Watch Trailer

The Handmaid’s Tale [S03 : E01] Sinhala Subtitles | රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත ඇඳි කතුන්ගේ තෙවන සමයේ ඉරණම් කතාවත් එක්ක නැවත වරක් බයිස්කෝප් අඩවියේ වැඩ අල්ලන්න ලැබෙන්නේ අඩ වසරක නිහැඩියාවක් එක්කයි.. ඒ ගෙවුන කාලය හෑන්ඩ්මේඩ් වරියන්ගේ වගේම අපේ ජිවිතත් නොයෙක් හැල හැප්පීම් වලට ගෙන යන්නට ඇති… සිංහල උපසිරැසිකරණයට අත්පොත් තියපු කාලයේ දැන හැදිනගත් සහෝදරයන් කිහිපදෙනෙක් සිටියා වුනත්,…

රතුවත ඇඳි කතුන්ගේ තෙවන සමයේ ඉරණම් කතාවත් එක්ක නැවත වරක් බයිස්කෝප් අඩවියේ වැඩ අල්ලන්න ලැබෙන්නේ අඩ වසරක නිහැඩියාවක් එක්කයි.. ඒ ගෙවුන කාලය හෑන්ඩ්මේඩ් වරියන්ගේ වගේම අපේ ජිවිතත් නොයෙක් හැල හැප්පීම් වලට ගෙන යන්නට ඇති…

සිංහල උපසිරැසිකරණයට අත්පොත් තියපු කාලයේ දැන හැදිනගත් සහෝදරයන් කිහිපදෙනෙක් සිටියා වුනත්, මේ වනවිට සහෝදරත්වයේ විශාල පවුරක් ගොඩනැගුනේ ඒ කාටත් නොදැනීමයි. ඕන දේකට බෑ නොකියන බයිස්කෝප් සහෝදර කැළ මතක් කරමින් කතා මාලාව පැත්තට හැරෙනවානම්,

මෙතෙක් විකාශනය වූ කතා සමයන් දෙක කොයි ආකාරයෙන් අවසන් වුනේ දැයි කියා නැවත් වරක් පවසන එක නිෂ්ඵල දෙයක් වේවි. මන්ද දෙවන සමය අවසානයේ මෙතෙක් සියලු කතාව සංශිප්තව ගෙනහැර පෑවා ඔබට මතක ඇති. මගහැරුන කෙනෙක් ඉන්නවානම් පහළින් ගිහින් මෙතෙක් සම්පූර්ණ කතාව පිලිබඳ අදහසක් ගන්නට පුළුවන්.

කතා මාලාවට අලුතින් එක්වන අලුත් ප්‍රේක්ෂකයෙක් නම් ඔබ, එක හුස්මට ආදරය, වෛරය, දයාව, කරුණාව, පලිගැනීම්, රාගය, ප්‍රචණ්ඩත්වය හා කුතුහලය අංශු මාත්‍රයකින්වත් නොඅඩු කතා මාලාවක් නරඹන්නට සූදානම් ඇති. මේක ඔබ බලපු නිකන්ම නිකම් කාටූන් කතා මාලාවක් නොවී හැමදාම මතකයේ රැදෙන, විටක හදවත් සලිත වී යන තවත් විටක ජීවිතය ගැන හිතන්නට යමක් ඉතිරිවන සම්භාව්‍ය ටෙලි කතා මාලාවක් වනවා නොඅනුමානයි. 2018 වසරේත් දෙවන සමය උදෙසා “ගෝල්ඩන් ග්ලෝබල්” සම්මානලාභී ටෙලි කතා මාලාවක් බලන්න සූදානම් වෙන්න කියන ගමන් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටසින්..,

“ජූන්” හෙවත් “ඔෆ්රෙඩ්”… අපේ කතා නායිකාවට මෙතෙක් ගිලීඩයෙන් පැන යාමට තිබූ සාර්ථකම අවස්ථාව මගහැර ගන්නේ, තම දැරුවන් කෙරෙහි ඇති අප්‍රතිහත ස්නේහය නිසාවෙන් කීවොත් මා නිවැරදියි. ඒ මගහැරුන අවස්ථාව කෙලෙස ආවරණය කරගන්නට හැකිවේවිද? එමිලිට භාර කෙරුණු තම සිඟිති දියණියට කුමක් වේවිද කියා දැනගන්න සුදානම් වෙමින්, වැඩිය කතා නොකර ඒ ගැන බලලම ඉමු. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ කොටසින් හමුවනතුරු, ජය…!!! 😊👍

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,945 downloadsDownload The-Handmaids-Tale-S03-E01.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

1,945 downloadsDownload Subtitles16 KB

21 comments

  1. Ravindu Rukshan

    thxx

    1. dx12

      Doom patrol ekta sub denne nadda bro?

  2. NALING45

    thanks, bro

  3. Denis Maneesha

    Thanks bro sub ekata
    Doom patrol eke ituru episode 3ta sub eka diyanko

    1. තරිඳු ගමගේ

      කතාව අරගෙන ආපු කෙනාම ඒක දේවි සහෝ. ජය ...!!!

  4. Ishan Madusha

    ස්තූතියි සහෝ

  5. SPrasa

    Thank you brother

  6. dx12

    Patta bro
    Ela wadk

  7. Kasun Andy Doo

    man hithuwe tharidu sub karanna eka nawatthala kiyala . ella broo

    1. තරිඳු ගමගේ

      ඒක කරන්න අමාරු වැඩක් සහෝ. ජය...!!!

  8. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉවර වෙනකම් සබ් දෙමු....

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Tharindu07

    Thanks Machoo....!!! Jayen jaya.....!!!

  12. තරිඳු ගමගේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.. ජය...!!! <3

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  15. Milinda Sadaruwan

    Thank you bro

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(

  17. Tharindu07

    Thanks Machooo....!!! Jayaweva.....!!!

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!