ගියවර හඹායාමේ දී FBI නියෝජිතයන්ට දැනගන්නට හැකිවුණා, සිරභාරයේ පසුවන ජෝ කැරොල් සිරගතව හිදගෙනත් තම වැඩ කටයුතු කරගෙන යන බව. ඒ සදහා ඔහු බන්ධනාගාර නිලධාරියෙකුගේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ, ඔහුගේ දුර්වලකමකින් තමන්ට අවැසි ප්‍රයෝජන ගත හැකි ලෙස ඔහුව හැඩ ගස්වා ගෙනයි. ඔහුගේ උදව්වෙන් ජෝ තමා අදහන පෝ’ගේ දර්ශනය තමාටම…

ගියවර හඹායාමේ දී FBI නියෝජිතයන්ට දැනගන්නට හැකිවුණා, සිරභාරයේ පසුවන ජෝ කැරොල් සිරගතව හිදගෙනත් තම වැඩ කටයුතු කරගෙන යන බව. ඒ සදහා ඔහු බන්ධනාගාර නිලධාරියෙකුගේ සහයෝගය ලබාගෙන තිබෙන්නේ, ඔහුගේ දුර්වලකමකින් තමන්ට අවැසි ප්‍රයෝජන ගත හැකි ලෙස ඔහුව හැඩ ගස්වා ගෙනයි. ඔහුගේ උදව්වෙන් ජෝ තමා අදහන පෝ’ගේ දර්ශනය තමාටම ආවේණික ස්වරූපයකින් යුතු ඇදහිල්ලක් බවට පත් කරන්නට අවශ්‍ය කටයුතු වලට මුල පුරා තිබෙන බව හඹායන පිරිස දැනගත්තත්, ඔහුගේ සැලසුම් කිසිලෙසකින් ඔවුනට දැනගන්නට හරින්නට ජෝ ඉඩ තබා නැහැ. ගියවර කොටසේදී මෙකිවූ බන්ධනාගාර නිලධාරියා ජෝ’ගේ උපක්‍රම සහිතව ඔහුගේ සලකුණ සටහන් කරන්නට කටයුතු කල අයුරුත්; ඒ වගේම ජෝ’ගේ බිරිද ළග සිටි දරුවාගේ කිරිමව දරුවාත් රැගෙන පළා ගිය අයුරුත් ඔබට මතක ඇති. ජෝ’ගේ බිරිද අනූනවයෙන් දිවි ගළවාගන්නට සමත් වුණා. දැන් දරුවා කොහේද? මේ අනුගාමිකයන් පිරිස එකින්කා හා සම්බන්ධ වෙන්නෙ කොහොමද? අද කොටසින් ඒ ගැටළු විසදෙන්නටයි යන්නේ.
ඔවුන්ගේ තිප්පළක් ගැන හෝඩුවාවන් හමුවෙලා. ඇගිලි සලකුණු සටහන් සහිතව 6 දෙනෙක් ගැන දැන් ඔවුන් සනාථ කරගෙන. නමුත් පෝ’ගේ බලපෑම තවමත් ඉවර නෑ. පෝ’ගේ වෙස්මූහුණ මෙවරත් මිනිස් බිලි ගන්නට සාහිත්‍යයේ සටහන් අතරින් පෙරට එනවා. ‘දෝණකාකයා’ තවමත් හොට ගැසීම නවතා නැහැ. ඒ අතර ජෝඩි ඇතුළු පිරිස අලුත් හෝඩුවාවක් පසුපස ලුහුබැදගෙන යන්නේ, ඔවුන් මේ දැන් හදුනාගත් සාමාජිකයා විසින් ඇටවූ උගුලකටයි. මෙවරත් කලින් වගේම ඔවුන් අති සූක්ෂමයි. මේ පරීක්ෂණය භාර ක්ලෙයාව මෝඩයට අන්දලා ඇගේ කණ්ඩාමේ හදගැස්ම නවතාලීමේ වැඩ හීන්සැරේම ඔවුනටත් රහසේ ක්‍රියාත්මකයි. ඒ ගැන අනුමාන කරන්නටවත් ඔවුනට ඉඩක් නෑ. එතරම් කෛරාටිකයි, සාහසිකයි.
ඒ අතර ජෝයී ගේ කිරිමව සහ පිරිස, ජෝයීව පුහුණු කරන්නට ආරම්භක පියවර තබනවා. මේ සියල්ල ජෝ’ගේ පළිගැනීමේ එක් එක් පියවරයන්. කෙමෙන් කෙමෙන් ඔහු තම විනාශයට වගකිව යුත්තන් කරා භීෂණය මුදා හරින්නේ, ජෝඩි හා තමා ප්‍රධාන චරිත ලෙස ගනිමින් ඔහු ලියනා අලුත් කතාවේ පරිච්ඡේදයන් පිටුවෙන් පිටුව පුරවමින්. එහෙනම් මෙවර ලුහුබැදීම හරහා පෝ’ට පෙම් බැදි ජෝ’ගේ හමාර නොවූ කතාව ලියැවෙමින් යන හැටි නරඹලා. ඊළග පරිච්ඡේදය ලියවෙන හැටි ගැන දැනගන්ඩ සූදානමින් පසුවෙමු. ලුහුබැදීම ඉවර නෑ.., සිව්වන ටිකෙන් ටික ඉදිරියට යනවා!
මේ මහන්සිය වෙනුවෙන් මා වෙනුවෙන් අදහසක් තියන්නට පසුබට වන්නට එපා. ඔබ වෙනුවෙන් කොතෙකුත් වැඩ මැදයි මේ වෙනුවෙන් කැප වුණේ. ඒ බවත් සලකලා දිරිගැන්වීමක් කරන්නකෝ… මීළග ලුහුබැදීමෙන් හමුවෙනතුවා ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,133 downloadsDownload The.Following.S01E03.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
39 comments
HarshA
chami
thnx
elakiri
එල අද උදෙන්ම දීලා ජය
naleen
jaya wewa!!!!!
wow
wow.... maru :D
lasanatha!!!!!!
dwn wenna damma .txxxx
zumo man
elazz thnxzzz
mihin ලංකා
නියමයි සහෝ මේක දෙනකම් උන්නේ අනිත් ඒවාත් ඉක්මනට දෙමු.....
quik
thanks
geeth
niyamai anith epi tikath ikmnata deela ongoing yana tika allamu
ositha
elakiri kollo
pubudu
thnx bro
ccnp
Thanks
rusuru | රුසිරු
පට්ටම තාමා ඔඕන් මාත් බාන්න දැම්ම
ganidu
සුපිරි :) මචං
hh
niyami machan mamath ganno ahenam....
chamath cafe
ජය වේවා පට්ටම තාමා
tharanga
බොහොම පින් ජයම වේවා!!!!!
was
දිගටම දෙන්න අපි ගන්නෝ සුපිරි :)
fd
elakiri machan
kalinga
සුපිරි හොදේ මේක නම් මැක්සම කතාව ඉක්මනටම දෙන්න බලන්න
shann
maxxa
shani
තෑන්ක්ස්
ravi70
aaaaaaw jayen jaya anakam egili gana gana unne,,,,supiri wadak jayama weeeeeeeeeeeeeewa
“චූටී මල්ලි”
අනිවා අනිවා සහෝ මම නම් පසුබට වෙන්නෙ නෑ
දන්නවනෙ ඉතිං
ඒත් මන් බැලුවා මොකද පරක්කු කියලා
පලවෙනි කොටස් 2 බැලුවට පස්සෙ මේක බලන්න පුදුම ආසාවක් ඇති උනා
(රොයිලි දෙන රෙවොලුෂන් එකටත් උනෙ ඕකමයි )ඉතිං සහෝ දහසක් වැඩ මැද්දෙ ඔයා අපි වෙනුවෙන් වෙන මහන්සියට පිං සිද්ද වෙනවා
ඉතිරි ටිකත් දෙනකම් මඟ බලාගෙන ඉන්නවා හොදේ...සමීර කරුණාරත්න
බොහොම අගෙයි සහෝ....
මේක ලබා දෙනකම් බලා උන්නෙ...
බොහොම ස්තුතියි...දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි හසන්ත සහෝ! මමත් බානවා! ජයවේවා!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍ශාන් විමුක්ති [වීමා]
නියමයි හසන්ත අයියා අපිත් දැන් ඔයාව ලුහුබදිනව :ඪ්
හිහ් හිහ් හී...අනිවාර්යෙන්ම යාලුවනේ මහන්සියට පුංචි කොමෙන්ට් එකකින් සලකල යන්න නිකම්ම සබ් එක අරන් යන්න එපා :(
බලන තරම් ලේසි නෑ සබ් එක කරනකොට ඒකත් නිකම්ම කරන්නෙ ඉතින්..........
නියමයි කියලවත් යන්න යාලුවනේ :)dev
niyamai niyamai saho..,man nam asawen meka balanawa.
patta katawak..bohoma stuti.Nilanka
ela ela macho meka num mata fit wena kathawak.thanks sub walata.
mudiya / මුදියා
මෙන්න පට්ටම කතාව.මන් මේක එනකං බලන් ඉන්නෙ.දිගටම දෙන්න ඕනි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
Rashmika
thanks lot bro...
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru
nice work... keep it up...
රාම් රාජ්
සිංහල සබ් වලට ස්තූතියි.
samiddha
great machan.thanks a lot
Thisara Neo (තිසර නියෝ) (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Sisitha
Sub eka download karanna bane..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnxz so much