The Haunting of Hill House
[box]
කතා මාලාවේ නම සදහන් වෙන්නේ The Haunting Of Hill House කියලයි. මේ කතා මාලාව අයත් වෙන්නේ Horror,Mystery, Fantasy,Drama සහාThriller යන කාණ්ඩ වලටයි. NETFLIX ලගේ Horror කිව්වහම ඉතින් ආයේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. Summer Of 84, The Babysitter වගේ ෆිල්ම් බලලා ඇතිනේ. හැබැයි ඒ හැම එකටමත් වඩා වෙනස්ම තේමාවක් මුල් කරගත්ත කතා මාලාවක් විදිහට මේ කතා මාලාව හඳුන්වන්න පුළුවන්.මේ කතා මාලාව සදහා පාදක කරගෙන තියෙන්නේ Shirley Jackson විසින් 1953 දී මේ නමින්ම ලියා පළ කරපු පොත.ඒවගේම මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Flanagan විසින්. මෙයා ගැනත් ඉතින් අමුතුවෙන්කි යන්න දෙයක් නෑනේ. Gerald’s Game,Oculus,Hush වගේ නිර්මාණත් මෙයාගේ තමා. කතාවේ රේටින් අගයන් ගැන කියනවනම් 9.0 ක අතිශයින්ම ඉහළ imdb අගයකුත් , 90% ක එවැනිම Rotten Tomatoes අගයකුත් , ගූගල් පරිශීලකයන්ගේ 98% ක මනාප අගයකුත් ලබාගන්නට සමත්වුණ අපූරු නිර්මාණයක් . දැනට Top Rated Tv Shows නාමාවලියේ 26 වන තැන දිනාගන්නටත් මෙයට හැකියාව ලැබිලා තියනවා.
මේ කතා මාලාව හිල් මන්දිරය වටා ගෙතී යන කතාවක්. මීට අවුරුදු ගණනකට කලින් මේ හිල් මන්දිරයේ ජීවත් වෙන එක්තරා පවුලක් ඉන්නවා . අම්මයි තාත්තයි ළමයි පස් දෙනයි. එක් දවසක් රෑක මේ තාත්තා තමන්ගේ දරුවන්ව නින්දෙන් අවදි කරවගෙන ඉක්මනින් ගෙදරින් එළියට ගෙනල්ලා එයාලත් එක්ක වාහනයක නැගලා යන්න යනවා. තාත්තා ඉන්නේ බොහොම භීතියට පත් වෙලා . හැබැයි මේ ළමයි පස් දෙනාට මේ වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ. එයාලා දකිනවා තාත්තා වාහනයෙන් එයාලව එක්කරගෙන යද්දි අම්මා උඩ ජනේලෙකින් මේ දිහා බලාගෙන ඉන්න විදිහ. ඉතින් දරුවෝ ප්‍රශ්න කරනවා අම්මව එහේ දාලා එන්න හේතුව. එතනදි තාත්තා එයාලට දෙන්නේ එක උත්තරයයි.. ” ඒ අම්මා නෙමේ ”
[/box]
Creator:
Mike Flanagan
Stars:
Michiel Huisman, Carla Gugino, Henry Thomas
Genres:
Drama | Fantasy | Horror
Season 01 |
E01 |
E02 |
E03 |
E04 |
E05 |
E06 |
E07 |
E08 |
E09 |
E10 |