Watch Trailer

The Handmaid’s Tale [S02 : E06] Sinhala Subtitles | පළමු රුධිරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා, බයිස්කෝප් වාසී සියලු දෙනාටම.අද ඔයාලත් එක්ක එකතුවෙන්නේ, රතු වත හැඳි අත් උදව් කාරියන්ගේ ඉරනම් කතාවේ ,දෙවන කතා සමයේ හයවන වෙලුමත් සමඟයි. මේ වන විට අපේ කතා නායිකාවගේ ඉරනම, උච්චතම අවස්ථාවක් බවට පත් කරන්නට පසුගිය කතාවෙන් හැකිවුණා. පසුගිය කොටසින්, පසුගිය සතියේ කතාව ආරම්භ වුනේ ජූන්ගේ බිඳීයාම…

සුභ දවසක් වේවා, බයිස්කෝප් වාසී සියලු දෙනාටම.අද ඔයාලත් එක්ක එකතුවෙන්නේ, රතු වත හැඳි අත් උදව් කාරියන්ගේ ඉරනම් කතාවේ ,දෙවන කතා සමයේ හයවන වෙලුමත් සමඟයි.

මේ වන විට අපේ කතා නායිකාවගේ ඉරනම, උච්චතම අවස්ථාවක් බවට පත් කරන්නට පසුගිය කතාවෙන් හැකිවුණා.

පසුගිය කොටසින්,

පසුගිය සතියේ කතාව ආරම්භ වුනේ ජූන්ගේ බිඳීයාමෙන් අනතුරුවයි.ඇය ආන්ට් ලිඩියා හා සෙරීනා සමඟ තම ගර්භණී කාලය ගෙවා දමන්නට අකමැත්තෙන් වුවද සැරසුනා. එසේ වන්නේ ,වර්තමාන තත්වයට එරෙහිව නැගී සිටින්නට ඇයට වුවමනා වුවත්, එයට කිසිඳු ඉඩක් ගිලීඩය විසින් ඇයට ලබා නොදෙන නිසාවෙනි.

මෙසේ කාලය ගත වෙද්දී සෙරීනාගේ බළල් ඇසට හසුවන්නේ නික් ය. සෙරීනා කල්පනා කරනවා තව දුරටත් නික්ට තම නිවසේ, ජූන් සමග ළගින් ඉන්නට ඉඩදෙන එක නුවනට හුරු දෙයක් නොවන බව.මන්ද නොබෝ දිනකින් ජූන්ගෙන් හිමි කරගන්න යන දැරුවා ඇයට නොලැබීයාමට කෙසේ හෝ බාධාවක් නික් ඇති කරන්න පුලුවන් වග.

මේ සමාජය කෙතරම් නම් කුරිරුද? තමන් වංශවත් කතක් නම් ,තමන්ට දරුවකු අවශ්‍යනම්, එහෙත් තමාටවත් තම ස්වාමියාටවත් දරුවකු වදන්නට හැකියාවක් නොමැති වුවත්, එය කෙසේ හෝ වෙනයම් මාර්ගයක් භාවිත කර හෑන්ඩ්මේඩ් කෙනෙක් ලවා දරුවකු වදා පසුව එම දරුවාව ඒ අහිංසකාවියගෙන් උදුරාගෙන තමා සතු කරගන්නා ක්‍රියාවලිය, හරි අපූරුවට සාදාරනය කරනා මේ සමාජය ගැන ඔබ මා හොඳටම දැනුවත්.

මේ කාර්‍ය තුල හෑන්ඩ්මේඩ් කෙනෙකුගේ පැතිකඩකින් බලනවා නම්, එය ඇයට කෙතරම් ඛේදවාචකයක් ද? ඇයට මෙය දරා ගන්නට කිසිසේත් පුලුවන් ද? ජූන් දැන් හරියටම ලන් වුනේ මේ වගේ කාලයකට, පසුගිය සතිය අවසාන වන විට ඇයට කිසිම විකල්පයක් ඉතුරුවී තිබුනේ නැහැ. අවසානයේ ඇය තම ජීවිතය නැති කරගන්නට හෝ දරුවා අහිමි කර ගැනීමට උඩුමහලේ ජනේලයෙන් එලියට පනිනවා. නමුත් ඇයගේ ඉරනම ඇයට කෙතරම් සරදම් කරනවාද යන්න කිවහොත් ඇයටවත්, දරුවාට වත් කිසිඳු හානියක් නැති පාටයි. එය ගැන අපිට හරියටම මුකුත් දැන ගන්නට ලැබුනේ නෑනේ. අද කතාවෙන්ම බලමු ඒ ගැන.

පසුගිය වර සෙරිනා ගේ කෲර උත්සහය වුයේ කමාන්ඩර් ෆෙඩ් හරහා ජුන් හා නික් වෙන් කරන්නය. එය ඉටු කරගන්නට ඇය සමත්වනවා. කතාවට නව චරිතයක් එක්වන්නේ නික්ගේ නව බිරිඳ ලෙසය. ඇය නමින් ස්පෙන්සර්. ඇයත් එක් අතකින් ගිලීඩයේ එක් ආකාරයක ඉරනමකට මුහුන දුන් අවුරුදු 15ක කුඩා දැරියක්.වයසින් බොහෝ තරුනයි.නමුත් ගිලීඩය වෙනුවෙන කැපවී සේවය කරන ආරක්ෂකයින්ට/ඔත්තුකරුවන් විවාහ වීමට අවසර ලැබෙන්නේ මෙවැනි තරුණියන්වය. එය එක්තරා ආකාරයක උසස් වීමක් හිමිවීමක් ලෙස සැලකේ.

කරුනු කාරනා එලෙස වෙද්දී මිහිපිට අපාය මත අවසන් ගමන් යන්නට සිදුවු වහලියන් දෙදෙනෙකුගේ කතාව එක්ක කොලනියේ විස්තර ගෙන ආවා. එමිලිත් දැන් ක්‍රමයෙන් දිරා පත් වන්නට පටන් ගෙන ඇති බව පැහැදිලි වුවා, ඇයගේ දත් හැලෙන්නට වූ අවස්ථාවෙන්. කෙතරම් විකිරණ ඇති පරිසරයක සියල්ලෝ ජීවත් වන බව මෙයින් මනාවට පැහැදිලි වුවා. ඉතින් දරු සම්පත අහිමිවීම ගැන අහන්නත් දෙයක් ද. එමිලිගේ උත්සහය ජෙනින් සමග කොලනියෙන් පැන යාමටයි.තවම ඒ ගැන කරුනු කියන්නට වේලාසන වැඩියි.අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා.

අද කතාව,

ජූන්ගේ අවදි වීමත් සමගයි අද කොටස පටන් ගැනෙන්නේ.මෙතෙක් විසිරී තිබු කතාව, අද ජූන් සමග අනෙකුත් හෑන්ඩ්මේඩ් වරියන් එක් තැනකට ගෙනෙනවා. නමුත් එය දැන ගන්නම් කතාවේ අවසන් මොහොත වෙනකම් ඉන්නට සිදු වෙනවා. මෙවර කතාව අවසානයට ඇති ගීතයට නටන්න තරම් හැඟීමක් ඔබට ගෙන එනවා සත්තයි. අද කොටසේ නම රුධිරය. අනිත් සෑම කතාවකම වාගේ මේ කතාවේ මාතෘකාව ටත් අර්ථ දෙකක් තියෙනවා. එකක් තරමක් පිලිකුල්, අමුත් අනිත් කරුනට ඔබව ප්‍රීතියෙන් පිනා යාවි.

මෙතෙක් කතාවෙන් අපි දන්නවානේ කමාන්ඩර් ෆ්‍රෙඩ් ට දරුවන්ට වදන්න නොහැකි බව. නමුත් ඔබ නිකමට හිතුවාද සෙරීනා ගැන? ඇයට කුමක් වීද කියා. අද ඒ සියල්ලට පිලිතුරු සපයනවා කතාවෙන්,අද අතීත කතාව ලෙස ගෙනෙන්නේ සෙරීනා හා ෆ්‍රෙඩ්ගේ “කතුන්ගේ තැන” ප්‍රවර්ධනය වැඩ සටහන් ක්‍රියාත්මක වුනේ කෙලෙස දැයි දැන ගන්නටයි.

තව පුංචි දෙයක් හිතේ තියගෙනම අද කතාව බලන්න කියලා මතක් කරන්න කැමතියි. අද කතාව බලනකොට ජූන්ගේ මුහුනේ ඇතිවන / පෙන්වන හැඟීම් දිහා හොඳ ට බලන් ඉන්න. විශේෂයෙන් සෙරීනා එක්ක ගනුදෙනු කරනකොට. මෙහෙම තාත්වික රංගනයක් මීට පෙර ඔබ නොදකීවි.

අවසාන වශයෙන් අදින් පස්සේ කතාව මොනවා වේවිද කියලා, ඔයාටවත් මටවත් හිතාගන්න බැරි තැනක කතාව නතර වෙනවා. 🚩 ගිහින් එන්නම් හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. pryantha gallage

    thanks tharindu sub ekata ,,, jaya wewa...

  3. ranga11112

    Thanks Saho…..
    Sub akata Bohoma Pin

  4. nethfernando

    Thanx bro.. good job. Keep it up ❤

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. GTRZ

    Thank you!

  7. Lewdeni Ashen

    අඩේ සබ් එකට තෑන්ක්ස් වේවා.. ලස්සනට වැඩේ කරනවා.. දැන් ඉතිං සතිය ගානේ බලන්න වෙන එකයි කේස් එක.. එක දිගට බලන් ආපු එක..

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      Humans season 3 එපි 02 වගේ තමයි සහෝ ඇවිල්ලා තියෙන්නේ
      මේ ගැම්මට ඒකත් කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...

  11. Suranjan

    Thanks bro......jayawewa.......!

  12. kasun0011

    උපසිරසියට ස්තූතියි ....

  13. Suranjan

    Thanks machan......jayawewa.......!

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. KUSAL LIYANAGE

    patta sthuthi mcn

  18. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Milinda Sadaruwan

    Thank you bro

  20. melinda

    thank you..

  21. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න