Watch Trailer

The Dragon Prince [S02 : E03-E04] Sinhala Subtitles | චන්ද්‍ර ඇස්බැන්දුම් සහ දුමෙන් පණ පෙවුණු කැඩපත [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොරොන්දු වුණා වගේ මේ ගෙනාවෙ ඊලඟ කොටස් දෙක. පහුගිය කොටස් බැලුවනම් පේන්න ඇතිනෙ කතාව සෑහෙන උද්වේගකරයි කියල. පළමු කතා මාලාවට නොදෙවනි වෙන්න මේ කතා මාලාවත් ගලාගෙන යනව. ඉතිං එහෙනම් මේකත් බලල ඉමුනේ. පහුගිය කොටස් වලින්… ඉතිං මතක ඇතිනෙ පහුගිය කොටස් අවසානෙ කැලම්ලට හමු වුණු චන්ද්‍ර මායාකාරි…

ආයුබෝවන් යාළුවනේ..!

පොරොන්දු වුණා වගේ මේ ගෙනාවෙ ඊලඟ කොටස් දෙක. පහුගිය කොටස් බැලුවනම් පේන්න ඇතිනෙ කතාව සෑහෙන උද්වේගකරයි කියල. පළමු කතා මාලාවට නොදෙවනි වෙන්න මේ කතා මාලාවත් ගලාගෙන යනව. ඉතිං එහෙනම් මේකත් බලල ඉමුනේ.

පහුගිය කොටස් වලින්…

ඉතිං මතක ඇතිනෙ පහුගිය කොටස් අවසානෙ කැලම්ලට හමු වුණු චන්ද්‍ර මායාකාරිය ලුජේන් එක්ක මකර කුමරුගෙ උපතින් පස්සෙ පිරිස ලුජේන්ගෙ ආගන්තුක සත්කාර මැද ඉන්නව ඇගේ විමානයට වෙලා. කොහොමහරි කලින් අඳුරු මායාවකින් කුමාරවරු ඉන්න තැන හොයාගෙන එන ක්ලෝඩියා, සොරෙන් දෙන්න මේ තැනට එනව. ඒ ඇවිල්ල නිදි මන්ත්‍රයක් මඟින් රෙයිලා නිදි කරවනව. ඒ කරල සොරෙන් රෙයිලාව මරන්න හදනව. කොහෙ මරන්නද රෙයිලා කියන්නෙ පරුෂ ඝාතයෙක් නොවුණට උපායශීලී සටන්කාරියක්. ක්ලෝඩියා සොරෙන් දෙන්න කතා කරන අතරෙ රෙයිලා පහර දෙනව. කොහොමහරි මේ හුටපටේ අස්සෙ කැලම් කඩා පාත් වෙනව. කැලම්ට ක්ලෝඩියා දැක්කම ඉහේ මලක් පිපුණා වගේ. නමුත් එයා දන්නෙ නැහැ මේ දෙන්න ඇවිල්ල ඉන්නෙ රහස් මෙහෙයුමකට කියල. ඉතිං ක්ලෝඩියා සොරෙන් දෙන්න රහසින් තමන්ගෙ කූට දැල එලාගෙන යනව. ඒ වගේම අමාරුවෙන් හිත හදාගෙන රෙයිලා යනව හැරෝ රජු මැරුණු බව කැලම්ට කියන්න. ඒත් ඒ වෙනකොට ක්ලෝඩියා ඒ රහස ඔහුට හෙළි කරල ඉවරයි.

අද කොටස් වලින්..

ඉතිං කොහොමහරි ක්ලෝඩියා හැරෝ රජුගේ මරණය හෙළි කළාම කැලම්ට ඒක ලොකු වේදනාවක් බවට පත් වෙනව. මේක කොහොමද එයා එස්‍රන්ට හෙළි කරන්නෙ. බලන්න අයියණ්ඩිට මේ කාරණාව තමන්ගෙ මළයණ්ඩිට හෙළි කරන්න පුළුවන් වේවිද කියල. මේ අතරෙ වෙරන් කැඩපතේ රහස අහඹු සිදුවීමක් නිසා හෙළි කර ගන්නව. මේක තව ලොකු අනතුරකට දොරටුවක් විවර වීමක්. කැඩපත තුළින් වෙරන්ට අමුතු ස්ථානයක් පෙන්නනව, එතන අමුතු ජාතියක මනුෂ්‍යයෙක් නොවන මනුෂ්‍ය හැඩය තියෙන කෙනෙක් ඉන්නව. මේ අතරෙ ක්ලෝඩියා, සොරෙන් දෙන්න අසමත් වෙනව කුමාරවරු මාලිගයට හරවගෙන යන්න කැමති කරවා ගන්න. ඉතිං ඊට පස්සෙ දෙන්න වෙන සැලැස්මක් හෙළි ක්‍රියාත්මක කරනව. ටිකක් දරුණු සැලැස්මක්. මේ අතරෙ ක්ෂේඩියාව හා කටෝලිස් රාජ්‍යයින් අතර කපොල්ලක තියෙන කඳවුරක් සන්ෆයර් එලෆ්ල විසින් ආක්‍රමණය කරල. ජෙනරල් අමායා යනව මේ තැන බලන්න. එතන ලොකු සටනක් වෙනව. ඒ වගේම වෙරන්ට හමුවුණු අමුත්ත වෙරන් එක්ක මොකද්දෝ රහස් මායා වැඩක් කරනව. ඇතිනේ කතන්දරේ. එහෙනම් ඊලඟ කොටස් දෙක අරගෙන කවිෂල් මල්ලි ඒවි. ඊට පස්සෙ කොටස් තුන අරගෙන මම එන්නම්. ජය වේවා…!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

4,219 downloadsDownload The-Dragon-Prince-S02-E03-E04.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

4,219 downloadsDownload Subtitles27 KB

19 comments

  1. Ravindu Rukshan

    thx

  2. Chanu mikhail

    sub eka enakan hitiye..
    thanks bn..!!

  3. Imeshamadu

    Thenks aiya super

  4. Kulanjana Maduranga

    subata thanks

  5. Dula95

    thanks bro

  6. Dilanka Maduwantha

    Thanks Sampath Bro.......

  7. Dilanka Maduwantha

    Thanks Sampath Bro

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. Ayesh Prashan

    Thank You

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  12. mmadhushankha

    ela

  13. TharakaWAS

    Thanks for sub...!!!

  14. Janasanka

    බොහොම ස්තුතියි සහෝ...
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ඔබට ජය...

  15. Cj

    තැන්කුයි වේවා

  16. rockz2020

    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    උපසිරස ලබාදුන්නට බොහොම ස්තූතියි!
    ජය වේවා සහෝ!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  17. prasanga sanjeewa

    thanks,
    bro

  18. nishannw

    ස්තූතියි සහෝ

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.