Watch Trailer

The Flash [S03 : E09] with Sinhala Subtitles | ජුලියන් ඔයා.. . . [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කඩු, කිනිසි, පොලු, දුනු, ඊතල, ගල්, මුල් තියාගෙන මග රැකගෙන ඉන්නවද දන්නේ නෑ මට ගහන්න බලාගෙන. 😀පරක්කු වෙනවා කියලා මෙහෙමත් පරක්කු වෙනවද නේද? හිතුවෙවත් නැති විදියට සබ් එක දෙන්න දවස් 3ක් පරක්කු වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි ඊයෙ මට කැම්පස් එකේ එක්සැම් එකක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුන නිසා සබ…

The Flash S3-1

කට්ටිය කඩු, කිනිසි, පොලු, දුනු, ඊතල, ගල්, මුල් තියාගෙන මග රැකගෙන ඉන්නවද දන්නේ නෑ මට ගහන්න බලාගෙන. 😀පරක්කු වෙනවා කියලා මෙහෙමත් පරක්කු වෙනවද නේද? හිතුවෙවත් නැති විදියට සබ් එක දෙන්න දවස් 3ක් පරක්කු වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි ඊයෙ මට කැම්පස් එකේ එක්සැම් එකක් තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුන නිසා සබ් දෙකම දෙන්න ගොඩක් පරක්කු වුනා. ඒ වගේම ඉවසලා බැරිම තැන අපේ ඇඩ්ඩින් අයියලාටත් ගොඩක් අය මැසේජ් දාලා තිබුනා කියලා ආරංචි වුනා. ඒ නිසාමයි පුලුවන් තරම් ඉක්මනට සබ් එක ගෙනාවේ. මං හිතනවා ඔයාලා මාත් එක්ක තරහා නැතිව ඇති කියලා. ඉතින් ගිය සතියේ ක්‍රොස් ඕවර් එක කොහොමද? ඔයාලා Super Girl, Flash, Arrow, Legends of Tomorrow කතා හතරම බැලුවා නේද? අද කොටස බලලා ගිය සතියේ කතාවට මොකද වුනේ කියලා නම් අහන්න එපා. මොකද ගිය සතියේ Legends of Tomorrow කතාවේ එලියන්ස්ලා පැරැද්දුවා. ඉතින් ඒ නිසා මේ සතියේ ෆ්ලෑෂ් කතාව ආයෙමත් පරණ සුපුරුදු මාතෘකාවට ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් සති දෙකක් ගියපු නිසා කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු නේද?.

පසුගිය කොටසින්… . .

මේ විස්තරය 7වෙනි කොටස ගැන. මතකද ඒ කොටස පටන්ගත්ත විදිය? ඊට කලින් සතියේ කොටසේ ඉවර වුන ඒ මොහොතෙන්මයි ඒක පටන්ගත්තේ. කලාතුරකින් වගේ තමයි ඒ වගේ සිද්ධියක් වෙන්නේ. ඉතින් එහෙම වුනාම කතාව නිකන් පොඩි ෆිල්ම් එකක් වගේ තමයි දැනෙන්නේ ඒ කොටස් දෙක අතරේ. සැවටාර් ගැන එකපාරටම මතු වුන එක නම් නියමයි. ගොඩක් පුදුම හිතෙන විදියට ඒ සිද්ධිය වුනා. මේකෙන් අපිට මේ සැරේ ස්පීඩ්ස්ටර් හතුරා ගැන දැනගන්න ලැබුනානේ. හැබැයි මේ සැවටාර් නම් බෙරී කලින් මුහුණ දුන්න රිවස් ෆ්ලෑෂ්, සූම්ට වඩා ගොඩක් වෙස් චරිතයක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ නිසාම අපිට ඇතිවෙන කුතුහලයත් වැඩියි.

මේ කොටසේදි කිලර් ෆ්‍රොස්ට් චරිතය ගොඩනගපු විදියත් නියමයි. ඒ නිසාම තමයි ඒ කොටසට කිලර්ෆ්‍රොස්ට් කියලා නම දාන්නත් ඇත්තේ. ඉතින් අපි දැක්කානේ කේට්ලන් හොද සහ නරක සමබරව තියාගන්න කොච්චර නම් සටනක් දුන්නද කියලා. ඒකෙන් අපිට හිතාගන්න පුලුවන් දෙවැනි ලෝකයේ කිලර් ෆ්‍රොස්ට් කොයි වගේ දෙයක් විදින්න ඇතිද කියලා. ඒ වගේම කතාවේ තිබුන දිරිගැන්වීමත් සිත් ගන්නවා. මතකද කිලර් ෆ්‍රොස්ට් නරක විදියට පාලනය වෙද්දි කේට්ලන් එයාගේ බලය නවත්වන්න ගොඩක් මහන්සිවෙන විදිය. ඒ වගේම බෙරී කිලර් ෆ්‍රොස්ට්ට එයාව මරන්න කියලා කියද්දි අපිට කේට්ලන්ගේ පුද්ගලික වගේම එයාගේ චරිතයේ ගති ලක්ෂණත් බලාගන්න පුලුවන් වුනා. මොනවා වුනත් කිලර් ෆ්‍රොස්ට්ගෙන් ඉස්සරහට මොනවා හරි ලොකු දෙයක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ වගේම මේකොටසේදි අපිට නිල වශයෙන් පළවෙනි ලෝකයේ වොලි වෙස්ට් ස්පිඩ්ස්ටර් කෙනෙක් වුනා දකින්න ලැබුනා. එයා මේ එපිසොයිඩ් එකේ ප්‍රධාන චරිතය නොවුනාට ඊලග කොටස් වලදි එයා ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙන විදිය ගැන අපිට දැකගන්න පුලුවන් වේවි. ඒ වගේම අපි දැක්කානේ ක්‍රොස් ඕවර් කොටසේදි වොලිගේ චරිතයට තැනක් දිලා තිබුනා. ඉතින් ඒ නිසා එයා අනිවාර්යයෙන්ම අනාගතයේදි ෆ්ලැෂ් ටිම් එකට එකතු වෙයි කියලා අපිට කියන්න පුලුවන්. මොකද වොලිට විරයෙක් වෙන්න තියෙන ආසවයි කැමැත්තයි නිසා එයා අලුත් හොද ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙන එක නවත්වන්න කාටද පුලුවන්නේ?

ඒ වගේම ඒ කොටස අවසානයේ දි බෙරි ජුලියන් එකක ගණුදෙනුවක් කරනවා. ජුලියන් බෙරිට රස්සාවෙන් අස්වෙලා යන්න කියනවානේ. මට දැනුන විදියට නම් බෙරී එයාගේ බඩු පැක් කරගෙන යන්න හදද්දි අයරිසුයි ජෝයි එයාගේ තියෙන වැදගත්කම වගේම එයා කරන දෙයත් එක්ක මේ ජොබ් එක අහලකින්වත් තියන්න බෑ කියලා කියපු කොටස නම් ගොඩක් ආසා හිතෙනවා. ඒ වගේම මතකද මේ කතාව පටන්ගත්ත පළවෙනිම කොටසේ බෙරී අර ලැබ් එක උඩ තිබුන වීදුරු වහලෙන් උඩ බලපු කොටස? ඒ විදියටම මේ කොටසෙත් බෙරී කුණාටු තියෙන අහස දිහා බැලුවා. ඒක නම් ටිකක් හිතට දැනුන කොටසක් වුනා.

අන්තිමේට ඉතිරි වෙනවා මේ කොටස අවසානයේ වුන ලොකුම දේ ගැන. මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ජුලියන් ඇල්කමි වුන එක? එතනදි අපිට පැහැදිලිව පෙනුනා ජුලියන් තමයි ඇල්කමි විදියට මේ වෙස්මුණ දාගන්න හදන්නේ කියලා. ඇල්කමි කියන්නේ ජුලියන් වුනොතින් ඒක නම් ගොඩක් අයට පුදුම දෙයක් නෙවෙයි. මොනවා වුනත් මේ දේ කොයි විදියට කතාවේ ගලාගෙන යයිද කියලා. මොකද ෆ්ලෑෂුයි එයයි එකට ඉන්න එක නිකන් පුසගෙයි මීයගෙයි සෙල්ලම වගේනෙ. හැබැයි ඉක්මනින්ම කවුරු හරි කෙනෙක් අනිත් කෙනා ගැන දැනගනිවි ඉක්මනටම. සමස්ථයක් විදියට ගත්තම මේ කොටසට ආසා හිතෙනවා. හැබැයි මේක මේ සිසන් එකේ හොදම කොටස වෙයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි පහුගිය සිසන් එක්ක බලද්දි නම් මේ කොටස ගොඩක් උඩ තැනක තියෙනවා. ඒ මොකද මේ කොටසින් ගොඩක් මාතෘකා ගැන කතා වුනා. කිලර් ෆ්‍රොස්ට්, වොලි, ඇල්කමි වගේම සැවටාර්ගේ කතා ගොඩක් පටන්ගත්තේ මේ කොටසින් නිසා.

මේ සතියෙන්…. . .

ඇල්කමි කියන්නේ ජුලියන් කියලා අපිට ඔප්පු වුනනේ. ඉතින් ඇත්තටම ඇල්කමි කියන්නේ ජුලියන්ද? නැත්නම් මේකත් සැවටාර්ගේ මායාවක්ද? ඒ විස්තරය විතරක් නෙවෙයි ජුලියන් ගැන අපි නොදන්න ගොඩක් දේවල් මේ කොටසේ අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම වොලිව පුරුදු කරන්න වෙල්ස් පොරොන්දු වුනානේ. ඉතින් ඒක හොද විදියට වෙයිද කියලත් ඔයාලට මේකෙන් දැනගන්න පුලුවන්. තව දෙයක් සැවටාර් ගැන මේ කොටසේ ඔයාලා නොදන්න හැමදේම දැනගන්න ලැබේවි. මම වැඩි විස්තරයක් කියන්නේ නෑ. මොකද ඔයාලා මේ කොටස ගොඩක් කුතුහලය පිරිලා තියෙන කොටසක් නිසා. ඔයාලම බලලා කියන්න මේ කොටස කොයි තරම් රසවත්ද කියලා… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි. – දුකෙන් වුනත් කියන්න ඕනි මීලග ෆ්ලැෂ් කොටස එන්නේ ජනවාරි 17 වෙනිදායි. ඔව් ඔව් මාසයක් විතර තව බලන් ඉන්න වෙනවා. මොකද මෙච්චර ලොකු නිවාඩුවක් කියලා කට්ටියට හිතෙනවා ඇති නේද? වෙන මොකුත් නිසා නෙවෙයි හැම සැරේම වගේ  මේ සැරෙත් මිඩ් සීසන් බ්‍රේක් එක තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒ වගේම නත්තලත් ලගටම ඇවිත්නෙ තියෙන්නේ. ඒ නිසා හැම ටීවි සිරියස් එකක්ම වගේ මේ කාලයේ විකාශය වෙන්නේ නෑ. මොකද අපිට වෙනසක් නැති වුනාට ඒ රටවල් වල මේ කාලයේ හිම වැටෙන සීතල කාලයක් නිසා ගොඩක් අය ගෙවල්වල ඉන්නේ නෑ. ඒ වගේ දවස්වල කතාව පෙන්වලා වැඩක් නෑනේ. ඉතින් ඒ නිසා දුකෙන් වුනත් අපිටත් මාසයක් විතර ඉවසාගෙන ඉන්න වෙනවා. මොනවා වුනත් ෆ්ලෑෂ් කතාව තව තවත් ඉස්සරහට රසවත් වෙනවා කියලා නම් විශ්වාසයි.

එහෙනම්, බයිස්කෝප් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම

සාමය සතුට පිරිසුභ නත්තලක් වගේම

ටිවි සිරියස් පිරී ඉතිරෙන සුභ නවවසරක් වේවා… . . !

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E09.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

22,852 downloadsDownload The.Flash_.2014.S03E09.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

22,852 downloadsDownload Subtitles31 KB

76 comments

  1. Isuru Dilshan

    ati yantam?
    Thankz bro..

  2. kushani sanjula

    බොහෝම ස්තූතියි...පරක්කු උණාට කම්ක් නෑ......සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇති....ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්......

  3. charith eranga

    ela bro. meka enakam hitiye. thanks

  4. Udara Damith B/K

    සබට තැන්ක්ස් ..
    මාත් කමෙන්ට් කීපයක්ම deම්මා ඇයි පරක්කු කියලා එතකොට තමයි දන්නේ ඔයාට exm කියලා
    පරක්කු උනාට කමක් නෑ ඒවත් කරගන්ඩ එපැයි
    එනිසා කොහොම හරි හිටියා
    ඊළග කොටස අවම ඉක්මනට දෙන්ඩ ඕනි හොදද .......
    එහෙනම්හැමෝටම

    සාමය සතුට පිරිසුභ නත්තලක් වගේම

    ටිවි සිරියස් පිරී ඉතිරෙන සුභ නවවසරක් වේවා… . . !

  5. මූණටම කෙලියා

    ගොන් බූරුවා.... දවස් කීයක් පහුඋනාද යකෝ.!! කොච්චර අමාරුවෙන්ද බලාගෙන හිටියේ...
    මීට පස්සේ මතක තියාගනින් ගොඩක් අය මේක දෙනකන් බලන් ඉන්නවා... ඒ හැමෝගෙම බලාපොරොත්තුයි උබ කඩන්නේ...
    මේ විදියට සබ් දීලත් වැඩක් නෑ බ්‍රෝ... මම නං eng සබ් එක්ක බැලුව... අනිත් අය වෙනුවෙන් තමා comment එක මේ විදියට දැම්මේ.... කව්රුත් මෙහෙම දාන්නේ නෑ මොකද උබ සබ් කරන එකක් න කියල බයේ.... කරන් දෙයක් නෑ.. ඔන්න මං මූණටම කිව්වා.

    1. එල්.සී. දමැල්

      Eng sub ekka balanawanam Englishuth hodata puluwannam ai Sinhala Sub denakan AMAARUWEN BALAN INNE...
      Anika kaviduta me dawas 3t late une exam nisa. Mulinma sinhala sub ekk dawasin danna try karanna...
      mona jiwithada appa mewa???

  6. Udara Damith B/K

    arrow th puluwan ikmanata oni

  7. මූණටම කෙලියා

    ගොන් බූරුවා.... දවස් කීයක් පහුඋනාද යකෝ.!! කොච්චර අමාරුවෙන්ද බලාගෙන හිටියේ...
    මීට පස්සේ මතක තියාගනින් ගොඩක් අය මේක දෙනකන් බලන් ඉන්නවා... ඒ හැමෝගෙම බලාපොරොත්තුයි උබ කඩන්නේ...
    මේ විදියට සබ් දීලත් වැඩක් නෑ බ්‍රෝ... මම නං eng සබ් එක්ක බැලුව... අනිත් අය වෙනුවෙන් තමා comment එක මේ විදියට දැම්මේ.... කව්රුත් මෙහෙම දාන්නේ නෑ මොකද උබ සබ් කරන එකක් නෑ කියල බයේ.... කරන් දෙයක් නෑ.. ඔන්න මං මූණටම කිව්වා.

    1. sameera

      pala gon wassa,,, uba dapanko sub eka,,,, a kolla exam liyanne nadda

    2. Manoj

      kawuda ban ubata munatama keliye. lejja weyan yako. methana ube gon part dala harakek kiyala penwanna epa

    3. kent

      ane pla gothayo yanna ithin blpn eng sub ekka ubata onenm , yko me minissuntath wada thiynwa tho wage kalakanniyo neme

    4. Udara Damith B/K

      uba ඉන්ග්‍රීසී වලින් බලනවානම් ඉන්ග්‍රීසී තේරෙනවනම් මේකට මොන මගුලකට ආවද සිංහල සබ් ගන්ඩ .
      මේක තියෙන්නේ ඉන්ග්‍රීසී නොදන්නා අයට සබ් ගන්ඩ මේක ටිකක් පරක්කු උනාට අපිට කමක් නැත්තම් මුනට කෙළියට වැඩක් නැනේ .
      කවිදු විබහගය පේල් උනොත් ඔයා වග කියනවද නැනේ

  8. hiru

    ඇරෝ ෆ්ලෑශ්දෙකම ඩව්න්කරලා බලලත් ඉවරයි... සබ එනකම් දවසක් දෙකක් හිටියා.... ඇරෝ එකෙ සබත් දියන් මචන් ඉක්මනට... ලෝරල් ලාන්ස් ආයේ ඉපදිලාද මන්දා...කොහොම උනත් පට්ටයි මචන් වැඩේ... දිගටම කරපන්... ගුඩ් ලක්...

    සිංහලෙන්ම ගැහුවේ කම්මැලි බන් කීබෝර්ඩ් එක මාරු කර කර ඉන්න පීසී එකේ...

  9. sameera

    thx malliye,,,,, rathu katta panala hitiye uba hinda,,,, monawa karannath exam goda danna epai,,,, naththan berita wage nemei ne apita wadhina akunu

  10. dumindu

    ai oi mechchara kal giye -_- sedda dawas keeyak down karala balan hitiyada sub eka denakan errrrr

  11. hiru

    මූණට කෙලියා... උන්ටත් වැඩ තියෙනවා... මෝඩ කථා නොකියා පලයන් යකෝ යන්න... ගොන් හරකා... සබ එන්න කලින් හැමෝම වගේ බලනවා... ඉතින් මොකද වෙන්නේ... එහෙනම් උඹ සබ් කරපන්... මූණටම කෙලියා කිව්වේ ඈශෑ පව් උඹ FB නමවත් දාලා කමෙන්ට් කරපන්... රගන්නේ නැතුව පලයන් යන්න...

  12. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  13. Sanindu Lakkitha

    Hamme ati yantam sub eka dila. Ada dawasata 20 parakata wada site ekata awa bn ude idan.. aulak ne machan.. ubata exam kiyala aranchiyak awa kalinma. E wedat karagena kohomahari sub eka dunnane.. echcharai oni.. good luck bro..

  14. Sanath Indika

    thx broo

  15. Dasitha147

    bohoma sthuthie saho obalage me sewayata...

  16. kanimaxx

    පරක්කු උනාට කවුරු බැන්නත් ආඋලක් ගන්ඩ එපා
    සබ් එකට ස්තුතියි ජයවේවා

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  18. Kasun Widusha

    Tnx mcn Arrow ?????

  19. Captain America

    සබ් එකට ස්තූතියි සහෝ!

  20. Lahiru Lakmal

    Thanks for sub..
    පරක්කු වුණාට කමක් නෑ.
    කොහොම හරි sub එක දුන්නා නේ.
    Arrow sub එකත් පුළුවන් නම් ඉක්මනට දෙන්න.
    Sub එකට ස්තූතියි...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. kalana prabod

    Parakku unata kamak ne brooooo.sub ekata thanks

  23. Rakitha Ranathunga

    ඔහොම තමයි බං කමක් නෑ..
    පරක්කු වෙන්න වෙන්න අගය වැඩියි..
    සබට තුති

  24. Gihan Iddamalgoda

    thanks 4 sub.

  25. නවින් නිසල්

    ☑☑☑☑ උපසිරසියට ස්තුතියි !! ☑☑☑☑

  26. Yohan

    Thanks bro sub ekata.....!

  27. ☠☠☠ විරාජ් දර්ශණ (විරා ) ☠☠☠

    සබට තුති ....

  28. yumal

    awlak na thankZZZZZZZZZ bro!!!!!!!!!!

  29. thisura godage

    ගොඩක් ස්තුතියි සහෝ සබට.

  30. Manoj

    monawa unath bayinna behene. arrow ekath adama danna balanna

  31. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    ඇරෝ එකත් ඉක්මනට දෙන්න..

  32. praneeth madu

    ගොඩක් ස්තුතියි සහෝ

  33. nuwan

    next ep will come 24th january in the flash

  34. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  35. Suu

    thank you

  36. Nirodha uthpala

    Subtitles eakadapu eakata godak pin bro digatama sub demuch obata jaya puluwan velavaka arrow eakath dapan

  37. NanoWeb Solution

    thanks

  38. Amalka

    Sub ekata thanks

  39. Chalana RUkshan

    thnx bro...

  40. anjana

    Saba baanna bane bn

  41. Alpha

    Niyamai saho

  42. Alpha

    Niyamai saho.sabata thanks

  43. චරිත

    උපසිරැසි භාගත කිරීමේ දෝෂයක් තියෙනවා. පොඩ්ඩක් බලනවද?

  44. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  45. avishka

    thankz brooo

  46. Eranda Madhushan Premarathna

    #Thnx brow

  47. Malaka aruna

    Aelama sahoooo aelamaaaaaaa......

  48. shashi

    ela koolo ela aaa

  49. Dasun

    ඉක්මනට දැම්ම නිසා හොදයි. අම්ම‍ෝ අයේ ඉතින් බලන්න වෙන්නැ වැඩට යන්න පටන් ගත්තාම. Flash අනිත් කොටස එන්නේ ලබන අවරුද්දේ නේද

  50. sherlock galle

    Thanks great work

Load more comments