Watch Trailer

The Family Man S01E05 Sinhala Subtitles | දෙවියනේ අප රැකදෙව්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මන් අද අරගෙන ආවා. The Family Man ඉන්දියන් කතා මාලාවේ පස්වෙනි කොටස. සිසිල අයියා තමයි කතා කළේ එපියක් තියෙනවා කරමුද කියල. කතා මාලාව කරන්න ඇඩ්මින් මඩුල්ලේ කිහිප දෙනෙක්ම ඉන්නවා කියල දැක්කම, හිතුනා සුපිරි පහරක් වෙන්න ඕනේ තමයි කියල. මෙන්න හිතුව විදියටම පහරක් තමයි. කාලෙකින් ආව හො…

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මන් අද අරගෙන ආවා. The Family Man ඉන්දියන් කතා මාලාවේ පස්වෙනි කොටස. සිසිල අයියා තමයි කතා කළේ එපියක් තියෙනවා කරමුද කියල. කතා මාලාව කරන්න ඇඩ්මින් මඩුල්ලේ කිහිප දෙනෙක්ම ඉන්නවා කියල දැක්කම, හිතුනා සුපිරි පහරක් වෙන්න ඕනේ තමයි කියල. මෙන්න හිතුව විදියටම පහරක් තමයි. කාලෙකින් ආව හොඳ කතාවක්. රේටින් එහෙමත් හොදයි. IMDb රේට් එකත් එහෙම 8.7/10 ක් තියෙනවා. ඉතින් බැහැයි නොකියම වැඩේට අත ගැහුවා ඔන්න.

පසුගිය කොටසින් –
ඔයාලා කලින් කතාවලදී දකින්න ඇති නෙහ් කරීම් කියන්නේ කවුද කියල. මේ කරීම් කියන කෙනාව පාවිච්චි කරලා ත්‍රස්තවාදීන් පොලීසියේ අයව වැරැදි පැත්තකට යවන්න හැදුවේ. කරීම් ඩ්‍රොප් බොක්ස් එකෙන් අරන් වීඩියෝ පටය ගත්තනේ. ඒකේ තියෙන්නේ මිනිස්ටර් දේශ්පාන්ඩේ එයාලගේ සගයන්ට මුස්ලිම් අයට විරුද්ධව කැරලි නගන ආකරයයි. ඒත් කතාවේ ප්‍රධාන චරිතේ වන ශ්‍රීට මේක හිතෙන්නේ බෝම්බ ප්‍රහාරයකට ලෑස්ති වෙනවා කියල. මෙයාලා කරීම්ගේ කාමරේ සෝදිසි කරද්දී එයා පාවිච්චි කරපු ලැප්ටොප් එක හම්බවෙනවා. ඒකේ සිකියුරිටි කෝඩ් එක කඩුවම තමයි මේ මිනිස්ටර් දේශ්පාන්ඩේ කැරලි ගහන ආකාරය දැක්වෙන වීඩියෝ එක හම්බවෙන්නේ. කරීම්ට හිතුනා පොලීසිය එයාගේ පස්සෙන් එනවා කියල එපාර එයා කාටවත් හොයාගන්න බැරි විදියට වෙන තැනකට ගිහින් එයාගේ සැලැස්මට අනුව වැඩ කරනවා. ඒත් එයාලව උගුලකට අහුකරලා තියෙන්නේ. පොලීසියෙ අය අවධානයෙන් ඉන්නවද කියල තමයි ත්‍රස්තවාදීන්ට කරීම් හරහා දැනගන්න ඕනේ වෙලා තිබුණේ. ශ්‍රී හා එයාගේ කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා කරීම් හා එයාගේ යාලුවෝ දෙන්නව මරලා දානවා. ඒක වෙන්නේ කරීම්ගේ යාලුවෙක් කළ වෙඩි ප්‍රහාරයක් නිසා. ශ්‍රී හිතුවේ කරීම් යන වෑන් එකේ බෝම්බ තියෙයි කියල, ඒත් වුණේ ඒ වෑන් එකේ තිබුණේ උයපු මස්වගයක් විතරයි. නිරපරාදේ අහිංසක ජීවත තුනක් නැති කළ නිසා ශ්‍රී ගොඩක් සිත් තැවුලෙන් ඉන්නේ. ඔය පසුගිය කතාවෙන් පොඩි මතක් කිරීමක්.

අද කතාව තුළින්-
මේ ත්‍රස්තවාදීන්ට තවත් එක ඇමයක් තිබුණා ඒ තමයි, සාජිත් කියන්නේ. මුලින්ම ඔයාලා බලද්දී බලාගන්න පුළුවන් අල්තාෆ් බායි කියල කෙනෙක් මෙයව හම්බවෙලා මෙයාට කාශ්මීරයට යන්න ටිකට් එකකුයි අදාළ කරන ෆෝන් එකකුයි එහෙම දෙනවා. මේ අතරේ කෝමා තත්ත්වයකින් ඉන්න අසීෆ් කියන පුද්ගලයට සිහිය ආවත් නැවතත් අසිහියට යනවා. ඒත් ඩොක්ටර්ස්ලා කිව්වේ එයාගේ ටිකට් ඉක්මනින් කපන්න පුළුවන් කියල. මේ ආසිෆ් එක්ක ඒ ඉස්පිරිතාලෙම ඉන්න මූසා කියන පරිගණක වේදියාට මේරි කියල හෙදියක් එක්ක ආලයක් ඇති වෙනවා. ඒත් මන් හිතන්නේ ඒ ආලය කරන්නේ මේරිගෙන් එක එක දේවල් කරවගන්න. ඔය අතරේ ශ්‍රීට මුලු ජීවිතේම එපා වෙලා වගේ අර අහිංසකයෝ තුන්දෙනා මරපු එක ගැන. එයා ඒක ගැනම හිත හිත ඉන්නවා. ඒ වගේම ශ්‍රීට නඩු විභාග කරලා තිබුණ නිසා මෙයාට දඩුවමක් විදියට කාශ්මීරයට යන්න සිද්ද වෙනවා, ඒත් බොස් එයාව යවන්නේ වෙනම හේතුවකට කියල ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

එහෙනම් වැඩිය දේවල් කියන්නේ යන්නේ නෑ මන්, බලලම ඉන්න එක කෝකටත් හොදයි. අහ් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ අපේ බයිස්කෝප්lk රසික රසිකාවියන්ට සිංහල උපසිරසක් නැතුවම බැහැ වගේම ඒක බලන්න අදාළ වීඩියෝ පටයත් ගන්න වුවමනාවක් තිබුණනේ. ඒකට තමයි www.baiscopedownloads.com කියල වෙබ් අඩවියක් ඇඩ්මින්වරුන් හදලා දුන්නේ. ඒත් ඒ සයිට් එක ළගදී බෑන් වුණා. ඔයාලා හැමෝම ඒක දැක්කා නෙහ්. යන්න දුන්නේ නෑ. තව දෙයක් අපේ ඇඩ්මින්වරුන් ගොඩක් මහන්සි වෙලා තමයි මේ දේ ආයෙමත් ඔයාලට හරි ගස්සලා දුන්නේ. අලුත් සයිට් එක තමයි. www.baiscopedownloads.co මේකට ගිහින් ඔයාලට වෙනදා තම තමන්ගේ අදාළ විඩීයෝ පටය කැමති කොලිටියකින් බාගන්න ඔන්න ආයෙමත් පුළුවන් කියන ගමන්. ආයෙමත් දවසක සිංහල උපසිරසක් අරන් එන්නම් කියන වචනයෙන් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම!😋

බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,134 downloadsDownload The-Family-Man-S01E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

10,134 downloadsDownload Subtitles26 KB

30 comments

  1. Kavinda7344

    Dana kan balan hitiye.thx

  2. Kanchana

    Thanx saho

  3. Achi

    තැන්ක්ස් බොක්ක දානකම් බලන් හිටියේ

  4. jeewantha

    ස්තුතියි. සුපිරිම කථාවක්.

  5. Sampathkelum

    Thanx bro

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Dinuka..lakshitha

    Fatta

  8. Hemal

    Thanks Bro!
    Thank you baiscopeLK for keeping the promise .
    waiting for tomorrow.

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්......

  10. harris

    Thnks bro sub ekata

  11. Suranjan

    Thanks machan.....jayawewa......!

  12. Ayesh Prashan

    Thank You

  13. nishannw

    Thank u

  14. Sanjeewa2010

    Pattaaaaaaaaa

  15. Buddi

    Thanks......

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  17. Pramukmili

    Thanxx bro..............

  18. thilinachamara

    S1e8 withaada thawama subtitles thiyenne 8 passe episode wala thawama subtitles nadia????

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!

  21. kodagoda

    tnx sahoo sabata

  22. kalum0000

    Thanks for sub

  23. Dewadithya

    Thanks for Sub!

  24. mindika

    Thanks !!!!!!!!!!!!

  25. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  26. Sachin

    Thanx mchn sub ekt.baiscopelk ekt jaya!

  27. damith

    Thanky You Brother ;)

  28. Prasad

    thanks a lot macho

  29. Anonymous

    Thnx for sub ...❤️

  30. nilanka

    thanks........