එහෙනම් මිත්‍රවරුනි, අද ඔබත් සමග එකතු වන්නේ රතුවත හැඳි , අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාවේ දෙවන සමයේ පස්වන කොටසත් සමඟයි. ගොඩක් වෙලාවට ඔයාල නොදන්නවා ඇති, මේවන විට IMDb දර්ශකයේ හොදම කතාවන් අතර #152 ස්ථානය ගන්නට මෙම කතා මාලාව සමත්ව තිබෙන බව.මේ වන විට තෙවන කතා සමයකුත් නිකුත් වන බව තහවුරු කර අවසන්. පසුගිය සත…

එහෙනම් මිත්‍රවරුනි, අද ඔබත් සමග එකතු වන්නේ රතුවත හැඳි , අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාවේ දෙවන සමයේ පස්වන කොටසත් සමඟයි. ගොඩක් වෙලාවට ඔයාල නොදන්නවා ඇති, මේවන විට IMDb දර්ශකයේ හොදම කතාවන් අතර #152 ස්ථානය ගන්නට මෙම කතා මාලාව සමත්ව තිබෙන බව.මේ වන විට තෙවන කතා සමයකුත් නිකුත් වන බව තහවුරු කර අවසන්.
පසුගිය සතියෙන්,
පොරොන්දු වු පරිදිම පසුගිය සතියේ මාතෘකාවෙන්ම අද ලිපිය පටන් ගන්නම්.පසුගිය සතිය වෙන්වුනේ “වෙනත් කාන්තාවන්” නමින්.වෙනත් කාන්තාවන් ගැන සඳහන් කරන විට ජූන්ගේ ජීවිත කතාව ගැන කතා නොකර බැහැ.ජූන් ගිලීඩයේ ආක්‍රමණයට පෙරාතුව ගත කල ජීවිතය ගැන සිහිපත් කලොත්, ඇය ලුක්ගේ දෙවන බිරිඳයි. නොයෙකුත් හැල හැප්පීම් මැද විවාහ වන ඔවුන් දෙදෙනාට ඇයගේ මවගෙන් මෙන්ම ලුක්ගේ කලින් බිරිඳගේ ප්‍රශ්න ගොඩනැගුන ආකාරය ඔයාලට මතක ඇති කියල හිතනවා. අනතුරුව ගිලීඩයේ ආක්‍රමණයන්ට යටත් වු පසු ජීවිතයේදී ජූන්ට කමාන්ඩර්ගේ හෑන්ඩ්මේඩ් ලෙස සිටිනා ගමන්, නික්ගෙන් දරුවකු වැදීමට සිදුවන්නේ දෙවැන්නෙක් ලෙසය.ජූන්ගේ ජීවිතය සැමවිටම දෙවැන්නෙක් ලෙස ගතවන ආකාරය තමයි අපිට පසුගිය කොටසින් විදහා පෑවේ. තවද ඇගේ අම්මාගේ සිහිනය එකක් වෙද්දී,ඇය තෝරාගන්නේ වෙනත් කාන්තාවක් වන්නටය.මේ සියලු දේ ගැන සලකා බලනවිට ඇයට වෙනත් කතක් ලෙස ජීවිකාව ගෙවන්නට වු බව නම් මනාවට පැහැදිලි වුවා.
පසුගිය සතියේ “මාතෘකාව” එලෙස පැහැදිලි වෙද්දී, අපේ කතා නායිකාවගේ සියලු ශක්තීන් සුනු විසුණු වී , කෑලි කෑලි වලට කඩා දමන්නට ආන්ට් ලිඩියා සමත් වෙනවා.ඔව්,එය මගහරින්නට දන්නා සියලු උපක්‍රමයන් ඇය යෙදුවත්, ඇයට පැන යාමට උදව්කල මිනිසුන්ට ඇය අත්කල ඉරණම හමුවේ ඇයට නොසැලී ඉන්නට හැකියාවක් ලැබෙන්නේ නැහ. කරුනුකාරනා එසේ වෙද්දී පසුගිය කොටසේ කතාව අවසන් වුයේ, කතාව නැවතත් මුලටම ඇද දමමින්.එය උස්සල පොලොවේ ගැහුවාට හා සමාන වුවා.
“we’ve been sent in good weather “
මං අනුමාන කල පරිදිම ජූන්ගේ පලා යෑම තව දුරයි බව තහවුරුවුවා. මටනම් හිතෙන්නෙම ජූන්ට කොලනියටත් යන්න පොටක් පෑදෙයි කියලා,කතාවේ කිසිම ඉඟියක් මේ වෙනකම්, ඒ ගැන නොමැති වුවත් අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා ජූන් ඇතුලුව රතුවත හැඳි කතුන්ට.
අද කතාව,
අද කතාව වෙන් වන්නේ මංගල්‍යය දෙකක් සමග අවමංගල්‍යයක් සමරන්නටයි. අද කොටසේ නම “බීජයන්” මොනවද මේ බීජයන් ඇත්තටම? ජූන්ගේ දරු ගැබ එක් පසෙකින් බීජයක් වන අතර, අනෙක්පස කතාව ලෙස ඔබ නොසිතපු පැත්තකට අද කතාව ගෙන යනවා, එනම් ගිලීඩයේ ආක්‍රමණයත් සමඟම නගරයන් හී ජීවත්වූ දරුවන්,විශේෂයෙන් දැරිවියන්ට සිදුවන ඉරනම ගැන අනෙක් පස කතාව කරලියට ගෙනෙනවා. එය තවත් බීජයක් ලෙස සලකන්නට තරම් කරුනුකාරනා විශාල වශයෙන් ගෙන එනවා අද කතාවෙන්.
නැවතත් කොලනිය කරලියට පැමිනෙනවා, ජෙනින් සමග එමිලි වැඩ පටන් අරන් එහෙ. 😂 ඒ ගැන නොකියාම ඉන්නම් කුතුහලය නැතිවන නිසාවෙන්.
ඊට අමතරව සෙරිනා හා ජූන් අතර තිබෙන පරන කෝන්තර ජූන් අමතක කර දැමුවත් සෙරිනා අමතක කර නැති බව දක්නට ලැබේවි. අම්මෝ ඒක 😉, එය ජූන්ට මැරෙන්න හේතු කාරනාවක් වනවා නිසැකයි, ජූන්ට මේ සියලුදේ ඉවසාගත හැකි වේවිද? කැඩී, බිඳී, සුන්වී සිටින ඔෆ්රෙඩ් ට මෙය කෙසේ පාලනය කරගන්නට සමත් වේවිද ?
මට හිතෙනවා වෙලාවකට, ජූන්කල දේවල් නැවත ඇයටම පඩිසන් දෙනවාදෝ කියා.♻ එහෙනම් ඔයාලගේ අදහසත් එක් කරන්න අද කතාව බලලාම. ආහ් … “පුංචි වචන දෙක තුන” උනත් ඒක ගොඩක් වටිනවා. එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම ජය..!!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
24 comments
sumed
GTRZ
Niyamai machan.... Thanks a lot.
Shiromal
elama..
Thanks for sub..
GoodLuck;chathump
බොහොම කැමැත්තෙන් බලන කතාවක් මචං. දිගටම යමු
pryantha gallage
mata thawama sub eka ganna bari una page not found kiyala watenawa
තරිඳු ගමගේ
Browser එකේ cache file clear කර උත්සහ කරන්න.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suranjan
Thanks machan.......jayawewa......!
pryantha gallage
thanks tharindu to sub and see you next ep,, jaya wewa...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranga11112
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
සබ් එකට, මහන්සියට, ස්තූතියි මචෝ...,
lakshanerantha
keep it machan atnx
bmlt
thanks machoo elamaaaa
KUSAL LIYANAGE
kathawa supiri,sub 1t thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!