Watch Trailer

The Dragon Prince [ S02 : E01-E02 ] Sinhala Subtitles | නිද්‍රා වස්දඬු සහ අඩ සඳේ රහස..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ මාසෙ 15 වෙනිදා එකවර විකාශය වුණු The Dragon Prince කතා මාලාවේ දෙවැනි කතා සමයට තමයි මේ අත්පොත් තියල තියෙන්නෙ. කලින් කතාවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ නැති වුණත් දෙවැනි කතා සමයත් ඔන්න ආපු ගමන් අරගෙන ආව. බලන අතලොස්සක් තුටු පහටු සිත් ඇත්තෝ නරඹත්වා! කියල එහෙනම් අපි කතාව දිහා…

ආයුබෝවන් යාළුවනේ..!

මේ මාසෙ 15 වෙනිදා එකවර විකාශය වුණු The Dragon Prince කතා මාලාවේ දෙවැනි කතා සමයට තමයි මේ අත්පොත් තියල තියෙන්නෙ. කලින් කතාවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණෙ නැති වුණත් දෙවැනි කතා සමයත් ඔන්න ආපු ගමන් අරගෙන ආව. බලන අතලොස්සක් තුටු පහටු සිත් ඇත්තෝ නරඹත්වා! කියල එහෙනම් අපි කතාව දිහාට හැරිල මෙතෙක් කතාව මතක් කරගෙන ඉමු.

පසුගිය කතා සමයෙන්..
ක්ෂේඩියාව කියන්නෙ මායාවන්ගෙන් සහ පුදුමයන්ගෙන් පිරුණු භූමියක්. මේ ක්ෂේඩියාවේ ආදිතම මායා මූලාශ්‍රයන් හයක් තිබුණ. සූර්‍යයා, චන්ද්‍රයා, තාරකා, ආකාශය, සාගරය සහ පෘථිවිය. මිනිස්සු මේ අතරෙ හොයා ගන්නව හත්වෙනි මායා මූලාශ්‍රයක්.. ඒ තමයි අන්ධකාර මායාව. මේකෙන් පස්සෙ ලෝකය වෙනස් වෙනව. ක්ෂේඩියාව කොටස් දෙකකට බෙදෙනව මායාමය භූමිය සහ මනුෂ්‍ය භූමිය කියල. මේ සීමාව ආරක්ෂා කරන්නෙ මකර රජු. දවසක් මනුෂ්‍යයන් සීමාව ආක්‍රමණය කරල මකර රජු මරල ඔහුගේ උරුමකරු වුණු මකර කුමාරයාගේ බිත්තරය පැහැර ගන්නව. මේකට සම්බන්ධ වෙන කටෝලිස් රාජ්‍යයේ හැරෝ රජුගේ පුත්‍රයන් දෙන්න තමයි කැලම් සහ එස්‍රන් කියල කියන්නෙ. කතාව ගෙතෙන්නෙ මේ දෙන්න වටා. දවසක් හදිසියේ මූන්ශැඩෝ එලෆ් ඝාතකයන් එනව හැරෝ රජු මරන්න. ඒකට හේතුව දරුණු අපරාධයක් හැරෝ රජු අතින් වෙලා නිසා තමයි මෙහෙම එන්නෙ. ක්ෂේඩියාව කියන රාජ්‍යයේ ආරක්ෂක මකර රජු මරල, ඔහුගේ එකම උරුමකරු මකර කුමාරයාගෙ බිත්තරය හොරකම් කිරීම තමයි අපරාධය. මේ එල්ෆ්ල පිරිස අතරෙ ඉන්නව තරුණ ගැහැණු එල්ෆ් කෙනෙක්. ඇය රෙයිලා. රෙයිලා මුර සංචාරයේ යෙදෙන අතරෙ ඇයට කටෝලිස් රාජ්‍යයට අයිති මුර සෙබළෙක් හමු වෙනව. රෙයිලා තාම කිසි මනුෂ්‍යයෙක් මරල නෑ. ඉතිං ඇයට බැරිවෙනව මේ මනුෂ්‍යව මරන්න. මේක ලොකු ව්‍යවසනයක ආරම්භය බවට පත් වෙනව. හැරෝ රජු දැනගන්නව ඝාතකයන් එන්නෙ තමා පසුපස කියල. ඉතිං ඔහු තමන්ගෙ ඉරණම බාර ගන්න සූදානම් වෙනව. කුමාරවරු දෙන්න මාලිගයෙන් පිටත් කරනව වෙනත් තැනකට. නමුත් කුමාරවරුන්ට පැනගන්න වෙන්නෙ නෑ, ඔවුන් අහු වෙනව රෙයිලාට.

මේ අතරෙ එස්‍රන් කරන වැඩක් නිසා හංගල තිබුණු මකර කුමාරයගෙ බිත්තරය රෙයිලා දකිනව. ඔන්න ඊට පස්සෙ මේ තුන්දෙනා ඒ බිත්තරය අරගෙන ක්ෂේඩියාව දක්වා යන අසීරු, අපූරු සංචාරය තමයි කලින් කතාවට පාදක වුණේ. ඒකෙදි පරහදීම, කුමන්ත්‍රණය මහ ගොඩක් වුණා. හැරෝ රජු සිය ජීවිතය පිදුව. ඒ වගේම රුනාන කියන එල්ෆ් නායකයට අතිශය බිහිසුණු ඉරණමක් අත් වුණා. හැරෝ රජු ඝාතනයට ලක් වුණා. නමුත් මටනම් හිතෙන්නෙ හැරෝ රජු මියගියේ නෑ කියල. අර කුරුල්ලගෙ ඇතුළෙ රජුගේ ආත්මය හිර කරල තියෙනව වෙන්නත් පුළුවන්. කොහොමහරි ක්ෂේඩියාව බලා යන ගමනෙදි මකර කුමාරයගෙ බිත්තරය අයිස් විලකට වැටෙනව. ඒකෙන් මකර කුමරු මිය යමින් ඉන්නෙ. ඔන්න එතකොට තමයි මේ පිරිස දැනගන්නෙ විස්මිත කල්දේරාවේ සුව කරන්නා ගැන. ඉතිං බිත්තරය අරගෙන යන පිරිසට එහෙම සුව කරන්නෙක් නෑ කියල දැනගන්න ලැබෙනව. නමුත් මේ කුණාටු මකරුන් උපදින්නෙ දරුණු කුණාටුවක් වෙලාවට කියල දැනගන්න කැලම් තමන් අතේ තිබුණු ආදිතම පාෂාණය බිම ගහල කුණාටුවක් ඇති කරනව. ඔන්න එතනින් මකර කුමාරය උපත ලබනව. ඒ වගේම කුමාරවරු හොයාගෙන ආපු ක්ලෝඩියා, සොරෙන් දෙන්න අඳුරු මායාවකින් හොයා ගන්නව මේ කුමාරවරු ඉන්න තැන. එතැන් පටන් කතාව තමයි අද ඉඳල මේ දිග හැරෙන්නෙ..

අද කොටස් වලින්..
ඉතිං කට්ටියට මතක ඇති අවසානෙ හමු වුණු චන්ද්‍ර මායාකාරිය ගැන. ඇගේ නම ලුජේන්. මකර කුමරුගෙ උපතින් පස්සෙ.. කට්ටිය ලුජේන්ගෙ ආගන්තුක සත්කාර මැද ඉන්නව ඇගේ විමානයට වෙලා. කොහොමහරි කලින් අඳුරු මායාවකින් කුමාරවරු ඉන්න තැන හොයාගෙන එන ක්ලෝඩියා, සොරෙන් දෙන්න මේ තැනට එනව. ඒ ඇවිල්ල නිදි මන්ත්‍රයක් මඟින් රෙයිලා නිදි කරවනව. ඒ කරල සොරෙන් රෙයිලාව මරන්න හදනව. කොහොමහරි මේ හුටපටේ අස්සෙ කැලම් කඩා පාත් වෙනව. කැලම්ට ක්ලෝඩියා දැක්කම ඉහේ මලක් පිපුණා වගේ. නමුත් එයා දන්නෙ නැහැ මේ දෙන්න ඇවිල්ල ඉන්නෙ රහස් මෙහෙයුමකට කියල. ඉතිං ක්ලෝඩියා සොරෙන් දෙන්න රහසින් තමන්ගෙ කූට දැල එලාගෙන යනව. මොකක් වේවිද? බලල ඉමු නේ. ගිහින් එන්නම් ඉතුරු කොටස් ටිකත් වෙඩි වගේ අරගෙන. ජය වේවා..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,001 downloadsDownload The-Dragon-Prince.S02.E01-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

4,001 downloadsDownload Subtitles31 KB

33 comments

  1. Ravindu Rukshan

    තැන්ක්ස්

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ayesh Prashan

    Nobalana Un Pau.. Patta Series Eka.Thank You

  4. PASINDU1952

    Thanx for the sub, Brother..

  5. asala

    සිරා පට්ට කතාව

  6. dil591

    thnx bro..

  7. Chanu mikhail

    meka ftta......!
    thanks bro,
    jaya...!!

  8. nalakasandamal

    Supiri

  9. pulasthima

    තෑන්ක්ස් බ්‍රෝ..අනේ අනිත් ටිකත් ඉක්මනට දෙන්න..

  10. Janasanka

    බොහොම ස්තුතියි bro...
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු....
    ඔබට ජය...

  11. buddikakb

    එල එල.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. krishanmadusanka

    ela lassana tv sereas ekak bro thanks

  14. Kulanjana Maduranga

    subata thanks

  15. Dilanka Maduwantha

    Thanks Bro......

  16. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි!

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  18. Rasindu Perera

    Castlevania Season 2 එකටත් සබ් දෙමු ...

  19. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  20. shaney

    Thank u!

  21. V.T.Piyumal

    Thanks bro sub ekata,elaga ewath denna jaya wewa..!

  22. ruka94

    එනකන් බලන් ඉදියේ මචන් ඉස්තූතියි සබ් එකට

  23. Dula95

    thanks bro

  24. Dj-Hirushka Methnuwan

    Thanx

  25. Cj

    තැන්කුයි වේවා

  26. TharakaWAS

    thanks for sub...!!!

  27. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    මේකේ පලවෙනි season එක බැලුවට පස්සේ
    දෙවෙනි එක එනකල් හිටියේ සහෝ,
    උපසිරස දුන්නට බොහොම ස්තූතියි!
    බලපු නැති කට්ටිය අනිවා බලන්න.
    ජය වේවා උදයංග සහෝ!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  28. nishannw

    අම්මෝ දෙවෙනි එක එනකල් බලන්හිටියේ.....ස්තූතියි.....එක දිගටම බැලිල්ලක් තමා දැං ඉතිං..

  29. Ravindu761

    Thanqqq broooo.....සුපිරි මචං.. එනකන් හිටියෙ. බොහොම ස්තුතියී...!!!

  30. lakshanerantha

    tnx bro

  31. Thilina Chamara

    thank you

  32. sam fisherr

    thanks tall