ආයුබෝ වේවා බයිස්කෝප්..! හරියටම දශකයක්. ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, ලංකාවේ වැඩිම පිරිසක් දෛනිකව සැරිසරන වෙබ් අඩවි අතර බයිස්කෝප් කියන නම විරාජමානයි. ඉතිං ඒ විරාජමාන වෙබ් අඩවියේ මමත් එක සාමාජිකයෙක් විදියට මීට වසර එක හමාරකට කලින් මගේ නම සටහන් කර ගත්ත. ඉතිං අවුරුදු 10ක් පුරා බොහෝ දෙනෙක්ගෙ කා…

ආයුබෝ වේවා බයිස්කෝප්..!
හරියටම දශකයක්. ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, ලංකාවේ වැඩිම පිරිසක් දෛනිකව සැරිසරන වෙබ් අඩවි අතර බයිස්කෝප් කියන නම විරාජමානයි. ඉතිං ඒ විරාජමාන වෙබ් අඩවියේ මමත් එක සාමාජිකයෙක් විදියට මීට වසර එක හමාරකට කලින් මගේ නම සටහන් කර ගත්ත. ඉතිං අවුරුදු 10ක් පුරා බොහෝ දෙනෙක්ගෙ කාලය, ශ්‍රමය, සහ මුදල් කැප කරමින් ආපු ගමනක සැමරුමට මටත් මේ විදියට එකතු වෙන්න අවස්ථාව ලැබුණ. ඉතිං එදා මෙදා තුර ලංකාවේ නම රඳවපු වෙබ් අඩවියක සාමාජිකයෙක් වෙන්න ලැබීම මට ලොකු ගෞරවයක් සහ ආඩම්බරයක්. ඉතිං දහවෙනි සංවත්සරයේ ත්‍යාගයක් විදියට එකවර නිකුත් කරන The Crossing කතා මාලාවේ මගේ දායකත්වය තමයි මෙතැන ඉඳල ඉදිරි කොටස් 3න් ඔබට සමීප කරන්නෙ.
පසුගිය කොටසින්…
2008 වර්ෂයේ සිදුවුණු පූර්ව සංක්‍රමණය ගැන එමා කියන නියෝජිතවරිය හොයා ගන්නව. මේක දැනගන්න ඊව් එමාව මරල දැම්ම. ඒ වගේම මේ සංක්‍රමණය ඇත්තටම ක්‍රමවත් විදියට සිද්ධ වුණා කියන්න සාක්ෂියක් තමයි මාර්ෂල් කියන්නෙ. එදා ඔවුන්ගේ සංක්‍රමණය වුණු වෙලාවෙ මාර්ෂල් එයාගෙ අම්මයි තාත්තයි එක්ක කාර් එකේ එනව. මීදුම අතරින් පාරෙ මිනිස්සු ඉන්නව දැකපු මාර්ෂල්ගෙ පියා කාර් එකේ තිරිංග තද කළාම කාර් එක හෙළකින් පහලට වැටිල මාර්ෂල්ගෙ අම්ම මිය යනව. මේ සිදුවීම මාර්ෂල් වරින් වර හීනෙන් දකිනව. ඒක පොලීසියට කිව්ව වුණත් පැහැදිලි සාක්ෂි නැතුව ඔවුන් ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ. මේ අතරෙ තමයි වසර 10කට පස්සෙ (බයිස්කෝප් අපිටත් දැන් 10යි ) දෙවැනි සංක්‍රමණය සිද්ධ වෙන්නෙ. නමුත් මේක වෙන්න තිබුණු දෙයක් නෙවෙයි. මොකද 2008 ආපු පිරිස කාල රාමුව වෙනස් කරල තිබුණෙ. ඒ නිසා තමයි සංක්‍රමණය නිසි විදියට වෙන්නෙ නැතුව මුහුද යටින් සිද්ධ වෙන්නෙ. ඒකෙන් සිය ගාණක් මිනිස්සු මැරිල 47ක් පණ බේරගන්නව. මේ බේරුණු පිරිස අතරට 2008 කණ්ඩායම බයේ හිටපු ඇපෙක්ස් පවා අන්තර්ගතයි. ඊව් ලඟ ඇපෙක්ස් විනාශ කරන්න සැලැස්මක් තියෙනව. නමුත් ඒකට රීස්ව පණ පිටින් අල්ල ගන්න ඕනෙ. මේ ඔක්කොම අතරෙ රීස්ගෙ දුව ලියාට මැන්ටල් කියල රෝගය වැළඳිලා හිටියෙ. සොෆී කියන ඩොක්ටර් ඒකට බෙහෙත් හොයද්දි රීස්ගෙ ඇටමිදුළු වල අවශ්‍ය බෙහෙත තියෙනව කියල හොයා ගන්නව. ඒකෙන් ලියා සනීප වෙනව. මේ රෝගයෙන් මේ වෙනකං කිසි කෙනෙක් බේරිලා නෑ. ඉතිං ලියා කොහොමද සනීප වුණේ කියන එක ලොකු ගැටළුවක් වෙනව හැම කෙනෙකුටම.
අද කොටසින්…
ඉතිං කරුණු කාරණා ඔහොම වෙන අතරෙ අද බලාගන්න පුළුවන් ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වෙන විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාව හදාගන්න උත්සාහ කරන විදියත් ඔන්න බලාගන්න පුළුවන්. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරනව. කේලබ් මේක ප්‍රශ්න කරනව. මේ අතර මාර්ෂල් එව්ව ෆෝන් එකෙන් ෆොටෝ අරගෙන කේලබ් යවනව මාර්ෂල්ලට, එයාලගෙ සත්‍ය තත්වය ලෝකයට හෙළි කරන්න. නමුත් මේ ෆෝන් එකත් ඇතුළෙ ඉන්න කෙනෙක් නිසා අහු වෙනව. ලියාට සනීප වුණාට පස්සෙ ඩොක්ටර් ෆෝබ්ස් එයාගෙ පරීක්ෂණ වලින් ඉවත් කරනව. ෆෝබ්ස් හිතාගෙන හිටියෙ රීස්ගෙ ලේ වලින් ලෝකයට අලුත් ඖෂධයක් හදන්න. හැම රෝගයක්ම සනීප කරන්න රීස්ගෙ ලේ වලට හැකියාව තියෙනව. නමුත් ෆෝබ්ස්ගෙ ඉවත් කිරීමත් එක්ක ෆොබ්ස්ගෙ හදවත් රෝගය උත්සන්න වෙලා කාර් එක හප්ප ගන්නව පාරෙ තියෙන තාප්පයක. ඉතිං ඔන්න ගොඩක් දේවල් කිව්ව. දැන් බලල ඉන්නකො. අද ඔක්කොම ටික දෙන නිසා, නිවාඩු දවසෙ එක හුස්මට බැලිල්ලක් තමා තියෙන්නෙ. එහෙනම් ඊලඟ කොටස අරන් ඉක්මනට එන්නම්. ජය වේවා!
Hail බයිස්කෝප්..!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,780 downloadsDownload The.Crossing.S01E06.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
zeal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...!Kulanjana Maduranga
subata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeepkumara
Thanx sahoo
Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
ELA
suranuwan
thanks,,,
sineth devapriya
Tq br
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Supiri... Speed ne.. ela ela.. Jaya wewa baiscope...