අවුරුදු තුනකට කලින් විකාශය වුන The Exorcist දෙවැනි කතාසමය අරගෙනයි මේ මුණගැහෙන්නෙ. උපසිරැසිකරනයෙන් ඉවත් වෙලා හිටිය කාලෙක තමයි The Exorcist දෙවැනි කතාසමයත්, Mr.Robot තුන්වැනි කතාසමයත් එකම එකට විකාශය වුනෙ. Mr. Robot තුන්වැනි කතාසමය ගිය අවුරුද්දෙදි අරගෙන ආවත් මේක මට කරන්න ලැබුනෙ නැහැ. ඒත් මේකට මේ අවුරු…

අවුරුදු තුනකට කලින් විකාශය වුන The Exorcist දෙවැනි කතාසමය අරගෙනයි මේ මුණගැහෙන්නෙ. උපසිරැසිකරනයෙන් ඉවත් වෙලා හිටිය කාලෙක තමයි The Exorcist දෙවැනි කතාසමයත්, Mr.Robot තුන්වැනි කතාසමයත් එකම එකට විකාශය වුනෙ. Mr. Robot තුන්වැනි කතාසමය ගිය අවුරුද්දෙදි අරගෙන ආවත් මේක මට කරන්න ලැබුනෙ නැහැ. ඒත් මේකට මේ අවුරුද්ද පුරාවටත් ඉල්ලීම් ලැබෙන නිසාම සතියකට එක කොටස ගානෙ, මාස දෙකක් පුරාවටම උපසිරැසි ගන්වලා ඔන්න එහෙනම් The Exorcist දෙවැනි කතාසමයත් අරගෙන ආවා.
විශේෂයෙන්ම කියන්න ඕන 2017 – 2018 කාල සීමාව පුරාවටම මේ කතාමාලාවට,
- 2017 වසරේදී Cine සම්මාන උළෙලේදී “හොදම නාට්‍යමය කතාමාලාවක සහය නළුවා සදහා සම්මානයත්,”
- 2018 වසරේදී Bloody Disgusting Reader’s සම්මාන උළෙලේදී “හොදම ටෙලිනාට්‍ය නළුවා වෙනුවෙන් Alfonso Herrera සම්මානයත්,”
- 2018 වසරේදී Horror සම්මාන උළෙලේදී “හොදම හොරර් කතාමාලාව වෙනුවෙන්ද සම්මානයක්” දිනාගෙන තියෙනවා.
සමහරුන්ට පලවෙනි කතාසමය අමතක වෙලත් ඇති. ඒ අමතක නම් වැඩිය හිතන්න යන්න එපා. මොකද මුල් කතාසමයෙන් දෙවැනි කතාසමයට අදාල කරගෙන තියෙන්නෙ 10% ක් වගෙ හුගක් පුංචි ප්‍රමාණයක්. මාකස් වගේම තෝමස් කියන්නෙ කවුද කියලා කලින් කතාසමයෙදි හොද හැදින්වීමක් ලබා දුන්නා. ඒත් මේ වෙද්දී මාකස් හා තෝමස් කියන්නෙ නීතියට පටහැනිව යාතුකර්ම කරන යකැදුරන් දෙන්නෙක්. ඉතිං මේ දෙන්නගෙ ඩීමන්ලා අල්ලලා මිනිස්සු උදව් කරන ගමනෙ ඉදිරියට යාමක් එක්ක නොහිතපු විදිහට දූපතක අනාථ ළමයින්ව හදාවඩා ගන්න ගෙදරකට අරගෙන යනවා. මෙහෙදී මේ දෙන්නට සිද්දවෙනවා මෙතෙක් එලවලා දාපු ඩීමන්ලා එලවනවට වඩා වැඩි දෙයක් කරන්න. මාකස් කීන්ගෙ නොකියූ කතාවක් අලුත් චරිත රැසකම එකතු වීමක් එක්කම දෙවැනි කතාසමයෙන් දැකගන්න ලැබෙනවා.
අවුරුදු තුනක් ප්‍රමාද වෙලා අරගෙන ආව දෙවැනි කතාසමය මේ වෙද්දී බොහෝදෙනා බලලා ඇති. බලලා නැති අයට ඉතිං ලොකුවට විස්තර කරන්න ඕන නැහැ කියලත් හිතනවා.
පලවෙනි කතාසමයටත් වඩා අඩු ප්‍රේක්ෂක නැරඹුම් ප්‍රමාණයක් තමයි The Exorcist දෙවැනි කතාසමය වෙනුවෙන් FOX නාලිකාවට ලැබෙන්නෙ. ප්‍රේක්ෂක ඉල්ලීම්, ඔන්ලයින් පෙත්සම් මත්තේද The Exorcist කතාමාලාව නවතා දාන්න FOX ආයතනය තීරණය කරනවා. මේ තීරණයට ලැබෙන අමතර තල්ලුව තමයි ඩිස්නි-ෆොක්ස් අතර සිද්දවුනු සිද්දවෙච්ච ගිවිසුම. මේක නිසාම FOX සමාගම යටතේ (වර්තමාන අයිතිය ඩිස්නි) තිබුණු FOX නාලිකාවන් ඔස්සෙ විකාශය වුනු The Exorcist කතාමාලාව නවත්තලා දාන්න තීරණය අරගෙන තිබුනා. හරියට FOX හා FX නාලිකා යටතෙ තිබුණු The Gifted, Prison Break, Legion වගේ කතාමාලා නවත්තන්න තීරණය කලා වගෙ. ඒ කියන්නෙ ආයෙ The Exorcist කතාමාලාව විකාශය වෙන්නෙ නැහැ කියන එකයි. ඒවගේම කියන්න ඕන, මම මේක සම්පුර්ණ සීසන් එකක් විදිහට එක සැරේ දුන්නේ මගේ පුද්ගලික හේතු කිහිපයක් නිසා වගේම මගේ කැමැත්ත නිසා. ඒ නිසා වෙබ්අඩවිය හරහා ලබාදෙන වෙනින් කතාමාලා වලදී මේ විදිහට දෙන්නයි කියලා එයාලට කරදර නම් කරන්න එපා.
ගිහින් එන්නම්. ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,355 downloadsDownload The-Exorcist-S02-Complete-Season.zip206 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
16 comments
Sandaru Nimsara
Kavindu12345desilva
sub ekta thanks bro
digatama me wage sub dennaAnonymous
සබ් එකට thank මචන් මේ වගේ series එකේම සබ් එකපාර දාන්න පුලුවන් ඒවගෙ එකපාර දාන්න මචන් පුලුවන් නම් දිගටම සබ් ගේන්න මේ වගේ. බුදු සරනයි.
Mawan Geethanjana
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි චම්මු
Gayan
Gediya pitin.
Uba deiyek bn.Sandaru Nimsara
පුලුවන් නම් හැනා සීසන් 2 එකටත් සබ් දෙන්න
Anonymous
Thanks bro
Anonymous
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
pradeep
Ala ala thank you machan .a aduwath hari.oyalanam daiyak bn.ane puluwannam revardal tv show akatath sub dennako
Anonymous
Thank You, Brother...!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
අවුරුදු 3ක් ගත වෙලා කියලා හිතන්නවත් බෑ...
මේක ඉවර කරලා දාපු එකනම් ලොකු දෙයක්...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Malinga
පට්ටනේ බං ඔක්කොම එක පාරටම දීලනේ.
Biscope pissa
elama
Advertisement
![The Exorcist [S02] Complete Season Sinhala Subtitles | අවසන් වරටත් අමනුෂ්‍ය බලවේග සොයා.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/The-Exorcist-S02.2.jpg)

නියමයි බොහොම ස්තුතියි සහෝ❤️