ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
මේකෙ තමා ඉතින් මේ මුළු සීසන් එකේම අඩුම ලයින් ගාණක් තිබ්බේ. හරියටම ලයින්ස් 199යි. මේකෙ සබ් එක කරද්දි ඉතින් වෙලාව යනවා දැනුනෙවත් නැහැ. දැන් ඔන්න කතා මාලාව උණුසුම් වේගෙන එන්නේ. අන්තිම කොටස් 5නේ. මේක බැලුවහම තව කොටස් 4යි. අපි ඔක්කොටම ඉස්සෙල්ලා ගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො. ඕගොල්ලො දැක්කා ජස්ටිස් ලීග් එකේ අර අතුරුදන් වෙච්ච 6දෙනාගෙ නඩු විභාගේ. ඒක ගැන කියන්න ඕනෙ නැහැනේ. ඔන්න ඒ අස්සේ යුද ලොව කියලා ලෝකයක් එනවා පෘථිවිය විනාශ කරන. ඒ ලෝකෙ නායකයා තමා මොන්ගුල්. එයාට ඕනෙ මේ මුළු මණ්දාකිණියෙම බලය අල්ලගන්න. දැන් රීච්ලා පෘථුවියට ඇවිත් නිසා එයා ඒක එයාගෙ සැලසුම් වලට බාධාවක් විදිහට සලකනවා. අන්න ඒ නිසයි මොන්ගුල් එන්නේ පෘථිවිය විනාශ කරන්න. යුද ලොව කියන්නේ ආයුධයක් වගේ එකක්. සාමන්‍ය ලෝකයක් නම් නෙවේ. මේ යුද ලොව ගැන තොරතුරු ඕගොල්ලො ගිය කොටස බැලුවනම් දැනගන්න ඇති. ඔන්න ඉතින් ලීග් එකයි කණ්ඩායමයි යනවා යුද ලොව නවත්වන්න.කොහොමහරි ඉතින් නවත්වනවා. ඔන්න ඊටපස්සෙ මරු වැඩක් වෙනවා. බ්ලූ බීට්ල් කණ්ඩායමේ කට්ටියටම පහර දීලා, යුද ලොව සක්‍රීය කරන පළිගු යතුර අරන් පැනගන්නවා. ඔන්න එහෙනම් බ්ලූ බීට්ල් කණ්ඩායම පාවලා දෙන්න පටන් ගන්නවා. දැන් තමා ඉතින් සෙල්ලම පටන් ගන්නේ.
ඔන්න එහෙනම් අද කොටසට යමු. ඕගොල්ලො බලන්න ඇති මිස් මාර්ශන් කොහෙද කියලා. ඔන්න එහෙනම් මේක බලන්නකෝ. ස්පෝර්ට්ස් මාස්ටරුයි, චෙශරුයි යනවා ඇක්වාලෑඩ්ගෙනුයි මැන්ටා ගෙනුයි පළිගන්න. ඔන්න එහෙනම් බලන්නකෝ. අදට යනවා. ජය!!!!!!!!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,420 downloadsDownload Young-Justice-S02E16.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
10 comments
thanula D
Ishan Madusha
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
Thushanga Piuminda
thanks 4 sub
Madusara
supiri machan.
budu saranai...Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!