Watch Trailer

The Handmaid’s Tale [S02 : E09] Sinhala Subtitles | කොහොමද ටිකිරි මොළේ ? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, සැපෙන් ඉන්නවානේ? සමගාමී විකාශය නිසා සතියක විරාමයකින් අනතුරුව, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ නමවන වෙලුමත් අරගෙනයි අද මම මේ පැත්තට ආවේ. දෙවන කතා සමය ආරම්භ වීමත් සමඟ, එන්න එන්නම කතාව උණුසුම් වූවා මිසක,එහි රසයට කිසිදු බලපෑමක් නම් සිදුවුනේ නැහැ. එය IMDb දර්ශකයයෙන් මනාවට විදහාපා…

කොහොමද හැමෝටම, සැපෙන් ඉන්නවානේ? සමගාමී විකාශය නිසා සතියක විරාමයකින් අනතුරුව, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ නමවන වෙලුමත් අරගෙනයි අද මම මේ පැත්තට ආවේ.

දෙවන කතා සමය ආරම්භ වීමත් සමඟ, එන්න එන්නම කතාව උණුසුම් වූවා මිසක,එහි රසයට කිසිදු බලපෑමක් නම් සිදුවුනේ නැහැ. එය IMDb දර්ශකයයෙන් මනාවට විදහාපානවා. කොටස් නමයක් අපිට නොදැනීම ගෙවී ගොස් අවසන්, තවත් කොටස් 4ක් පමණයි මේ කතා සමයට ඉතුරුව ඇත්තේ. ජූන් ප්‍රමුඛ අත් උදව්කාරියන්ගේ ඉරණම කෙසේ විසඳේවිද? මට නම් තාම හිතාගන්න බැහැ කතාවේ අනාගතය කෙසේ විසඳේවිද කියා. ඔයාලටත් මේ කුතුහලය එලෙසම ඇති කියලා හිතනවා. එහෙනම් වැඩිකතා නැතුව පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.

පසුගිය කොටසින්,

පසුගිය කොටස නම් වුයේ “කාන්තාවන්ගේ රාජකාරිය” නමින්. වචනයේ පරිසමාප්තියෙන්ම ගිලීඩය තුල කාන්තාවකගේ රාජකාරිය මොනවට විදහා පෑ කතාවක් වූවා. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ආපසු ගෙදරට පැමිනීමට ප්‍රථම සෙරීනා හා ජූන් එකතුවී සිදුකල ක්‍රියාකාරකම් කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ්ට හසුවනවා. ගිලීඩයේ නීති රීති ගෙනහැර පාමින්, ගිලීඩය තුල කාන්තාවකගේ රාජකාරිය කෙසේ විය යුතුද යන්න, සෙරීනාට පහදා දුන් ආකාරයනම් ඉතා සංවේදී වූවා. එමෙන්ම ප්‍රථම වතාවට සෙරීනා වෙනුවෙන් ජූන් වැලපෙනවා ඔයාල අනිවාර්යයෙන්ම දකින්න ඇති. අනෙක් පසින් නික් තම බිරිඳ ඊඩ්න් හටත් ඇයගේ රාජකාරිය ගැන සිහිකලේ ජූන් විසින් දුන් ලිපි පාර්සලය නිසාවෙන්දෝ කියලා සිතෙනවා. ඊඩ්න් මේ පිලිබඳව ඇස දැනුවත් කලහොත් කුමකින් කුමක් වේවිද? ඇය ලිපි නොකියවා සිටියා වෙන්න බැහැ. මොන ලෝකයක වුවත් ගැහැණුන් හට අනුන්ගේ කුණු නොඅවුස්සා සිටිය නොහැකි බව ගිලීඩය තුලත් පසක් වූවා.

පසුගිය සතියේ අපව වඩාත් සංවේදී කරන්නට ජෙනින් සමත් වූවා. ජෙනින්ට නම් ඇය “චාර්ලට්.” පුට්නම් ට නම් ඇය නමින් “ඇන්ජෙලා.” ගිලීඩය තුල කාන්තාවකගේ ප්‍රථම රාජකාරිය දරුවන් වැදීම වුවත්, මෙතරම් අසරු ලෝකයක ලද දරුවකු පවා රැක ගැනීමට නොහැකි නම් ,එය කෙතරම් ඛේදවාචකයක් ද? ගිලීඩයේ නීතිරීති අනුව, ජෙනින්ගෙන් බලෙන් හිමිකරගත් ළදරුවාව රැක බලාගන්නට පුට්නම් සමත් නොවන්නේ පසුගිය සතියේ තේමාවට තවත් සාක්ෂි සපයමින්. එහෙත් සැබෑ මවකගේ උණුහුමෙන් දොස්තරවරුන්ටවත් කල නොහැකිවූ ප්‍රාතිහාර්යයක් පාන්නට ජෙනින් හට හැකිවුවා.

අද කතාවෙන්,

අද කතාව මෙතෙක් කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් පිඹුරුපත් සැකසූ කැනඩා සංචාරය වෙනුවෙන් වෙන්වනවා. සීමාවෙන් එපිට ලෝකයටත් ගිලීඩය පැතිරවීමේ අරමුණින් තමයි මේ ගමන සූදානම් වූයේ. හැබැයි ඔහු මේ ගමන තනියම නම් නෙමේ යන්නේ.

කවුද මේ ගමනට එක්වන කමාන්ඩර්ගේ පවුලේ සාමජිකයින් ? මෙය දැනගත් විට සීමාවෙන් එහා ලෝකයේ සිටිනා මොයිරා, ලුක් ඇතුලු සරණාගතයින් මේ වෙනුවෙන් කුමක් කරාවිද? පසුගිය සතියේ නික්ගේ බිරිඳට හමුවූ ලිපි පාර්සලයට කුමක් වේවිද? ඒ වෙනුවෙන් කාට වන්දි ගෙවීමට සිදුවේවිද?

මං හිතන්නේ මෙවර කතා මාලාව නැවත වරක් උඩු යටිකුරු කල කොටසක් ලෙස මෙවර කොටස නම් කල හැකියි. එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න සූදානම් වෙන්න කියමින්, මං ගිහින් එන්නම්.🚩 හැමෝටම ජය.!!!😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

20 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. pryantha gallage

    thanks to sub good luck...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. GeethanJayaweera

    Thanks

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. ranga11112

    ස්තුති සහො.... සබ් එකට බොහොම පිං....

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Suranjan

    Thanks machan......jayawewa......!

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

    1. තරිඳු ගමගේ

      ජය ✌

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. nimesh74123

    makkai gobbayo theren na melo deyak

    1. තරිඳු ගමගේ

      කතාව මුල ඉදලා බලන්න සහෝ. ජය ...!!!

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. KUSAL LIYANAGE

    sub 1t ptta thanks

  15. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Milinda Sadaruwan

    Thank you bro

  17. melinda

    thank you

  18. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න