හැමෝටම කොහොමද? ඔන්න එහෙනම් ඉක්මනින්ම 4 වෙනි කොටසත් අරගෙන මං ආවා. කතාව උච්චතම අවස්ථාවකට පසුගිය කොටසින් ගෙන ගියා ඔයාලට මතක ඇති කියලා හිතනවා. අද කතාවට කලින් පසුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරලම ඉමු. පසුගිය කොටසින්, සත්ව ඝාතකාගාරයේ තනිවුන ජුන් මාස දෙකක පමන කාලයක් තනිවම එහි ගතකරනවා. ඉඳහිට නික් ඇවිත් අවශ්‍යත…

හැමෝටම කොහොමද? ඔන්න එහෙනම් ඉක්මනින්ම 4 වෙනි කොටසත් අරගෙන මං ආවා. කතාව උච්චතම අවස්ථාවකට පසුගිය කොටසින් ගෙන ගියා ඔයාලට මතක ඇති කියලා හිතනවා. අද කතාවට කලින් පසුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරලම ඉමු.
පසුගිය කොටසින්,
සත්ව ඝාතකාගාරයේ තනිවුන ජුන් මාස දෙකක පමන කාලයක් තනිවම එහි ගතකරනවා. ඉඳහිට නික් ඇවිත් අවශ්‍යතා සපුරා දෙනවා, ඔයාලට දකින්න පුලුවන් වෙන්න ඇති.ජුන් පමණක් එහි සිටියත් ඇය තනි වූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. මොකද අතීතයේ එහිසිටි අයගේ සිහිවටන අතර කාලය ගත කරන්නට ඇයට හැකියාව ලැබුණ නිසාවෙන්.
ඔය විදියට ඉන්න අතරවාරයේ තමයි ජූන්ට දැනගන්න ලැබෙන්නේ මේඩේ සකසා ඇති නව පියවර ගැන. එනම් බටහිට වෙට්ස්කෝ ගුවන්පථය හරහා කැනඩාවට යාමේ උත්සහය. ඒ සඳහා ඇයට අලුත් ගමන් සගයෙකගේ පිහිට පතන්නට සිදුවෙනවා, ඔහු සමඟ පිටවන ඇයට නතරවන්නට සිදුවෙනවා ගබඩාවක,මොකද කරුනුකාරනා හදිස්සියේම වෙනස්වන්නට වූ බැවින්. ඔහු ජූන්ව ගබඩාවේ තනිකර යන්නට උත්සහකල වෙලාවේ ජූන්ගේ බලවත් පෙරැත්ත හමුවේ ඔහුට ඇයව තනිකර යාමට නොහැකි වනවා. පසුව ඔහු ඇයව තමන්ගේ ගෙදරට එක්කගෙන යනවා. සියලු දේවල් හොඳ අතට හැරෙද්දී, ජූන් තම අතීතාවර්ජනය ලෙස අතීතයේ තම මෑණියන් හා ගෙවූ කාලය මතක් වෙනවා.ඒ තුළින් අතීත සිද්ධි පැහැදිලි කරනවා. බලාගෙන යන කොට ජූන් වගේම ජූන්ගේ අම්මාත් පෙරලිකාරියක්. ඇයගේ ගති ලක්ෂණ මවගෙන් උරුමවු බව පැහැදිලියි. ඇය මේඩේ හා සම්බන්ධයක් ඇතිද කියා සැකයකුත් පැන නගිනවා. අපි බලමු මොනවා වෙවිද කියලා ඉදිරියට.
අතීතාවර්ජනය එලෙස අවසන් වෙද්දී නැවතත් කොහේ හෝ වරදක් සිදුවී ඇති බව ජූන්ට වැටහෙන්නේ ඇයට නිවසේ සැඟවී සිටීමට කියා නිවසින් පිටව ගිය අරාම්, බිරිඳ හා දරුවා නැවත නොපැනීමයි. පසුව ඇය තීරනයක් ගන්නවා තනිවම ගුවන්පථය සොයා යෑමට, එම උත්සහය සාර්ථක කරගනිමින් ඇයට ගුවන් යානයට ගොඩවන්නට හැකි වුවත්, එය ගුවනට පියාසර කරවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. වෙඩි වරුසාවක් මැද යානය නවතිනවා. පසුගිය සතියේ කිව්වා වගේම බෙල්ලෙන් අල්ලලා පොලොවේ ගැහුවා වගේ දැනෙන්න ඇති ඒ වෙලාවේ නේද? 😬
අනේ අපේ කුතුහලේ උපරිමේටම ගෙනෙහින් මෙහෙමත් කරනවද? ඔව් නිසැකයෙන්ම කතාව කනපිට ගැහුවා.😏
අද කතාව,
අද කතාව පටන් ගන්නේ පසුගිය සතියේ කුතුහලයෙන්මයි. මොකද්ද මේ වුනේ ජූන්ට? කවුද මේ වෙඩි තියපු කට්ටිය? ජූන්ට කැනඩාවට පැනලා යන්න පුළුවන් වේවිද? අල්ලාගත්ත ජූන්ව කොහේට ගෙනියයිද? මොනවා කරයිද?
අද සුපුරුදු පරිදි කතාව සංවේදී අදියරයකට ගෙන යනවා. මෙතෙක් කතාවේ නොසැලී සිටි කෙනෙක් අද කෑලි කෑලි වලට කැඩී යනවා,පුදුම කේන්තියක් හිතේ ඇති වනවා නිසැකයි ප්‍රේක්ෂක ඔබට නම්.
ජූන් ඔස්බෝර්න්ගේ අතිශය විශිෂ්ට රංගනයක් අද දකින්න පුලුවන්. ආන්ට් ලිඩියා හා සෙරිනා සමග ජූන් එකට එක කල අවස්ථා, ජූන් මොලෙන් ගහපු ගේම් මතකද? පසුගිය කොටස්වල, ඒ කොටස් මතක් කරගනිමින්ම අද කතාව බලන්න කියලා මතක් කරනවා. එතකොට දුක අඩුවෙයි කියල හිතනවා.😂
අද කතාවේ නම “වෙනත් කාන්තාවන්”, මේ ගැන අදහසක් ලබන කොටසින් දෙන්න පොරොන්දු වෙන්නම්. අද කතාව ගැන කියනවාට වඩා බලන එක තමයි ගොඩක් හොඳ. එහෙනම් අද කතාව බලලා ඔයාලගේ අදහසත් එක්කරන්න. ඊලඟ කොටස සමඟින් ඉක්මනින් හමුවෙන්නම්.හැමෝටම ජය..!!! 🚩
😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
sumed
Shiromal
elama..
Thanks for sub..
GoodLuck..Lewdeni Ashen
Thanks Sahooooo..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
pryantha gallage
THANKS TO SUB..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSuranjan
Thanks machan.......jayawewa......!
pasi.roy
thanks bro puluwan num riverdale katawatath sub denna
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KUSAL LIYANAGE
patta thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!