Watch Trailer

The Handmaid’s Tale [S02 : E08] Sinhala Subtitles | කාන්තාවන්ගේ රාජකාරිය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවන සමයේ අටවන වෙලුමත් අරගෙනයි අද මම ආවේ. කොහොමද හැමෝටම? සුපුරුදු පරිදි පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව යමුනේ. පසුගිය කොටසින්, මහා ව්‍යසනයකින් අනතුරුව පසුගිය කොටසින් කතාව ආරම්භ වුයේ, හෑන්ඩ්මේඩ් වරියන්ගේ අවමගුල් උත්සවයෙනි. බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රධ…

රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ, දෙවන සමයේ අටවන වෙලුමත් අරගෙනයි අද මම ආවේ. කොහොමද හැමෝටම?  සුපුරුදු පරිදි පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව යමුනේ.

පසුගිය කොටසින්,

මහා ව්‍යසනයකින් අනතුරුව පසුගිය කොටසින් කතාව ආරම්භ වුයේ, හෑන්ඩ්මේඩ් වරියන්ගේ අවමගුල් උත්සවයෙනි. බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රධාන වශයෙන් කමාන්ඩර් ප්‍රයිස් මිය යන අතර, කමාන්ඩර් ෆ්‍රෙඩ් අසාද්‍යය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊට අමතරව හෑන්ඩ්මේඩ්වරියන් 31 කුත් ,ගිලීඩයේ කමාන්ඩර්වරුන් 26 කුත් මිය යනවා.

මෙම ප්‍රහාරය ගිලීඩයට විරුද්ධව එල්ල කල, පලමු වෙඩි මුරය බවට පත්වුවා. ඒත් ඔබත් මාත් හෑන්ඩ්මේඩ්වරියන්ගේ පාර්ශ්වය නියෝජනය කරන නිසාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වූවා නොවේද? ඒ කෙසේ වෙතත් මෙවැනි එක් ප්‍රහාරයකින් පමනක් ගිලීඩය නැතිකරන්න බැරි බව අප සැමට මෙයින් පසක්වුවා. ප්‍රහාරය අවසානයේ ගිලීඩයේ කුරිරුකම නැවත පෙන්වමින්, මෙයට වගකිවයුත්තන් සොයා ගෙයින් ගෙයට ගොස් , ප්‍රශ්න කිරීම් සිදුවූවා. එහිදී කිසියම් හෝ සැකයක් දැනුන විගස කිසිඳු වග විභාගයකින් තොරව ඔවුන්ට දඩුවම් දීම සිදුකලා. එය ගොඩක් දුරට එල්ලා මැරීමකින් හෝ වෙඩි තැබීමකින් කෙලවර වූ බව අපට දැක ගන්නට ලැබුනා.

මෙයට පෙරමුන ගෙන ක්‍රියා කලේ කමාන්ඩර් කුශින්. ඔහු එහිදී සීමාව ඉක්මවා යන බවක් තමයි පෙනෙන්නට තිබුනේ.මෙසේ ගෙන් ගෙට යන ගමනේ ජූන් සොයා පැමිනෙන්නටත් ඔහු අමතක කරන්නේ නැහැ. මොන ජගතා ආවත් ජූන් ගෙන්ද වචනයක් ගන්නේ? එය කිසිසේත් කල නොහැකි බව කමාන්ඩර් කුශින් ත් පසුව තේරුම් ගන්නවා. ඔහු ජූන්ගේ ගෙදරින් නික්මෙන්නේ දන්න ඔක්කොම සෙල්ලම් දැමීමෙන් පසුව බව ඔයාලට මතක ඇති නේද?

මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රවෘත්තිය සීමාවෙන් එපිට ලෝකයාටත් දැන ගන්නට ලැබෙනවා. පසුගිය කොටසේ මොයිරාගේ අතීතාවර්ජනය සමග ඇයගේ පෙම්වතිය වූ ඔඩෙට් මේ ප්‍රහාරයෙන් මිය ගිය වූවන් අතර සිටිනා වග ඇයට දැන ගන්නට ලැබෙනවා. ලුක් තවමත් ජූන්ව අපේක්ෂාවෙන් සීමාවෙන් එපිට රැදී සිටිනා අතර, කොලනියේ සිට ජෙනින්, එමිලි ඇතුලුව තවත් වහලියන් පිරිසක් ජනපදයට කැඳවනවා.ඒ බෝම්බ ප්‍රහාරයෙන් පුරප්පාඩු වූ හෑන්ඩ්මේඩ්වරියන් සඳහායි. නැවතත් ජූන්ට තම සගයින් ලැබෙන්නේ හොඳකටනම් වෙන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොනවා කරයිද මේ රජ තුන් කට්ටුව එකතු වී.

ඒ අතර වාරයේ සෙරීනා හා නික් එකතුව කමාන්ඩර් ෆ්‍රෙඩ් විසින් නිකුත් කලා මෙන්, වරෙන්තුවක් හොර රහසේ සකසනවා. එම වරෙන්තුව කමාන්ඩර් කුශින් සඳහායි.මෙයට කමාන්ඩර් වොරන්ගේත් සහය සෙරීනා ට හිමිවනවා. අවසනයේදී කුශින් ඇසෙහි අත්අඩංගුවට පත්වනවා. මේ අත්අඩංගුවට පත්වීමට හේතු පාදක වූ සාක්ෂි ගැන පැහැදීමක් තවම අපට නොමැති වුවත්, අපි බලමු මෙවර කොටසින්වත් එය නිරවුල් කරාවිද කියා.

මෙවර කතාවෙන්,

අද කතාව නැවත වරක් IMDb දර්ශකය සොලවන්නට සමත් වූවා. එනම් එහි අගය 9.3ක් දක්වා ඔසවා තබන්නට අද කතාව සමත් වෙනවා. මාතෘකාවේ අර්ථයෙන්ම එය “කාන්තාවන්ගේ රාජකාරිය” වනවා නොඅනුමානයි.

මෙතෙක් රෝගාතුරව සිටි කමාන්ඩර් ෆ්‍රෙඩ් රෝහලේ සිට නැවත ගෙදරට පැමිනෙනවා. ඉතින් සෙරිනා කමාන්ඩර්ට නොදන්වා සිදුකල රාජකාරී පිලිබඳව කමාන්ඩර් දැන ගනීද? මේ වෙනුවෙන් කමාන්ඩර්, ඇයට හා ජුන්ට සමාව දේවි ද ? මොනවද මේ කාන්තාවන්ගේ රාජකාරි?

පසුගිය සතිය අවසන් වෙනකොට මම කීවා ඔයාලට මතකද දන්නේ නැහැ , මෙතෙක් සතුරන්ව සිටි පුද්ගලයින් මිතුරන් වන බව. අද ඒ කාරනාව මනාවට දැක ගන්න ඔයාලට පුලුවන් වෙනවා. වෙලාවකට හිතෙනවා, ජූන් සෙරීනාව දැන් ප්‍රයෝජනයට ගන්නවාදෝ කියා. හැමදාම කතාව බලන එකේ ඔයාලගේ අදහස මොකක්ද ?

අද කතාව ගිලීඩයේ මෙතරම් සැහැසිකම් හමුවේ බිඳහෙලිය නොහැකි වූ, එක් උතුම් කාරනයක් උදෙසා පෙල ගැසෙනවා. විටක එය තීව්‍රය වන අතර,තවත් විටක එක හදවත් කම්පා කරමින් ආදරය උතුරා යන දසුනක් වනවා නොඅනුමානයි. බලන්න අද කතාවේ නායිකාව ජූන් නම් නෙමේ , ඒ වෙනත් කෙනෙක්. ගිහින් එන්නම්.🚩 හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Hiran Eranda

    niyamayi aiyaa....good luck...thanx

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Suranjan

    Thanks machan........jayawewa.......!

  7. pryantha gallage

    thanks tharindu to sub.. obata jaya wewa...

  8. Ishan Madusha

    නියමයි.ස්තූතියි සහෝ

  9. Lewdeni Ashen

    මෙව්වනේ යකෝ සීරීස්.. තෑන්ක්ස් වේවා..

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. kasun0011

    thanks bro...keep it up ....

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Milinda Sadaruwan

    Thank you bro

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න