පළමු කොටස එදාම දුන්නත් අනික් දවස්වල හැමදාම වගේ ප්‍රමාද වුන නිසා අවසන් කොටස ආපු දවසෙම ඉවරයක් කරගන්න ලැබුණා සෙනසුරාදා 8.30 වෙද්දීම. පසුගිය කොටසේ දකින්න ඇතිනේ ඇන්ජෙලා එයාගේ අම්මා ක්‍රිස්ගේ බෙල්ල කඩලා මරලා දැම්මා. පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරන්න ගත්තා ඒත් ඉතින් ඇන්ජෙලා මුකුත් නොදන්න ගානට හැසිරුණා. එතකොට…

පළමු කොටස එදාම දුන්නත් අනික් දවස්වල හැමදාම වගේ ප්‍රමාද වුන නිසා අවසන් කොටස ආපු දවසෙම ඉවරයක් කරගන්න ලැබුණා සෙනසුරාදා 8.30 වෙද්දීම.
පසුගිය කොටසේ දකින්න ඇතිනේ ඇන්ජෙලා එයාගේ අම්මා ක්‍රිස්ගේ බෙල්ල කඩලා මරලා දැම්මා. පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරන්න ගත්තා ඒත් ඉතින් ඇන්ජෙලා මුකුත් නොදන්න ගානට හැසිරුණා. එතකොට එයා අර පොලිස් අධ්‍යක්‍ෂකගේ අත ඇල්ලුවහම අපිට දැකගන්න ලැබුණා අර මිනිහා කොහොමද කේසීගෙන් අයින් වෙලා ඇන්ජෙලා එහෙමත් නැත්තම් ඒ මිනිහගේ හුරතල් රේගන් මැක්නියල්ගේ ඇගට ඇතුල් වුණේ කියලා. ඇත්තටම ඇන්ජෙලා ඇතුල්වෙන්න කියලා අවසර දුන්න නිසයි ලෙහෙසියෙන්ම වැඩේ වුණේ. කේසීවත් ඉස්පිරිතාලෙ ඉදන් එක්ක ආවා. ඇන්ජෙලාගේ හැසිරීමේ අමුත්ත නම් මෙහ් ෂෝ එක බලන අපිට තේරුනාට අනික් අයට තේරෙන්නේ නැනේ. ඉතින් හැමෝම හිතුවේ ඒ මිනිහා යන්න ගිහින් කියලා. නමුත් ඇන්ජෙලා අමුතු හැසිරීම් එක්ක කේසිට යන්තම් තේරුම් ගියා. ඒ කතාවේ අවසානයට කිට්ටු කරලා. අන්ජේලාට වහලා ඉන්නේ අර නාකි මිනිහනේ. කොහොමත් ඔය වගේ නාකි මිනිස්සු ආස පොඩි ගෑණු ළමයින්ටම තමයි. මතකනේ මුල් කාලේ කේසීට වෙච්ච දේ.හෙයා ඩ්‍රයි එකක් අරං. -_- මේ වගේම තමයි එයා කැට්ගේ කාමරේට ගිහින් එයාගේ ඇගපත අත ගාන්න අරං ඕනේ නැති වැඩක් කරන්න හද්දීම හොද වෙලාවට කේසී මුකුත් නොදන්නවා වගේ ඇවිත් කැට්ට වෙන්න ගියපු දෙයින් බේරාගත්තා. හෙන්රිට වෙච්ච අනතුරින් පස්සේ එයාගේ ඔලුවේ සංඛ්‍යාතමය හඩවල් ඇහෙන්න අරං තිබුනා. මේ ගැන තෝමස් පියතුමන්ටත් කිව්වා. එයාට ඒ ඇහෙන්න ගත්ත ඉලක්කම තමයි 162. මොකක්ද මේ 162? ඒ ටික පස්සේ කියන්නම්. ශාන්ත අන්තෝනිය වහලා දාලා ශාන්ත බ්‍රිජඩ් වලට තෝමස් පියතුමන්ව ගෙන්න ගන්නයි ප්‍රධාන පියතුමන්ට ඕනේ වෙලා තියෙන්නේ. මේ අතරේ වෝල්ටර් ගෑනි අනිත් අය එක්ක සැලසුම් වගයක් ගහනවා පාප් වහන්සේගේ පා ගමන දවසේ කරන්න ඉන්න. අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනි නැහැනේ මේක කුමන්ත්‍රණයක් කියලා. ඔව් එයාලා සැලසුම් කරන්නේ පාප් වහන්සේව මරලා දාන්න. ඇන්ජෙලාට වහලා ඉන්න මිනිහට අනික් හැම ආවේශ වුන ඩීමන් කෙනෙක්ම බයයි. එයාට දන නමනවා. දන නැමුවේ නැත්තම් බලෙන් හරි වැඩේ කරගන්නවා. හරියට ලූසිෆර්ට මුළු අපායම බයයි වගේ.
මාකස් රීගෝස් ජෝඩුව එක්ක ඔත්තු බැලුවා. එතකොට තමයි දැනගත්තේ මේ සිද්දවෙන්න යන විනාසය ගැන. වොල්ටර්ස් ගෑනු කෙනා එක්ක අනිත් අයට තියෙන සම්බන්ධය වගේම හැමදේම දැනගත්තා. බෙනෙට් පියතුමන්ව පැහැරගෙන කියලත් අනුමාන කරලා දැනගත්තා. මේ විස්තර හොයාගත්ත ගමන් මාකස් රීගෝස් ජෝඩුවට කිව්වා ට්‍රේලර් එකත් අරං නගරෙන් පිටවෙන්න කියලා. නමුත් මේ දෙන්නගේ හිතුවක්කාරකම නිසා තව තවත් ඔත්තු බලන්න ගිහින් මැරෙන්න තමයි සිද්දවුණේ. නමුත් මැරුණේ අර බොරුවට පියතුමන් වගේ වෙස් වලාගෙන ඉන්න, අළු මංගල්‍ය කරගෙන යන කෙනත් ඩීමන් කෙනෙක් කියලා හොයාගෙන. එයාලා වෙලාවට ඒ ගත්ත පින්තූරයක් මාකස්ට යවලා තිබුන නිසා මාකස් එයාව රීගෝස්ව හොයාගෙන යද්දී ඒ දෙන්නා මැරිලා ඉන්නවා දැක්කට පස්සේ එයා අනුමාන කළා ඊලග මරණය කන්‍යාරාමයෙ ඉන්න බේරන්ඩෙට් මව්තුමිය කියලා. ඒ හිතුවත් වගේ ඒ අතරේ ඇන්ජෙලා ගිහින් බේරන්ඩෙට් මව්තුමියව මරලා දැම්මා. මොකද ඈ හොදාකාරවම දැනගත්තා ඇන්ජෙලා ආපු වෙලාවේ එයාට අර මිනිහා ආවේශ වෙලා ඉන්නේ කියලා. මාකස් එතනට යද්දී මව්තුමිය ඇතුළු හැම සහෝදරියක්වම මරලා දාලා තිබුණා. මාකස් අර මහත මිනිහව අල්ලගෙන ප්‍රශ්ණ කරන අතරේ එයා දැනගත්තා ඇන්ජෙලාට තමයි දැන් ඩීමන් ආවේශ වෙලා ඉන්නේ කියලා. ඒත් එතනට කඩා වැදුණු ඒ මිනිහගේ ගෝලයෝ ටික මාකස්ව අල්ලගත්තා. කේසී දැනගත්තනේ එයාගේ අම්මට ආවේශ වෙලා කියලා. ඇරත් එයා එක තැනකදී කිව්වා, “එයා මගේ ඇගෙන් අයින් වෙලා අම්මගේ ඇගට ආවේශ වුණා” කියලා.ඒ කියන්නේ එයත් ඒ මොහොතේ ඉදන්ම දැනන් ඉදලා තියෙනවා. මේ හැමදේම එයාගේ අක්කාටයි, තාත්තාටයි කියලා ගෙදරින් යන්න හදද්දීම ඇන්ජෙලා ඇවිත් භූත බලයෙන් දොරවල් වහලා දාලා කට්ටියට වදදෙන්න ගත්තා කැත්රින් මුරණ්ඩු වුණා කියලා. මේ අතරේ තෝමස් පියතුමන් ටාරා එක්ක අන්තොනියේ බඩු අහුරන වෙලාවේ ටාරා ළග තිබිලා ක්‍රිස්ගේ පොත හම්බෙනවා. පස්සේ එයාට මතක් වුණා අර 162 දෙකේ සිද්දිය. මෙයා 162 පිටුව දිගහැරලා බලද්දී තිබුණා ඩීමන් ආයෙමත් වතාවක් කොහොමහරි රේගන්ව අත්පත් කරගන්නතාක් නවතින්නේ නෑ කියලා. මේ ඔස්සේ තෝමස් කට්ටියව බේරගන්න ගෙදරට කඩාපැන්නා. අර 162 කතාව නම් හරිම අමුතුයි. මොකද අර කලින් තෝමස් කියපු කතාව ඇත්තක් වුණා. ඒ දෙවියන් වහන්සේ හෙන්රි හරහා කතා කරනවා/උදව් කරනවා.
කලින් දකින්න ඇතිනේ තෝමස් රෑන්ස්ලගේ ගෙදරට ආවා. ඒ ආපු ගැම්මටම මේ දේවල් බේරුමක් කරගන්න වෙන්නේ නෑ. අද කොටස නම් සුපිරියක්.පුදුම සටනක් තමයි යන්නේ. තෝමස් ආවත් එක්කම එයා ඇන්ජෙලාගේ ඇගේ ඉන්න ඩීමන් එක්ක සටන් කරන්න හදනවා. නමුත් ඒක කරගන්න වෙන්නේ නැහැ මොකද එයාට කලින් ඩීමන් ඉස්සර වෙනවා. එයා තෝමස්ව නින්දට යවලා එයා හුදෙක්ම සටන් කරන්න සිදුවෙන හීනයක තනි කරනවා මාකස් එක්ක. ඒත් ඇත්තටම එතන මාකස් නෑ. බොරු මවා පෑමක්. එයාට ඕනේ කරන්නේ තෝමස්ව මරලා දාන්න. ඔයාලට මතකද මන්දා ඩීමන් එක තැනකදී කියනවා. එයා ඇන්ජෙලාට සංකලනය වෙලා ඉවරයි. මේක ස්ථිරයි කියලා. නමුත් ඒක බොරුවක්. එයා ඉන්න සමාන්තර ලෝකේ තමයි අර මිනිහයි ඇන්ජෙලයි තනිවෙලා ඉන්නේ. එයාට තාමත් ඕනේ ස්ථිරවඇන්ජෙලාට ඇතුල් වෙලා මේක ස්ථිර කරගන්න. ඒක වෙයිද? එතකොට ඔයාලා දකින්න ඇතිනේ අටවැනි කොටසෙදි බෙනෙට් පියතුමන් ව්හානේ ඇතුලෙදි කොටු වෙලා ඔළුවට බෑග් එකක් දානවා. අපි හිතුවේ එයා මැරිලා කියලා නමුත් ඒක එහෙම වෙලා නැහැ. සයිමන්ට ඕනේ මාකස්ට හෝ බෙනෙට්ටත් මිනිස්සුන්ගේ ඉන්ද්‍රියයන් ගලවලා අරං අළු කරපුවා වලින් ඩීමන් කෙනෙක්ව හදලා ඒ දෙන්නාගෙන් කෙනෙක්ට ලබාදෙන්න. එහෙම වෙයිද? මේ අතරේ ඇන්ජෙලාට ආවේශ වෙලා ඉන්න ඩීමන් පවුලේ අයට හුගක් වදදෙනවා. කොහොමින් කොහොම හරි තෝමස් මේ හීනෙන් ඇහැරිලා ඇවිත් කේසී, කැට්, හෙන්රිගේ උදව් ඇතිව ඇන්ජෙලාව බේරගන්නවා. එතකොට පාප් වහන්සේ? එයාගේ පෙළපාලිය සුපුරුදු පරිදි ගමනෙහි යෙදිලා එක්තරා තැනක නතර කරලා සයිමන්ගේ සැලසුම් වලට අනුව අනික් මිනිසුන්ට දරාගන්න බැරි සංඛයාතයකින් ශබ්දයක් නිකුත් කරලා එයාලගේ අවධානෙ වෙනස් කරලා සෙබස්තියන් පාප් වහන්සේව මරන්න හදද්දිම එතනට මාකස් ඇවිත් සයිමන්ව මරලා වෙන්න ගියපු විනාශය නවත්තනවා. ඒත් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි මරීයාට ඩීමන් කෙනෙක් වැහුණු නිසා මේක මෙතනින් අවසන් වෙන්නේ නෑ. එයාට විතරක් නෙවෙයි පොලිස් අධ්‍යක්ෂක වගේම තවත් ඔවුන්ගේ ගෝලයෝ කිහිපදෙනෙක්ම තාමත් ඩීමන්ලා ආවේශ වුනු අය. අනික තෝමස්ට වුවමනාවක් ඇතිවෙනවා මාකස්ගෙන් යකැදුරෙක් වෙන්නේ කොහොමද කියලා ඉගෙනගන්න. බලලම ඉන්නකෝ එහෙනම්.
ඔන්න එහෙනම් මේ කතාවෙත් අවසානයට ආවා. පුරා සති දහයක් පුරාවට කතාව ඇදගෙන යන්න ලැබුණා. නවවැනි කොටස ටිකක් ප්‍රමාද වුණා. හිතපු තරම් නම් මේකට කට්ටිය කැමැත්තක් දක්වලා තිබුනේ නෑ කියලා ඩවුන්ලෝඩ් ගානින් තේරුම් ගියා. ඒ ඩවුන්ලෝඩ් ගානින් හරි අඩකටවත් අදහසක්වත් පලවෙලා තිබුනේ නෑ පලවෙනි කොටසට ඇරෙන්න. ගොඩක් අය එන්නේ ඉතින් සබ අරගෙන යන්න විතරයි කියලා දැන දැනත් මං කතාව නොතේරෙන අය ඇති කියලා හිතලා මං දීර්ඝ ලිපියක් ලියලා පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කළා. ඒක සාර්ථක වුනාද නැද්ද කියලවත් මං නම් දන්නේ නෑ. කොහොමත් මේක ඉවර වුන එකෙන් මට මගේ වැඩේ ලේසි වුණා. මොකද ඉස්සරහට මට වැඩි දායකත්වයක් දක්වන්න වෙන්නේ නෑ. නමුත් මේ කතාමාලාවේ හත්වැනි කොටස විකාශය වෙද්දීම විදේශීය රටවල්වල අය එකතු වෙලා FOX නාලිකාව ඇතුළු මේ කතාමාලාව ආශ්‍රිත සියළු සමාජජාල වල නොයෙක් ආකාරයේ පෝස්ට් පලකරන්න ගත්තා මේකේ දෙවැනි සමයක් ඉල්ලලා. මමත් ඉතින් ඒකට දායක වුණා ෂෝ එකට තියෙන ආසාවට. තක්කෙටම කියන්න නම් දන්නේ නෑ දෙවැන්නක් එයිද කියලා. 75%ක වගේ ඉඩක් තියෙනවා මේකේ දෙවැන්නක් එන්න. ඒත් ඉතින් ආයේ නම් දෙවැන්නක් ආවත් උපසිරැසි ගන්වන්න කිසිම අදහසක් නෑ. ඒ ඇයි කියලා නම් අහන්න එපා. මේකේ කලින් පෝස්ට් අට දැක්කම තේරෙයි ඒ ඇයි කියලා.
ගිහින් එන්නම්. ජය! සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E10.HDTV.x264-KILLERS
The.Exorcist.S01E10.720p.HDTV.2CH.x265.HEVC-PSA
The.Exorcist.S01E10.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,527 downloadsDownload The.Exorcist.S01E10.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
sajith
Isuru
Thanks machan sub ekata..eth sub eka download wennene..
episode 10 ekath awith..ekatath ikmaninma sub denna saho..Isuru
episode 09 download karanna dawas 2k idan try kale..dannema na episode 10tat sub deela..
thamath sub download karanna ba saho..someone pls help..Isuru
episode 09 sub download karanna dawas 2k idan try kale..dannema na episode 10tat sub deela..
thamath sub download karanna ba saho..someone pls help..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවෝද්
Thankz sahi sub ekta
hiran
ela kollo...jayen jaya....
හේශාන් ලක්ශිත
මුලින්ම කියන්න ඕනෙ සහෝ මේ කරපු වැඩේ මසුරන් කියන එක.
මේ කතාව හිතට අල්ලල ගියා මගෙත්. ඒත් සම්පූර්ණ ඉංග්‍රීසියෙන් බලන්න ගියාම තේරුම්ගන්න අමාරුයි.
ඒත් මේ සබ් ටික හින්දා මට කතව හොදට තේරුම්ගන්න උලුවන් උනා. ඒත් මට කමෙන්ට්ස් ආන්නනම් උනේ නෑ එච්චර.මොකද මන් පන්ඩර ඉස්කොලෙ යන්න ලෑස්තිවෙලා ඕක බාන්නෙ,ඒක නිසා ච්ච්ර වෙලාවක් උනේ නෑ ඒකට. ඒකට හුගක් සමාව ඉල්ලන්න ඕනෙ.
අපි කවෘත් මේක කරන්නෙ සල්ලි හම්බ කරන්න නෙමෙනෙ.ආත්ම තෘප්තියට.එච්ච්ර දෙයක් කරලත් මේවගේ වෙනකොටදුක හිතෙනවා තමා.
ඒත් මට කියන්න තියෙන්නෙ මේ කරපු දේ ඉතාමත් හොදයි කියල. ඒත් මේකෙ ඩව්න්ලෝඩ් 679ක් තියේ ඒත් කමෙන්ට් අඩුයි. මන් ඒ 679 වෙනුවෙන් සමාව ඉල්ලනවා.
කෙසේනමුත් අපිට ඕකෙ සීසන් 2 ආවාම නිකන් තමා බලන්න වෙන්නෙ. :(
කමක් නෑ මේ අපි විහින් කරගත්තුවනෙ
කොහොම උනත් සහෝ තෙරුවන් සරණයි ! ජයෙන් ජයindika
The.Magnificent.Seven.2016. mcn sub dapanko...........
prasad
sub download karannn ba
(503 ERROR
Service Temporarily Unavailable)
watenawaDan Menaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranil danushka
Great job bro.Uba sub dapu nisai MN Nam Meka beluwe.thanx bro
sandun
season 2 awilla. ikmanin sub denno.
rachitha
The exorcist Season 2 eke subs dennako.plz help us
Kavindu Chathuranga
Thank you bro....
sha_si
MChn season 2 ekta sub deepnko!!!!!!!!!!!!
sha_si
PLzzz plzzz plzzzz !!!!!!!!!!!!
sha_si
pLzz season 2 eke saba oni saho....!!!
naveendya
season 2 plzzz
Mjpeiris
Season 2 sub diyanko
Bhanu_madu
තාම බැලුවෙ නැහැ... කතාව කියවනකොට දැක්කේ කමෙන්ට් එකක් දාන එක අපි ගනන් නොගත්තට අමාරුවෙන් සබ් හදන අයට ඒක ගොඩක් වටිනවා කියලා... ඇත්තටම බොහොම ස්තූතියි .සබ් එක ගොඩක් වටිනවා.මේක විතරක් නෙමේ හැම එකක්ම.ටීවි සීරිස් එකක් එක දවසින් බලල ඉවර කරන්න පුලුවන් උනාට සබ් එකක් හදන්න ඔයාල ගොඩක් මහන්සි වෙනවා ඇති... thank you so much අයියේ , අක්කේ ඔයාලට...
පුලුවන්නම් මේකේ සීසන් 2 තියෙනවනම් ඒකටත් සබ් එක දාන්න...Dimuthu
Season 2 sub plz bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ්වලට.. :)
සීසන් 2ත් සබ් දෙන්නකෝ බ්‍රෝ :(Hashan M. Priyadarshana
මේ ටීවී සීරීස් එක ඇවිල්ලා අවුරුදු දෙක තුනක් උනාට මං මේක බැලුවෙ මේ අවුරුද්දෙ බ්රෝ සබ් එක බා ගත්තෙත් මේ අවුරුද්දෙ.. කතාවෙ සීසන් දෙකක් ඇවිල්ල තිබ්බත් සබ් බා ගත්ත අයගෙන් වැටිච්ච කමෙන්ට් අඩු නිසා season 02ට සබ් කරන්නෙ නෑ කියල දැක්ක මං මට පුලුවන් විදිහට හැම එපියකටම කමෙන්ට් කරා මේක සුපිරි කතාවක් මචං පුලුවන් නම් මේකෙ season 02ටත් සබ් එක දෙන්න බ්රෝ
Dula95
supiri kathawa season 2 ekath denna thank u bro
Uchitha_anuhas
ස්තූතියි බ්❤️රෝ❤️
Thathsarani
Sub එක නියමයි bro
Sajeewa gunarathna
Sub ekata thanks ❤️
Se 2 sub denna puluwnda
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ.සීසන් 2 එකටත් සබ් දෙන්න පුලුවන් නම් හොදයි❤.
Madhurockz
maru brother......................
Aravinda Fernando
බොහෝම ස්තූතියි මේ සබ් ඔක්කෝටම. මේක දෙන්න මහන්සි උනු හෑමෝටම පින්.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

mcn sub download wenne nane.