Watch Trailer

The Handmaid’s Tale [S02 : E07] Sinhala Subtitles | ව්‍යසනයකට පසුව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවනේ. ඔන්න එහෙනම්, හැමෝම මඟ බලාන හිටිය රතු වත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සූදානම. දර්ශකයන්හී අගයන් කුමට දක්වන්නද? මේ කතා මාලව ආරම්භයේ පටන් විවිදාකාරයේ දර්ශකයන්හී අගයන් හොල්ලන කතා මාලවක් බවට පත්ව අවසන්. පසුගිය කොටසින්, ජූන්ගේ සි…

කොහොමද හැමෝටම ? හොඳින් ඉන්නවනේ. ඔන්න එහෙනම්, හැමෝම මඟ බලාන හිටිය රතු වත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සූදානම. දර්ශකයන්හී අගයන් කුමට දක්වන්නද? මේ කතා මාලව ආරම්භයේ පටන් විවිදාකාරයේ දර්ශකයන්හී අගයන් හොල්ලන කතා මාලවක් බවට පත්ව අවසන්.

පසුගිය කොටසින්,

ජූන්ගේ සියදිවි නසා ගැනීමේ උත්සහයෙන් අනතුරුව ජූන් නැවත ගෙදර එනවා. ඒ ආවත් සෙරීනා නම් නැහැ ඇය අසලින් සෙලවුනේ. දවසක් ගත වනතුරුම ජූන්ට තම කාමරයට යන්න අවස්ථාව නම් ලැබෙන්නේ නැහැ.ඒ කෙසේ වෙතත්
සෙරීනා හා ජූන් ක්‍රමයෙන් හිතවත් වන බවක් නම් පෙනෙන්නට තියෙනවා. අපි බලමු ඉස්සරහට. සුපුරුදු පරිදි නැවතත් ජූන් ගේ ටිකිරි මොලෙන්, ඇයට තම කාමරය වෙත යන්නට අවස්ථාව ලබා ගත්ත විදිහ ඔයාලට මතක ඇති.

මෙච්චර කාලයක් අණ පිළිපැදපු ජූන්, දැන් ඉල්ලීම් කරන්න තරම් දියුණු වෙලා. ඇය සෙරීනා ගෙන් හැනාව බලන්න යන්න ඉල්ලීමක් කරනවා.ඒත් ඊට ඉඩක් ලැබෙන්නේ නැති පාටයි. දැන් කතාව එන්න එන්න හැඩ වැඩ වෙන පාටයි.ඒ වගේම ජූන් හා සෙරීනා සම්බන්ධය හරි අපූරුවට ගලාගෙන යනවා. විටක ජූන් සෙරීනාගෙන් ප්‍රයෝජන ගන්නවා.තවත් විටක සෙරීනා ජූන්ගෙන් ප්‍රයෝජන ගන්නවා.

නික් හා ඊඩ්න්ගේ විවාහය සිදුවුවත් තවමත් නික්ගේ හිත තියෙන්නේ ජූන් ළඟයි. මේ බව සෙරීනා දන්නවා වුනත් ඊඩ්න් නම් තාම දන්නේ නැහැ. ඉතින් නික් ගැන ඊඩ්න් වද වෙනවා. මෙය කෙලවර වන්නේ නික් ගැන ගිලීඩයට ඊඩ්න් විසින් පැමිනිලි කිරීමෙන් බව ජූන් දන්නා නිසා, ජූන් එය නික්ට වටහා දුන්නා ඔයාලට මතක ඇති.

මේ දේවල් අල්ල පනල්ලේ නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ වැඩ නිම වෙමින් පවතිනවා.එය භාරව වැඩ කරන්නේ කමාන්ඩර් ෆ්‍රෙඩ්.

පසුගිය කොටසේ අතීතාවර්ජනය වුයේ , සෙරීනා හා ෆ්‍රෙඩ් ගිලීඩයට අඩිතාලම සකසන සම්මන්ත්‍රණ චාරිකාවේදී සෙරීනාට වෙඩි වදින අවස්ථාව හා සම්බන්ධ දේවල් ගැනයි. ඇයට මෙම වෙඩි ප්‍රහාරයේ වන්දියක් ලෙස දරුවන් වැදීමේ අවස්ථාව අහිමි කරනවා.

පසුගිය කොටස අවසන් වන විට නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අවසන්ව, එය විවෘත කරන අවස්ථාවට එලඹ තිබුනා.එයට ගිලීඩයේ සියලුම සහෝදවරුන් සහභාගි වී සිටියා. අපි කවුරුත් හීනෙකින්වත් නොසිතුව ලෙස සහෝදරවරුන් මධ්‍යට පැමිනි ඔෆ්ග්ලේන් මරාගෙන මැරෙන බෝම්බයක් පිපුරුවා හැරියා.එය ඔබව මොහොතකට නිසොල්මන් කලා නොවේද? ඔයාලා සැබෑ හෑන්ඩ්මේඩ් රසිකයෙක් නම් ප්‍රීතියෙන් පිනා යන්නට ඇති. හතුරෙකුට මෙවැනි පලිගැනීමක් කෙතරම් නම් අගනේද? 😂

අද කතාව,

කතාවේ ඉදිරිය ගැන, අනුමාන කිසිවක් නොදී පසුගිය කොටස අවසන් වුවා මතක ඇති ඔයාලට. මාත් ඒ කුතුහලය ඔයාලට එහෙම්මම තියන්න කැමතියි.

අප දන්න තරමින්, හෑන්ඩ්මේඩ්වරියන්ගෙන් කිහිප දෙනෙක් හා ගිලීඩයේ සියලුම සහෝදරවරුන් නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ සමාරම්භක උලෙළ ට සහභාගිවී සිටියා. ජූන් නම් ගෙදරනේ, කතාව දැන්ම අවසන් වෙන්නෙත් විදිහක් නෑ , මොකද කතා නායිකාව ගෙදරනේ? 😉 ගිලීඩයේ අවසානද මේ?

කුතුහලය එහෙම්ම තියන්න මම පොරොන්දු වුනා නේ. හරි හරි මුකුත් කියන්නේ නැහැ .😂

අද සීමාවෙන් එපිට ලෝකයත්, දේව ජනපදයත් ,කොලනියත් එකට හමුවනවා. එයට හේතුව මේ බෝම්බ පිපිරීමයි. අද අතීතාවර්ජනය ලෙස මොයිරාගේ ජීවිතයේ කොටසක් ගෙන එනවා.

අද කතාව අවසන් වන්නේ සතුරන් මිතුරන් වී, මිතුරන් සතුරන් වී බව නම් කියන්න පුළුවන්. කතාවේ හැරවුම් ලක්ෂය මේ කොටස විය හැකියි. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ කොටසින් හමුවෙමු.🚩 ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

15 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  3. pryantha gallage

    thanks to sub and obata jaya wewa...

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. GTRZ

    Thanks machan.. Balagena hitye sub danakan.

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. KUSAL LIYANAGE

    ස්තුතියි සබ් එකට

  13. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Milinda Sadaruwan

    Thank you bro

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න