කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා.
පසුගිය කොටසින්,
ඔයාලා හැමෝටම මතක ඇතිනේ පසු ගිය කොටසින් මෙතෙක් කතාවේ, චරිත විශාල ප්‍රමානයක් එක් අවස්ථාවක් වෙනුවෙන් පෙල ගැසුනා. එසේ පෙල ගැසුනත් එම අවස්ථාව සාර්ථක වුනෙත් නැහැ නේ. නැවත වතාවක් සෙරීනාව අසරණ කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා ඔයාලට මතක ඇති.
ජූන්ගේ ගර්භණී සමය තමයි දෙවන කතා මාලාවේ හරය වුනේ. ඉතින් එය ජූන් තමන්ගේ තුරුම්පුව බවට පත් කරගන්නට ඇය මනාව සමත් වන අතර වාරයේ, ඒ තුරුම්පුව ෆ්‍රෙඩ් හා සෙරීනා කෙතරම් බලවත් තත්වයක සිටියත, එය ඔවුන් අසරණ කරන්නට සමත් බව ජූන් මේවනවිට හොදාකාරවම හැඳිනගෙන අවසන්.
එයින් උපරිම පල නෙලාගන්නා ජූන්, අවසන තම දුව දැක බලා ගන්නට අවස්ථාවක් විවර කර ගන්නවා. ඒ අවස්ථාව පහසුවෙන් හිමිනොවුවක් බව ඔබ මා හොඳාකාරවම දන්නවා. ගිලීඩයේ කුරිරුතාව මනාවට පසක් කරමින් ජූන් නැවත නැවතත් දූෂණයට ලක් වෙනවා. නිසැකවම එය ගොඩක් සංවේදී අවස්ථාවක් වෙන්නට ඇති ඔබටත්.
ජූන් පුංචි හැනාව බැහැ දකින්න යන අවස්ථාවේ පටන්, කතා මාලාව නැවත හරවන්නට සමත්වනවා. කවුරුත් අපේක්ෂා නොකල වාසියක් ජූන්ට අත්වන්නේ, නික්ව ගිලීඩයේ ඔත්තුකරුවන් වෙතට හසුවිමෙන් අනතුරුවයි. එහෙදී ජූන්ට සිදුවූ දේ කවුරුත් දන්නේ නැහැ. එයම දෙදෙනාගේම ගැලවීමට හේතුවක් වේ යැයි පැහැදිලියි. මන්ද නික්ට ගැලවීමට මගක් එලිපෙහෙලි වෙන්නට අවස්ථාව ගොඩක් වැඩියි. එමෙන්ම ජූන් ගැන කවුරුත් කිසිවක් නොදන්නා නිසා එයම ඇයට වාසියක් වනවා නිසැකයි.
අද කතාව,
මේ සියලු කාරනා ජූන් ඇරෙන්නට කිසිවෙක් නොදන්නා නිසා, ජූන්ගේ ඉදිරි ගමනේ තීරණය ඇය මත පවතිනවා. මොනදේ කරන්නත් ජූන් යහතින් ඉන්න එපැයි. ජූන්ගේ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවක දේශසීමාවෙන් පැන යන්නට ඇති ඉඩ ගොඩක් අඩුයි. මේ වනවිට ජූන් තම දරු ප්‍රසූතියේ උපරිම අවස්ථාවට පැමින තිබෙනවා.
කාත් කවුරුත් නොමැති පාලු මිටියාවතක, තනිවම දැරු උපතක් කෙසේනම් සිදුවේවිද? ජූන් නිවසේ නැතිවී බව දැනගත් සෙරීනා කුමක් සිදු කරාවිද? කමාන්ඩර් ෆ්‍රෙඩ් මේ අවුලට කිනම් පිලියමක් යොදයිද? ජූන් පසුපස කවුරුන් පැමිනේවිද? ඇයට සැඟවී පලායන්නට හැකිවේවිද? මේ සියලු කාරනා වලට විසදුම් දෙන්නට අද කොටස සමත් වෙනවා. අදත් වෙනදා වගේම කතාව බෙහෙවින් සංවේදී වනවා. වෙනදා මෙන් නොව අද කතාවෙන් මොකද්දෝ අමුත්තක් ඔයාලට දැනේවි !!! එහෙනම් ගිහින් එන්නම්.🚩 ජය…!!! 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
17 comments
THE NEW FOLDER
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPradeep321
thanks sub ekata degatama sub denna
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Suranjan
Thanks machan......jayawewa......!
pryantha gallage
thanks to the sub jaya wewa
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!ranga11112
උපසිරසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KUSAL LIYANAGE
ptta thanks sub 1t
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…