Watch Trailer

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන…

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය කොටසේ කතාව පැත්තට පොඩ්ඩක් එබිල බලමු.

පසුගිය කොටසින්,

පළමු කතා සමයේ පටන් ගිලීඩයේ අරමුණක් වූයේ හෑන්ඩ්මේඩ්වරියන් සීමාවෙන් එහා ලෝකයටත් පතුරවමින් , ඒ හරහා බලය තමන් නතු කර ගන්නටයි. මේ සඳහා රාජකාරිය භාර වුයේ කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ්ටයි. ඔහු මෙතෙක් පිඹුරුපත් සැකසූ කර්තව්‍යයට ඉකුත් සතියේ නික්මුනා ඔයාලට මතක ඇති.

මේ ගමනට කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් සමග සෙරීනා හා නික් ද කැටුව යනවා. සෙරිනා සංචාරය ආරම්භයට මත්තෙන්…, සැම අපේක්ෂාවෙන් සිටිය, නමුත් ජූන් අපේක්ෂා නොකල සෙරීනාගේ තීන්දුව ජූන් හට පවසනවා. ඇයට අවශ්‍ය දරුවා ලද විගස ජූන් නිවසින් පිටමන් කිරීමයි. මෙය ජූන්ව කම්පනයට පත් කල තීන්දුවක් වූවා. මවක් වශයෙන් දරුවෙකු වෙනුවෙන් ඇතිවන සෙනෙහසේ සියුම් තැන් පවා හරි අපූරුවට ගෙනහැර පෑවා. තමන්ට තම දරුවා රැකබලා ගන්නට දෙන්නේ නැතිනම් තමාට හිතවත් දරුවා ළඟ රැඳෙන කෙනෙකු සොයන්නට පවා ඇය වෙහෙස වූවා ඔබට මතක ඇති.

කැනඩානු සංචාරයේ ආරම්භයේ පටන් දැඩි විරෝධයක් තමයි, කැනඩාවේ වෙසෙන ඇමරිකානු සරණාගතයින්ගෙන් එල්ල වන්නේ. මේ විරෝධතාවන් උදෙසා මොයිරා හා ලුක්ද පෙරමුන ගෙන ක්‍රියා කරනවා. මෙහිදී ලුක් තම වාඩුව කමාන්ඩර් ෆ්‍රෙඩ්ගෙන්, අයකර ගන්න උත්සහ කරන අතර මොයිරාද එය හරි අපූරුවට සාර්ථක කරගන්නට සමත් වූවා ඔබට මතක් වනවා ඇති.

කැනඩානු සංචාරයේ සියලුම දෑ උඩු යටිකුරු කල පුද්ගලයා නික්. නික්ගේ ටිකිරි මොලය ගැනයි ගියවර කතාවේ මාතෘකාව වෙන් වූයේ. නික් ගෙනා ලිපි පාර්සලය සියල්ල කනපිට පෙරලුවා කීවොත් නිවැරදියි.

අද කතාවෙන්,

සියල්ල උඩු යටිකුරු කල පසුගිය කොටසින් පසුව , අද කතා මාලාවේදී සීමාවෙන් එහා ලෝකයේ චරිත ඇරෙන්න , අනෙක් සියලු චරිත එක් තැනකට ගෙන එනවා.

කතාවේ උණුසුම එන්න එන්න වැඩිවත්ම, ජූන්ගේ කුසේ ඉන්නා දැරුවාත් උණුසුම් වන බවක් තමයි අපිට අද කතාවෙන් පේන්නේ. ඒ පමනක් නොවේ, අද ගොඩක් ගොඩක් ගොඩාක් සිද්දි වෙන්නට නම් නියමිතයි. කලින් කිව්වා වගේම චරිත සියල්ලම එක් තැන් වන කොට, මොනවද වෙන්න බැරි නේද? මං ඔයාලව අවුස්සනවා වගේ නම්, පහලින් බාගෙන අද කතාව බලන්නකෝ. පැය ගානක් ගත කරලා සබ් එක හදලා, විනාඩි දෙකක් හරි අරගෙන, ලියන ලිපිය කියවන කෙනෙක්ට තමයි ඉතුරු ටික.

මෙහෙමයි, ජුන් හා සෙරීනා පසු ගිය කොටස්වල මිතුරු වුනා ඔයාලට මතකයිනේ, මේ මිතුරුකම සෙරීනා ගොඩනගා ගන්නේ තම වාසියට බව දැන්නම් ජූන්ට හොදට තේරෙනවා. පළමු කතා මාලාවේදීත් ඔය වගේම මිතුරුකමක් කමාන්ඩර් ෆ්‍රෙඩ් ගොඩ නගනවා ඔයාලට මතක ඇති.කමාන්ඩර් ෆ්‍රෙඩ්ගේ සම්බන්ධතාවයේදී ජූන් කමාන්ඩර්ව මෙහෙයෙව්වත්, මෙවර සෙරීනා සමඟ සම්බන්ධතාවයේදී ජූන්ව මෙහෙයවන්නේ සෙරීනා බවට පත් වූවා. සුලු සුලු තැන් වලදී ජූන්ට තම වාඩුව ගන්න පුළුවන් වුවත්,සමස්ථයක් ලෙස සෙරීනා, ජූන්ව මෙන්ම කමාන්ඩර් වත් මෙහෙය වන්නට සමත්. මේ තිදෙනා අතරින් සෙරීනා, බලය නිසා ජූන්ව අබිබවා යනවා. නැතිනම් නිසැකවම ජූන්ගේ දක්ෂතාවයට සෙරීනාට ලන් වෙන්නවත් වෙන්නේ නැහැ.

ජූන්ට තම දැරුවා ලැබෙන්න ආසන්නයි, සෙරීනාගේ උත්සහය ඇයව ඈතකට යැවීමයි. ජූන් තවමත් දැරුවාගේ වාසිය තමා සන්තකයේ තබාගෙන සටන අත් හරින්න සූදානම් නැහැ. සීමාවෙන් එහා ලෝකයේ අදහස් පසු ගිය කොටසින් බොහෝ ලෙස වෙනස් වුනා වගේ, අද කතාව නැවත වරක් ගිලීඩය තුල සිදුවීම් වෙනස් කරන්නට මග පාදනවා. හැබයි ඒකට අවසානය වෙනක්ම් බලන්න වෙනවා.

අද කතාව බෙහෙවින්ම සංවේදී දසුන් රැගත් කොටසක් වනවා, ගිලීඩයේ කුරිරු කම… මිත්‍යා විශ්වාස වල කුරිරුතාව… මෙතුවක් හිත්වල කැකෑරුණු වෛරය… අනියම් සම්බන්ධතා… මිතුරුකම්… පලි ගැනීම්… මේ සියල්ල එලියට එන කොටසක් තමයි අද ඔයාලට ලැබෙන්නේ. කිව්ව විදිහට අද ගොඩක් චරිත එකතුවෙන නිසා,මේ දේවල් ඔක්කොම වෙනවා. ගිහින් එන්නම් එහෙනම්.🚩 හැමෝටම ජය…!!! 😉 ✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

23 comments

  1. pryantha gallage

    THANKS TO SUB AND I READ YOUR LETTER ,,, VERY GOOD..

    1. තරිඳු ගමගේ

      කතාව හැමෝටමත් පැහැදිලි වෙන්න ඔබේ අදහසත් එක්කරන්න සහෝ,එතකොට තමයි කතාව තවත් රසවත් වෙන්නේ. ජය...!!!

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං සබට.. ජය වේවා..!

  7. Lewdeni Ashen

    Thanks wewa....

  8. Suranjan

    Thanks machan jayawewa......!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. SPrasa

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. nalakamc

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  13. තරිඳු ගමගේ

    ජය ✌

  14. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. GTRZ

    Thank you machan!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. KUSAL LIYANAGE

    sab 1t thanks

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Milinda Sadaruwan

    Thank you bro

  21. melinda

    thank you

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න