Watch Trailer

The Handmaid’s Tale [S02 : E13] Sinhala Subtitles | ගෝඩ්ස්පීඩ්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං දෙවන කතා මාලාවත් අවසන් වන මොහොතක සමස්ථ කතාව ගැන මතක් නොකලොත්, ජූන් ප්‍රමුඛ රතුවත හැඳි කතුන්ට කරන ලොකු අසාධාරණයක් වනවා. පළමු කතාමාලාව ආරම්භයේ ජූන්, හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථවීමකින් තමයි, මේ ඉරණම් කාරියන්ගේ කතාව ආරම්භ වන්නේ. පසුව ජුන්ට රෙඩ් සෙන්ටර්(Red Center) තුල…

ඉතිං දෙවන කතා මාලාවත් අවසන් වන මොහොතක සමස්ථ කතාව ගැන මතක් නොකලොත්, ජූන් ප්‍රමුඛ රතුවත හැඳි කතුන්ට කරන ලොකු අසාධාරණයක් වනවා.

  • පළමු කතාමාලාව ආරම්භයේ ජූන්, හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථවීමකින් තමයි, මේ ඉරණම් කාරියන්ගේ කතාව ආරම්භ වන්නේ. පසුව ජුන්ට රෙඩ් සෙන්ටර්(Red Center) තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් බවටත්, හැනා ව දරුවන් රැක බලාගන්නා මධ්‍යස්ථානයකත්, ලුක්ට කැනේඩියානු සරණාගත කඳවුරකත් ලැගුම් ගන්නට සිදු වෙනවා.
  • පලමු කතා සමය අවසන් වන විට, ගිලීඩයේ සැබෑ අරමුණ දරුවන් වැදීම පමනක් නොවී, වෙනත් රට වලට දරුවන් විකිණීම දක්වා ගලා යනවා, ඒ අතර වාරයේ ගිලීඩය ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය ,විශ්වාසයේ හමුදාවන්ගේ පැමිණීම, කමාන්ඩර්වරුන්ගේ අතීතාවර්ජනයන්, පාලන ක්‍රමය බිහි වූ ආකාරය ,දඬුවම් ක්‍රියාත්මක වන ආකාරය, වර්තමාන සෞඛය පිරිහීම හා සරුභාවය වැනි කරුනුත් කතා වූවා.
  • එමෙන්ම මුලධර්මවාදී ආගමික පසුබිමත්,රෙඩ් සෙන්ටර්(Red Center) තුලින් පලා යන්නන්ට අත්වන ඉරණමත්, මතුපිටින් පෙනෙන ආරක්ෂකයන්ට වඩා රහස් ආරක්ෂකයින්ගේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරුත් , වර්තමාන තත්වයන් හමුවේ දරුවකුට මේ සමාජය තුල ඇති වටිනාකමත්, උසස් පන්තියේ රහස් සමාජ ක්‍රියාකාරකමුත් දක්වන්න පුළුවන්.
  • එසේ ගලාගිය පලමු කතා සමය අවසන් වුයේ, ඔෆ්රෙඩ් සියලු දෙනාටම ප්‍රශ්න වැලක් ඉතුරු කරමින් නික්ගේ දරුවා කුසේ දරාගෙන,නික්ගේ වචනය විශ්වාස කරමින්, කමාන්ඩර් ෆ්‍රෙඩ්ට හා සෙරීනාට තරු පෙන්වමින්, විශ්වාසයේ හමුදාව විසින් ඇය ව ගෙදරින් රැගෙන ගිය අවස්ථාවෙන්. අවසන් මොහොතේ මේඩේ(Mayday) හා සම්බන්ධ වී ජූන් සිදුකල ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස මොයිරා හරහා ලද ලිපි පාර්සලය මාර්තා රීටා ට ජූන් විසින් භාර කරන්නේ දෙවන කතා සමයට නව මානයක් විවර කරමින්. එතැන් පටන් දෙවන කතා සමය ඇරඹෙනවා.
  • ඔයාලට මතකනම්, හැමෝම බලාපොරොත්තු වූ පරිදි අලුත්ම ආරම්භයක් ජූන්ගෙන් ලැබුනේ නෑනේ? අපේ සියලූ බලාපොරොත්තු සුන්කරමින් ආන්ට් ලිඩියා තම බලය විහිදවූ ආකාරය දෙවන කතා සමය පුරාවට තියුණු ලෙස කතාවෙන් මතුකරා. හැබැයි මට මතක විදිහට නම්, පළමු කතා සමය අවසන් වෙනකොට ආන්ට් ලිඩියා කිව්වා මේ හැමදේකටම ප්‍රතිවිපාක තියේවි කියලා. ඒ කිව්ව විදිහටම ගිලීඩයේ බලපරාක්‍රමය විහිද වූ කතා සමයක් ලෙස, දෙවන කතා සමයත් දක්වන්න පුළුවන්.
  • එහි ප්‍රතිඵල ලෙස අපේ අහිංසකාවිය ජෙනින් හා නොසැළෙන ධෛර්යකින් හෙබි එමිලිට, මිහිපිට අපායක් බඳු කොළනිය දක්වා පසු බහින්නට වෙනවා. අපායට ගියත් තනියම නම් යන්නේ නැහැ, කොහොමද ඒකෙත් හැටි?
  • කතා මාලාවට නව මාවතක් එලිපෙහෙලි කරන්නට ජුන්ගේ පළමු පැනයෑමේ උත්සාහය සමත්වුවා. එනම් සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී, නික්ගේ හා මේඩේ(Mayday) සහය ඇතිව ජූන්ව අතුරුදන් කිරීමෙන්. නමුත් කැනඩාවට පැනයෑමට අවසන් අදියරයේ සිටි ජූන් නැවතත් ගිලීඩයේ අත්අඩංගුවට පත් වන්නේ සුළු නිමේෂයක අත්වැරදීමකින්. එහිදී ජූන්ව හික්මවීමට නැවතත් ආන්ට් ලිඩියාට බාරවනවා. ආන්ට් ලිඩියාගේ පුද්ගලයින් හික්මවීමේ කලාව නම් අති විශිෂ්ටයි. මොන දේ කලත් අපේ කතා නායිකාව, “ජූන්” හරි අපූරුවට තම වාසිය (කුසේ සිටිනා දරුවා) ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනුනත්, ආන්ට් ලිඩියාගේ පළමු මට්ටමේ උපක්‍රම වලින් නොනැමුනත්,දෙවන මට්ටමට ආන්ට් ලිඩියා ළඟාවනකොට ජූන් කැඩී බිඳී විසිරී යනවා. ඒ තමන් වෙනුවෙන් ඉදිරිපත් වුන, උදව්කල අයට තමන් අත්කල ඉරණම හමුවේ.
  • අවසානයේ බිදී විසිරී ගිය ජූන්, කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ්ගේ නිවසට පැමිනෙන්නේ හොඳින් හැසිරෙන පොරොන්දුව මතයි. නමුත් ඒ පොරොන්දුව වැඩිකල් රකින්නට ජූන් සමත් නොවන්නේ කතාවට නව චරිතයක් ලෙස ඊඩ්න් නික්ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස එක්වීමත් සමඟ‍යි. නික්ගේ විවාහය සිදුවූ දින රෑ, ජූන් හට සියල්ල නැවත වරක් දරාගත නොහැකි තැන ඉහල මාලයේ කාමරයේ ජනේලයෙන් පනින්නේ නික්ගේ දරුවා අහිමි කර ගැනීමේ අටියෙනි. නමුත් ඒ සියල්ල ව්‍යාර්ථ කරමින් ජූන් හා දරුවාට කිසිදු අනතුරක් නොමැතිව නැගී සිටින්නේ දෙෙවයේ මෙවැනි දෙයක් සිදුවන්නට අවසර නොදෙන බව පවසමිනි.
  • එසේ කාලය ගත වෙද්දී මේඩේ(Mayday) තම පළමු වෙඩි මුරය දියත් කරන්නට සමත් වන්නේ නව රේචල් හා ලිහා මධ්‍යස්ථානයේ විවෘත කිරීම් උළෙලෙදී. මෙම මධ්‍යස්ථානයේ වැඩ නිමකිරීමට භාර වන්නේ කමාන්ඩර් ෆ්‍රෙඩ් වෙතයි. ප්‍රේක්ෂක ඔබ, මා මොහොතකට තිගැස්සමින්, වරෙක ප්‍රීතියෙන් පිනා යමින් එහි බෝම්බයක් පුපුරා ගියා ඔබට මතක් වෙනවා ඇති. එහිදී හෑන්ඩ්මේඩ්වරියන් 31ක් හා කමාන්ඩරවරුන් 26 දෙනෙක් බෝම්බ ප්‍රහාරයෙන් මිය යනවා. ඔබ හා මා මොහොතකට සසල කල මේ ප්‍රහාරයෙන් අනතුරුව ඉදිරි කතාව කුමක් වේද යන්නත් හැගීමක් නොමැතිව නතර වුන වෙලාවක, “හැම කලු වලාවකම රිදී ඉරක් තියෙනවා” කියන්නාක් මෙන් මේ ප්‍රහාරයේ වාසිය අත් වන්නේ කොලනියේ දිරා පත් වෙමින් සිටි ජෙනින්, එමිලි ප්‍රමුඛ හෑන්ඩ්මේඩ්වරියන් කිහිප දෙනෙක්ටයි. ඒ ප්‍රහාරයෙන් පුරප්පාඩු වූ තනතුරු පිරවීමටයි.
  • පළමු කතා සමයේ පටන් පිඹුරුපත් සැකසූ කැනඩා සංචාරය සඳහා කමාන්ඩර් ෆ්‍රෙඩ් පිටවන්නේ රෝහලේ සිට සුවය ලබා පැමිනුනායින් අනතුරුවයි. ඔහු සමඟ සෙරීනා හා නික් ද ගමනට එක්වනවා. ඒ වන විට ෆ්‍රෙඩ්, සෙරීනා හා ජූන්ගේ සම්බන්ධතාව නොයෙක් විදි වලට ගලා ගොස් අවසන් බවත් ඔයාල හැමෝටම මතක් වෙනවා ඇති. විටක සතුරන් වූ ඔවුන් තවත් විටක මිතුරන් වනවා. තව විටක දුක සැප බෙදාහදා ගන්නා ගජ මිතුරන්, තවත් විටක ජන්මන්ත වෛරයෙන් හෙබි සතුරන් වනවා. මෙසේ ගලා ගිය සම්බන්ධතාවය අවසන් වන්නේ දරුවා ලැබුනායින් පසුව ජූන්ව ගෙදරින් පිටමන් කිරීමේ නිවේදනය ලබා දෙමිනි.
  • කතාවේ නොයෙක් තැන් වල හැරවීමේ ලක්ෂ්‍ය තිබුනත්, වඩාත් ප්‍රබල හැරවීමේ ලක්ෂ්‍ය වන්නට නික් කැනඩා සංචාරයට ගෙනගිය ලිපි පාර්සලයත් සමත් වූ බව ඔයාලට මතක් වෙනවා ඇති. එය සීමාවෙන් එපිට ලෝකයේ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කල පුවතක් බවට හරවන්නට ලුක් හා මොයිරා වෙහෙස දැරුවා ඔබට මතක ඇති. ගිලීඩයේ බලය ලිහිල් කරන්නට ඇති එක් තුරුම්පුවක් වන්නේ සීමාවෙන් එහා ලෝකයේ සහය පැතීම බව මේ වන විට කරුනු කාරනා සැකසෙන්නේ තවත් අදියරකට, කතා මාලාව විවර කරමිනුයි.
  • අපි හැමෝගෙම නෙතට කඳුලක් එක් කරන්නට ජූන් තම වැඩිමහල් දියණිය හැනාව හමුවූ මොහොත සිහිපත් කරන්න හැකියි. එමෙන්ම අපිව බෙහෙවින්ම සංවේදී කරන්නට පුංචි “හෝලි” නොහොත් “නිකෝල්” උපන් කතා පුවත සිහිපත් කරන්න පුලුවන්. මේ සියල්ලක් අවසානයේ ජූන්ට ගිලීඩයේ පැනයාමට අවස්ථාව තිබුනත් එසේ නොකරන්නේ තම දරුවන් කෙරෙහි ඇති අප්‍රතිහත සෙනෙහස මනාවට පිලිඹිබු කරමිනුයි.
  • තවද පසුගිය කොටසින් එමිලි නව මානයකට කතාව ගෙන යන බවක් තමයි පෙනෙන්නට තිබුනේ. එමෙන්ම මේ වන විට ජුන් ද තම දරුවා බිහිකර අවසන්. ජූන් මෙතෙක් කල් තම කුසේ දරා සිටි දරුවා, තුරුම්පුව කරගෙන ක්‍රියා කලත් මින් ඉදිරියට එසේ කරන්නට ඇයට හැකියාව ලැබේවිද ? ඒ සඳහා ඇය කියනම් උපායක් යොදවයිද? ගිලීඩය භාරයේ සිටිනා වැඩිමහල් දියණිය හැනාවත්, සෙරීනා ළඟ සිටිනා කුඩා දියණිය හෝලිවත් රැගෙන ජූන්ට මේ කුරිරු ගිලීඩයේ සැහැසිකම් වලින් මිදී පැන යා හැකිවේවිද ? ඊඩ්න්ට හා ඇයගේ අනියම් පෙම්වතාට හිමිවූ මරණ දණ්ඩනය හේතුවෙන් නැවතත් නික් තනිකඩය, එය කතා මාලාව උණුසුම් කරන්නට තවත් හොඳ මානයකි.
  • මෙතෙක් කාලයක් නිහඬව සිටි චරිත විශාල ප්‍රමාණයක් අද කට හඬ අවදි කරනවා කියන්න පුළුවන්. දෙවන කතා සමය මින්පෙර නොදුටු ආකාරයක අවසානයක් ගෙන එන්නේ, ඔබ මොහොතකටවත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. “ගෝඩ්ස්පීඩ්” කියනකොට ඒ මොකද්ද කියලා මතක් වුන සමහරුත් ඇති. කතාවේ කුතුහලය අංශු මාත්‍රයකවත් අඩුවක් නොවන්නට කතාව දැනටමත් පෙළ ගස්සවා අවසන්. එය මනාවට IMDb දර්ශකයේ කටු වලින් පැහැදිළි වනවා නිසැකයි. දෙවන කතා සමය ආරම්භයේදී IMDb දර්ශකයේ හොඳම ටෙලි කතා වර්ගීකරණයේ #152 ස්ථානය ඉසිලූ හෑන්ඩ්මේඩ්වරියන්, දෙවන කතා සමය අවසන් කරන්නේ #145 වන ස්ථානයෙනි. එලෙසම අද කතාව IMDb දර්ශකයේ අගය 9.4ක රඳවා තබනවා. මං නැවතත් කියනවා අද ඔබ හීනෙකින්වත් නොසිතුව දේවල් සිදුවනවා. සත්තයි.

ඉතින් ඔබ හා මා, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාව සමඟ ගතකල, කතා සමයන් දෙකක් මෙලෙස නිමාවට පත්වනවා. නමුත් මේ වනවිට තෙවන කතා මාලාව ලබන වසරේ (2019) විකාශය වන්නට තීරණය වී අවසන් බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙතෙක් කල් මට ශක්තියක් වෙමින් වචනයකින් හරි මාව දිරිමත් කල සහෝදරයන් හැමෝටම ස්තුතිවන්ත වනවා.  අදට සමුගන්නවා. අදහස්, යෝජනා, චෝදනා වලට පහල ඉඩ තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

34 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය
    පුලුවන්නම් Humans season 3, Luke cage season 2 හරි සබ් කරමු...

  3. DJLEOx78

    බොහෝම ස්තූතියි සහෝ .. Waiting for Season 3 :)

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. harshani11112

    ස්තුති තරිදු සහො ....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Suranjan

    Thanks machan......jayawewa......!

  8. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. NALING45

    thanks a lot, bro.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තවත් අලුත් කතා මාලාවක් අරන් එමු...

  12. SPrasa

    Wow. Lipiyath lassanayi. Sub ekatath many thanks.

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  15. Amilakuruwita

    Balapu series walin lassanama lathawata. Thank you very much yalu... Season 3 enakan api balaninnawa

  16. Amilakuruwita

    Balapu series walin lassanama kathawata. Thank you very much yalu... Season 3 enakan api balaninnawa

    1. තරිඳු ගමගේ

      ජය සහෝ !!!

  17. milindasl

    සබ් එකට ස්තූතියි අයියේ. බලපු හොදම සීරීස් වලින් එකක්

    1. තරිඳු ගමගේ

      අනිවා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන ලබාගත්ත කතාවක් නිසා අනිවා එහෙම වෙන්න ඕනි. ජය !!!

  18. pathum_akalanka18

    ela bro

  19. luciferkings

    thanks of sub plz next to sub lucifer season 3 last eps

  20. pryantha gallage

    thanks to sub

  21. lakshanerantha

    2019????? :(
    thank machan season eka iwara wenkam sub eka dunnata sub ekata wada ube adahas dakwima watinawa mara widiyata... e dewal nisa kathawa mara widiyata winda...
    season 3 ekath apu gaman sub eka deepan mchan ...
    Praise Be ........

    1. තරිඳු ගමගේ

      බොහොම ස්තුතියි සහෝ , ඔබේ වචන තමයි අපිට ඉදිරියටත් ශක්තියක් ගෙනෙන්නේ.

  22. shehanp

    Thank You

  23. KUSAL LIYANAGE

    thanks mcn me series 1t sub dunnat,baiscope team 1e hamogema idiri gamanata suba pathanawa,jaya wewa

    1. HDeshan

      බො⁣හොම ස්තූතීයි මචං Season 2ටම !

  24. Tharindu07

    Godaaak sthuthi mitrayaa.....!!!! obata Jaya...!!!

  25. Sachesc

    Thanks Machan... Season 03 walin hambawemu ayet.

  26. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Milinda Sadaruwan

    Thank you bro

  28. devinday

    sub hadanna mahansi una siyalu sahodarayanta gdk pin.....

  29. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න

  30. SupunTharaka

    Thanks.