Watch Trailer

The Following [S01 : E15] Sinhala Subtitles | ප්‍රදීපාගාරය…[සිංහල උපසිරැසි සමඟ]

ජෝ කැරොල්-වින්ස්ලර් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පිලිබද මහාචාර්ය. රයන් හාඩි-හිටපු FBI රහස් පරීක්ෂක. මේ කවුද ? මොනාද කරන්නෙ? 2013 මාර්තු මස නවවන දින සිට මෙතුවක් දුරට නොනවතින ලුහුබැදයාමක් සමගින් එක්ව සිටි ඔබ ඒකාන්තයෙන්ම දැනසිටී, ඉදින් මෙතුවක් කල ලුහුබැදීමක සාරාංශ-ගතයයි ඔබ හමුවේ මෙලෙසින් දිගහැරෙන්නේ. ඔබ…

ජෝ කැරොල්-වින්ස්ලර් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පිලිබද මහාචාර්ය. රයන් හාඩි-හිටපු FBI රහස් පරීක්ෂක. මේ කවුද ? මොනාද කරන්නෙ? 2013 මාර්තු මස නවවන දින සිට මෙතුවක් දුරට නොනවතින ලුහුබැදයාමක් සමගින් එක්ව සිටි ඔබ ඒකාන්තයෙන්ම දැනසිටී, ඉදින් මෙතුවක් කල ලුහුබැදීමක සාරාංශ-ගතයයි ඔබ හමුවේ මෙලෙසින් දිගහැරෙන්නේ.

ඔබ සිතනුයේ මිනිසෙකුගේ දිවි තොරකිරීම වින්දනාත්මක කලාවක් කියාද? නැහැ නේද? නමුත් මස්තුලුංග ශෝධක, මහාචාර්ය ජෝ කැරොල් කියනුයේ එය මරනයට පත්වන්නාගේ ආත්මය සුගතියට පමුනුවන වින්දනාත්මක ක්‍රියාවක් ලෙසයි, 2003 වසරෙදී ගොතික් සම්ප්‍රධානුකූලව රචනාවූ “ගොතික් මුහුද” නම් ඔහුගේ පලමු සහ එකම නවකතාව කල-එලි දක්වනවා, අසාර්ථකත්වය ඔහුගේ අබියසයි. එයයි ඔහුට ලද පෙලබවීම මාරක උමතුවක් ඇතිවීම කෙරෙහි. තියුනු පිහි තලයකින් සිරුරේ මාංශ පේෂීන් පෙති ගැසීමේ උන්මත්ක වින්දනයක ආරම්බය එයයි. ඔහුගේ සදාතනික වීරයා “එඩ්ගා ඇලන් පෝ” පෝගේ විස්වාසය වූවේ, උමතුව යන්න කලාවක් යන්නයි. උමතුව කලාවක ආරම්භය ලෙසින් සනි‍ටුහන් වූවේ ඔහුගේම විශ්ව විද්‍යාලයේ සිසුවියන් 14 දෙනෙකුගේ මාරක අවසානයි. රයන් හාඩිගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ එතැන් පටන්ය. ලුහුබැදීම ඇරඹුනා, වැඩි කල් නොගොස් නමුත් ජෝ කැරොල් ලව්වා තම හෘදය වස්තුවට තියුනු පිහි තලයක් ඇතුලු කරගනිමින් වුවද රාජකාරිය අකුරටම ඉ‍ටු කිරීමට රයන් හාඩි සමත් උනා.හෘද ගතකිරයක් ආධාරයෙන් තම ජීවිතය බේරාගත් රයන් හාඩි දැන් තම රාජකාරියෙන් ඉවත් වූවෙක්.

නමුදු අවාසනාව සෑම විටකම ඔහුගේ ප්‍රතිවාදියා වූවා. මරණ දණ්ඩනයට දින කිහිපයක් තිබියදී සිරබාරයෙන් පැනගැනීමට ජෝ කැරොල් සමත් වුනා. දැන් නැවතත් FBI සදහා රයන් හාඩිගේ සේවය ඉතාම උවමනයි, මන්ද රයන් තරම් ජෝ කැරොල්ව හදුනන කිසිවෙකුත් නොමැති නිසා. මෙන්න ඔහු නැවතත් සිරෙන් පැනගත් මස්තුලුංග ශෝධක මිනීමරුවෙකුගේ පසුපසින්. ඔහුගේ සැලසුම්ගත මාර්ගය වන්නේ ඔහු විසින් රචනා කරන ලද “ගොතික් මුහුදයි” ඔහුගේ මස්තුලුංග ශෝධක ගොදුරු බවට පත්වන්නේ මානසික වශයෙන් අවපීඩනයකට ලක්වූවන්, ශාරීරික හිංසනයට ලක්වූවන්, තමන්ට සිදුවූ වේදනාවන්ගේ පලිය ගැනීමට තවකෙකු මරාදැමූවන් යන් අයවලුන්. ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වීමටනම් නිසකයෙන්ම කෙනෙකුගේ දිවි තොරකර තිබීම අත්‍යාවශ සාධකයක් වේ. මන්ද මොවුන් ජෝ කැරොල් වටා එක්-රොක් වනුයේ? මොහුගේ මස්තුලුංග ශෝධක හැකියාව හේතුවෙනුයි. මොහුට ඒ සදහා තමන්ටම අනන්‍ය භාෂා ශෛලියක් පවතී, මානසික අවපීඩනයට ලක්වූවන්ගේ හද ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඉහලින්ම පවතින්නෙකුට ඔවුන්ව තම අරමුන උදෙසා යොදවා ගැනීමේ හැකියාව ගැන කුමන කතාද, එය කෙතරම්ද කිවහොත් තියුනු සිහින් කූරක් තම හිස පසාරු කරගෙන යන ආකාරයට තමන් විසින්ම ඇනගැනීම තමට දුරදිග ගිය එකකි.

ඔහු ආරම්බ කරනුයේ අවපීඩනයට ලක්වූවන් වෙනුවෙන් නිර්මිත මාරක ඇදහිල්ලකි. ඔහුගෙ වචන හරබය මනහරය, අවපීඩිතයන්ගේ සිත් වශීකෘත කරවයි, ඔහු වටා එක්-රොක්වන පිරිස දිනෙන් දිනම ඉහලට යයි. රයන් හාඩි ක්‍රියාත්මකය. ජෝ කැරොල් සිරගතවීමට ප්‍රථම බිලිගැනීමට සූදානම් වුවද හාඩිගේ හැකියාව හේතුවෙන් මගහැරී ගිය බිලි පූජාව අවසන් කිරීමටයි මොහු මේ පැමිනියේ. උපාමාර්ගික දක්ශතාවය හේතුවෙන් අවාසනාවකට එය ඔහුට කරගැනීමට හැකිවනවා පමනක් නොව හාඩිගේ හැකියාව හේතුවෙන් නැවතත් සිරගත වීමට ඔහුට සිදුවනව. ජෝ කැරොල් විසින් රයන් හාඩි හට මානසික වශයෙන් එල්ලකරන ලද බලපෑම ඉතාම ඉහල මට්ටමකට පමුනුවනු ලබනවා මේ සිදුවීම හරහා, ජෝ කැරොල්ගේ අනුගාමිකයන් තම උන්මාදනීය කලාව අරභනු ලබනවා, මේ අතරතුරෙහිදී වැදගත් යමක් අපට දැනගැනීමට හැකිවනවා ඒ රයන් හාඩි හා ජෝ කැරොල්ගේ බිරිද ක්ලෙයා අතර සබදතාවයක් පවතින බවත්. එය ජෝ කැරොල් පවා දන්නා දෙයක් බවත්. මෙලෙසින් ඉදිරියට ඇදීම පිණිස පටන් ගන්නා මෙහි හැරවුම් ලක්ෂය වනුයේ ජෝ කැරොල්ගේ අනුගාමිකයන් විසින් ඔහුගේම පුතාව පැහැරගැනීමට ලක්වීමයි, එසේ කරන්නේද දෑ අවුරුද්දක දීර්ඝත සැලස්මකට අනුවයි, වසර දෙකක් පමන අසල් වැසියන් ලෙසින් සිටි විල් විල්සන් සහ බිලී ‍තෝමස් නමින් සමලිංගික සහකරුවන් ලෙසින් පෙනීසිටි දෙදෙනෙක් සහ දරුවාගේ බාරකරුවා ලෙසින් සේවය කල එමා නම් අයවලුන් විසිනුයි.

එය දීර්ඝගත සැලස්මක මූලාරම්භීය කොටසයි, නැවුම් ලුහුබැදයාමක ආරම්බය සනි‍ටුහන් කරන්නක්. ඔවුන් එය සිදුකරනුයේ ජෝ කැරොල්ගේ ජීවමාන නැවුම් අනුප්‍රාප්තිකයා නැතහොත් අවපීඩිතයන්ගේ ගැලවුම් කරුවා බවට ඔහුගේ පුතාව පත්කරවීමපිණිසයි. රයන් හාඩිගේ තියුනු බුද්ධියත් ජෝ කැරොල්ගේ උන්මාදනීය වාග් මාලාවෙන් වශීකෘත වූවන්ගේත් පෙලහර පෑම මෙලෙසින් සටහන් වනවා, දැන් අමෙරිකාවේ ජනපද කිහිපයක් තුල අමානුෂික ආකාරයට සිදුවන මිනී මැරුම් මාලාවක් ක්‍රියාත්මකයි, ඊලග බිල්ල කවුද? එය සිදුකරන පුද්ගලයා කවුද? යන්නත් දැන් මහත් ගැටලුවක්, ජෝ කැරොල්ගේ අනුගාමීන් පිරිස එන්න එන්නම ඉහල යනවා. එයට දැන් ගොදුරු වන්නේ අවපීඩිතයම් පමනක් නොවේ උගත්, බුද්ධිමතුම් පවා මේ සදහා ගොදුරූ වී අවසන් ජෝ කැරොල් ඔවුන්ගේ සදාතනික ගැලවුම් කරුවායි. තම දරුවා පැහැරගත් කැරොල්ගේ මීලග අබිප්‍රාය වනුයේ ඔහුගේ වංචාකාර බිරිද පැහැරගැනීමයි, වංචාකල නමුදු ඔහු තවමත් ඇයට සෙනෙහෙබරයි, ඔහුට වුවමනා වන්නේ කුමක්ද යන්න තවමත් ගැටළුවක්. දරුවා සගවා ඇති ස්ථානයත් තවමත් රහසක්, FBI නියෝජිතයන් රයන් හාඩිත් සමගින් දිවා රෑ වෙහෙස වනුයේ දරුවා සගවා ඇති ස්ථානය පිලිබදව සොයාගැනීමටයි. මේ අතරින් අතීත ආවර්ජනාවන්ගෙන් රයන් හාඩි සහ ක්ලෙයා අතර ඇතිවූ ආදර සබදතාවය පැහැදිලී කෙරීගෙන යනු ලබනවා. දරුවා පැහැරගෙන සගවාගෙන සිටින විල් විල්සන් සහ බිලී ‍තෝමස් නමින් සමලිංගික සහකරුවන් සහ එමා අතරෙහි ගැ‍ටුමක් වර්ධනය වන ලකුනු පෙන්නුම් කරනවා. එලෙසින් වර්ධනය වන ගැටලුව අතරතුරෙහිදී දරුවාගෙන් ක්ලෙයා හට ඇමතුමක් ලැබෙනවා එලෙස සිදුවන සිදුවීම් මාලාවක් අවසනදී ඔහු සගවාසිටින ස්ථානය රයන් හට හෙලිකරගැනීමට හැකිවනවා. ඒ අතරතුරෙහිදී ජෝයිගේ අනුගාමිකයන් ක්‍රියාත්මකයි ක්ලෙයාව පැහැරගැනීම පිණිස. දැන් රයන් හාඩි දරුවා මුදවාගැනීමට ක්‍රියාත්මකයි, අවාසනවක මහත දැන් කොතන බැලුවත් ජෝ කැරොල්ගේ අනුගමිකයන්, දරුවාත් සමගින් එමා පැනගැනීමට සමත් වනවා, නමුත් අනෙක් දෙදෙනාට පැනගැනීමට අසීරු වෙනවා, සමලිංගිකයන් වශයෙන් පෙනී සිටියද සැබෑවටම ඔවුන් දෙදෙනා අතර යමක් සිදුවීමයි එමා සමග ගැ‍ටුමට කාරනාව වනුයේ, කෙසේ නමුත් එක් අයෙක් වෙඩි කෑවද කෙසේ හෝ තුවාල ලබා පැනගැනීමට සමත් වනවා.

නමුත් කැරොල්ගේ සැලස්ම පරිදි ක්ලෙයාව පැහැර ගැනුනනද ඒ විගසින්ම මුදවාගැනීමට FBI සමත්වීම හේතුවෙන් කතාව වෙනතකට හැරීමට පටන් ගන්නවා, දැන් නැවත්ත ජෝ කැරොල් ක්‍රියාත්මක වීම පටන් ගන්නවා, තම නීතීඥ වරියට බලපෑම් කිරීම මගින් ගෙන්වාගෙන ඇය හරහා තම අනුගාමිකයන්ට විවිද පණිවුඩ නිකුත් කරමින් මිනී මැරුම් සිදුකරවීමට පෙලබෙනවා, සිය බිරිද වූ ක්ලෙයා පැහැරගැනීමට යොදාගන්නේද එම ක්‍රියාමාර්ගයමයි. මේ අතරතුරදී තවත් රහසිගත සැලස්මක් සිදුවෙමින් පවතිනවා, කාටත් හොර රහසේ විස්වාස කල නොහැකි ආකාරයේ සැලසුමක්, ජෝ කැරොල් නැවත්ත් සිරෙන් පැනයයි. ගෙල සිරකොට මරා දැමූ ඔහුගේ නීතීඥවරියගේ නිසල දේහය මෝටර් රථයකින් හමුවේ. රූපවාහිනී පුවත් සේවාවන්ට පතුරු ගැසීමට නැවතත් විශාල මාතෘකාවක් ලැබුනි, උමතු ඝාතකයන් පමනක් දැනසිටින්නක් ලොවට හොරා සිදුවෙමින් පවතී, ජෝ කැරොල් සිය අනුගාමිකයන් පිරිවරා සිටී, තම පුත්‍රයා මානසික ව්‍යාධියට ලක්වූවන්ගේ අනාගත ගැලවුම්කරුවා ලෙසින් හදුන්වන්නාවූ ජෝ කැරොල්ගේ පුත්‍රයා මේ සියල්ලෝම දැන් එකම ස්ථානයක වෙසෙයි. ඒ අමක් ඇරබෙන තුරුයි. එකම බාධාව ජෝ කැරොල්ගේ බිරිදයි. ඇයව ඔහුට ඇවසි වී ඇත. නමුදු ඈ ඔහු ලග නැත තවත් සිදූවීම් මාලාවක් ජීවිත අහිමිවීම් සමූහයක් ක්ලෙයා මැතිසන් නාමය දරන්නන් පවා ඝාතනයට ලක්වන අවදියක්, ක්ලෙයා FBI ආරක්ෂාව යටතේ රහස් ස්ථානයක, රහස හෙලිදරව් වීමක්, රයන් හාඩිගේ ආගමනයක් සමගින් එම ස්ථානයට ජෝ කැරොල්ගේ අනුගාමිකයන්ගේ සන්නද්ධ කඩා වැදීමක්, ජෝ කැරොල් සමගින් රයන් හාඩි අතුරුදහන් වී ඇති බවට FBI තහවුරු කරගැනීමක් සහ රයන්ගේ මිතුරෙකුගේ නිවසින් මොවුන් එක්වරම මතුවීමක්, දසවැනි කතාංගයේ ගලායාම එබදුයි.

ජෝ කැරොල් හට රයන් හාඩි සැගවුනු ස්ථානය පිලිබද අනාවරනය වේ. තම හැගීම්වලට වහල්වීම හෝ තම දාරක ස්නේහය යැයි අර්ථදැක්වීමට හැකි නමුත් මෝඩ ක්‍රියාවක් ක්ලෙයා අතින් සිදුවීම නිසා කතාවෙ විශාල වෙනසක් සිදුවෙනවා සිදුවීම අවසනදී ක්ලෙයා නැවතත් ජෝගේ යටතට පත්වනවා. මේ අතරතුරෙහිදී ජෝගේ අනුගාමිකයන් විසින් පවත්වාගනු ලැබූ වෙබ් අඩවියක ප්‍රධාන සර්වරය පවත්වාගෙන යන ස්ථාන FBI විසින් හදුනාගනු ලබනවා එතනදී සිදුවන සිදුවීම් දාමය මගින් ජෝ කැරොල් ඉතාම විශාල අපරාධායකට සූදානම් වනබැව් සොයාගැනීමට සමත් වනවා, FBI සංවිධානයට ගසා ඇති ලේබලය “කාට මොනා උනත් තමන්ගෙ අරමුනට හානියක් නැත්තම් කමක්නෑ” වගේ හැසිරීම මෙතනදි විදහාපෑමට සමත් වෙනව. දැන් ක්ලෙයා සහ ජෝ කැරොල් නැවතත් එකට, ඔවුන්ගේ දරුවාද ඔවුන් සමගයි, ලුහුබදින්න රයන් හාඩි, මේ සිදුවීමෙන් අඩපනයි. ලුහුබැදයාමේ ආරම්භයක කඩාවැටීමේ සලකුනු විහිදෙනව සෑම අතින්ම. ජෝ කැරොල් කුමක් කරනවා ඇත්ද? ඔහුගේ පැත්තෙනුත් යම් පිපිරීමක සලකුනු මතුවෙමින් පවතිනවා එය බල අරගලයක ආරම්බයක් ලෙසින් සටහන් වේවිද කියා අපට තවමත් කිව නොහැකියි. මන්ද එසේ සිදුවන්නේ ජෝ කැරොල් සිය පවුල සමගින් හිදීම නිසා සැලසුම් ප්‍රමාද වීමයි. ඒ බිදීම කෙතෙක්ද කිවහොත් අවසනදී ජෝ කැරොල්ගේ පුත්‍රයා වන ජෝයිව පැහැරගෙන යාම තරම් දුරදිග යනු ලබනවා.

මේ අතරතුරෙහිදී රයන් හාඩිගේ ආදර කතාවන් සහ පැරණි පෙම්වතියක් ගැන අතීතාවර්ජනයක් සදහන් වෙමින් පවතිනව. ඔහු ස්ථීර වශයෙන්ම ආදරය කිරීමට පෙලබීහුන් තරුනියක් පිලිබදව. කුමන කාරනාවක් නිසා එය නොවූවාද යන්න තවමත් ගැටලුවක් කෙසේහෝ ඇය දැන් ජෝ කැරොල් ලබ්ධිකයෙක්, ඇගේ සහාය දැන් ඔහුටයි ඇය රයන් හාඩි සමගින් ලිංගිකව හැසිරුනු ආකාරය සැගවුනු කැමරා මගින් රූගත කොට ජෝ කැරොල් හට ලබා දෙනවා, එහි අරමුන තවමත් නිහඩයි තේජාන්විත උන්මත්තකයා දැන් යම් යම්තාක්දුරට අඩපනයි, ඔහුගේ බලය බිදවැටීමකට ලක්වෙලා, මන්ද ඔවුන්ගේ ගැලවුම් කරුවානන් බවට පත්කිරීමට සිටි ඔහුගේ පුත් ජෝයි අතුරුදහන්, තවද ජෝ කැරොල් නවකතාවේ අදාල නොවන සිද්දි දාමයක පැටලිලා, දැන් ඔහුට අලුත් පරිච්චේදයක් ලිවීමටයි සිදුවන්නේ, ඔහුගේ ආදරණීය බිරිද ක්ලෙයා විසින්ම ඔහුටත් මරණයේ වේදනාව ලංකරවනව, තියුනු පිහි තලයක් උදර පේශීන් හරහා සිරුර තුලට කිදා බස්වමින්, නමුදු එය මරණීය ප්‍රහාරයක් නොවේ එහි ප්‍රතිඵලයක් ලෙසින් ජෝ කැරොල් ක්ලෙයාගේ ජීවිත කතාවට තිත තැබීමට තීරනය කරනු ලබනවා පැහැරගෙන යනු ලැබූ අනාගත ගැලවුම්කරුවා ලෙස බලාපොරොත්තු සහගත වූවා-ජෝයි අවසනදී නැවතත් FBI උපදේශක රයන් හාඩි යටතේ සුරක්ෂිත වනවා, දැන් ජෝ කැරොල් සිය උමතු කලව මුදා හැරීමට සූදානම්, සියල්ල සැලසුම් කරන, ඔහු ජේකොබ් සහ එමා සමගින් ක්ලෙයාවත් ‍රැගෙන පලා යනවා කොතැනකට පලා යාම සිදුවන්නේද යන්න නොපෙනේ FBI නියෝජිතයින් ඔවුන් පසුපසින් දඩයම් බල්ලන් මෙන් ලුහු බැද යනවා, නැවත්ත ක්ලෙයාගෙන් ජො කැරොල් හට ප්‍රහාරයක් මෙවරනම් සාර්ථක පැන යාමක්. නමුදු මෙවර ප්‍රහාරයත් පෙරට වඩා සියයට පනහක පමන ප්‍රතිශතයකුයි සාර්ථක වන්නේ ජෝ කැරොල් තවමත් පන පිටින්. නමුත් ඉතාම දුර්වල තත්වයකයි සිටිනුයේ, එමා සහ ජේකොබ් විසින් නැවත්ත ක්ලෙයාව අල්ලාගනු ලබනවා, අවාසනාවක මහත් ඇය නැවත්ත උන්මත්තක සැමියා යටතේයි, ඔහු ඇයව බෝට්‍ටුවක නන්වාගෙන-යනු ලබනවා, මේ අතරතුරෙහි සමලිංගික සහකරුවන් ලෙස පෙනීසිටි නමුදු එමාට ආදරේ කල හිටපු වෛද්‍ය සිසුවෙකු වූ ජේකොබ් මින් ඉවත් වීමට තීරනය කරනු ලබවා ඔහු එමාටද ඔහුත් සමගි පැමිනෙන මෙන් ඉල්ලා සිටිනවා. නමුදු ඔහු ප්‍රේම කර ඇත්තේ තවත් උමතු යුවතියකටයි, ඔහුගේ එම ඉල්ලීමට ලද ඇගේ ප්‍රතිචාරය වූවේ මුවහත් තලයකින් ඔහුගේ ස්වාශනාලය දෙකඩ කිරීමයි. මන්ද ඔහු එලෙසින් තම දෛවය ලියවාගත්තේ.

ආදරයයි ඒ! මේ සිදුවීම සිදුවන අතරතුරහිදී කැරොල්ගේ අනුගාමිකයන් තම තමාට පැවරූ රාජකාරීන් කිරීමට පටන් අරන්, සාමාන්‍ය වැසියන් තැතිගන්වන සුලු මාරක ප්‍රහාරයක් නැවත්ත දියත් වෙමින් පවතිනවා, ආරක්ෂාව පිණිස ක්‍රීඩා ගාරයකට එක් ‍රැස්වූ ජනයා අතරට කැරොල් ලබ්ධිකයනුත් අයත්වීම හේතුවෙන් කැරොල්ගේ උන්මාදනීය ඝාතන හස්තය ඔවුන්ව වෙලාගනු ලබනව, උපදේශ රයන් හාඩි කැරොල් අනුගාමීන් මරා දමමින් තත්වය සමනය කරනු ලබනවා, මෙතෙක් ඔවුන් සමගින් එක්ව ක්‍රියාකල FBI නියෝජිත පාකර් එක්වරම අතුරුදහන් වනවා, ඇයව පැහැරගනු ලබන්නේ කැරොල් ලබ්ධිකයන් විසින්, කුමක්ද ඔවුන් ඇයට කරන්නට සූදානම් වනුයේ? පණ පිටින් භූමිදානය කිරීමකි ඔවුන් එය සිදුකරාවිද බැරි නැත මන්ද දැන් ඔවුන් ඇයව වල තුලට දමා පෙට්ටියේ පියනද වසා ඇණ ගසා තදකොටත් අවසන්, ඊට ඉහලින් පස් දමා වැසූ පසු ඇයට ඉතිරිවන්නේ කෙටි හුස්ම කිහිපයක් පමනි. එසේනම් උන්මත්තක කලාකාමියෙකුගේ මිනිස් සංහාරයකට තිත තැබීම පිණිස ඇරබි ලුහුබැද යාමක අවසානය අත ලගයි, ඉදින් අද දින කුමක් සිදුවේද? කවුරු මියදෙනවා?, ඔවුන්ගේ ආදරය වෙනුවෙන්.. මියදෙනවා, ඔවුන්ගේ සෑම දෙයක්ම වෙනුවෙන්…….. ඇරඹුමක අවසානයයි මේ!!

හසන්ත වික්‍රමරත්න, නවීන් ලක්ෂිත, චමීදේවා, සමීර කරුණාරත්න, මිහාන් මේනුක, නුවන් හසංක යන උපසිරැස කරුවන් 2013 මර්තු මස 09 වනදා සිට ඔබ වෙත ගෙනා ලුහුබැදීම අද දිනෙන් මදකට අපි නවත්වන්නෙමු. නමුත් මීලග කතා සමයන් පැමිණි වහාම එම කොටස් ඔබ වෙත ලබාදීමට බයිස්කෝප් අඩවියේ උපසිරැස කරුවන් කටයුතු කරනු ඇත. ඉදිරි කතා මාලාවන් පිළිබද බයිස්කෝප් මංසලේ පළවූ ලිපියට මෙතනින් පිවිසෙන්න. එහෙනම් මෙතුවක් කල් අප හා රැදී උන් ප්‍රේක්ෂක ඔබට බොහොම ස්තුතියි….!

ලිපිය විමා සහෝගෙන් 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,398 downloadsDownload The.Following.S01E15.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,398 downloadsDownload Subtitles62 KB

44 comments

  1. yasas

    patta saho niyamai :D

  2. isuru

    thanks saho digatama meyka dunna akata

  3. rusuru | රුසිරු

    පට්ට මචෝ ජය!

  4. zumo man

    elaz meyka denakm unne

  5. tharanga

    බුදු අම්මෝ දිග ලිපියේ ,,,, පට්ට පට්ට

  6. ganidu

    තෑන්ක්ස් වේවා!

  7. ositha

    maxxa macho

  8. එරංග

    එලස් අනිවා බලනවා

  9. shann

    ජයම වේවා සහෝ නියමෙට ලිපිය ලියලා තියේ, සීසන් 2 එක ආවහමත් දෙමු නේ

  10. ccnp

    Thanks

  11. wow

    wow,,maru :D

  12. naleen

    meyka denakm unne patta machan

  13. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  14. kalinga

    නියමයි මේකත් ඉවරයි :)
    එහෙනම් අලුත් එකක් පටන්ගමු නේ

  15. amilatk

    jayen jaya!

  16. fd

    patta TV kathawa

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ.. මේ කතාවත් ඉවරද...
    සමීර මචෝ..
    ඇදහිල්ලේ සාරාංශය මේ විදියට ගෙනාපු එකනම් ලොකු දෙයක්...
    තවම කලින් කොටසත් බලන්න බැරි උනා..
    මේ ගෙදර පොඩි සීන් වගයක් නිසා....
    හෙට අනිද්දම දෙකම එක සැරේ ඉවර කරනවා...
    එහෙනම් දෙවැනි සමයත් එනකම් බලාන ඉන්නවා..
    ජය වේවා...

  18. quik

    thanks

  19. sameera

    thanks

  20. sarath

    thanks sameera.

  21. SHITHILA INDUSARA

    බොහොම ස්තූතියි සමීර කරුණාරත්න සහෝ සිංහල උපසිරැසියට.ඔන්න බාන්න දැම්මා.

  22. ප්‍රදීප් ඉරේෂ්

    We.Steal.Secrets.The.Story.of.WikiLeaks. kawuru hari meekatath ikamanatama sub dendko......

  23. “චූටී මල්ලි”

    ඒකත් ඉවරයි නේ?
    පෝස්ට් එකත් ලෙසටම තියෙ අද
    එහෙනම් ඊලග කතා සමයෙන් හමුවෙමු
    මෙතක් මේකට සබ්
    දුන්න ඔක්කොමලාට තුති
    ඔබට ජය.............................

  24. sage

    එක දිගටම වැඩේ ඇදගෙන ගියාට බොහොම ස්තුතියි.ජය වේවා !!!!!!!!!!!

  25. හසන්ත වික්‍රමරත්න

    මම පටන් ගත්ත මේ කතාමාලාව අද මෙසේ අවසන් වෙනවා දැකීම ඇත්තටම සතුටක්. ඒ වගේම මම ස්තුති වන්ත වෙන්න ඕනේ මම කාර්යබහුල වු අවස්ථාවේ ඊට උදවු කල අපේ සහෝදරයන් වන,
    උදා
    නවීන් ලක්ෂිත
    වාසල අයියා
    නුවන් හසංක
    මිහාන් මේනුක සහ අපේ සමීර මල්ලි කියන අයව. මොකද මේ පිරිස තමයි මම අරඹපු මේ කතාවේ මටත් වඩා වැඩි කොටස් ප්‍රමාණයක උපසිරසි දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම මේ කතාව අවසන් වනතුරු අප සමඟ රැඳී සිටි ඔයාලා හැමෝටමත් තුති. :)

  26. Rashmika

    ගොඩක් ස්තූතියි සහෝලා හැමෝටම!!season 2 එකටත් මේ වගේම සිංහල අරුත් එක්කරන්න හැකිවේවා..

  27. දිනිඳු සම්පත්

    ලිපියනම් කියෙව්වෙ නෑ සමීර කොල්ලෝ කතාව ගැන දන්න නිසා... ඊලඟ කතා මාලාවත් ආපු ගමන් සිංහල උපසිරැසි ලැබේවි කියලා දන්නවා.. බොහොම ස්තූතියි.. ජයවේවා!

  28. My Life as a Gaijin!

    අවසන් කොටස දක්වා අඛණ්ඩව උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.බොහොම ආසාවෙන් බලපු කථාවක්.

  29. dev

    bohoma stuti saho... .
    tawat maxxa katawak iwara unane... :(
    tawa kata set ekakata sub danna diriya shaktiya lebewa.. .

  30. Kasun

    supuri post eka machan...

    Kathawa okkoma niyameta summary karala thiyanawa

  31. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට වගේම මේ කතා මාලාව අපි එක්ක බෙදාගැනීම ගැනත්. විමා ලිපියක් නෙවෙයි පොතක්ම ලියලනේ. ජය෴෴ :P :P

  32. mudiya / මුදියා

    නියමයි සමීර.ලිපිය කියෙව්වම කතාව බලන්න ඕනි නෑ වගේ.මේක නම් පට්ටම කතාවක්.අනිත් සීසන් එකත් ආපු ගමන් සබ් දෙන්න.මේකට සබ් දෙන්න දායක වුන හැමෝටම පිං.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  33. Thisara buddhika

    thanks saho

  34. රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. ශාන් විමුක්ති [වීමා] 〠

    තරහ අවසර සමීරයෝ
    වැරදීමක් සිදු උනේ :(

    උපසිරසට බොහොම තුති සමීර සහෝ
    ජය

  37. osh

    සුභපතනවා සහෝ නියමයි....දිගටම මේ වගේ වැඩ කරන්න..

  38. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  39. ඉනූෂ අඹගහවත්ත

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  40. nuwan

    The Following se 2 eka awa neda? apita sub denne naddooooo....api balan innawa

    1. Randy

      Eka Thama Puluwan Ikmanta Denna
      Godak Pin

  41. nadika

    mco season 2 dala. sub denne naddooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  42. KEVIN

    SEASON 2 AWILLA.........DENNE NADDOOOOOO SUB....?

  43. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)