Watch Trailer

The Walking Dead [S10 : E11] Sinhala Subtitles | මළවුන්ගේ සහ නොමළවුන්ගේ සටන..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න ඉතිං TWD 11 වැනි කතාංගයත් ඊයෙ හවස් වරුවෙ විකාශය වුණා. සබ් එකක් එද්දි ටිකක් රෑ වුණු නිසාත්, මෙවර ලයින් ප්‍රමාණය ටිකක් වැඩි නිසාත් ඊයෙ රෑම ඉවර කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. අනික ඉඉතිං ඉයුජින්කාරයා කියවන්න ගත්තම, ඒ ඉංග්‍රීසි තෝරල බේරල හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. ඉතිං ඒ නිසා බරසාර වචන…

ආයුබෝවන්..!

ඔන්න ඉතිං TWD 11 වැනි කතාංගයත් ඊයෙ හවස් වරුවෙ විකාශය වුණා. සබ් එකක් එද්දි ටිකක් රෑ වුණු නිසාත්, මෙවර ලයින් ප්‍රමාණය ටිකක් වැඩි නිසාත් ඊයෙ රෑම ඉවර කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. අනික ඉඉතිං ඉයුජින්කාරයා කියවන්න ගත්තම, ඒ ඉංග්‍රීසි තෝරල බේරල හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. ඉතිං ඒ නිසා බරසාර වචන අඩු කරල සරළව තේරෙන්න ඒ කොටස් ටික දාල ඇති. නැත්තං කියන ඒව තේරෙන්නෙ නැති වෙනව.

හරි ඉතිං පහුගිය කතාංගයේ අපි දැක්ක ඇල්ෆා සහ ඩැරල් සටන නිසා දෙන්නම සෑහෙන දරුණු මරණීය තුවාල ලැබුව. හැබැයි මෙතනට එන ලිඩියා ඇල්ෆාගෙ පැත්ත වෙනුවට ඩැරල්ගෙ ජීවිතය බේර ගන්න කටයුතු කළා. ඕනම කෙනෙකුට තේරෙනව, ඇයි ලිඩියා ඇලෆාගෙ පැත්ත නොගත්තෙ කියන එක. මේ ඔක්කොම එක්ක නීගන් සහ ඇල්ෆා දෙන්නගෙ සංයෝජනය තමයි තාමත් තේරුම් ගන්න අපහසු. ඒ වගේම මැග්නා සහ කොනී දෙන්න ගැනත් තාම මොකුත් දැනගන්න ලැබුණෙ නෑ. ඒ වගේම බීටා ඇලෙක්සැන්ඩ්‍රියාවට පැනල කරපු මහා සංහාරය නිසා සෑහෙන මරණ ගොඩක් ඇලෙක්සැන්ඩ්‍රියාවෙ ගොඩ ගැහුණ. ඒ වගේම ගැමා නොහිටින්න රොසීටාගෙ ජීවිතයත් අහිමි වෙන්න ඉඩ තිබුණ. හැබැයි කොහොමහරි බීටා හිතපු තරම්ම සාර්ථක වුණේ නෑ. මොකද මිනිහට බැරි වුණා ගැමාව ඇල්ෆා ලඟට අරගෙන යන්න.

ඉතිං අද කතාංගයේදී හිල්ටොප් වලට තමයි මූලිකත්වය ලැබෙන්නෙ. ඇත්තටම කිව්වොත් හිල්ටොප් තියෙන්නෙ පණ බේරා ගන්න පුළුවන් තැනක නෙවෙයි. නීගන්ගෙ පරණ උප්පරවැට්ටියක් පාවිච්චි කරල, ඇල්ෆා හිල්ටොප් වල මුළු ජනාවාසයම හිර කරල තියා ගන්නව. ඒ නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවෙ හෝ ඕෂන්සයිඩ් වලින් උදව් ගන්න හිල්ටොප් වලට බෑ. ඉතිං එතකොට කොහොමද මේ කට්ටිය දස දහස් ගාණක් මළවුන් සහ මුමුණන්නන් එක්ක තනියම සටන් වදින්නෙ. එහෙනම් ඔන්න මේ ඒ සටනේ ආරම්භය අද බලාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ශැඩෝහන්ටර් වලට සබ් ඉල්ලනව. ඇත්තටම පහුගිය ටිකේ ඔක්කොම සබ් කළේ කලින් මම සබ් දෙන්න උදව් කරපු කතා මාලා වල අලුතින් නිකුත් වුණු කතා මාලා වලට. ඒ නිසා ශැඩෝහන්ටර් එක අවසාන කර ගන්න හැකියාවක් ලැබුණෙ නෑ. ඒත් ඉතිං ඔන්න දැන් එහෙම Renew වුණු කතාමාලා නැති නිසා ඉක්මනින් ශැඩෝහන්ටර් ඉවර කරල දෙන්නම්. තව පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න කියල ඉල්ලා සිටිනවා. එහෙනම් TWD එක්ක ආයෙත් හමුවෙමු ඊලඟ සතියෙ. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,154 downloadsDownload The-Walking-Dead-S10-E11.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,154 downloadsDownload Subtitles36 KB

26 comments

  1. Dilshan Sanka

    Thanks bokkah sub ekata.

  2. Piyu Chathuranga

    Thx

  3. Sandaru Nimsara

    Sub ekata tnx bro

  4. Anonymous

    Thank You

  5. thilina

    adarei bro

  6. Anonymous

    thanks brother....

  7. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට..

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට...

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. suranuwan

    thanks bro...

  11. Anonymous

    ඇයි බන් මේකට ෆෑන්ස්ල නැත්තෙ

  12. Anonymous

    Thanks bro sub ekata

  13. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Anonymous

    Thx

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  17. techpro

    Thanks saho

  18. Anonymous

    ado alfata badu deno neda negon

  19. Tharindu

    sab ekata thanx machan 12th ikmanatama diyan machan

  20. bgalajee

    අගෙයි..
    12හෙ web එකටත් දාන්න සහෝ..

  21. Nadeesha

    Tnx bro

  22. Anonymous

    Corona valin zombiela hadunoth apitath mehema duva duva inna venne.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anonymous

    Thanx for sub broooo

  25. lakshan

    thanks ...................

  26. Anonymous

    Thanx bro.............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.