කොහොමද හැමෝටම? අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ අවසාන කතාවට පෙර කතාවයි මේ. නමවන වෙළුම, ගොඩක් සංවේදී මෙන්ම තියුණු බවක් කතාවට එක්කරන්නට සමත් කතාවක් බවට පත්වුණා. IMDb දර්ශකයේ 8.9ක ඉහළ අගයක් දක්වා දිවයන්නේ අද කතාවේ ඇති තියුණු බව සංවේදී කරනා තුලින් මතු කරන්න දරපු උත්සාහය නිසාවෙන් වියහැක. මෙතෙක් කතාව මේ වෙන…

කොහොමද හැමෝටම? අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ අවසාන කතාවට පෙර කතාවයි මේ. නමවන වෙළුම, ගොඩක් සංවේදී මෙන්ම තියුණු බවක් කතාවට එක්කරන්නට සමත් කතාවක් බවට පත්වුණා. IMDb දර්ශකයේ 8.9ක ඉහළ අගයක් දක්වා දිවයන්නේ අද කතාවේ ඇති තියුණු බව සංවේදී කරනා තුලින් මතු කරන්න දරපු උත්සාහය නිසාවෙන් වියහැක.
මෙතෙක් කතාව
මේ වෙනකම් කතාව, මම කෙටියෙන් ටිකක් මතක් කරන්නම්,මොකද අවාසන කතාංගයේ ලිපියට ඉඩ ඉතුරු කරගන්න අවශ්‍ය නිසාවෙන්. ජූන් හෙවත් ඔෆ්රෙඩ් අපේ කතා නායිකාවයි, ඇයට අමතරව මොයිරා, ජෙනින්, ඔෆ්ග්ලෙන් නමැති අනෙකුත් හෑන්ඩ්මේඩ්වරියන් ඇයගේ කතාව වටා අපුරුවට එකතුවී කතාව ගලාගෙන යන අයුරු අපිට මෙතෙක් කතාවෙන් දැක ගන්න ලැබුනා. ජූන් තාම දරුවා හා සැමියා ලුක් සමග දේශ සීමාවෙන් පැන යන්නට දරන උත්සාහයේදී ගිලීඩයේ හමුදාවන්ට හසුවන අතර එහිදී ඇයට තාම දරුවා අහිමි වෙනවා. දරුවා ගැන මෙතෙක් හෝඩුවාවක් අපිට දැකගන්න ලැබුනේ නැතත් ලුක් කැනේඩියානු සරණාගත කඳවුරක දිවිබෙරා ගන්නට සමත්වුනා. මොයිරා ජුන්ගේ පාසල් කාලයේ සිට මිතුරියයි.ජෙනින් Red Center තුලදී ජුන්ට හමුවූ තවත් තරුණියකි. ඇයට පිස්සු කියලා ජුන්ටනම් හිතෙන්නේ නැහැ. මොකද ඇය ඒ හා සමාන ජීවිතයක අත්දැකීම් උහුලන නිසාවෙන් වෙන්න ඇති.හෑන්ඩ්මේඩ්වරියන් ගැන කතාව එලෙස වෙද්දී,
කමාන්ඩර්වරුන්ගේ හා ඔවුන්ගේ බිරින්දෑ වරුන්ගේ පැතිකඩ එක් පසෙකින් ගලා ගියා. මේ වන විට ඔවුන්ගේ සැබෑ ස්වරූපය, අරමුණු හුදෙක් පැහැදිලි. ඔවුන් ඒවා මනාවට සාධාරණිකරණය කරන්නට සමත්කම් දක්වා ඇත. ගිලීඩයේ විකාශනය, ඇසෙහි සාමාජිකයන්ගේ/ හමුදාවන්ගේ පැමිණීම, පරිසර දුෂණය, ස්ත්‍රී පුරුෂ වඳභාවය,ඇමරිකාවට පමණක් සිමා නොවූ මේ යථාර්තය පිලිබඳ දැන් නම් ඔබට පැහැදිලි ඇති. ගිලීඩයේ අරමුණ හෑන්ඩ්මේඩ්වරියන් මගින් දරුවන් බිහිකර එම දරුවන් සැපයීම තුලින් අනෙක් රාජ්‍යයත් ඇසෙහි සාමාජිකයන් කරවා ගැනීමයි.කතාව ගලා යන ආකාරයට එසේ කරනවා හැරෙන්නට වෙනත් විකල්පත් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නෙ, ඒ කෙසේ වෙතත් අපි බලමු අනාගතයේදී කතාව මොන පැත්තකට යොමුවෙයිද කියලා.
සැඟවුන ජිසෙබෙල් පිළිබඳව පසුගිය කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වුනා.ගිලීඩයේ නීති කිසිවක් මෙහිදි අදාල නොවන බවනම් වැටහුණා, එපමණක් නොව ජුන්ගේ මිතුරිය වූ මොයිරාද මෙහෙදී ඇයට හමුවනවා. ඇය බිඳුණු ස්වරූපයකින් සිටින බව තමයි අපිට පසුගිය කතාවෙන් පෙන්නුවේ, නමුත් ඇය මේ කතාවට විශාල පෙරලියක් ගෙන ඒවි කියලා හිතෙනවා මටනම්. අනෙක් පසින් ජූන් හා නික් අතර ඇති පලහිලව්ව කතාව තවත් පැතිකඩකට යොමුවේවි කියලා අපිට හිතා ගන්න කරුණු කරනා මේ වනවිට එක්රැස් වී හමාරයි.
අද කතාව දෙසට
හැමෝටම මතක ඇතිනේ ජෙනින් කමාන්ඩර් ඔෆ්වොරන් හා එක්වී බිහිකළ දරුවා ඇන්ජෙලාව. මිසිස්.පුට්නම් ට අවශ්‍ය ජෙනින්ව ඉක්මණින්ම ගෙදරින් පන්නා දමා දරුවා ලබාගැනීමටයි.නමුත් ගිලිඩයේ නීති රීති අනුව හෑන්ඩ්මේඩ් කෙනෙකුට දරුවා සමීපයේ රැඳී සිටීමට ලැබෙන්නේ දරුවා මව් කිරි ලබා ගන්නා තෙක් පමණි. දැන් දින කාලය ගතවී පුංචි ඇන්ජෙලා රළු ආහාර වලට හුරුවන දින ආසන්නයට පැමිණ ඇත. කමාන්ඩර් වොරන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ජෙනින්ට බොරු කරන බව අසරණ ජෙනින් මේ වෙනකම් දන්නේ නැත, ඉතිං කතාව මෙහෙම තිබෙද්දී ජෙනින්ගෙන් දරුවා ලබාගෙන ඇයව වෙනත් නිවසකට පිටමන් කරන අවස්ථාව කුමක් වේවිද? අසරණ ජෙනින්ගේ කතාව අද ඔයාලගේ හිත උණු කරවයි.අපි බලමු අද කතාවේ උණුසුම නොයවාම. අවසාන කොටසින් හමුවන තුරු ජය !!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,678 downloadsDownload The-Handmaids-Tale-S01E09.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
21 comments
Lewdeni Ashen
LSMhuska
thanks broooo...........
Isurusky
thanks mchn...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
තව එකයිද තීන්නේ
අනේ
අයියෝIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam fisherr
පිස්සු ජෙනි මොනා කරයිද දන්නැ බලමුකො.....අන්තිම එපිය බලන්න දතකට මැදගෙන බලන් ඉන්නෙ.ස්තුති උපසිරසට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.......ජය වේවා........!!!!!!!!!!!!!
Suranjan
Thanks machan......jayawewa.....!
GTRZ
Thank you bnz!!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Kapila4499
thanks for sub broo..............................
Tharu
tnq
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks mchaann..