Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E07] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

අඔමොරි නිකේතනයේ ගනුදෙනුවෙන් සමාගමට පාඩු සිද්ධ කරපු එකට දඬුවම් වශයෙන් ඉයුන් ගිව ගෙදරින් එළවලා දාන්න සභාපතිතුමා තීරණය කළා. ඒත් ඉතින් ඉයුන් ගි කියන්නේ කොරියාවේ වෙන තැනක් දන්න කෙනෙක් නෙවෙයිනේ. එයා මා රූ ළඟට ගියාම මා රූ එයාව භාරගත්තා. ඇත්තටම මා රූ ඉයුන් ගිව පාවිච්චි කරන්නේ හන් ජේ හීට රිදවන්න සහ එයාට ළං…

අඔමොරි නිකේතනයේ ගනුදෙනුවෙන් සමාගමට පාඩු සිද්ධ කරපු එකට දඬුවම් වශයෙන් ඉයුන් ගිව ගෙදරින් එළවලා දාන්න සභාපතිතුමා තීරණය කළා. ඒත් ඉතින් ඉයුන් ගි කියන්නේ කොරියාවේ වෙන තැනක් දන්න කෙනෙක් නෙවෙයිනේ. එයා මා රූ ළඟට ගියාම මා රූ එයාව භාරගත්තා. ඇත්තටම මා රූ ඉයුන් ගිව පාවිච්චි කරන්නේ හන් ජේ හීට රිදවන්න සහ එයාට ළං වෙන්න උනත් ඉයුන් ගි නම් මා රූට ආදරය කරන්නේ ඇත්තටමයි. ඉතින් මේ අතරේ හන් ජේ හීත් මා රූ හොයාගෙන ආවා. මා රූ ඉයුන් ගි එක්ක ඉන්න අදහසට හන් ජේ හී කැමති නෑ. අන්තිමේදී නීතීඥ පාර්ක් ඉයුන් ගි හොයාගෙන එන්නේ ඉයුන් ගිට ආපහු ගෙදර යන්න නම් කරන්න ඕනේ මොකක්ද කියන දේ කියන්න. වැඩ වර්ජනය කරන වෘත්තීය සමිති සේවකයින්ගේ වර්ජනය නැවැත්තුවොත් ඉයුන් ගිට ආපහු එන්න පුළුවන් කියලා නීතීඥ පාර්ක් සභාපතිතුමා එක්ක එකඟ වෙලා. ඒත් ඉතින් මේ වෙද්දි ඉයුන් ගිට බලයක් නැති නිසා එයා වෘත්තීය සමිති සේවකයින් එක්ක ඔට්ටුවක් අල්ලනවා. වැඩිපුරම බොන්න පුළුවන් කෙනා පැරදෙනවා කියලා. හැබැයි ඉයුන් ගි පැරදෙනවා. ඊට පස්සේ එයා වෘත්තීය සමිති ඉල්ලීම් ගැන හොයලා බලලා ඒවාට එකඟ වෙනවා. ඒත් එයාට දැන් තනතුරක් හෝ බලයක් නැති නිසා තමන්ගේ තනි වියදමින් මේ දේවල් කරන්න තමයි එයා එකඟ වෙන්නේ. ඒකෙන් පස්සේ වෘත්තීය සමිති සේවකයින් ඉයුන් ගි ගැන පැහැදෙනවා. මේ අතරේ හන් ජේ හීගේ සහ සභාපතිතුමාගේ මංගල උත්සවය ගැන සම්මුඛ සාකච්ඡාවකට සූදානම් වෙවී ඉන්න හන් ජේ හීට කෝල් එකක් එනවා. එයා කියන්නේ ඒ එයාගේ අයියා කියලා. නීතීඥ පාර්ක් හන් ජේ හී සහ නීතීඥ අහ්න් ගැන දන්නවා කියලා තාම දන්නේ ඉයුන් ගි විතරයි. ඒ අතරේ ඉයුන් ගිට කන්ග් මා රූ ගැන කවුද කියලා කියන්න නීතීඥ පාර්ක් උත්සාහ කළත් තවම ඉයුන් ගිට ඒක කියාගන්න ලැබුණේ නෑ. මේ අතරේ හන් ජේ හීගේ පැත්තෙනුත් ඉයුන් ගිට මා රූ සහ ජේ හී අතර තියන සම්බන්ධේ ගැන දන්වන්න උත්සාහ කරනවා. එයාලා ඉයුන් ගිට ෆොටෝ එකක් ලැබෙන්න සලස්වනවාග ඒ ෆොටෝ එකේ තියෙන්නේ මොකක්ද? තමන්ගේ දුරකථනය අරන් ගිය හන් ජේ හී ගේ අයියා ජේ ෂික් හොයාගෙන යන කන්ග් මා රූ එයාට කියන්න යන්නේ මොකක්ද? ඒ වගේම සභාපතිතුමා හන් ජේ හීට ඉයුන් ගිව ආපහු අරන් එන්න කිව්වාම හන් ජේ හී ඒ වෙනුවෙන් ගන්න පියවර මොකක්? අද කතාවෙන් මේ ගැන දැනගන්න පුළුවන්.

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,088 downloadsDownload The-innocent-Man-E07.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 201-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

3,088 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Kulanjana Maduranga

    subata thanks sis

  2. thanujamilandi

    Thank you sub ekata godakk.. digatama sub demu Jaya wewa!!! BS!!

  3. isuru2

    ft

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Udara Damith Dissanayaka

    niyamayiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  6. nayomihashila

    iljimae , put your head on my shoulder korean drama wala sinhala subtitles denna puluwanda

  7. Krishani

    Thank you