Watch Trailer

The Flash [S03 : E10] with Sinhala Subtitles | අනාගතයෙන් ප්‍රශ්නයක්.. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට ෆ්ලෑෂ් කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින් කොටසේ මොකද වුනේ කියලා මතක නැතිව ඇති නේද…

The Flash S3-1

කට්ටියට ෆ්ලෑෂ් කියලා ටීවි සිරියස් එකක් තිබ්බා කියලත් මතකද දන්නේ නෑ නේද? ඇයි ඉතින් මාස එක හමාරක් විතර කතාව විකාශය වුනේ නෑනේ. ෆ්ලෑෂ් කට්ටිය නත්තලටයි අලුත් අවුරුද්දටයි නිවාඩු ගත්ත හින්දා අපිටත් ලොකු නිවාඩුවක් ලැබුනා. කොහොම හරි දැන් නම් ෂුවර් එකටම ගොඩක් අයට කලින් කොටසේ මොකද වුනේ කියලා මතක නැතිව ඇති නේද? හරි සුපුරුදු පරිදි කලින් කොටසේ වුන දේවල් ගැන අපි ටිකක් කතා කරමු.

ඉතින් ගිය සතියේ කොටස ලොකු ක්‍රොස් ඕවර් එකකට පස්සේ තිබුන අවසාන කොටස වුනා. ඒක කලින් කොටස් වලට වඩා ගොඩක් සුවිශේෂි කාගෙත් හිත් ඇදිලා යන විදියේ කොටසක් වුනා. වැදගත්ම දේ තමයි මිඩ් සිසන් බ්‍රේක් එක දෙන්න ඒ කොටස ගොඩක් ගැලපුනා. ඉතින් මුලින්ම අපිට බලාගන්න පුලුවන් වුනානේ ජුලියන් කොහොමද අර පාෂාණය හොයාගත්තේ කියලා. මට මතක විදියට නම් ගිය සතිය වෙනකන්ම ජුලියන් ඇමරිකාවට පිට රටක ඉදන් ආවා කියන කතාව හැරෙන්න වෙන මොකුත්ම අපි දැනගෙන හිටියේ නෑනේ. ඉතින් එයා ඇල්කමි චරිතයට කොයි විදියටද සම්බන්ද කියලා දැනගන්න ලැබුන එකත් වැදගත් දෙයක්. ජුලියන්ට එයාගේ හිතේ කටහඩක් ඇහුනම සිහිය නැති වෙලා ඇල්කමි වෙනවා කියලා අපිට දැනගන්න ලැබුනානේ. ඒ කියන්නේ ජුලියන් ඇගෙන්වත් හිතින්වත් ඇල්කමි වුනේ නෑ. එයාව සැවටාර් පාලනය කරන එක තමයි වෙන්නේ.

ඒ වගේම අපිට අලුත් දෙයක් දකින්න ලැබුනා. වෙන මොකුත් නෙවෙයි තුන්වෙනි ලෝකයේ ට්‍රික්ස්ටර්ව. මං හිතන්නේ එයා තමයි ෆ්ලෑෂ් කතාවේ හිටපු හිනායන විනෝදකාමි එකම සතුරා. එයාගේ තව කතා දෙක තුනක් තිබුනත් පාඩු නෑ. මොකද මං හිතන්නේ කවුරු වුනත් එයාට ගොඩක් කැමතියි. ට්‍රික්ස්ටර් ගැන කියද්දි මතක් වෙන අනිත් කෙනා තමයි ජේ. දැන් එයා ආයෙමත් තුන්වෙනි වතාවට තෙවැනි ලෝකයේ ෆ්ලෑෂ් විදියට කතාවට ආවා. ඒ නිසාම ආයෙමත් අපිට බෙරියි එයයි අතරේ පිය පුතු සම්බන්ධතාව බලාගන්න පුලුවන් වේවි. අනික ඒක ගොඩක් ගැලපෙන දෙයක් මොකද එයා කලිනුත් බෙරීගේ තාත්තා විදියට හිටියානේ.

ඔන්න කොහොමෙන් කොහොම හරි අන්තිමේට වොලි වෙස්ට් කිඩ් ෆ්ලෑෂ් වුනා. ගොඩක් කාලයක ඉදන් ඒ වැඩේ පස්සට දැම්මානේ. දැන් අපිට පළවෙනි ලෝකයේ කිඩ් ෆ්ලැෂ් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දේ නිසා සිසන් එකේ ඉතිරි කොටස ගොඩක් පුදුමාකාර එකක් වේවි. මොකද වොලියි බෙරීයි එකතු කණ්ඩායමක් විදියට එකතු වුනානේ. ඒ කියන්නේ අත්දැකිම් තියෙන ස්පීඩ්ස්ටර් කෙනෙක් අලුත් කෙනෙක්ව එයාගේ යටතට අරගෙන එයාව පුහුණු කරන්නනේ යන්නේ. ඔයාලට මතක ඇතිනේ කලිනුත් මේ වගේ බෙරියි ජෙසියි එකතු වෙලා ස්පීඩ්ස්ටර් එකතුමුතුවක් හදාගත්තා. ඒ වගේම මේකත් පුදුමාකාර එකතුවක් වෙයි කියලා අපි හිතමු. ස්පිඩ්ස්ටර් එකතුව ගැන කතා කරද්දි වොලියි බෙරියි එකතු වුනේ වෙල්ස් නැත්නම් HR හින්දානේ. පේන විදියට දැන් අපිට ටික ටික මේ HRව හුරු වේගෙන එනවා වගේ. මොකද එයා වොලිත් එක්කත් එකතු වුනානේ.

කලින් කොටස නිසා මට නම් තවමත් පුදුම වෙලා ඉන්නේ සිසන් එකේ ඊලග කොටසක් ටික කොයි විදියට ඉවර වෙයිද කියලා. ඔයාලාටත් එහෙම හිතෙනවා නේද? මොකද අපිට අනිවාර්යයෙන්ම වොලිගේ වැඩ කිඩ ඉස්සරහට ගොඩක් බලාගන්න පුලුවන් වේවි, ඊටත් වඩා මම පුදුම වෙන දේ තමයි සැවටාර් ආපහු ආව එක. පේන විදියට මේ අයට අර විදියට කවදාවත්ම සැවටාර්ව පරද්දන්න වෙන්නේ නෑ. මොකද සැවටාර් ආයෙමත් මේ ලෝකයට ආවනේ. කොහොම වුනත් ෆ්ලෑෂ් අනාගතයට යන එක නම් ගොඩක් දුරට ස්ථිර දෙයක් වේවි. ඉතින් මේ දේවල් නිසා අපිට සැවටාරුත් ඉස්සරහට ගොඩක් දුරට බලාගන්න පුලුවන් වේවි. කොහොම වුනත් මට හිතෙන විදියට CW සුපිරි විරයන්ගේ කතා වල ඉන්න බය හිතෙන භයානකම සතුරා මේ සැවටාර් වේවි.

සම්පුර්ණයෙන්ම ගත්තම අපි ආස වුන අපි බලාපොරොත්තු වුන විදියේ පුදුමයක් එක්ක මිඩ් සිසන් අවසාන කොටස අපිට බලන්න ලැබුනා. ඉතින් ඒ නිසාම අපිට ඊලග කොටස කොයි වගේ වෙයිද? මේ කතාව මොන විදියටක ඉවර වෙයිද කියලා අපි හැමෝටම ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් කලින් සිසන් වල වගේම මේ සිසන් එකෙත් අපිට තියෙන එකම ප්‍රශ්නය තමයි නොදන්නා කෙනා අදුනාගන්න එක. ඉතින් ඇත්තටම මේ සැවටාර් කවුද? අපිට මේක ටික කාලයකින් දැනගන්න පුලුවන් වේවි. සමහර විට මේ සැවටාර් කියන්නේ බැරි වෙන්නමත් පුලුවන්. පුදුමයි නේද? ඒ යකඩ ඇදුම ඇතුලේ ඉන්නේ බෙරීගේ අනාගතය වෙන්නත් පුලුවන්. ඒක නම් ෂුවර්ම නෑ හැබැයි ඉතින් මේ සිසන් වල කරපු කියපු දේවල් එක්ක එහෙම වෙන්නත් බැරි නෑනේ නේද? ඔයාලව වැඩිය අවුල් කරන්න ඕනි නෑ. එහෙනම් වැඩි කතා බහක් නැතිව ඉලගට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස බලන්න…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

10,520 downloadsDownload The-Flash-S03E10.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes                      Next Episode>>

Subtitles

10,520 downloadsDownload Subtitles33 KB

70 comments

  1. Induru banneheka

    Hure thanks bro enakal balan unne amma ela thanks.hehe ada mama kalinma awe enam neda elazzzz den meka balalai nidaganne :D

  2. Praveen Geeshan

    Thanks bro ikmant subs dunnata.

  3. shan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ!
    ඒත් මම නම් හිතුවෙම නෑ මෙච්චර ඉක්මනට සබ් එක දෙයි කියලා. :D
    ඊලඟට කොටසුත් මේ වගේ ඉක්මනට දෙන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. ;)
    ජය වේවා!

  4. Hasini

    Thankyou!!

  5. Isuru Dilshan

    Thanks bro....

  6. කවින්ද බුද්ධික

    ශ්‍රී ලංකාවේ ෆ්ලෑශ් ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ.. නියමයි සහෝ.. බොහොම ස්තූතියි...

  7. kawinda gayashan

    tvmansala.com

    mema sub file ekata adala direct link eka sadaha

  8. kushani sanjula

    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  9. Neer

    Ammo athi yantham beri apahu awith.thanx sub walata

  10. sherlock galle

    Thanks

  11. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  12. King Ruwan

    ela ela thank mcho......

  13. D.Chamara

    hamme denakam balagena hitiya . bohoma sthuthi sahooo

  14. Lakshan

    Thanks Bro.

  15. vindaka

    Thanka.....beo

  16. Yohan

    Thanks broo

  17. yumal

    thankZZZZZZZZ bro!!!!!!!!!!!

  18. D J Ushan Remixer

    Thanku Bokka

  19. Sanath Indika

    ela elz broo :) thx u wewa

  20. සචින් අකලංක.

    thannnnxxxxxxx saho..enakan balaana hitiye

  21. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  22. Udara Damith B/K

    බැරි සැවටාර් වෙනවනම් එනිසා ද දන්නේ නෑ කැපටන් හන්ටර්ට පණිවිඩයක් යැව්වේ මාත් විශ්වාශ කරන්ඩ එපා කියලා

  23. Udara Damith B/K

    arrow th ikmanata denda

  24. Mithuranga Mahisadha

    thanks mchan i gawa ewath ikmanta denna sahooo.......

  25. Hasitha

    Thanks broo

  26. Nirodha uthpala

    ado Kavindu was subata thx bro hoda vade month eakak ma nivadu gattane eava adin ivarai back to work bro ela.elama

  27. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  28. shehan

    thankz bro anith episode tikath ikmanta denna

  29. Gathsara Umesh Kumara

    සබට බොහෝම් ස්තූතියි අයියේ..ඊලග එපියෙන් හමුවෙමු...සුබ සතියක්...

  30. Ushan

    subta thankx

  31. risitha

    ela ela

  32. Savindu

    Thanq bro

  33. Savindu Induwara

    Thanq bro

  34. Ravindu Rukshan

    thx

  35. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. Sasindu

    Thanks for sub.

  37. Pavan

    Thanks.

  38. mindika

    Thanks !!!!!!!!!!!

  39. Dushan

    Ela.thnkz

  40. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ……

  41. lahiru

    taxxx bro

  42. Gihan Iddamalgoda

    thanks 4 sub.

  43. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Bhagya

    ela ela thanks..............!

  45. Mahesh

    Sub ekata thanx bro

  46. ashan lankanath

    thanks .............................................................

  47. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  48. Rachitha Isanka

    thanks bro...

  49. Suu

    thank u

  50. සයුරු තරංග

    Sub ekata godak stuti saho..................mahansiwela sub eka apita denawata oyata gdak stuti
    Jaya wewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.