Watch Trailer

The Haunting Of Hill House [S01 : E01] Sinhala Subtitles | නිහඬවම අරක්ගත් අන්ධකාරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, අද ඔයාලා හමුවට ගේන්න හදන්නේ මේ වසරේ ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් වෙච්ච NETFLIX ලගේ අලුත්ම සීරීස් එකක්. මේක ඇවිල්ලා තාම සති දෙකක්වත් නැති හින්දා මේ ගැන වැඩි විස්තරයක් දන්නවා ඇති කියලනම් මම හිතන්නේ නෑ. ඒක නිසා ඒ ගැන විස්තරයක් කරලම ඉන්නම් !! කතා මාලාවේ නම සදහන් ව…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියනි, අද ඔයාලා හමුවට ගේන්න හදන්නේ මේ වසරේ ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් වෙච්ච NETFLIX ලගේ අලුත්ම සීරීස් එකක්. මේක ඇවිල්ලා තාම සති දෙකක්වත් නැති හින්දා මේ ගැන වැඩි විස්තරයක් දන්නවා ඇති කියලනම් මම හිතන්නේ නෑ. ඒක නිසා ඒ ගැන විස්තරයක් කරලම ඉන්නම් !!

කතා මාලාවේ නම සදහන් වෙන්නේ The Haunting Of Hill House කියලයි. මේ කතා මාලාව අයත් වෙන්නේ Horror,Mystery, Fantasy,Drama සහාThriller යන කාණ්ඩ වලටයි. NETFLIX ලගේ Horror කිව්වහම ඉතින් ආයේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Summer Of 84, The Babysitter වගේ ෆිල්ම් බලලා ඇතිනේ. හැබැයි ඒ හැම එකටමත් වඩා වෙනස්ම තේමාවක් මුල් කරගත්ත කතා මාලාවක් විදිහට මේ කතා මාලාව හඳුන්වන්න පුළුවන්.මේ කතා මාලාව සදහා පාදක කරගෙන තියෙන්නේ Shirley Jackson විසින් 1953 දී මේ නමින්ම ලියා පළ කරපු පොත.ඒවගේම මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Flanagan විසින්. මෙයා ගැනත් ඉතින් අමුතුවෙන්කි යන්න දෙයක් නෑනේ. Gerald’s Game,Oculus,Hush වගේ නිර්මාණත් මෙයාගේ තමා. කතාවේ රේටින් අගයන් ගැන කියනවනම් 9.0 ක අතිශයින්ම ඉහළ imdb අගයකුත් , 90% ක එවැනිම Rotten Tomatoes අගයකුත් , ගූගල් පරිශීලකයන්ගේ 98% ක මනාප අගයකුත් ලබාගන්නට සමත්වුණ අපූරු නිර්මාණයක් . දැනට Top Rated Tv Shows නාමාවලියේ 26 වන තැන දිනාගන්නටත් මෙයට හැකියාව ලැබිලා තියනවා. රංගනයෙන් දායක වන නළු නිළියන් ගැනත් ටිකක් මතක් කළොත් සම්මානලාභී ප්‍රවීනයෝ රංගනයෙන්ත ම දායකත්වය ලබා දෙන කතා මාලාවක් බව සැකයක් නැතුව කියන්න පුළුවන්. ප්‍රධාන චරිත සදහා Game Of Thrones කතා මාලාවේදී අපිට හමුවෙන Daario Naharis හට පණ පොවන Michiel Huisman මේ කතා මාලාව ඔස්සේ දැක බලාගන්නට පුළුවන්. ඊට අමතරව Gerald’s Game,Nashville, San Andreas වගේ කතා වල අපිට හම්බවෙන Carla Gugino මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ඊට අමතරව Henry Thomas ,Oliver Jackson-Cohen, Elizabeth Reaser වැන්නන් මේ සදහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නිෂ්පාදන සහය ලබා දෙන්නේ පැරාමවුන්ට් පික්චර්ස් ආයතනයයි.

ඉතින් දැන් කතාව පැත්තට හැරෙමු. මේ කතා මාලාව හිල් මන්දිරය වටා ගෙතී යන කතාවක්. මීට අවුරුදු ගණනකට කලින් මේ හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ  අම්මා නෙමේ ” 

මෙතනින් විස්තරය නතර කරන්නම්. Horror ෆිල්ම් බලන සහෝදරයන්ට නම් අනිවාර්යෙන්ම ගැළපෙන කතාවක් .පුරා පැයක කාලයක් එක කතාංගයක් දිව යනවා. එක හුස්මට කම්මැලිකමකින් තොරව ත්‍රාසය භීතිය කුතුහලය එක්ක බලන්න පුළුවන් කතාවක් බව ඔයාලට බලද්දි තේරෙයි . මමත් කවිනු වීරක්කොඩි සහෝදරයත් රවිඳු රුක්ශාන් අයියත් මේ කතා මාලාව ඔයාලා වෙනුවෙන් ගෙන එන්නම් .එහෙනම් දෙවනි කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා .

” And whatever walked there…
walked alone “

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,831 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E01.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

10,831 downloadsDownload Subtitles31 KB

38 comments

  1. lakmal karunathilaka

    ado tnks mch, mekta sub dei kiyla hituweth na. ela bn.

  2. hasith premadasa

    jaya wew

  3. බොබී

    නියමයි සහෝ. කොහෙන්ද මේ වගේ කතා හොයාගන්නේ? ඔයාලා සබ් දුන්නේ නැත්නම්, මම දන්නෙවත් නෑ, මෙහෙම කතාවක් තියෙනවා කියලවත්. කරගෙන යන්න. බොහොම ස්තූතියි උපසිරැසියට.

  4. S.K. Ruchiranga

    thzz sub ekata

  5. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....

  6. devinday

    fatta kathawak.ty malli....Gdk pin....

  7. lakmal karunathilaka

    ela mch patta katawak

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. New day

    සුපිරි වැඩක් ✌️

  11. Prabodha Madhusankha Hettiarachchi

    Thank broo sub ekata...

  12. V.T.Piyumal

    thanks sub ekata..!!

  13. gdfhhdfhdhdd

    thnk u

  14. thushara madusanka

    thank ravidu rukshan ela patta kathawak

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Netflix නම් සුපිරි කතාවක් වෙන්න ඇති...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  18. God4x

    Thanks Broo

  19. God4x

    ty

  20. Sherlock holmes

    Thanks bro

  21. Eranda Malith 2.0

    Thanks bro jayawewa

  22. Viraj

    meka denakalmai balan hitiye.. sub ekata thanks..

  23. kavinuweerakkody

    ස්තූතියි සහෝ!!!

  24. ranga11112

    ස්තුති සහො..... තෙරුවන්සරණයි

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  28. pradeep1070

    put a download all option in your series home. thats a very basic need?

  29. Thilankadissanayake

    ස්තූතියි සහෝ ! Good luck !

  30. Lakshan

    Thanks Bro.

  31. Natsume

    thanks machan download karanna link eka nane bro

  32. Sajithlakshan

    thanks ...................

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  34. ruchiralakmal

    Thanks for the sub!!

  35. melinda

    thank you

  36. Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  37. MAALNATH

    Thanks. .........good luck. ......

  38. MAALNATH

    Thanks. ..........