Season 2 ආවහම එකත් ගේමු....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. GodDamn

    Thanks broh!

  19. suranuwan

    thanks...

  20. Viraj

    thanks bro..

  21. klamilaniranjan

    kathawa iwara wenawa kiyala danenakota dukayi. ilaga kotasa enakan balan inne

  22. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ...

  23. Mr.pamz

    මුළු season ekatama subtitles ලබා දුන් brothers හැමෝටම බොහොම ස්තුතිය !!!!!!!
    ජය වේවා.......

  24. shammireshan

    thanks...

  25. thathsaragayan

    Thank Mcn Subtitles ටික සුපිරි , ටයිමින් සුපිරියටම තියෙනව , Session 2 සබ්ටයිටල් ටිකත් කරන්න , Good Luck !!!!!

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. kavindu22

      Adoo season 2 ekata sub diyanko. 3 patangannawa lagadi.

  27. Loki

    thanks bro..සීසන් දෙකට සබ් එක දෙන්න ඉක්මනට

  28. thathsaragayan

    මේකේ තව Episode එකක් තියෙනව නේද IMDB වල ඔක්කොම Episodes 11 සඳහන් කරලා තියෙනව

    1. chanoj(akimids)

      bokkaa tha epiyak thinawa nee meeke

  29. psychedelic dreamer

    Season 2 sub ekath oni bro patta wadak

  30. Gayan Kalhara

    season 2 sub දැන්ම දෙන්නේ නැද්ද සහෝ...

  31. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  32. Sajithlakshan

    thanks ................

  33. Anonymous

    Thanks