Watch Trailer

The Dragon Prince [S05 : E09] Sinhala Subtitles | බාධක මතින් ගොඩනැඟූ ජය! [සිංහල උපසිරසි]

The Dragon Prince [S05 : E09] Sinhala Subtitles කොහොමද ඉතින්? The Dragon Prince Season 05 අවසන් කොටසට තමා මේ උපසිරසි අරගෙන ආවෙ. බලන අයට ආයෙ අමුතුවෙන් මේකෙ සුපිරි බවගැන කියන්න ඕනෙ නෑනේ. කොහොමත් දැන් කතාව සෑහෙන උද්වේගකර පැත්තට කැරකිලා තියෙන්නෙ. එහෙනම් පසුගිය සිදුවීම් මතක් කරගෙනම අවසන් එපිය බලමු. ලක්ස…

The Dragon Prince  Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

කොහොමද ඉතින්? The Dragon Prince Season 05 අවසන් කොටසට තමා මේ උපසිරසි අරගෙන ආවෙ. බලන අයට ආයෙ අමුතුවෙන් මේකෙ සුපිරි බවගැන කියන්න ඕනෙ නෑනේ. කොහොමත් දැන් කතාව සෑහෙන උද්වේගකර පැත්තට කැරකිලා තියෙන්නෙ. එහෙනම් පසුගිය සිදුවීම් මතක් කරගෙනම අවසන් එපිය බලමු.

ලක්ස් ඕරියාවෙන් පිටුවහල් කරපු කරීම් දැන් ජනායිට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්නයි ලෑස්ති වෙන්නෙ. ඒ ෆාරෝස්ගේ සහයත් ඇතිවයි. සෝල් රේගම්ව හමුවුණාට පස්සෙ, මේ මකරගෙන් වැඩක් ගන්න නම් අන්ධ භාවයට පත්වුණු ඇස් ආයෙ සුවකරන්න ඕනෙ කියල කරීම් කියනවා. ඒ අනුව තමයි සෝල් රේගම්ගෙ ඇස් සුව කරන්න “සන්සීඩ්” එකක් අවශ්‍ය බව කරීම් කියන්නෙ. ඉතින් මේ වෙනකොටත් ජනායි සතුව සන්සීඩ් එකක් තියෙන නිසා ඒක හොරකම් කරන්න “බ්ලඩ් මූන් දඩයක්කාරිය” වෙන “කිම්ඩේල්”ගෙ සහය කරීම් ලබා ගන්නවා. ඉතින් මේ කිම්ඩේල් රහසින් ලක්ස් ඕරියාවට ඇතුළුවෙලා කරපු විනාසය මතක ඇතිනෙ. ඒත් සන්සීඩ් එක කලින්ම ඉවත් කරන්න තරම් ජනායී විචක්ෂණශීලී උනා. නමුත් ගැටලුව තමයි ඇය මේ සන්සීඩ් එකේ වගකීම පවරපු “මියානා” ඇත්තටම විස්වාස කරන්න පුලුවන් කෙනෙක්ද කියන එක. ඒ ගැන තොරතුරු අවසන් කොටසින්…

ස්කම්පෝර්ට් වල ෆිනග්‍රින්ගෙ දෙයක් හොරකම් කරලා එස්‍රන්, කැලම් ඇතුළු පිරිසව ලොකු අමාරුවකනෙ දැම්මෙ. ෆිනග්‍රින්ගෙ ග්‍රහණයෙන් මෙයාලා මිදෙන්න සෑහෙන උත්සහයක් දැරුවා. නමුත් අසාර්ථකයි. අනික මේ ෆිනග්‍රින්ගෙ නැව ඇත්තටම මොකක්ද කියලත් බලපු අය දැන් දන්නවනෙ. ඉතින් ෆිනග්‍රින් උත්සහ කළා ඩොමිනා ප්‍රොෆන්ඩිස්ව මරන්න කැලම්ගෙ සහය ගන්න. නමුත් කැලම් අඳුරු මායාවන් ප්‍රතික්ෂේප කරපු නිසා මේ පිරිසට සෑහෙන වේදනාවන් විඳින්න උනා. මතක ඇතිනෙ රෙයිලට එහෙම වෙච්ච දේ? ඒ කොහොමහරි ෆිනග්‍රින්ගෙ කරදරෙත් අවසන් උනේ අන්තිමට කැලම් “ඕෂන් ආකේනම්” එකත් අවබෝධ කරගැනීම එක්ක. කැලම් දැන් පොරක්.

ඉතින් ඔන්න කැලම්, රෙයිලා, ඒස්‍රන්, සොරෙන් බාධක රැසක් මැඳින් අවසන් නැවතුමට ඇවිල්ලා. ඉතින් මෙයාලගෙ බලාපොරොත්තු ඉටුවෙයිද? ඇරවෝස්ගෙ සිරකුටිය සොයාගන්න මෙයාලා සමත් වෙයිද? අවසන් එපිය බලලම දැනගන්න එහෙනම්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,323 downloadsDownload The-Dragon-Prince-S05-E09.zip8.6 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next Season

Subtitles

1,323 downloadsDownload Subtitles8.6 KB

4 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. thilina

    season 6 ekatath sub dennako

    1. Pavith Wijesooriya

      සබ් ටික දැන් කරගෙන යන ගමන් සහෝ. හැකි ඉක්මනින් සම්පූර්ණ කරලා ඔයාලට ලැබෙන්න සලස්වන්නම්...

  3. Dasun

    Bro ogollanta pulwan ikmanata eelaga season eke sub genna puluwand

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.